News Category
From Date
To Date
Maximum Number of Result

1979 වසරේ සිදු වූ ඉරාන ඉස්ලාම් විප්ලවයෙන් අනතුරුව එරට ඓතිහාසික පර්සියානු සංස්කෘතියට සහ සමාජීය ව්‍යුහයට සිදු වූ බලපෑම පිළිබඳව "Next page" අන්තර්ජාල නාලිකාව හරහා කරුණු රැසක් අනාවරණය කරයි.

ලංකාවේ ජ්‍යෙෂ්ඨතම ඩෙංගු ප්‍රතිකාර වෛද්‍යවරයෙකු ලෙස සැලකෙන ළමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා, දියර වර්ග ස්ථාවර වේගයකින් (Flat Rate) සහ අතරින් පතර බෝලස් (intermittent boluses) ලෙස ලබා දිය යුතු ආකාරය පිළිබඳව රෝගීන් දහස් ගණනකගේ සාක්ෂි ආශ්‍රයෙන් මෙම නිරීක්ෂණ ඉදිරිපත් කර තිබේ.

ලංකාවේ පාස්කු ප්‍රහාරය වන්නට පෙර, එක්තරා බුද්ධි නිලධාරියෙකු විසින්, එක්තරා ජනාධිපතිවරයෙකු සම්බන්ධ කර ගැනීමට උත්සාහ ගත්තේලු. නමුත් නොහැකි වුනාලු.

ශ්‍රී ලංකාවේ යූරියා පොහොර අවශ්‍යතාව මුළුමනින්ම පාහේ සපුරාලිය හැකිව තිබූ දේශීය යූරියා කර්මාන්ත ශාලාවක් වසා දමා එය පරණ යකඩවලට විකුණා දැමූ අවාසනාවන්ත පුවතක් ඔබ අසා තිබේද?

1979 වසරේ සිදු වූ ඉස්ලාම් විප්ලවයෙන් පසු ඉරානය මුළුමනින්ම අන්තවාදී රාජ්‍යයක් බවට පත්වූයේද යන්න සහ එරට පැවති ශ්‍රේෂ්ඨ පුරාණ පර්සියානු සංස්කෘතික උරුමයන්ට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව පුළුල් විශ්ලේෂණයක් ඇතුළත් විශේෂ වීඩියෝවක් 'Next page' යූටියුබ් නාලිකාව මගින් සිදුකරයි.

ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කේන්ද්‍ර කරගනිමින් වර්තමානයේ උද්ගතව ඇති පරිපාලනමය ගැටුම සහ රාජ්‍ය දේපළ ආරක්ෂා කිරීමට ගිය රාජ්‍ය නිලධාරිනියකට මුහුණ දීමට සිදුව ඇති ඉරණම පිළිබඳව තවත් එක් කථාවක් පමණක් නොවේ. එය සාධාරනත්වය, සමානාත්මතාවය, යුක්තිය පමණක් නොව රාජ්‍ය දේපල ද අවභාවිතා කරමින් සිදුකරන දැවැන්ත වංචාවක එක් පරිච්ඡේදයක් බවට මේ වනවිට කරුණු අනාවරණය වෙමින් පවතී.

සාගර දියගම මුහුණු පොතට එක් කර තිබූ මේ ලිපිය එක දිගට කියවගෙන ගියා.. මීට පෙර මා අසා නොතිබුණු ඒ කතාව, නැම්බියාව වගේ අපටත් අදාළ සහ අපටත් දැනෙන කතාවක් නිසා...

රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වසංගතය හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලයෙහි අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවා විශ්වවිද්‍යාල වසාදමා ඇති පසුබිමක, ඩෙංගු අවදානම අවම කිරීමේ අරමුණින් යැයි පවසා විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පැවති ගස් කපා දැමීමට කටයුතු කිරීම බොහෝ දෙනාගේ විවේචනයට ලක්ව ඇත.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.