News Category
From Date
To Date
Maximum Number of Result

අදින්නපුබ්බක අනුර භාණ්ඩාගාරය පුරවපු හැටි..?

Oct 12, 2026 at 06:21 AM
|

"රජයේ ආදායම් වැඩි වෙලා, භාණ්ඩාගාරයේ සැබෑ ද්‍රවශීලතාවයක් (Actual Cash) ඉතිරි වෙලා, ඉතිහාසයේ පළමු වතාවට අයවැය අතිරික්තයක් ඇවිල්ලා" කියලා අනුර සහ ආණ්ඩුව ලොකුවට සද්දෙ දානවා නේද. ?

හැබැයි ලෝක බැංකුව නිකුත් කරපු අලුත්ම “From Recovery to Transformation” වාර්තාව බැලුවහම තමයි තේරෙන්නේ මේ මුදල් ඉතිරි වීම පිටුපස තියෙන මූල්‍යමය රහස මොකක්ද කියලා.

ඇත්තටම සල්ලි ඉතුරු වෙලා තියෙන්නේ හොරකම, දූෂණය නැති කරලා රටේ වැඩ කාර්යක්ෂම කරපු නිසාද..? 

නැත්නම් කරන්න ඕන වැඩ නොකර සල්ලි හිර කරගෙන ඉන්න නිසාද...?

ලෝක බැංකු දත්ත සහ සංඛ්‍යා ලේඛන සහිත ඇත්ත කතාව මෙන්න...

  •  දිට්වා සුළි කුණාටු ප්‍රතිසංස්කරණ (Allocated )සඳහා වෙන් කළ බිලියන 500 න් වැය කර ඇත්තෙ  8% යි..

දිට්වා සුළි කුණාටුවෙන් බැටකාපු ජනතාව පුනරුත්ථාපනය කරන්න සහ කැඩුණු බිඳුණු යටිතල පහසුකම් හදන්න රුපියල් බිලියන 500 ක දැවැන්ත ප්‍රතිපාදනයක් වෙන් කරලා තිබුණා මතකද ..? ඔව් අර තහඩුවක් ගියත් ලක්ෂ 10 ක් දෙනවා කිව්වෙ..

හැබැයි මේ වසරේ මැද වෙනකම්ම ආණ්ඩුව ඒකෙන් වියදම් කරලා තියෙන්නේ 8%ක් විතරයි 

ඒ කියන්නේ රුපියල් බිලියන 460 ක්ම වියදම් නොකර හිර කරගෙන ඉඳලා..මිනිස්සු තාමත් පීඩාව විඳිනවා, හැබැයි සල්ලි භාණ්ඩාගාරයේ ඉතුරුයි...

  • මැදපෙරදිග යුද සහන වෙනුවෙන් වෙන් කළ බිලියන 100 න් වැය කරලා තියෙන්නෙ අඩකටත් අඩුවෙන්..

මැදපෙරදිග යුද්ධය නිසා ආර්ථික කඩාවැටීමෙන් පීඩාවට පත්වෙන ජනතාව සහ කර්මාන්ත බේරගන්න රුපියල් බිලියන 100 ක සහන පැකේජයක් වෙන් කර තිබුණා. 

හැබැයි ලෝක බැංකුව කියන්නේ වසරේ මැද වන විටත් ඉන් වියදම් කර ඇත්තේ සියයට 50 කට වඩා අඩු ප්‍රමාණයක් විතරයි කියලා.

  • රට සංවර්ධනය කරන ප්‍රාග්ධන වියදම් වලින් (Capital Budget) වැය කරලා තියෙන්නෙ 16.7% යි..

රටක දිගුකාලීන ආර්ථික වර්ධනය තීරණය කරන්නේ ප්‍රාග්ධන වියදම් (පාරවල්, පාලම්, රෝහල්, පාසල් හැදීම සහ යටිතල පහසුකම් සංවර්ධනය). වසර සඳහා වෙන් කළ මුළු ප්‍රාග්ධන අයවැයෙන් අවුරුද්ද මැද වෙනකම්ම වැය කරලා තියෙන්නේ 16.7% ක් වගේ ඉතාම අඩු ප්‍රමාණයක් විතරයි ..

