තිස්ස සර්ට මඩ ගහන රැඩිකල් ගංකබරයන්ගේ ඇවිදින පුස්තකාලය.. - සමන් කුමාර හෙවත් සර්පයාගේ විෂ පිරුණු ජීවිත කතාවෙන් බිඳක්..
(සමාජ මාධ්‍යයේ සංසරණය වන පහත දැක්වෙන ලිපිය ලංකා ලීඩර් පාඨකයකු විසින් අප වෙත එවා ඇති අතර, අප වෙත මෙම ලිපිය එවූ පාඨකයාගේ අදහස වූයේ සර්පයාගේ චින්තනය තේරුම් ගැනීමට නම් සර්පයාගේ ජීවිතය ගැනද විමසා බැලිය යුුතුය යන්නය. යමෙකුගේ චින්තනය ගොඩනැගෙන්නේ එම පුද්ගලයාගේ ජීවන රටාවත් සමගය යන මතයට අපද යම් පමණකින් එකඟ වන හෙයින් මෙසේ මෙම ලිපිය පළ කරන අතර, මේ සම්බන්ධයෙන් සර්පයාට හෝ සර්පයාගේ පාර්ශ්වයේ කවර හෝ අයෙකුට පිළිතුරු ලබාදීමේ අයිතිය ද අප පිළිගන්නා අතර, ඒ වෙනුවෙන් පිළිතුරු දෙන අයෙකුගේ අදහස් ද මෙහි පළ කිරීමට අපි කටයුතු කරමු.)
අද සර්පයා එහෙම නැත්තම් කේ. කේ. සමන් කුමාර කියලා ඊනියා ලේඛකයෙක් අල්ලාගෙන තිස්ස ජනනායකට විරුද්ධව දරුණු ප්‍රහාරයක් සමාජ මාධ්‍යවල දියත් වෙනවා. ඒකේ පසුබිම් කතාව හුඟක් අය දන්න නිසා ඒ ගැන නැවත විස්තර කළ යුතු නැහැ.
මෙතෙන්දි සිද්ධ වෙන්නේ සමන් කුමාර මහා විද්වතෙක් ඇවිදින පුස්තකාලයක් ලෙස හඳුන්වමින් තිස්ස සර්ට බයිලොජි ගුරා, තක්කඩියා කියමින් දරුණු ලෙස අපහාස කිරීම. ඒ නිසා තමයි මේ කතාවට පදනම් වුණු සමන් කුමාර කියන පුද්ගලයා කවුද කියන එක ගැන මේ සටහන ලියන්නේ.
සමන් කුමාර හෙවත් සර්පයාගේ පැටිකිරිය දැනගන්න එක මේ නාඩගම තේරුම් ගැනීමේදී ඉතාම වැදගත් සාධකයක්. ඒ නිසා කළබල නොවී අවසානය දක්වා මේ ලිපිය කියවන්න. මේකෙන් ඔබට මේ චරිතය ගැන රසවත් තොරතුරු ගොඩක් දැනගන්න පුළුවන්.
කේ. කේ. සමන් කුමාර ඉපදුණේ 1963. මෙයා තමයි පවුලේ එකම දරුවා. තාත්තා පරණ වමේ පක්ෂෙක සාමාජිකයෙක්. අම්මා මානසික රෝගයකින් පෙළුණු කාන්තාවක්.
මේ නිසාම මේ අම්මාගෙන් කවදාවත් සර්පයාට ආදරයක් ලැබෙන්නේ නෑ. කොටින්ම කිව්වොත් ඔහු කවදාවත් අම්මාගෙන් කිරි බීපු නැති කෙනෙක්. සර්පයාට අවුරුදු හතේදි විතර මේ අම්මා හෝතඹුවෙක් සපාකෑම නිසා මරණයට පත් වෙනවා. මරණයට පත් වෙන මොහොතේ පවා මේ අම්මා සර්පයාව ළඟට ගන්න එක ප්‍රතික්ෂේප කරනවා.
අම්මාගෙන් විතරක් නෙමෙයි කිසිම කෙනෙක්ගෙන් සර්පයාට පුංචි කාලේ ඉඳන් ආදරයක් ලැබෙන්නේ නෑ. කළු කෙට්ටු අවලස්සන පෙනුම නිසා පාසල් ළමයින්ගේ පවා සමච්චලයට ලක් වුණ සර්පයා පුංචි කාලේ ඉඳන්ම අසාමාන්‍ය ට්‍රැක් අවුට් චරිතයක්.
