News Category
From Date
To Date
Maximum Number of Result

වස දෙන්නේ පැණි අස්සේ ගසාය.. අනුරාධපුරය පූජා භූමි සංවර්ධනයේ නොදුටු පැතිකඩ.. මෙකක්ද මේ ඉන්දියානු සල්ලිවලින් කරන්න යන ව්‍යාපෘතිය?

Oct 13, 2026 at 04:48 AM
|

අනුරාධපුර පූජා භූමිය යනු සිංහල බෞද්ධයාට පමණක් නොව, මුළුමහත් බෞද්ධ ලෝකයටම අති විශේෂ ස්ථානයකි. මේ පූජා භූමි සීමාවට අටමස්ථාන සිද්ධස්ථානද ඇතුළුව තවත් බොහෝ සිද්ධස්ථාන අයත් වේ. එයිනුත් මේ ගෞතම සම්මා සම්බද්ධ ශාසනයේ මහා සෑය වන ගාමිණිඅභය නිරිඳුන් විසින් කරවූ ස්වර්ණමාලි මහාස්ථුපය සහ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉතා සුවිශේෂී වේ. (මේ ලිපිය අවසානය තෙක් කියවන්නට නොහැකි නම් නොකියවාම දැන්ම ඉවත් වීම සුදුසුය. මන්ද අදහස සම්පූර්ණ ලෙස නොවැටහීමට හේතු විය හැකි බැවිනි)

මෑතක දැනගන්නට ලැබුණු පුවතක් නම් අනුරාධපුර පූජා නගරය සංවර්ධනය හා එහි ප්‍රමාණය වර්ග කිමි 28 සිට වර්ග කිමි 38 දක්වා විශාල කිරීමට යෑම වේ. මෙය ඉන්දියානු රජයේ ආධාර ඔස්සේ සිදුවන්නක් වේ. මේ පිලිබඳ සංවර්ධන ව්‍යාපෘති සැලසුම 2026 පෙබරවාරි 27 අංක 2477/44 දරන විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශ කර ඇත. ඉන්දියානු ආධාර ලැබීම සම්බන්ධ සාකච්ඡා පසුගිය දිනෙක සිදුවිය.

බැලු බැල්මට මෙය ඉතාම අනර්ඝ කටයුත්තක් ලෙස පෙනේ. පූජා භූමියේ ප්‍රමාණය තවත් විශාල කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය වැනි දේවල් ඉතා අනර්ඝ දේවල් ලෙස හැඟෙ. ඇත්තය. මෙහි ඉතාම හොඳ සැලසුම් ඇත. ඒ පිලිබඳ තර්කයක් නැත. නමුත් මේ සංවර්ධන සැලසුම කියවා බලන විට ඉතා පැහැදිලිව තේරුම් යන අවදානමක් මෙන්ම ගැටළුසහගත තැන් කිහිපයක් ඇත.

ඒව පිලිබඳ ඔබේ අවධානයද යොමු කරමින් පහතින් අප සඳහන් කරමු.

රුවන්වැලිසෑයය වැට බැඳීම

උක්ත සඳහන් කල සංවර්ධන සැලසුමෙහි 7A - 5.1 යෝජනා යටතේ මෙහි ඇති සැලසුමක් නම් රුවන්වැලිසෑය වටා ආරක්‍ෂිත වැටක් ඉදි කිරීම වේ.

ඇතැමෙකුට බැලු බැල්මට මෙයද ශා නියමයි, හොඳයිනේ වැනි ලෙස සිතීමට හැක. නමුත් අප මෙය අකුරින් අකුර ලිහා ගත යුතුය.

ආරක්‍ෂිත වැටක මූලික කාර්යය යමක් හෝ යමෙක් ආරක්ෂා කිරීම වේ. එනම්, යම් පුද්ගල පිරිසක් ආරක්ෂා කිරීම හෝ යම් භෞතික වස්තුවක් ආරක්ෂා කිරීම වේ.

උදාරණයක් ලෙස සීගිරිය නගින විට හා එහි සිතුවම්, කැටපත් පවුර ආදී තැන්වලද ආරක්‍ෂිත කම්බි වැට ඉදිකර ඇත. ඒ බැතිමතුන්ගේ ආරක්ශාවටය.