රටේ සංවර්ධන වැඩ සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා..

  • සමාජ ආරක්ෂණ සහ සුභසාධන සහන (Welfare Expenditure)  වැය කරලා තියෙන්නෙ 28.7% යි..

රටේ අතිශය දිළිඳු සහ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් වෙන් කර තිබූ සමාජ ආරක්ෂණ සහ සහන ප්‍රතිපාදනවලින් ද වසරේ මුල් භාගය වන විට වැය කර ඇත්තේ 28.7% ක් පමණි. බදු බරින් මිරිකෙන දුප්පත් ජනතාවට අතහිත දීමට මුදල් වෙන් කර තිබුණ ද, ඒවා නිසි පරිදි බෙදා දී නැත.

  • පොදු සේවා සහ මෙහෙයුම් වියදම් (Goods and Services) වැය කළේ 38.8% යි..

රජයේ රෝහල්වල ඖෂධ හිඟය පියවීමට, පාසල්වල පහසුකම් නැංවීමට සහ පොදු සේවා පවත්වාගෙන යාමට වෙන් කර තිබූ ප්‍රතිපාදනවලින් වැය කර ඇත්තේ 38.8% ක් පමණයි ..

රෝහල්වල බෙහෙත් නැතිව මිනිස්සු දුක් විඳිද්දී, ප්‍රතිපාදන ඉතිරි වී ඇතැයි පැවසීම මෙහි ඇති ඛේදවාචකයක්..

භාණ්ඩාගාරයට සල්ලි ආවේ කොහෙන්ද...? කෘතිම අයවැය අතිරික්තයේ රහස දැනගන්න කැමතිද..?

භාණ්ඩාගාරයේ මේ පෙන්වන මුදල් හුදෙක් ඉලක්කම් විතරක් නෙවෙයි, එහි සැබෑ රුපියල් ද්‍රවශීලතාවයක් (Cash Liquidity) තියෙනවා. හැබැයි ඒ සල්ලි ආවේ රටේ නිෂ්පාදනය වැඩි වෙලා හෝ දූෂණය නැති වෙලා නෙවෙයි:

  • අධික බදු බර (91.4% ක්ම බදු සල්ලි).

රජයේ සමස්ත ආදායමෙන් 91.4% ක්ම ලැබෙන්නේ මහජනතාවගෙන් සූරාකන බදු වලිනි (වැට් බද්ද 18% කිරීම, ආදායම් බදු සහ රේගු බදු).

  • දැවැන්ත ලෙස දේශීය ණය ගැනීම් නිසා..

රජය මහ බැංකුව හරහා භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර නිකුත් කරමින් දේශීය වෙළෙඳපොළෙන් රුපියල් ට්‍රිලියනයකට අධික මුදලක් ණයට ගෙන මුදල් සංචිත (Cash Buffers) ලෙස තබාගෙන තියෙනවා..

.

  • විදේශ ණය තාවකාලිකව නොගෙවීම...

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සිදුවන නිසා, ණය වාරික සහ පොලී ගෙවීම් තාවකාලිකව නැවතී තිබීමෙන් රුපියල් බිලියන ගණනක් භාණ්ඩාගාරයේ ඉතිරි උනා..

මේ විදිහට කරන්න ඕන වැඩ, දෙන්න ඕන සහන නොදී සල්ලි මිරිකාගෙන සිටීම නිසා වසරේ මුල් මාස 8 තුළ රුපියල් බිලියන 35.4 ක අයවැය අතිරික්තයක් (Budget Surplus) සහ රුපියල් ට්‍රිලියන 1.6 ක ප්‍රාථමික ශේෂ අතිරික්තයක් (Primary Surplus) පෙන්වන්න රජයට පුළුවන් වෙලා තියෙනවා..

