News Category
From Date
To Date
Maximum Number of Result

අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියක මූලිකම පදනම වන්නේ එහි ස්වාධීනත්වය, අපක්ෂපාතීත්වය සහ විනිවිදභාවයයි. විශේෂයෙන්ම සමූහ ඝාතනයක් හෝ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ මහා විපතක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී, එම ක්‍රියාවලිය දේශපාලන න්‍යාය පත්‍රවලින් සහ පෞද්ගලික පළිගැනීම්වලින් තොර විය යුතුය.

පොදු මහජනතාව සහ බලධාරීන් දැනුවත් කිරීම සඳහා පුරවැසියෙකු විසින් ලියනු ලබන වගකීම් සහගත ලිපියකි. කිසිදු දේශපාලන න්‍යාය පත්‍රයක් හෝ නීති විරෝධී උසිගැන්වීමක් මෙහි අරමුණ නොවේ.

කෘත්‍රිම බුද්ධිය (AI) යුගයේ, මෘදුකාංග සංවර්ධන මෙවලම්වල ආරක්ෂාව යනු රටක ඩිජිටල් ස්වෛරීත්වය සමඟ සෘජුවම බැඳී පවතින කරුණකි. Claude Code සිදුවීම AI යුගයේ “ට්‍රෝජන් අශ්වයා” ලෙස මතුවී තිබේ. එය නැවතත් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් දෘඩාංග හා මෘදුකාංග සැපයුම් දාමය පුරාම ස්වාධීනව සහ පාලනය කළ හැකි හැකියාවන් නොමැති නම් සැබෑ ආරක්ෂාවක් කිසිසේත්ම නොමැති බව අවධාරණය කරනු ලබයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහිව ගොනු කර ඇති රුපියල් කෝටි එකහමාරකට අධික (ලක්ෂ 166ක) රාජ්‍ය මුදල් අවභාවිත නඩුව මේ වන විට තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්,විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සම්බන්ධ වැල්ලවත්ත මුහුදු මාර්ගයේ සිදු වූ රිය අනතුර,ශ්‍රී ලංකාවේ සමස්ත නීති ක්ෂේත්‍රයේම අවධානයට ලක්විය හැකි සංකීර්ණ නෛතික ගැටලු රාශියක් මතු කරන්නකි.

නැත්ත වෙනුවට ඇත්ත කියන්නේ එවකට ජනතා විමුක්ති පරමුණේ ප්‍රචාරක ලේකම් සහ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා වුණු විමල් වීරවංශ මතවාදි ගැටලුවක් නිසා 2008 වර්ෂයේ පක්ෂයෙන් ඉව්ත් වීමෙන් පසු ඒ ඉවත් වීමට අදාළ දේශපාලන අදහස ප්‍රකාශයට පත් කරන්න ඔහු විසින් පළ කළ ග්‍රන්ථය.

ශ්‍රී ලාංකේය ක්‍රීඩා ක්ෂේත්‍රය පරිපාලනමය වශයෙන් සහමුලින්ම කඩා වැටී ඇති බව සනාථ කරමින්, ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වීමට නියමිත ආසියානු වයස අවුරුදු 23න් පහළ බොක්සිං ශූරතාවලිය සඳහා සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනෙකුට ජාත්‍යන්තරය නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ.

අපි හැමෝම දන්නා, හැමෝම කන්න ආස චොක්ලට් කියන්නේ කටට කෙළ උනන පැණිරස කෑමක්. හැබැයි, "චොක්ලට් කියන්නේ පැණිරස කෑමක් නෙමෙයි, ඒක ශරීරයට ගුණදෙන ශක්තිජනක ඖෂධීය ආහාරයක්" කියලා මුළු ලෝකෙටම ඔප්පු කරන්න හදන අපූරු තරුණයෙක් අපිට හමුවුණා. ඔහු නමින් සසික සඳරුවන්. වයස අවුරුදු 26ක් වුණු සසික, මොනරාගල, මැදගම ජීවත් වන Gen Z පරපුරේ වෙනස්ම විදියේ වැඩකාරයෙක්.

පසුගිය ජූලි 7 වන දින මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ දරුණු කැරැල්ල සහ එය මර්දනය කිරීමට ආරක්ෂක අංශවලට ගනු ලැබූ ක්‍රියාමාර්ග, ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය මුහුණ දී ඇති දැඩි ව්‍යුහාත්මක සහ ආරක්ෂක අර්බුදයේ තරම මැනවින් පෙන්නුම් කරන්නකි.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.