සිංහ හමකට යටින්..
1948 පෙබරවාරි 4 වැනි දා, අපේ මේ සිරිලංකාවට බ්‍රිතන්‍යය යටත්විජිත පාලකයන්ගෙන් “ඩොමීනියන්” (Dominion) නිදහසක් ලැබුණා කියලා කතන්දරයක් තියෙනවා. ඇත්තෙන්ම, ඒ කතාව බොරුවක්. බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයන් විසින් ඉන්දියාවට සහ පකිස්ථානයට නම් ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් ලබාදුන්නා. හැබැයි බ්‍රිතාන්‍ය පාලකයෝ ලංකාවට ලබාදුන්නේ “වගකීම් සහිත ඩොමීනියන්” (Dominion with Responsibility) තත්ත්වයේ නිදහසක්.
තමන්ට ලැබිච්ච ඩොමීනියන් නිදහස තුළින් තමන්ගේ ම ව්‍යවස්ථා සම්පාදනය කරගන්නත්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් පනවලා තිබිච්ච ඕනෑ ම නීතියක් අවලංගු කරන්නත් බලයක් (පූර්ණ බලයක්) ඉන්දියාවට සහ පකිස්ථානයට ලැබුණා. ඒ වගේ ම, තමන්ගේ රටවල්වල ආරක්‍ෂාව, යුද කටයුතු සහ විදේශ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන් ම තීරණය කිරීමේ අයිතියත් ඉන්දියාවට සහ පකිස්ථානයට ලැබුණා. ඒ කටයුතුවලට මැදිහත්වීමේ කිසිම බලයක් බ්‍රිතාන්‍යය ඉතුරු කරගත්තේ නෑ. එහෙම වැඩ වෙනුවෙන් ගිවිසුම් අත්සන් කළෙත් නෑ. ඊට අමතරව, තමන් කැමැති ඕනෑ ම වෙලාවක බ්‍රිතාන්‍ය කිරීටයෙන් අයින්වෙලා ජනරජයක් බවට පත්වීමේ නිදහසත් ඉන්දියාවට සහ පකිස්ථානයට ලබාදීලා තිබුණා.
තමන්ට ලැබිච්ච නිදහස පාවිච්චි කරලා, 1949 සැප්තැම්බර් 24 වැනි දා, ඉන්දියාව “ප්‍රිවි කවුන්සිල අධිකාරිය අහෝසි කිරීමේ පනත” (The Abolition of Privy Council Jurisdiction Act) සම්මත කරගෙන තමන්ගේ අධිකරණ නිදහස තහවුරු කරගත්තා. ඊට මාස කීපයකට පස්සේ - 1950 අප්‍රේල් 12 වැනි දා, පකිස්ථානයත් “ප්‍රිවි කවුන්සිල අධිකාරිය අහෝසි කිරීමේ පනත” සම්මත කරගෙන තමන්ගේ අධිකරණ නිදහස තහවුරු කරගත්තා.
සිරිලංකාවේ අපිට ලැබිච්ච නිදහස හුඟක් සීමා කරපු එකක්. ඉතින් ඒ නිදහස “වගකීම් සහිත ඩොමීනියන් තත්ත්වයක්” (Dominion with Responsibility) කියලා හැඳින්වෙනවා. 1947 නොවැම්බර් 11 වැනි දා, ඩී. එස්. සේනානායක අගමැතිතුමා සහ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර සර් හෙන්රි මන්ක්-මේසන් මුවර් (Henry Monck-Mason Moore) දෙන්නා අත්සන් කරපු ගිවිසුම් පහකින් තමයි මේ සීමාව පැනෙව්වේ. ඒවා අතරින් ආරක්ෂක, විදේශ කටයුතු, සහ රාජ්‍ය සේවා පිළිබඳව අත්සන් කරපු ගිවිසුම් තුන විශේෂයි. ඒ ගිවිසුම්වලින් ලංකාව තවදුරටත් බ්‍රිතාන්‍ය පාලනයට බැඳලා තියාගත්තා.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, ලංකා සමසමාජ පක්‍ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය එකතුවෙලා හදාගත්ත “සමගි පෙරමුණ” ආණ්ඩුව විසින් 1971 නොවැම්බර් 15 වැනි දා, “1971 අංක 44 දරන අභියාචනාධිකරණ පනත” (Court of Appeal Act No. 44 of 1971) සම්මත කරගත්තාට පස්සේ තමයි ලංකාවේ අධිකරණ තීන්දුවලට බලපෑම්කිරීම සඳහා බ්‍රිතාන්‍යයේ ප්‍රිවි කවුන්සිලයට තිබිච්ච බලය අවසන් කෙරුණේ.
