News Category
From Date
To Date
Maximum Number of Result

ගෑස් 5000 කින් අඩු කල ක්‍රිප්ටෝ සමරේගේ වික්‍රමය..

Nov 18, 2026 at 08:40 AM
|

ඊයේ ශ්‍රී ලංකාව නැමැති රාජ්‍යයේ ගරු ඇමති වසන්ත සමරෙසිංහ සිංහයෙක් මෙන් මැදිහත් වී එරට "ලවුෆ් ගෑස්" මිල රු. 745 කින්ම වහාම ක්‍රියාත්මක වන පරිදි අඩු කල බව එම රටේ ස්වාධීනම නාලිකා වන සිරස, රූපවාහිනී සහ ITN වාර්තා කර තිබුනි.

බුකියේ ජනතාව විශේෂයෙන් දැන උගත් ජවිප/ මාලිමා පාක්ෂිකයන් ඒ පුවතින් අමන්දානන්දයට පත් වී තිබුනි. 

ඔවුන් කියා සිටියේ "අන්න අපේ වැඩ්ඩෝ" කියාය.

ඒ අතර වෙනත් සමාන්තර ග්‍රහලෝකයක අඹ ගෙඩියක හැඩේ ඇති දූපතක "හිනා" ගෑස් සිලින්ඩරයක් රු. 5000 කින්ම අඩු කල පුවතක් සහ ඒ ආශ්‍රිතව සිදු වූ සිද්දි දාමයක් පිළිවඳව හීනයක් දක්නට ලැබුනි.

එහි සම්පූර්ණ සිදු වීම මෙසේය.

එම අඹ ගෙඩියක හැඩේ ඇති රටේ ජනයා මීට පෙර 12.5 kg හිනා ගෑස් සිලින්ඩරය මිලට ගත්තේ රු. 4970 කටය.

හිටිහැටියේ දිනක් හිනා ගෑස් අධිපති අතිමගරු අධම්මික පෙරේයිරාට තම ගෑස් සිලින්ඩරයක් රුපියල් 1700 කින් වැඩිකිරීමට හිතක් පහල විය.

එම අණ දීම පිණිස අධම්මික පෙරෙයිරා විසින් එරට 'ජල්තර කටයුතු, කප්පම් ගැනීම් සහ මූල්‍ය වංචා සැලසුම් කිරීමේ අමාත්‍යාංශයේ ඇමති 'ක්‍රිප්ටෝ සමරේව' තමන්ගේ මන්දිරයට කැඳවන ලදී.

ක්‍රිප්ටෝ සමරේ බිම දිගේ බඩගාමින්, දැවී වක ගැසී ගිය බඩ තඩි වඳුරු මහල්ලෙක් මෙන් අධම්මික පෙරෙයිරා ඉදිරියේ බයාදු ලෙස පෙනී සිටියේය.

අධම්මික: 

අයිසේ "බොබ්බෙ ලුකින් කල්කටා", මම සිලින්ඩරයක් 1770 කින් වැඩි කරනවා. තමුසෙගෙ මහ එකාටයි, තමුසෙටයි, තමුසෙලාගේ මල ඉලව් පක්ෂෙ එවුන්ට ගතමන්ට් දුන්නාම මට එච්චර ලාභයක් නෑ ඕයි. 

මතකනේ 1700 කින් ඈහ්... දැන් පලයන්ඩ මෙතනින්. 

ගිහින් වැඩි කරන නිව්ස් එක ගහපන් යැයි අධම්මිකගේ මැනේජර් කොලුවාට නියෝග කලේය.

ක්‍රිප්ටෝ සමරේ:

අනේ සෑර් සමා අවසර... කාරණාවක් කියන්ඩද තරහ අරන් පයින් ගහන්නේ නැත්තන්, යනුවෙන් ඉතාම නෝන්ජල් ආකාරයෙන් කතාකිරීමට අවසර ඉල්ලා සිටියේය.

අධම්මික:

මොකද? ඉක්මනට කියනවා අයිසේ..

ක්‍රිප්ටෝ සමරේ:

සෑර් එක පාර දඩාස් ගාලා 1700 කින් වැඩි කරොත් සෑර් මේ තියෙන යට ඇඳුමත් ගැලවිලා යනවා සෑර්.