ශ්‍රී මහා බෝධීන් වහන්සේ වටා වැටක් ඉදිකර තිබේ. ඒ වෘක්ෂයේ ආරක්ශාවටය.

රුවන්වැලිසෑය සම්බන්ධ කරුණ සැලකීමේදී රුවන්වැලිසෑය වන්දනා කිරීමට ඉහලට නැගිය යුතු නැත. එබැවින් මිනිසුන්ගේ ආරක්ෂාවට වැටක් අවශ්‍යය නැත. එනම් මේ වැටෙහි අවශ්‍යතාව විය යුත්තේ රුවන්වැලිසෑය ආරක්ෂා කිරීමය.

වැටකින් සැපයිය හැකි ආරක්ෂාව කවරේද යන්න මෙහිදී සැලකිය යුතුය?

වැටකින් යම් භෞතික වස්තුවකට ආරක්ෂාවක් සලසන්නේ, එයට සතුන්ගෙන් හෝ මිනිසුන්ගෙන් විය හැකි කරදර වලින් ආරක්ෂා කර ගැනීම උදෙසාය.

හමුදා කඳවුරු, ගොවි බිම්, නිවාස හා ඒ ඒ අවස්ථා අනුකූලව වැටේ ස්වභාව තීරණය කරනු ලැබේ.

දැන් මෙහි සැලකිය යුතු කරුණු වලට පැමිණෙමු.

රුවන්වැලිසෑයේ වැටකින් ආරක්ෂා කිරීමට ඇත්තේ කුමක්ද හා කෙසේද?

රුවන්වැලිසෑය යනු අඩි 338 උස හා අඩි 942 වටප්‍රමාණය ඇති සුවිශාල ශක්තිමත් ඉදිකිරීමක් වේ.

එනම් රුවන්වැලිසෑය රැකගැනීමට නම් වැටකින් ඇති අමුතු ඵලක් නැත.

ඉහතින් සඳහන් කල ශ්‍රී මහා බෝධි වෘක්ෂය මෙන් රුවන්වැලිසෑය යනු සංවේදී සජීවී ශාකයක් ද නොවේ. ඉතා ශක්තිමත් මහා යෝධ ඉදිකිරීමකි. එවැනි යෝධ ඉදිකිරීමක් ආරක්ෂා කරන්නේ නම් වැටකින් ඇති ඵල කුමද?.

ඇරත් මෙය කාගෙන් ආරක්ෂා කිරීමටද?

දැනටමත් රුවන්වැලිසෑය පරිශ්‍රයට 24 පැය යුධ හමුදා පොලිස් ආරක්ෂා ඇත. පිටත වැට ඇත. කැමරා ඇත.සියල්ල ඇත.

එසේ නම් මේ ආරක්‍ෂිත වැටක් යනුවෙන් කරන්නට යන වැඩේ කුමක්ද?

අප ඉහතින් සඳහන් කල වැටක කාර්යය ආරක්ෂාවක් සැපයීම යන්නට අමතරව සිදුවන තවත් යමක් ඇත. එනම් සීමාවක් වෙන් කර මිනිසුන් එයින් ඈත් කොට, වෙන් කොට ඉවත් කොට තැබීම වේ.

ඉතා පැහැදිලිව රුවන්වැලිසෑය වටා ඉදිකරන වැටක අවසන් ප්‍රතිඵලය වන්නේ බැතිමතුන් මහා සෑයෙන් යම් දුරකට ඉවත් කොට ඈත් කොට තැබීමය.

මෙහි ඇති භයානක බව දැන් ඔබට තේරුම් ගත හැකිය. එනම් මේ කරන්නේ රුවන්වැලිසෑය යනු හුදෙක්ම පුරාවිද්‍යා ස්මාරකයක් බවට පත් කිරීමය. එනම් පුරාවිද්‍යා ස්මාරක වටා මේ ආකාරයේ වැට ගසා ඇති අයුරු ඔබ දැක තිබේ. ඒ බලන්නට එන මිනිසුන් වෙන් කොට තැබීමටය. මන්ද, පුරාවිද්‍යා ස්මාරක බලන්නට මිස වඳින්නට පැමිණෙන්නේ නැත.