ඇත්තෙන්ම, 1948 පෙබරවාරි මාසය වෙද්දි ලංකාවට නිදහසක් ලබාදීමේ උවමනාවක් බ්‍රිතාන්‍යයට තිබුණේ නෑ. සෝල්බරි කොමිසමේ වාර්තාව පදනම් කරගෙන බ්‍රිතාන්‍ය ආණ්ඩුව 1945 ඔක්තෝබර් 31 වැනි දා නිකුත් කරපු ධවල පත්‍රිකාවෙන් මේ අකමැත්ත ප්‍රකාශ කළා. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ලංකාවේ නායකයෝ පාලන කටයුතු කරගෙන යන විදිහ බලලා “අනාගතයේ යම් කාලයක දී” (ඒ කියන්නේ, අවුරුදු කීපයක පරිවාස කාලයකින් පස්සේ) ඩොමීනියන් තත්ත්වයේ නිදහසක් ලබාදෙන්න පුළුවන් බවකුයි ඒ ධවල පත්‍රිකාවෙන් ප්‍රකාශ කෙරුණේ. 1947 මැතිවරණයෙන් පත්වෙන පාර්ලිමේන්තුවේ පළමු ධුර කාලය - අවුරුදු 5ක කාලය, ගතවුණාට පස්සේ පෙන්නන පරිණතභාවය සළකලා බලලා ලංකාවට ඩොමීනියන් නිදහසක් ලබාදෙමු කියලා සමහර බ්‍රිතාන්‍ය නිලධාරීයෝ සහ දේශපාලනඥයෝ කිව්වා. අන්තිමේ දී, ගිවිසුම් පහේ ගැටයෙන් බැඳලා “වගකීම් සහිත ඩොමීනියන් තත්ත්වයක්” කියන “නිදහස” ලබාදෙන්න බ්‍රිතාන්‍ය ආණ්ඩුව තීරණය කළා.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලකයෝ මුල ඉඳලා ම ලංකාව සැළැකුවේ තමන්ට අයිති විශේෂ වත්කමක් විදිහට. ලංකාව කියන්නේ “මේ මහ පොළොවේ තියෙන වටිනා ම යටත්විජිත දේපොළ” (The most valuable colonial possession on the globe) කියලා 1801 තරම් මුල් කාලයක බ්‍රිතාන්‍යයේ අගමැතිවරයා පාර්ලිමේන්තුවේ දී ම කියලා තිබුණා. ඉතින් මේ “වටිනා ම දේපොළ” අහිමි කරගැනීමේ කිසිම ඕනකමක් 1948 අවුරුද්දෙන් පස්සේ බලයට ආපු බ්‍රිතාන්‍ය ආණ්ඩුවලටත් තිබුණේ නෑ.
ලබාදීපු බොරු නිදහසේ වගකීමට හේත්තුවෙලා බ්‍රිතාන්‍ය ආණ්ඩුව දිගින් දිගට ම ලංකාවේ කටයුතුවලට මැදිහත් වුණා. එහෙම මැදිහත්වීමකින් 1962 හමුදා කුමන්ත්‍රණයට සම්බන්ධ වෙච්ච අය නිදහස් කරපු විදිහ අපි හැමෝම වගේ දන්නවා. ඒ වගේ මහ දේවල්වලට අමතරව අල්ලස් නඩුවල, මිනීමැරුම් නඩුවල වැරැදිකාරයෝ නිදහස් කරන්නත් බ්‍රිතාන්‍යය මැදිහත් වුණා.
1972 මැයි 22 වැනි දා, ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කරගත්තාට පස්සේ මේ මැදිහත්වීමේ සෙල්ලම නිල විදිහට අවසන් කෙරුණා. ඒත් බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඊට පස්සෙත් දිගින් දිගට ම ලංකාවේ කටයුතුවලට මැදිහත් වුණා.
ශ්‍රී ලංකාවට පත් කරලා හිටිය බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් (David Gladstone) මුල් කරගත්ත සිද්දියත් එහෙම එකක්. 1987 දී, මහ කොමසාරිස් තනතුර ඇරැගෙන ලංකාවට ආපු ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් දිගින් දිගට ම අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගහන්න පටන්ගත්තා. 1991 මැයි මාසයේ පවත්වපු පළාත් පාලන මැතිවරණයේ කටයුතුවලට ඔහු කරපු මැදිහත්වීමත් එක්ක මේ කාරණය ඉතාමත් බරපතල එකක් බවට පත්වුණා. ඉතින් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින් ඔහුව ශ්‍රී ලංකාවෙන් පිටමං කරන ලද පුද්ගලයෙක් (Persona Non Grata) විදිහට නම් කළා. 1961 වියානා සම්මුතිය (Vienna Convention on Diplomatic Relations of 1961) මුළුමනින් ම නො සළකා ක්‍රියා කරපු හින්දා නම් කෙරිච්ච ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් 1991 ජුනි මාසයේ දී ලංකාවෙන් පිටත්වෙලා ගියා.