මෙහෙම කරමු සෑර්. සෑර්ලා එකපාර රු. 6700 ක්ම වැඩි කරන්න.

පස්සේ සර් මම සිංහයා වගේ මාධ්‍ය ඉස්සරහට ගිහින් කියන්නම්.. "එහෙම වැඩි කරන්නේ කොහොමද? අපි ඉන්නකන් වැඩි කරන්න බෑ..අපි එයාලා ගෙන්වලා වහාම අඩු කරනවා", කියලා.

අධම්මික: 

ඉතින්?

ක්‍රිප්ටෝ සමරේ: 

ඊට පස්සේ සෑර් මැනේජර් මහත්තයා එවන්ඩ අපේ කප්පම් අමාත්‍යාංශයට තේ එකක් බීලා යන්ඩ.

පස්සේ මම කියන්නම් අපි මැදිහත් වෙලා 5000 ක් ම අඩු කරා කියලා.

අධම්මික: 

මොකද්ද ඕයී ඒ හරුපේ? ඕක ඉතින් කෙලින්ම 1700 ක් වැඩි කරානම් ඉවරනේ...දෝදුද ඕයි ඔහේට?

ක්‍රිප්ටෝ සමරේ:

අනේ නෑ සෑර්... අපි ගැන විශ්වාස කරගෙන පිටිපස්සේ එන ගවයෝ ටිකට කන්න තණකොළ ටිකක් මේකෙන්ම දෙන්ඩ පුලුවන්. ඒකයි.

උන්ට ඔය ගණන් හිලවු තේරෙන්නේ නෑ සෑර්. 6700 කිම් වැඩි කරලා 5000 ක් අඩු කරාම පස්සේ තුන් හුලුසෙනුයි TIN එකෙනුයි 5000 ක් අඩු කරා කියලා ගැහුවාම ඉතින් ආයේ....ම්..ම්...

අධම්මික: 

ඕනේ මගුලක් කර ගන්නවා ගිහින්. මට තමුසෙගේ ගවයෝ වැඩක් නෑ. මට ඕනේ සල්ලි. යනවා ඉක්මනට. ගිහින් මහා එකා එක්ක මගේ වැඩේ කරනවා. තමුසෙලා වගේ ගොඩයෝ සෙට් එකක් උස්සලා ඔතෙන තිබ්බේ කයිවාරු ගගහා ගෑනු එක්ක ආතල් ගන්න නෙවෙයි ඕයි. මගේ වැඩ ටික වෙලාවට කරනවා.

දැන් යනවා යන්න.

ක්‍රිප්ටෝ සමරේ: 

හරි සර්..හරි.

ඊට පසුදින එම අඹ ගෙඩියේ හැඩය ඇති රටේ ස්වාධීන නාලිකා වල ප්‍රධාන පුවත වී තිබුනේ මේ රු. 5000 කින් හිනා ගෑස් අඩු කිරීමේ ක්‍රිප්ටෝගේ වික්‍රමයයි.

එය අසා හුදී ජනයා පාරවල් වලට පැමිණ හන්දි ගානේ ප්‍රීති ඝෝෂා දුන්නෝය.