මේ දේවල් සර්පයාගේ වැරදි නොවුණත් මේවා ගැන කියන්නේ මේ කටුක පසුබිම ගැන අවබෝධයකින් තොරව සර්පයා වගේ අය තුළ පැසවන දරුණු සමාජ වෛරය තේරුම් ගන්න බැරි නිසා. අද ඔවුන් පෙන්වන විෂම සමාජ විරෝධී හැසිරීම්වලට මේ පෞද්ගලික ඇරියස් පැහැදිලිවම අදාළයි.
සර්පයා මහ ලොකු ඇවිදින පුස්තකාලයක් ගගා හුඟක් අය උඩ පැන්නාට මේ පුද්ගලයා අඩු ගාණේ උසස් පෙළවත් පාස් කෙනෙක් නෙමෙයි. පුංචි කාලේ ඉඳන් මිනිහාගේ තිබුණු ට්‍රැක් අවුට් ගතිය නිසාම උසස් පෙළ විභාගේ විෂයන් තුනකට පෙනී හිටපු මේ පොර හතර වෙනි දවසේ විභාගේ නොලිය ඉස්කෝලේ වෙන පන්තියකට වෙලා නවකතා පොතක් කියවනවා. විධිමත් අධ්‍යාපනය නොලබපු ලෝකේ ශ්‍රේෂ්ඨ උගතුන් වියතුන් ඕන තරම් ඉන්න බව අපි දන්නවා. හැබැයි සර්පයා කියන්නේ ජැක් ලන්ඩන් හෝ මක්සිම් ගෝර්කි නෙමෙයි. අන්තිම පීචං පොරක්.
ඊළගට සර්පයා හොඳ ඉංග්‍රීසි දැනුමක් තියන පොරක් කියලත් එයාගේ ගංකබර මාලිමා සභාව හැමතැනම උඩ පනිනවා. හැබැයි ඇත්ත කතාව සර්පයා දන්න ඉංග්‍රීසියක් නැහැ. ඩික්ෂනරි පෙරළගෙන අමාරුවෙන් සහ වැරදියට පොත් පරිවර්තන කළාට පොරට ඉංග්‍රීසි වචන දහයක් ගළපලා කතා කරන්න බැහැ. ලිපියක් ලියාගන්න බැහැ. මිනිහා ඇඩ්වටයිසින් ෆර්ම්වල ජොබ් කරන කොට අනිත් අය ඉංග්‍රීසියෙන් කතා කරන මීටින්වල සර්පයා කතා කරන්නේ සිංහලෙන්. සර්පයාට ඉංග්‍රීසි පුළුවන් කියන අය ඉන්නවා නම් කොහේ හරි ප්‍රසිද්ධ ස්ථානයක සර්පයා ඉංග්‍රීසියෙන් කතා කරන වීඩියෝ එකක් තියනවා නම් කරුණාකරලා පබ්ලිෂ් කරන්න. මේක අභියෝගයක්.
ඊළගට සර්පයා කියන්නේ කාලෙන් කාලෙට එදා වේල හොයාගන්න එක එක ජාතියේ පරස්පර ගේම් ගහන, හැරෙන හැරෙන අතට මතවාද වෙනස් කරන අතේ සතේ නැති පීචං චරිතයක්. මිනිහා කවදාවත් කිසිම රස්සාවක්, ව්‍යාපාරයක් පිළිවෙළට කරන්න දන්න එකෙක් නෙමෙයි. අද හෙන රැඩිකල් නිරාගමික කතා කියන මේ විද්වතා කාලයක් ශ්‍රී එෆ්. එම් රේඩියෝ එක හීනවල තේරුම් පැහැදිලි කරන ප්‍රෝග්‍රෑම් එකක් කළා. අසන්නෝ තමන් දැකපු හීනවල තේරුම සර්පයාගෙන් අහනවා මිනිහා උත්තර දෙනවා.
මේ දවස්වල මිනිහාගේ රස්සාව තමයි කීයක් හරි හොයාගන්න යූටියුබ් චැනල්වලට ගිහින් බෞද්ධ සංස්කෘතියට ගගහා ඇවිදින එක. චරිත දිසානායක වගේ උග්‍ර බෞද්ධ විරෝධී ටියුෂන් ගුරාලගෙන් තමයි අද මිනිහා පනම් හතක් හොයාගන්නේ.