අදටත්, පෙර බෞද්ධ රාජධානි ලෙස පැවති, පසුව ඉස්ලාම් ආක්‍රමණිකයන් අතට පත්වූ ඇතැම් රටවල යුනෙස්කෝ ආදී මැදිහත් වීමෙන් බෞද්ධ සිද්ධස්ථාන පුරාවිද්‍යා ස්මාරක ලෙස ආරක්ෂා වෙමින් ඇත.

ඒවා වටාද ආරක්ෂක වැටක් ඇත. එනම් ඔබට ඒවා ස්පර්ශ කිරීමට, මලක් පහනක් පුදන්නට, හෝ කිසිදු ආමිස පූජාවක් පවත්වන්නට බැරිය.

හුදෙක්ම ඈතින් සිට අත් දෙක ඔසවා වැඳ එන්නට පමණක් හැකිය. අවශ්‍යම නම් සෑහෙන දුරක සිට බිමින් මලක් තබා එන්නට සිදුවනු ඇත.

මේ යෝජිත ආරක්ෂක වැටෙනුත් වන්නට යන්නේ එය නොවේද?

එවිට ඔබට

--- භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැම්පත් උතුම් වූ මහා සෑ රදුන් වහන්සේ සියතින් ස්පර්ශ කර වැඳ ගැනීමට නොහැකි වනු ඇත.

--- කප්රුක් පූජාවන්, ධජ පූජාවන් ආදී ආමිස පූජා තවදුරටත් සිදු කිරීමට නොහැකිය.

එනම් සරලවම රුවන්වැලිසෑය යනු අපට වන්දනාමාන ආමිස පූජාවන් කිරීමට ස්ථුපයක් වනවාට වඩා හුදෙක්ම පුරාවිද්‍යා ස්මාරකයක් බවට පත් වීමය.

මෙසේ යම් කාලයක් ගිය විට මහා සෑයද, පෙරකී අබෞද්ධ රටවල ඇති ස්තුප ගණනටම වැටේ. එනම් වන්දනීය පූජනීය වස්තුවක් නොව සංචාරකයන් සඳහා බලාගැනීමට, ඇති පුරාවිද්‍යා ස්මාරකයක් බවට පත්වීමය.

(අමතර ලෙස යමක් සඳහන් කල යුතුය. මෙම ගැසට් පත්‍රයේ නම සඳහන් අදාල බලධරයා වන්නේ කලෙක ගස් ගල් පන්සල් දාගැබ් ආදිය වන්දනා කිරීම ග්‍රාම්‍ය ගෝත්‍රික වැඩක් යැයි ප්‍රකාශ කල රත්නායක නැමැත්තෙකි)

මෙහිදී අප සලකා බැලිය යුතු ප්‍රධානම කරුණු කිහිපයක් ඇත.

පළමු වන්න නම් භාග්‍යවතුන් වහන්සේගේ අරමුණ හා ආඥාව කුමක්ද යන්නය..

භාග්‍යවතුන් වහන්සේ දාගැබ් තැනීම අනුදැන සිටින්නේ බුදු, පසේ බුදු, මහරහත් ආදී උතුමන්ගේ ධාතුන් වහන්සේලා තැන්පත් කොට වන්දමාන කිරීමය. එනම් භාග්‍යවතුන් වහන්සේගේ අරමුණ මේ ස්තුප ඇත්තේ වන්දනාමාන කිරීම උදෙසා බවය. එය ත්‍රිපිටක අර්ථකථා හා වංශකතා සියල්ලෙහි පැහැදිලිය. පෙර සසුන් වලද මේ සසුනේද මහා ථූපයන් සැදැහැවතුන් විසින් අතින් සපර්ෂ කරමින් පවා වැඳගත් ආමිස පූජාවන් ගැන අපමණ සඳහන්ය. කාශ්‍යප බුදුන් වහන්සේ වෙනුවෙන් ඉදිව තිබුණේ තනි රත්තරනින් කල මහා සැයකි. එසේ නම් එයට ආරක්ෂාවට කියා මහා ප්‍රාකාර බඳින්නට තිබුණේ නොවේද?