මේක හරියට ගෙදරක තාත්තා කෙනෙක් මෙලෝ රැකියාවක් නොකර ගෙදර දරුවන්ගෙ පඩියෙන් 91% ක් තාත්තා අරගෙන, ගෙදර දරුවො අසනීපෙන් ඉද්දී බෙහෙත් ටික අරන් නොදී, ගෙදර තෙමෙද්දි වහලෙ උළු කැටයක්වත් මාරු නොකර, කිසිම ආයෝජනයක් නොකර සල්ලි ටික ගෙදර පෙට්ටගමෙ දාගෙන ඉන්නවා වගෙ වැඩක්...

  • පසුගිය මාස 12 රුපියල අවප්‍රමාණය වීමෙ ප්‍රතිශතය 9.68% ක්. ඒ කියන්නෙ භාණ්ඩාගාරයෙ තියෙන මුදල් වල ක්‍රයශක්තිය ( භාණ්ඩ සහ සේවා මිලි දී ගැනීමට ඇති හැකියාව) දවසින් දවස අඩු වෙනවා කියන එක..
  • අගෝස්තු මාසයෙ ඇමෙරිකානු ඩොලර් බිලියන 6.905 ක් තිබූ ඩොලර් සංචිතය සැප්තැම්බර් අවසානය වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 6.851 ක් දක්වා අඩු වෙල..
  • උද්ධමනය 8.1 දක්වා වැඩි වෙලා..
  • ඩොලර් එක රුපියල් 340 ඉක්මවලා ගිහින්..

මේ මුදල් ඉතිරි වීම් සිද්ධ වෙලා තියෙන්නේ රජයට සල්ලි නැති නිසා නෙවෙයි. ව්‍යාපෘති තෝරාගැනීමේ දුර්වලතා, ටෙන්ඩර් සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ තියෙන අකාර්යක්ෂමතාවය සහ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීමට ඇති නොහැකියාව නිසයි කියලා..

මෙහෙම කියන්නෙ අපි නෙවෙයි ලෝක බැංකුවේ ශ්‍රී ලංකා සංවර්ධන යාවත්කාලීන වාර්තාව (World Bank Sri Lanka Development Update)...

ඒ උනාට අනුර ගමින් ගම ගොස් ඩෝබිලා චූන් කරන්න දෙන කයිය කොහොමද....?

- නිලන්ත සත්සර ගමගේ

(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ඔක්තෝබර් 9 වැනිදා වන විට චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා තිබේ.
මේ දිනවල රටේ ම කතාබහ සිවුර ගැන ය. පැවිදිවීම උප පැවිදිවීම, අරහත් ධජයේ වටිනාකම, භික්‍ෂුන් වහන්සේගේ විනය ගැන විවිධාකාරයෙන් අදහස් ඉදිරිපත් වෙති. කසාවතේ වටිනාකම උගත මිනිසුන් ඒ සම්බන්ධයෙන් ගෞරවයෙන් කතා කරනවිට ආගමක්, දහමක් නැති නිරාගමිකයින් සහ ආගමික අන්තවාදීන් සිවුරට ගරහති. වපුරන තරමට අස්වැන්න ලැබෙන බව ලෝක ධර්මතාවයකි. කසාවතට ගරහන ‘පින්වතුන්’ රැස් කරගන්නා ‘කර්මය’ සංසාර ගමනේ දී විපාක විදිහට එන බව බුදුදහමේ සඳහන් ය.
මැද පෙරදිග රඳවලා ඉන්න හමුදා ඉවත් කරගන්න කියලා ඇමෙරිකාවේ ජාතික ත්‍රස්තවාද විරෝධී මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂවරයා (Director of the National Counterterrorism Center) විදිහට කටයුතු කරපු ජෝ කෙන්ට් (Joe Kent) ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාට දිගින් දිගට ම බල කරනවා.
බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ (Flavio Bolsonaro), සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ (Jair Bolsonaro) පුත්‍රයා වන අතර, බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කර තිබේ.
​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.
එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.

ප්‍රධාන පුවත්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.