මේ හා සමාන ම මැදිහත්වීමක් 2018 ඔක්තෝබර් - දෙසැම්බර් කාලයේදීත් වාර්තාවුණා. ඒ දවස්වල ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා විදිහට කටයුතු කරපු ජේම්ස් ඩෝරිස් (James Dauris) තමයි ඒ මැදිහත්වීමට සම්බන්ධ වුණේ. ඒ අවුරුද්දේ ඔක්තෝබර් 26 වැනි දා, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් අයින් කරලා ඒ වෙනුවට මහින්ද රාජපක්‍ෂ පත්කිරීම වැරැදියි කියන ස්ථාවරයේ ඉඳලා ජේම්ස් ඩෝරිස් මේ මැදිහත්වීම කළා. ඒ විදිහට, රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමේ බලයක් වෙනත් රටවල්වලින් පත් කරලා එවන තානාපතිවරුන්ට නෑ. ඒත් ජේම්ස් ඩෝරිස් ඒ කාරණයට අදාළ වියනා සම්මුතිය මුළුමනින් ම නො සළකා හැරලා රටේ ඇතිවෙච්ච දේශපාලන ආරවුලේ පැත්තක් ඇරැගෙන කටයුතු කරන්න පටන්ගත්තා.
ජේම්ස් ඩෝරිස් ප්‍රසිද්ධියේ ම මේ මැදිහත්වීම කරගෙන ගියා. ඔහු මහ කොමසාරිස්වරයාගේ නිල ට්විටර් (X) ගිණුම හරහාත් මාධ්‍ය නිවේදන මාර්ගයෙනුත් තමන්ගේ දේශපාලන මැදිහත්වීම ප්‍රකාශයට පත් කළා. ඒ ආරවුල මැද්දේ කල් තියපු පාර්ලිමේන්තුව වහාම කැඳවන්න කියලත් ඔහු කිව්වා. ජේම්ස් ඩෝරිස් මේ මැදිහත්වීම වෙනුවෙන් යුරෝපා සංගමයේ, ඇමෙරිකා එක්සත් ජනපදයේ, කැනඩාවේ, ඕස්ට්‍රේලියාවේ, නෝර්වේ සහ ස්විට්සර්ලන්තයේ එකතු කරලා ඒකාබද්ධ නිවේදන නිකුත් කරන්නත් මුල්වුණා.
2018 නොවැම්බර් මාසයේ පාර්ලිමේන්තුවේ ගැටුම් ඇතිවෙද්දි, ජේම්ස් ඩෝරිස් තමන් එකතු කරගත්ත අනිත් තානාපතිවරුත් එක්ක පාර්ලිමේන්තුවේ කථානායක ගැලරියට (Speaker's Gallery) ගිහිල්ලා සභාවේ කටයුතු සෘජුව ම නිරීක්‍ෂණය කරන්නත් පටන්ගත්තා. ඒ වෙලාවේ ඇතිවෙලා තිබුණු ව්‍යවස්ථාමය අපැහැදිළිකම නො සළකා කටයුතු කරන්න කියන “ශක්තියත්” ඔහු කථානායක කරු ජයසූරියට ලබාදුන්නා. ඇතිවෙලා තිබිච්ච ව්‍යවස්ථා ආරවුල සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදීපු තීන්දුව ප්‍රශංසාවට ලක් කරන්නත් ජේම්ස් ඩොරිස් කටයුතු කළා.
මෙහෙම වැඩ කිරීමේ බලයක් කිසිම රටක තානාපතිවරයෙක්ට නෑ. ඒත් ජේම්ස් ඩෝරිස් ඒ රාජතාන්ත්‍රික සම්මුති පයිසයකටවත් මායිම් කළේ නෑ. වියනා සම්මුතිය මුළුමනින් ම නො සළකා හැරලා ඔහු කරපු මේ මැදිහත්වීම හෙළා දැකලා “වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ” (Professionals’ National Front, PNF) විසින් ඔහුට ලියුමකුත් ලියලා තිබුණා.