ඊළඟට මේ සර්පයා පොත් හතලිහක් පනහක් ලියලා තියන එක නම් ඇත්ත. හැබැයි මේ එක පොතක්වත් මිනිස්සු අතරට ගිය අඩු ගාණේ පොත් දාහක් දෙදාහක්වත් විකිණිච්ච පොත් නෙමෙයි. තමන්ගේ විකෘති සමාජ විරෝධී අදහස් අපබ්‍රංස භාෂාවෙන් ලියපු බල්ලෙකුට කටේ තියන්න බැරි පොත්. පොත් පන්සීයක් ප්‍රින්ට් කරලා දෙසිය පනහක් බාගෙන් ස්ටෝල්වල වේලෙන පොත්. මෑතකදි මිනිහා යූටියුබ් සංවාදවලට ඇවිත් බුද්ධාගමට ගහන්න ගත්තාට පස්සේ තමයි හුඟක් අය මෙහෙම ලේඛකයෙක් ලංකාවේ ඉන්නවා කියලා දැනගත්තෙත්. ඊට කලින් සර්පයා ගැන දැනගෙන හිටියේ මිනිහා වගේම විකල්ප රැඩිකල් කල්ලිවල ගැවසෙන ට්‍රැක් පැනපු පොරවල් ටික දෙනෙක් විතරයි.
සර්පයා පළවෙනි කෙටිකතා පොත ලියන්නේ 1984 දි. මේ පොතේ නම සර්පයෙකු හා සටන් වැද. ඒකයි මිනිහාට සර්පයා කියලා නමක් වැටෙන්නේ. මේ පොතේ ප්‍රධාන කතාවේ තියෙන්නේ තාත්තා කෙනෙක් තමන්ගේ දුව එක්ක නිදි වදින සිදුවීමක් ගැන. සර්පයා මේකෙන් කියන්න හදන දේ තමයි සදාචාර සංස්කෘතික වහන්තරාවෙන් වහලා තියන ඇත්ත ප්‍රකෘති මිනිහා මේ වගේ තමයි කියන එක. ඔහු අනියමින් එවැනි විකෘති කාමයෙන් පෙළෙන තාත්තලා වීරත්වයට නංවනවා. මේක තමයි මහා ලොකු විද්වතෙක් ඇවිදින පුස්තකාලයක් විදිහට හඳුන්වන සර්පයාගේ ජරා මජර මානසිකත්වය.
ඊළඟට මේ සර්පයාගේ විවාහ ජීවිතය, ලිංගික ජීවිතය මුළුමනින්ම ඛේදවාචකයක්. මිනිහාගේ පළමු කසාදේ අසාර්ථයි. දෙවැනි කසාදෙන් එක ළමයෙක් හිටියා. ඒකත් ටික දවසකින් අසාර්ථකයි. දෙවැනි කසාදේ තියෙද්දිම මිනිහා උපේක්ෂා කියලා බලන්න බැරි තරම් අවලස්සන ලේඛිකාවක් එක්ක අනියම් සම්බන්ධයක් පටන් ගන්නවා. ඒකත් කෙළවර වෙන්නේ දරුණු ඛේදවාචකයකින්.
මේ කසාද ගැන කියද්දි මතක් කළ යුතු ඉතාම වැදගත් කතාවක් තියනවා. සර්පයා කසාද බැඳලා ළමයෙක් ඉන්න කාලේ පත්තරේකට දීපු ඉන්ටවිව් එකක පවුලේ බැඳීම් මහ ඉහළින් වර්ණනා කරනවා. පවුල් සංස්ථාවේ පැවැත්ම වෙනුවෙන් පෙනී ඉන්නවා. හැබැයි මිනිහාගේ කසාදේ කෙළවෙලා ගියාට පස්සේ යූටියුබ් සංවාදෙකට ආපු සර්පයා පවුල කියන්නේ හිර ගෙයක්. ඕක විනාශ කරලා දාන්න ඕන කියමින් පවුල් සංස්ථාවට පහර දෙනවා. සර්පයාට පවුලක් ඉද්දි මිනිහාට පවුල හොඳයි. නැති වුණාම පවුල නරකයි.