කෝටි සංඛ්‍යාත බැතිමතුන් මහා සෑයෙන් ඈත් කොට ආමිස පූජා ආදියට සීමා පනවමින් මෙය ස්මාරකයක් කිරීම නොවේද මේ වන්නේ?

මුල් කාලයේ ඔබට ඈතින් සිට වඳින්නට පුදන්නට අවස්තාව දිය හැක. නමුත් කාලය සමගම, පරපුරෙන් පරපුරට ගොස් මහාසෑයට ආමිස පූජා පැවැත්වීම නොකළ යුත්තක් තහනම් දෙයක් නුපුරුදු විරිතක් බවට මේ ඔස්සේ පත්වනු ඇත.

මෙය ඉදිකළ ගාමිණිඅභය මහනිරිඳුන්ගේ පටන් සියලුම නරපතියන් සෑ රදුන්ට ආමිසයෙන්ම මහා පූජා කළහ. එබැවින් නිර්මාණකරුගේ අරමුණද පැහැදිලිය. එනම් මෙය වන්දනීය වස්තුවකි.

මහා සෑය යනු පාදම 9 වරක් පොළොවේ ගිල්වා සාදන ලද යැයි මූලාශ්‍ර වල සඳහන් ශක්තිමත් නිර්මාණයකි.

එමෙන්ම වාර්ෂිකව තීන්ත ආලේප කරමින්, සියලු නඩත්තු සමග යාවත්කාලීන වන දෙයකි.

එසේ නම් කුමටද මේ වැට? මේ වැට සැදැහැති බෞද්ධයාගේ ආමිස පූජාවට හා වන්දනයට වැටක් නොවේද?

ඇරත් මේ ව්‍යාපෘතිය ඉන්දියානු රජයේ ආධාර වේ. ඉන්දියාවට අප ගැන අමුතු කැක්කුමක් ඇතිද? ඉන්දියාවේ ඇති බොහෝ බෞද්ධ සිද්ධස්ථාන අද ස්මාරක බවට පමණක් පත්ව ඇත. ආමිස පූජා පැවැත්විය හැකි තැන්ද, හින්දූන් විසින් අල්ලාගෙන ඔවුන්ගේ පූජා පවත්වමින් ඇත. ඉන්දියාවේ අවශ්‍යතාව එයද යන්න අප නොදනිමු.

ආරක්‍ෂිත වැටවල් සැබෑ ලෙසම අවශ්‍ය වන්නේ රුවන්වැලිසෑයට නොව උතුරේ වැනසෙන ස්තූප වලට වේ. ඒවා උඩ දමිළයන් ශිවගේ අංගජාත ශිෂ්ණයන් අටවමින් ඇත. වැට බැඳිය යුත්තේ ඒවාටය.

කිරි ආහාර පාත්‍ර පූජාවට තිත

උක්ත සංවර්ධන සැලසුමෙහි 15A - 5.12 යටතේ දක්වා ඇත්තේ ආහාර පූජා කිරීමට භාවිතා කරන මැටි පාත්‍ර වෙනුවට කඩදාසි (Paper) ආදිය භාවිතා කිරීම වේ.

කුමක්ද මේ විහිලුව?

ඔවුන්ට අනුව මේ පරිසර හිතකාමී බවක් හඟවන්නට යන බවක් පෙනේ.

බෞද්ධයන් මහා සෑ රදුන් වඳින්නේ, ආමිස පූජා කරන්නේ බුදුන් වහන්සේ ගැන ජීවමාන සංඥාව ඇතිව වේ. ක්‍රමවෙදයද එයම වේ. එබැවින් ආහාර පූජා පාත්‍ර වලම දමා කරනු ලැබේ.

භාග්‍යවතුන් වහන්සේ දානය වැළඳුවේ පාත්‍රයක වේ. භික්ෂුන්ට අනුදැන සිටියේද එසේය. විනය ක්‍රමවේදයද එසේය.

එබැවින් බෞද්ධයෝ පාත්‍ර වල දානය බහා පූජා කරති. එය ගෞරවයක්ද වේ.

නමුත් මේ යෝජනාව යටතේ මැටි පාත්‍ර වෙනුවට කඩදාසි යෝජනා කර ඇත.