2015 අප්‍රේල් මාසයේ ඉඳලා 2019 අගෝස්තු මාසය දක්වා තමයි “ශ්‍රී ලංකාවේ ජේම්ස් ඩෝරිස් පාලනය” ක්‍රියාත්මක වුණේ. ඒ කියන්නේ ඔහු සම්පූර්ණ “යහපාලන ආණ්ඩුව” කාලයේ ම තමන්ගේ ආධිපත්‍යය පතුරුවාගෙන ඉඳලා තියෙනවා.
අද (2026 නොවැම්බර් 17 වැනි දා), Daily FT පත්තරේ ජේම්ස් ඩෝරිස් ගැන ප්‍රවෘත්තියක් පළ කරලා තිබුණා. ඔහුට අලුත් තනතුරක් හම්බවෙලා. දිලිත් ජයවීරගේ ජෝර්ජ් ස්ටුවර්ට් සමාගමේ (George Steuart and Company Ltd.) විධායක අධ්‍යක්‍ෂවරයෙක් විදිහට ශ්‍රී ලංකාවේ හිටපු බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් පත් කරලා තියෙන බවක් තමයි ඒ ප්‍රවෘත්තියෙන් කියලා තිබුණේ. ජේම්ස් ඩෝරිස් 2027 ජනවාරි 1 වැනි දා ඉඳලා, මේ අලුත් තනතුරේ වගකීම් භාරගන්න බවකුත් ඒ ප්‍රවෘත්තියෙන් ම කියලා තියෙනවා.
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ටෙන්ඩර් කැඳවීමක් නැතිව ඊශ්‍රායලයෙන් හදිසියේ ඩ්‍රෝන යානා මිල දී ගන්නේ ඇයි?.. - ධර්ම ශ්‍රී කාරියවසම්ගෙන් අනාවරණයක්..
චීවරධාරී රාජාංගනයේ සද්ධාරතන අත්අඩංගුවට..
ගෝලීය බලවතුන් තිදෙනාගේ ඓතිහාසික හමුවෙන් සාකච්ඡා වන ප්‍රධාන මාතෘකා මොනවාද?..
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය අද අභියාචනාධිකරණයේදී..
රාජ්‍ය බිඳ දැමීමේ ක්‍රියාන්විතය දැන් උච්චතම තැනට ඇවිත්.. – රටේ සංස්කෘතිය සහ බුදුදහම බිඳවැටීමේ ක්‍රියාන්විතය පිටුපස සැඟවුනු කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
ආසියා–ශාන්තිකර ප්‍රජාවක් පිළිබඳ දිගුකාලීන දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමේ අරමුණින් චීනය යළිත් APEC මෙහෙයුම් වගකීම භාරගනී..
ගෝලීය දකුණේ ස්වෛරීභාවය සහ ආර්ථික නිදහස වෙනුවෙන් මොස්කව් ජාත්‍යන්තර සමුළුවේදී විමල් වීරවංශ ගෙන් විශේෂ දේශනයක්!
අටමස්ථානාධිපති ස්වාමීන්වහන්සේගේ භූමිකාවට බාධා නොකර ඊට ශක්තියක් වීම මහජනයාගේ යුතුකමක්.. - ජාතික සංවිධාන කියයි
Nvidia ප්‍රධානී ජෙන්සන් හුවාං ඉවත් කිරීමට අවශ්‍ය වූයේ කාටද?.. – 'ප්‍රේමණීය උගුල' පිටුපස ඇති AI බල අරගලය පිළිබඳ හෙළිදරව්වක්..
දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම 40,000කින් අඩුවෙලා..
අයවැය සජීවීව නැරඹීමට රාජ්‍ය නිලධාරීන්ට පහසුකම් සපයන ලෙසත්, එහි ඡායාරූප ලබාගෙන ඉදිරිපත් කරන ලෙසත් දන්වලා!..
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ අධිකරණ බලය ඉක්මවා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..
ෂී ජින්පින්ග්: ජාතික පුනර්ජීවනයේ ගමනේදී සන් යාත්-සෙන්ගේ උරුමය ඉදිරියට ගෙන යා යුතුයි
ඉරාන ජනතාව සාගින්නෙන් පෙළවීමට ඇමෙරිකාව තර්ජනය කරනවායැයි ටෙහෙරානය පවසයි..
NVIDIA ප්‍රධානියා ඉවත් කිරීම පිටුපස ඇත්තේ චීන ඔත්තු කතාවක් නොව ඒකාධිකාරී තාක්ෂණික කුමන්ත්‍රණයක්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
මෝදි සහ අනුර විවෘත කළ දඹුල්ලේ ශීතාගාර සංකීර්ණයේ ලක්ෂ ගණනක තඹ බට සොරකමක්..