ඊළඟ අපූරුම ආතල් කතාව තමයි සර්පයා අර කියන අවලස්සන ලේඛිකාව එක්ක සම්බන්ධයක් තියන කාලේ මේ ජෝඩුව අනුරාධපුරේ යන එක. ගිහින් මේ ඩබල ජය සිරිමා බෝධියට භාරයක් වෙනවා. බාරයක් වෙන්නේ තමන් කසාද බැන්දාම ලැබෙන පළමු දරුවා පිරිමි දරුවෙක් වෙන්න ඕන කියලයි. මේ කතාව අර කියන ලේඛිකාවම තමයි ෆේස්බුක් එකේ ලියන්නේ. අද හෙන රැඩිකල් බෞද්ධ විරෝධී ටෝක් දෙන සර්පයා වස කැත ගෑනියෙක් ඉස්සරහා හැඟීම්බර වෙලා චොර වෙච්ච වෙලාවට මිනිහාට බෝධි පූජා පවා මතක් වෙනවා.
ඉතින් මේ වගේ තක්කඩියන්ගේ මතවාද මොන තරම් ව්‍යාජද කියන එක තේරුම් ගන්න අදාළ මේ වගේ කතා තව ගණනාවක් තියනවා. මේ අය කියන මහ ලොකු ගොබ්බ රැඩිකල් කතා තීරණය වෙන්නේ තමන්ගේ පුද්ගලික ජීවිතේ ඇරියස්වලට සාපේක්ෂව විතරයි. එහෙම නැතුව කිසිම මතවාදයක් හරි හැදෑරීමක් හරි මේ සර්පයා වගේ ගොබ්බයන්ට නැහැ.
ඊළඟට අර කියපු ලේඛිකාවත් සර්පයා වගේම දරුණු අවලස්සන පෙනුමක් තියන, ඒ පෙනුම නිසාම දැඩි සමාජ වෛරයකින් පෙළෙන, ලංකාවේ හැමෝම පිරිමි තමන්ට අනිසි ලිංගික බලපෑම් කළ බව කියමින් කෑ මොර ගසන, ෆේස්බුක් එකේ කුණුහරප වපුරන අන්තිම තර්ඩ් ක්ලාස් අම්මණ්ඩි කෙනෙක්. සර්පයාටත් විරුද්ධව ෆේස්බුක් එකේ කුණුහරප අවලාද වරුසාවක් වපුරමින් තමයි මේ මානසික රෝගී කාන්තාව සර්පයා එක්ක තිබ්බ සම්බන්ධය අවසාන කරන්නේ.
සර්පයාට ප්‍රේම සම්බන්ධයක්, විවාහයක් විතරක් නෙමෙයි අනියම් සම්බන්ධයක්වත් සාර්ථකව පවත්ව ගන්න තරම් වාසනාවක් නැහැ. මේ නිසාම සර්පයා කියන්නේ ගෑනු ඉස්සරහා ඉතාම පහසුවෙන් දිය වෙන චොර වෙන අන්තිම හීන දීන පෞරුෂයක් තියන කෙනෙක්. උපේක්ෂා වගේ මූණ බලන්න බැරි ගෑනියෙක් නිසා ජයසිරිමහ බෝධිය වඳින්නත් මේ යකා ගියා නම් හරි හමන් ගෑනියෙක් හම්බවුණොත් ගෑනිගේ කීමට සර්පයා සසුන්ගත වෙන්න වුණත් ඉඩ තියනවා.
මේ අනුව සර්පයාගේ ජීවිතය කියන්නේ තනිකරම ඇරියස් කන්දක්. සර්පයා සියොලග පුරාම විෂ පිරුණු සතෙක්. සර්පයා කියන්නේ අම්මාගේ ආදරේ ලැබුණේ නැති, හරිහමන් යාළුවෙක් මිත්‍රයෙක් හිටියේ නැති, අධ්‍යාපනයක් නැති, රස්සාවක් නැති, හරිහමන් දරු පවුලක් නැති, පොත් ලිව්වාට එක පොතක්වත් හරියට විකිණෙන්නේ නැති, අතේ සත පහක් නැති, ජීවත් වෙන්න කාලෙන් කාලෙට එදා වේල ගේම් ගහන අන්තිම අසරණ අනාථ පොරක්. අපි මේවා කියන්නේ ජෙප්පෝ වගේ කාගෙවත් පුද්ගලික ජීවිතවලට අපහාස කරන්න නෙමෙයි. හැබැයි මේ අය මහා ලොකු දාර්ශනික මතවාද විදිහට එළියට දාන්නේ තමන්ගේ ජීවිතේ තියන පුද්ගලික ඇරියස්. ඒ ඇරියස් නිසා ඔවුන් නිතරම වෛරයෙන් පිච්චෙමින් ඉන්නේ. ඒ වෛරය තමයි ඔවුන් සිංහල බෞද්ධ විරෝධී ගොන් කතා හරහා පිට කරන්නේ. ඒ නිසා අපට අකමැත්තෙන් වුණත් මේවා ගැන කියන්න වෙනවා.