අප කඩදාසියේ දමා කෑම දෙන්නේ පාරේ ඉන්නා වීදි සුනඛයාට වේ. ගෙදර බල්ලාට පවා සුදුසු බඳුනක කෑම දෙයි.

නමුත් මේ යෝජනාව යටතේ ලොව්තුරා තථාගත භාග්‍යවතුන් වහන්සේට දානය පුදන්නට කියන්නේ කඩදාසි වලය.

මෙය කෙතරම් පහත් ගනයේ ක්‍රියාවක් වන්නේද?

සම්මා සම්බුදුන් වහන්සේලා දන් වළදන්නේ පාත්‍ර වලය. බුද්ධත්වයට පත්ව දන් වැළඳීමට සිතා බලන විට පෙර බුදුවරුන්ද පාත්‍රා වලම වැළඳු බවත්, බුද්ධ සිරිත එයම බවත් සිහිකර පාත්‍රාවක අවශ්‍යතාව සිතු විට සිව්වරම් රජවරු පාත්‍රා පූජාව සිදු කලෝය.

උන්වහන්සේ පිරිනිවෙන තෙක් පිණ්ඩපාතය ලබා ගත්තේ මෙන්ම වළඳා සිටියේ පාත්‍රයේම වේ.

නමුත් යෝජිත ක්‍රමය අනුව paper කඩදාසි වල බුදුන් වහන්සේට දන් පිදිය යුතුය.

වීදි සුනඛයෙකු යැයි මොවුන් සිතාගෙන සිටින්නේද අපි නොදනිමු.

ඇරත්, ඉන්දියානු ආධාරය. ඉන්දියාවේ පූසාරියෝ කෝවිල් වල බත ගන්නේ කෙලින්ම ගල් පොළොවට හෝ කෙසෙල් කොළ කැබැල්ලක් බිම එලාය. එම සිරිත් මෙහෙටත් ආරෝපණය කිරීමට යන්නේද අප නොදනිමු.

පැරණි ගස් කපා ඉවතට

උක්ත යෝජනාවේ 12A යටතේ දක්වා ඇත්තේ, පූජා භූමියේ පැරණි ගස් ඉවත් කර අලුත් ශාක සිටුවීමේ යෝජනා වේ.

පැරණි මහා වෘක්ෂයක් සුවිසල් ලෙස වර්ධනය වීමට අවුරුදු 40-60ක් හෝ ඊටත් වඩා ගත වේ. එනම් එය අවුරුදු ගණනක ක්‍රියාවලියකි. දැනට ඇති පැරණි ගස් ඇතැම් විට සියවස් ගණන් පැරණි ඒවාය.

එමෙන්ම ඒ ගස් අදාළ පරිසරයටම හුරු වූ දේශීය ගස් වේ.

මේ සිටුවන්නට යන අලුත් ගස් මොනවාද, ඉන්දියානු ශාකද, ආක්‍රමණික විසිතුරු ශාකද අපි නොදනිමු.

කුමක් හෝ වේවා මහා රුකක් වීමට් නම් තව අවුරුදු 50-60 බලා සිටින්නට විය හැක.

මේ පැරණි ගස් කපා ඉවත් කිරීමේ අරමුණ කුමක්ද නොදනිමු.

කන්නට ඕනා විට කබරගොයා තලගොයා වන්නේය. එබැවින් කපන්නටම ඕනා නම් ඇතැම් විට කලින්ම මරා දමා හේතුව සාධාරණීකරණය කිරීමද විය හැකි සම්බාවිතාවකි.

ඕවාගේ වටිනා දැව වලට කුමක් වේද? අපි නොදනිමු.

මෙහි ඇති දුර්විපාක හා ඉන්දියානු අරමුණ ඔබද හිතා බලා තේරුම් ගන්න.

පිළිම ප්‍රතිමා තහනම්ය

උක්ත යෝජනා පත්‍රයේ 18A - 1.14 යටතේ තහනම් භාවිත යටතේ ආගමික ප්‍රතිමා හෝ සංකේත මන්සන්ධි හා මාර්ග දෙපස පෙනීමට තැබීම තහනම්ය.