- Sarathi Ratnayake

සම්බන්ධිත පුවත් | Related News

රටට මුහුණ දීමට සිද්දවෙලා තියෙන අභියෝගවලට පිළියම් යෙදීම සඳහා සුදුසු මාර්ග සොයාබැලීම වෙනුවෙන් තමන් ගතවෙච්ච සති දෙකක කාලය තුළ පොත් කීපයක් ම කියෙව්වා කියලා ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියාන් (Masoud Pezeshkian) ප්‍රකාශ කළා.
රුසියාව, චීනය සහ ඇමෙරිකාව යන රටවල නායකයෝ නොවැම්බර් 19 වැනිදා පළමු වරට එකම සාකච්ඡා මේසයකට එක්වෙති. ජාත්‍යන්තර ආරක්ෂාව, න්‍යෂ්ටික අවි පාලනය, යුක්රේන හා ඉරාන යුද්ධ, කෘත්‍රිම බුද්ධිය සහ ගෝලීය ආර්ථිකය පිළිබඳව මෙහිදී අවධානය යොමු වනු ඇත.
1948 පෙබරවාරි 4 වැනි දා, අපේ මේ සිරිලංකාවට බ්‍රිතන්‍යය යටත්විජිත පාලකයන්ගෙන් “ඩොමීනියන්” (Dominion) නිදහසක් ලැබුණා කියලා කතන්දරයක් තියෙනවා. ඇත්තෙන්ම, ඒ කතාව බොරුවක්. බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයන් විසින් ඉන්දියාවට සහ පකිස්ථානයට නම් ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් ලබාදුන්නා. හැබැයි බ්‍රිතාන්‍ය පාලකයෝ ලංකාවට ලබාදුන්නේ “වගකීම් සහිත ඩොමීනියන්” (Dominion with Responsibility) තත්ත්වයේ නිදහසක්.
චීන ඔත්තුකාරියක බවට සැක කෙරෙන කාන්තාවක සම්බන්ධයෙන් ඇති වූ ආන්දෝලනයක් හේතුවෙන් Nvidia නිර්මාතෘවරයාගේ ඉවත්වීමත් සමඟ, චීනයට එරෙහි චිප් සීමා කිරීම් විවේචනය කළ වොෂින්ටනයේ බලවත්ම හඬක් නිහඬ කිරීමෙන් වාසි අත්වන්නේ කාටද යන දේශපාලනිකව සංවේදී ප්‍රශ්නය මතුව තිබේ.
කියුබාවේ හවානා නුවර පැවැති බෝ නොවන රෝග පිළිබඳ සම්මන්ත්‍රණයකට සහභාගී වීමෙන් පසු එරට වත්මන් තත්ත්වය පිළිබඳව විශේෂ සටහනක් තබමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ, කියුබාව මේ වන විට දැඩි මානුෂීය අර්බුදයක් කරා වේගයෙන් ගමන් කරමින් සිටින බවයි.
රටේ පවතින වත්මන් පාලන තන්ත්‍රය සහ ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් අනුරාධපුර සිදුවීම මුල් කරගනිමින් මහා සංඝරත්නය අපකීර්තියට පත් කිරීමේ අරමුණින් ව්‍යාජ ප්‍රවෘත්ති පුවත් නිර්මාණය කරමින් සංසරණය කරන බවට චෝදනා එල්ල වේ.
" අපි අනුරාධපුරය ඇතුළු නගර 04 ක් " සිටි බ්‍රෑන්ඩින් " කරනවා. උදාහරණයකට ප්‍රංශයෙ පැරිස් නුවර වගේ"
පුරාණ අනුරාධපුර නගරය යනු කුමක්ද යනුවෙන් පුරාවිද්‍යාඥයෙකුගෙන් විමසුවහොත්, ඔවුන් එය විස්තර කරනු ඇත්තේ පුරාණ ගඩොල් අත්තිවාරම්, කැටයම් කළ ගල් කුළුණු, නටබුන් වූ ස්තූප සහ පස් යට මිහිදන්ව ඇති පුරාවස්තු වලින් සමන්විත විශාල භූමි ප්‍රදේශයක් ලෙස විය හැකිය.
රටේ රාළ දිගටම අපේ රටේ විමර්ශන ක්‍රියාවලිය ඇතුළේ සිද්ධවෙන බරපතල වංචා ගැන කතා කරනවා.නීතියේ ආධිපත්‍යය කියන වචනවලට මුවාවෙලා,පෞද්ගලික න්‍යාය පත්‍ර,ඉදේශපාලන න්‍යාය පත්‍ර වෙනුවන් මිනිස්සුන් ජීවිත කාලකණ්ණි කරන හැටි ඉවසන්න බැරි තැන තමයි මේ සටනට අත ගැහුවේ.රටේ රාළ කියන මේ තිත්ත ඇත්ත කතාව ඊයේ (12) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ ශාලාව ඇතුළේ දෝංකාර දුන්නා.

ප්‍රධාන පුවත්

ටෙන්ඩර් කැඳවීමක් නැතිව ඊශ්‍රායලයෙන් හදිසියේ ඩ්‍රෝන යානා මිල දී ගන්නේ ඇයි?.. - ධර්ම ශ්‍රී කාරියවසම්ගෙන් අනාවරණයක්..

කිසිදු විවෘත අන්තර්ජාතික ටෙන්ඩර් කැඳවීමකින් තොරව, රුපියල් බිලියන 4.26කට අධික මහජන බදු මුදලක් වැය කරමින් ඊශ්‍රායලයෙන් නියමුවන් රහිත ඩ්‍රෝන යානා 04ක් හදිසියේ මිලදී ගැනීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නකාරී තත්ත්වයක් මතු වී තිබේ.

චීවරධාරී රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට..

අනුරාධපුර රුවන්වැලි මහා සෑය ආසන්නයේ පැවති සත්‍යග්‍රහ භූමියේදී ඇති වූ ගැටුමේ සිද්ධිය සම්බන්ධයෙන් චීවරධාරී රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට ගෙන තිබේ.

ගෝලීය බලවතුන් තිදෙනාගේ ඓතිහාසික හමුවෙන් සාකච්ඡා වන ප්‍රධාන මාතෘකා මොනවාද?..

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, චීන ජනාධිපති ෂී ජින්පිං සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යන නායකයන් තිදෙනා නොවැම්බර් 19 වැනිදා චීනයේ ෂෙන්ෂෙන් නගරයේදී පළමු වරට එකම සාකච්ඡා මේසයකට එක්වීමට නියමිතය.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය අද අභියාචනාධිකරණයේදී..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම්වලට අදාළ වැඩිදුර කරුණු දැක්වීම අද (18) පස්වරු 1.30 ට අභියාචනාධිකරණයේ 110 වන අධිකරණ ශාලාවේදී සිදු කිරීමට නියමිතය.

රාජ්‍ය බිඳ දැමීමේ ක්‍රියාන්විතය දැන් උච්චතම තැනට ඇවිත්.. – රටේ සංස්කෘතිය සහ බුදුදහම බිඳවැටීමේ ක්‍රියාන්විතය පිටුපස සැඟවුනු කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..

රාජ්‍ය බිඳ වැට්ටවීමට නම් සමාජය බිඳවැට්ටවිය යුතු බවත්, මේ රාජ්‍ය බිඳ වැට්ටවීම සඳහා බලවේග රාශියක් අතීතයේ සිටම විවිධ අයුරින් ක්‍රියාත්මක වුවත් එසේ බිඳ දැමීමට නොහැකි වූ බවත්, එහෙත් මේ වන විට මෙම බලවේග ඉතා සූක්ෂම ලෙස ක්‍රියාන්විතයන් දියත්කර ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ආසියා–ශාන්තිකර ප්‍රජාවක් පිළිබඳ දිගුකාලීන දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණින් චීනය යළිත් APEC මෙහෙයුම් වගකීම භාරගනී..

භූ දේශපාලනික ආතතීන් උත්සන්න වෙමින්, ආරක්ෂණවාදය ඉහළ යමින් සහ ගෝලීය ආර්ථික සහයෝගීතාව අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින පසුබිමක, ෂෙන්ෂෙන් නුවර පැවැත්වෙන 33 වැනි APEC ආර්ථික නායක සමුළුව කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත් අවස්ථාවක් වනු ඇත.

ගෝලීය දකුණේ ස්වෛරීභාවය සහ ආර්ථික නිදහස වෙනුවෙන් මොස්කව් ජාත්‍යන්තර සමුළුවේදී විමල් වීරවංශ ගෙන් විශේෂ දේශනයක්!

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා නොවැම්බර් 15 වැනිදා රුසියානු සමූහාණ්ඩුවේ මොස්කව් නුවරදී පැවැති නව යටත්විජිතවාදයේ නූතන භාවිතයන්ට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරයේ (For the Freedom of Nations) මහා සභා රැස්වීමට ගෞරවනීය ආරාධිතයෙකු ලෙස සහභාගී විය.

අටමස්ථානාධිපති ස්වාමීන්වහන්සේගේ භූමිකාවට බාධා නොකර ඊට ශක්තියක් වීම මහජනයාගේ යුතුකමක්.. - ජාතික සංවිධාන කියයි

අනුරාධපුර පූජාභූමි සංවර්ධන උපදේශක සභාවේ සම සභාපති ලෙස ක්‍රියාකරන වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතලවැටුනුවැවේ ඤානතිලක හිමිපාණන් විසින් සිදුකළ ප්‍රකාශය පිළිබඳව අන්තර්ජාලයේ යම් ආන්දෝලනයක් ඇතිවීම පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

Nvidia ප්‍රධානී ජෙන්සන් හුවාං ඉවත් කිරීමට අවශ්‍ය වූයේ කාටද?.. – 'ප්‍රේමණීය උගුල' පිටුපස ඇති AI බල අරගලය පිළිබඳ හෙළිදරව්වක්..