මෙය සවුදි ආරබියට සෑදු යෝජනාවක්ද සැකය. මුස්ලිම් රටවල නම් පිළිම ප්‍රතිමා තහනම්ය.

මේ වර්ග කිමි 38 භූමිය පුරා දැනටමත් පිළිම ප්‍රතිමා බොහෝ ඇත. මොවුනට අනුව පුරාවිද්‍යා නොවන ප්‍රතිමා තහනම් ය. එනම් සමාධි ප්‍රතිමාව හා වෙනත් සීමිත ඉපැරණි ප්‍රතිමා කිහිපයක් හැරුණු විට මේ වර්ග කිමි 38 විශාල ප්‍රදේශයටම ආගමික පිළිම බැරිය. මේ පූජා නගරයේ ආගමික පිළිම ලෙස ඇත්තේ බුදු පිළිම ය. ඒවා සියල්ල ඉවත් කිරීමෙන් මග දෙපස පෙනෙන්ට නොතැබීමෙන් මේ කුමක්ද කරන්න යන්නේ?

මේ කරන්න යන්නේ මෙහි පැමිණෙන දෙස් විදෙස් ප්‍රජාවට මෙය බෞද්ධ උරුමය රැගත් නගරයකි යන හැඟීම එතරම් ඉස්මතු නොවී හුදෙක්ම පුරාවිද්‍යා සංචාරක නගරයකි යන අදහස දැනේනට හැරීම නොවේද?

ඇරත්, පූජා නගර සංවර්ධනයේදී ආගමික ප්‍රතිමා පෙනෙන්නට තිබීමේ ඇති ගැටලුව කුමක්ද? (අන්‍ය ආගමික ප්‍රතිමා නම් කමක් නැත. නමුත් බුද්ධ ප්‍රතිමා?)

මේ සංවර්ධනය කරන්නට යන්නේ පූජා නගරයක් මිස කාර්යබහුල වරාය නගරයක් නොවේ ය. එසේ නම් මංසන්ධියක හෝ පාරෙන් පසෙක ඇති පිළිමයේ ගැටලුව කුමක්ද?

මේ සීමාව තුල පදිංචි බෞද්ධයන් වන්දනාමාන නොකළ යුතුද?

ප්‍රතිමා තහනම් වීමට මේ සවුදි අරාබියද?

නොඑසේ නම් ඉන්දියානු ආධාර වලට ව්‍යාපෘතියක් වුවද ශිවගේ හෝ ගනේෂ්ගේ ප්‍රතිමා ඉදි කිරීම ගැටළුවක් විය හැකි බැවින් සියලුම ප්‍රතිමා තහනම් කොට දමන්නට යන්නේද අප නොදනිමු.

අලුතෙන් පූජනීය ස්ථාන තහනම්

උක්ත යෝජනා පත්‍රයේ 19A - 3.1.1 අනුව සංවේදී කලාපය ලෙස හඳුන්වන වර්ග කිමි 30.97 ප්‍රදේශයේ නව පූජනීය ස්ථාන තහනම් වේ. එනම් වර්ග කිමි 38න් 30.97 වැනි ප්‍රමාණයකම නව වෙහෙර විහාර ඉදිකිරීම තහනම් වන අතර ඒ සිමාවේ යම් පුරාවිද්‍යාත්මක යමක් හමුවන්නේ නම් ඒවා පුරාවිද්‍යා නටබුන් ලෙස නඩත්තු කල යුතු බව දක්වා ඇත.

මෙමගින් අප ඉහත දැක්වූ ප්‍රශ්නාර්ථය තවත් තහවුරු කරයි. එනම් පූජනීය වන්දනීය ස්ථාන වෙනුවට පුරාවිද්‍යා ස්මාරක සංකල්පය.

උපකල්පනය කරන්න මේ යෝජනාව ක්‍රියාත්මක වී තිබු සමයක රුවන්වැලිසෑය අලුතෙන් සොයා ගත්තා නම් කුමක් වේද?

අතීත බෞද්ධ උරුමයක් නිරාවනය කරගත් පසු ඒවා හා සම්බන්ධ වෙහෙර විහාර ගොඩ නංවා ආගමික කටයුතු කිරීම සිරිතය.