චීන ඔත්තුකාරියක බවට සැක කෙරෙන ව්‍යාපාරික කාන්තාවක වන ඇලිස් හුවාං (Alice Huang) සමඟ පැවැති සබඳතාවක් හෙළිදරව් වීමත් සමඟ ලොව ප්‍රමුඛතම චිප් නිෂ්පාදන සමාගම වන Nvidia හි නිර්මාතෘ ජෙන්සන් හුවාං (Jensen Huang) සිය ධුරයෙන් ඉල්ලා අස්වීම, ගෝලීය කෘත්‍රිම බුද්ධි (AI) බල අරගලයේ තීරණාත්මක සන්ධිස්ථානයක් බවට පත්ව තිබේ.

දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම 40,000කින් අඩුවෙලා..

දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම (පළමු වසරට) වාර්ෂිකව හතළිස් දහසකින් පමණ අඩු වී ඇතැයි සමීක්ෂණයකින් තොරතුරු හෙළිවී ඇති බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පවසයි.

අයවැය සජීවීව නැරඹීමට රාජ්‍ය නිලධාරීන්ට පහසුකම් සපයන ලෙසත්, එහි ඡායාරූප ලබාගෙන ඉදිරිපත් කරන ලෙසත් දන්වලා!..

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින්, 2027 වර්ෂයේ අයවැය ඉදිරිපත් කිරීම සජීවීව නැරඹීම සඳහා අදාළ දෙපාර්තමේන්තු සහ ආයතනවල සියලුම මණ්ඩල නිලධාරීන් ඇතුළු අනෙකුත් නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් සපයන ලෙස දැන්වූ ලිපියක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අධිකරණ බලය ඉක්මවා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අධිකරණ බලය ඉක්මවා යමින් සැකකරුවන් වසරකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීම සහ නීතිවිරෝධී මූලික පරීක්ෂණයක් පැවැත්වීම අභියෝගයට ලක්කරමින් විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරී ශාන්ත ජයතිලක මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

ඉරාන ජනතාව සාගින්නෙන් පෙළවීමට ඇමෙරිකාව තර්ජනය කරනවායැයි ටෙහෙරානය පවසයි..

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති ආර්ථික සම්බාධක සහ නාවික අවහිර කිරීම් හරහා ඉරාන ජනතාව සාගින්නට ඇද දැමීමට තර්ජනය කරමින් සිටින බව ඉරාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක එස්මයිල් බගායි චෝදනා කරයි.

NVIDIA ප්‍රධානියා ඉවත් කිරීම පිටුපස ඇත්තේ චීන ඔත්තු කතාවක් නොව ඒකාධිකාරී තාක්ෂණික කුමන්ත්‍රණයක්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ

ලොව ප්‍රමුඛතම චිප් නිෂ්පාදන සමාගම වන NVIDIA ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ ජෙන්සන් හුවාන් (Jensen Huang) සිය ධුරයෙන් ඉවත් කිරීම පිටුපස ඇත්තේ ඔහුට එල්ල වී ඇති චීන කාන්තාවක් හා සම්බන්ධ ඔත්තු බැලීමේ චෝදනාවක් නොව, කෘත්‍රිම බුද්ධි (AI) ක්ෂේත්‍රයේ ඒකාධිකාරය පවත්වා ගැනීමට උත්සාහ කරන පාර්ශ්වයන්ගේ දේශපාලන කුමන්ත්‍රණයක් බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

මෝදි සහ අනුර විවෘත කළ දඹුල්ලේ ශීතාගාර සංකීර්ණයේ ලක්ෂ ගණනක තඹ බට සොරකමක්..

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී විවෘත කළ දඹුල්ලේ එළවළු හා පලතුරු ගබඩා කිරීමේ උෂ්ණත්ව හා ආර්ද්‍රතා පාලිත ගබඩා සංකීර්ණයේ සවිකර තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා තඹ බට සොරාගෙන ගොස් ඇති බවට දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.