අපේ සිංහල රජදරුවන් මේවා සැදුවේ වන්දනාමාන ආමිස පූජා කිරීමටය.

කලාකෘතියක්, මාලිගයක් වැනි යමක් නම් කමක් නැත.

නමුත් වෙහෙරක් දාගැබක් පිළිමයක් නම්?

ඇරත් මේ වර්ග කිමි 30.97 තරම් ප්‍රදේශයේ නැවත කිසිදින තවත් බෞද්ධ පූජනීය ස්ථානයක් සෑදීම තහනම් වන්නට යන්නේය.. සිතන්න මෙයින් වන්නේ හොඳක්ද?

මෙය හුදෙක්ම පුරාවිද්‍යා සංචාරක ගමනාන්තයක් බවට පත්කර බෞද්ධ පූජනීය වන්දනීය බව නසන්නට නොවේද මේ යන්නේ?

ඇරත්, මේ සිද්ධාන්තයම ඉන්පසු උතුරුකරයටද දැමිය හැක. එවිට උතුරේ පුරාන බෞද්ධ සිද්ධස්ථාන ආශ්‍රිත නව වෙහෙර විහාර ඉදිවීම සහමුලින්ම නවතා දැමීමට තර්කයන්යක් සෑදෙනු ඇත.

ඉන්දියානු ආධාර බැවින් බෑ කියා කියනා තැන්වල පවා සංවර්ධනය අස්සේ කෝවිල්, ශිව ලිංග පහල වේද අපි නොදනිමු.

කෙසේ නමුත් සංවර්ධන කටයුතුද ඉන්දියාවෙන්ම කළහොත් අලුත් අලුත් ලිංග කෝවිල් පහල වීමට ඉඩ නැතුවාද නොවේ...

═════════════════════

අප මේ දැක්වුයේ අපට නිරීක්ෂණය වූ ගැටළු සහිත තැන් කිහිපයක් පමණි.

ඊට පරිබාහිරව වක්‍රාකාරව ප්‍රශ්නාර්ථ නැගෙන ඇතැම් තැන් ද වේ.

මේ යෝජනාවට අනුව නව වෙළඳ කුටි ආදියට අවසර ගැනීමෙන් ක්‍රමවේදයෙන් පසු අවස්තාව ඇත. එම නව වෙළඳ ස්ථාන කා හට ලබාගන්නට හැකිද දන්නේ නැත. මන්ද, වර්තමාන පූජා නගරයේ බහුතරය බෞද්ධයන් වේ. ඇතැම් විට නව ස්ථාන අන්‍ය ආගමික ප්‍රජාවන් හට ගියහොත් කල් යත්ම ඔවුන් තමන්ගේ අයිතිවාසිකම් යැයි කියමින් ඔවුන්ගේ ආගමික ස්ථාන අටවා ගැනීම හා අභියෝග කිරීම ප්‍රායෝගික ලෝකයේ සිදුව තිබෙන දැය. මහනුවර පූජා නගරය ඊට නිදසුන්ය. අද බෞද්ධයන්ට වඩා ඉන්නේ අන්‍යාගමික වෙළඳ ස්ථාන වේ. ඒ සමගම විශාල අදෝනා මඩු ඉදිකරගෙන ඇත. ඒ මහනුවර තත්වය වේ. අනුරාධපුර එසේ නොවේවා පතමු.

කෙසේ හෝ හොඳ දේවල්ද ඇත. නමුත් වස දෙන්නේ පැණි අස්සේ ගසා යයි පැරණි කියමනක් ගමේ ගොඩේ ඇත. ඕනෑම ඉනාවක් කවන්නේද රස කැවුමක අස්සේ දමාය. එබැවින් මේවාගේ ගැටලුකාරී තැන් පිලිබඳ බෞද්ධයා හඬ නැගිය යුතුය.

නොඑසේ අනාගතයේ රුවන්වැලිසෑය වෙත ගොස් ඈතින් සිට පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස සලකා බලා, කඩදාසියක් උඩ කෑම ටිකක් දමා, පට්ට අවු කාස්ටකේ හෙවනක් නැතුව පිච්චෙමින් පිලිමයක්වත් නැති අරාබි ටවුමක් මැදින් සංචාරයක් ගොස් එන්නට විය හැක.

බෞද්ධ අපට මහාසෑය යනු වන්දනීය පූජනීය වස්තුවකි. අපට ආමිසයෙන් එය පිදීමට අවශ්‍යම වේ. ක්‍රමවේදය හා සිරිතද එයම වේ. නළල තබා දෝතින් පිරිමැද වන්දනා කල යුතුය.

එසේ නොමැතිව වැටෙන් එහා සිට බලා මරු ස්මාරකේ යැයි සිතා හැරී එන්නට නොවේ.

තෙරුවන් සරණයි..

(සමාජ මාධ්‍යයෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාධ්‍ය සහ සමාජ ජාල තුළ නිතර කතාබහට ලක්වන,ලේඛක සරෝජ් පතිරණ විසින් රචිත ලිපිය මුල් කරගනිමින්,
මම ලියපු ලිපියක් පත්තරේක සම්පූර්ණ පිටුවක මුලින් ම පළවුණේ 1989 අවුරුද්දේ. “ආගම, විද්‍යාව සහ බුදුදහම” කියන නමින් මම ලියපු ඒ ලිපිය පළකළේ “විදුසර” පත්තරේ. වයස අවුරුදු විස්සවත් සම්පූර්ණ වෙලා නැති ඒ කාලේ තේරුම් ඇරැගෙන හිටිය සමහර අදහස් සහ ආර්. ජී. ද එස්. වෙත්තිමුණි මහත්තයා (සිදත් වෙත්තිමුණිගේ තාත්තා) ලියපු “බුදු දහම, ආගම හා විද්‍යාව සමඟ සම-විසම වන අයුරු” කියන පොත සේවනයෙන් ලබාගත්ත අදහස් පදනම් කරගෙනයි මම ඒ ලිපිය ලිව්වේ.
රුසියානු-ඇමරිකානු සබඳතාවල නවතම හැරවුම කියෙව් පාලනය කම්පනයට පත් කර තිබේ.
රුසියානු-ඇමරිකානු සබඳතාවල නවතම හැරවුම කියෙව් පාලනය කම්පනයට පත් කර තිබේ.
හිමාල කඳු වැටියෙන් වටවූ, ලොව අවසන් වජ්‍රයාන බෞද්ධ රාජ්‍යය ලෙස හැඳින්වෙන භූතානය, භෞතික දියුණුවට වඩා ආධ්‍යාත්මික සහ මානසික සුවතාවයට මුල්තැන දෙන සුවිශේෂී දේශයකි.
ඔක්තෝබර් 9 වැනිදා වන විට චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා තිබේ.
මේ දිනවල රටේ ම කතාබහ සිවුර ගැන ය. පැවිදිවීම උප පැවිදිවීම, අරහත් ධජයේ වටිනාකම, භික්‍ෂුන් වහන්සේගේ විනය ගැන විවිධාකාරයෙන් අදහස් ඉදිරිපත් වෙති. කසාවතේ වටිනාකම උගත මිනිසුන් ඒ සම්බන්ධයෙන් ගෞරවයෙන් කතා කරනවිට ආගමක්, දහමක් නැති නිරාගමිකයින් සහ ආගමික අන්තවාදීන් සිවුරට ගරහති. වපුරන තරමට අස්වැන්න ලැබෙන බව ලෝක ධර්මතාවයකි. කසාවතට ගරහන ‘පින්වතුන්’ රැස් කරගන්නා ‘කර්මය’ සංසාර ගමනේ දී විපාක විදිහට එන බව බුදුදහමේ සඳහන් ය.
"රජයේ ආදායම් වැඩි වෙලා, භාණ්ඩාගාරයේ සැබෑ ද්‍රවශීලතාවයක් (Actual Cash) ඉතිරි වෙලා, ඉතිහාසයේ පළමු වතාවට අයවැය අතිරික්තයක් ඇවිල්ලා" කියලා අනුර සහ ආණ්ඩුව ලොකුවට සද්දෙ දානවා නේද. ?

ප්‍රධාන පුවත්

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.