එතකොට අද මෙහෙම පීචං මිනිහෙක්ව තමයි ඩෝබි ගුණේ ඇතුළු මාලිමාවේ නිරාගමික දායක සභාව මහා විද්වතෙක් ඇවිදින පුස්තකාලයක් විදිහට හඳුන්වන්නේ... ලෝකය ගැන හසරක් නොදන්න, ඉංග්‍රීසි වචන දහයක් නොදන්න, හිතින් මවාගත්ත ලෝකවල ජීවත් වෙන සන්නස්ගල වගේ ලංකාවේ ගංකබර ලේඛකයන්ටත් සර්පයා කියන්නේ මහා වීරයෙක්. එක අතකින් මේ ගැන පුදුම වෙන්න දෙයක් නෑ. ඇවිදින පුස්තකාල කියලා හිතාගෙන සුනිල් හඳුන්නෙත්ති, නලින් හේවගේ වගේ පොරවල්ට රැවටිච්ච පීචං ගුණේ අයියලාට සර්පයාට පොරක් වීම අමුත්තක් නෙමෙයි.
මේ බෞද්ධ විරෝධී ඩෝබි කල්ලියට ඕනෑම මිනිහෙක් මහා වීරයෙක් කරගන්න ගත වෙන්නේ ඉතාම සුළු වෙලාවයි. බෞද්ධ සංස්කෘතියට, සිංහල කමට පහර දෙනවා නම් සර්පයා විතරක් නෙමෙයි, මෝඩාභිමානයේ නතාෂා, බල්ලෙකුට සිවුරක් පෙරවපු විශ්වබුද්ධ වගේ අය පවා මේ අයට මහා වීරයෝ, සුපිරි විද්වතුන්. ඒක තමයි බෞද්ධ විරෝධී ළදරු කල්ලියේ ගෝත්‍රික මානසිකත්වය.
තිස්ස සර් කියන්නේ ජීවිතේ බිංදුවෙන් පටන් ගත්ත, අන්තිම දුප්පත් පවුලක ඉපදුණ, දුප්පත්කම නිසා පළවෙනි පෙම්වතිය දාලා ගිය මනුස්සයෙක්. හැබැයි තිස්ස සර් සර්පයා වගේ සමාජයට වෛර කරකර හිටියේ නෑ. තමන්ගේ උත්සාහයෙන් ඉගෙන ගත්තා. දියුණු වුණා. දියුණු වෙලා රටට විශාල සේවයක් කළා. විශේෂඥ වෛද්‍යවරු, වෛද්‍යවරු, විවිධ වෘත්තිකයෝ දහස් ගාණක් බිහිකළා. තිස්ස සර් ජීවිතේ ලබාගත්ත ජයග්‍රහණවලින්, රටට කරපු සේවයෙන් කෝටියෙන් එකකටවත් ළංවෙන්න සර්පයාට බෑ. මේ ආත්මේ විතරක් නෙමෙයි තව ආත්ම හතක් ගියත් බෑ.
උද තිස්ස සර්ගේ වැරදුණ වචනයක් අල්ලගෙන ඒ මනුස්සයාට වට කරගෙන නෙළන අය පුළුවන් නම් මේ සර්පයා, සන්නස්ගල, ඩෝබි ගුණේ වගේ අය යූටියුබ් සංවාදවල කියන ගොන් කතා ටිකක් ගැන අධ්‍යයනය කරන්න. කිසිම පදනමක් නැති පට්ටපල් බොරු ගොන් තර්ක ඉදිරිපත් කරන එක ඔවුන්ට ඉතාම සාමාන්‍ය දෙයක්. මේ ඩෝබි දායක සභාවේ ඉන්නේ අනුර කුමාරගේ බොරු කන්ද අහලා අද වමාරගන්න බැරුව ඉන්න අය. හැබැයි මුන් කියන බොරුවලට කවුරුත් මේ වගේ වටකරගෙන ගහන්නේ නැති එකයි ප්‍රශ්නේ... ජාතික කඳවුරේ ඉන්න මිනිස්සු මෙහෙම සර්පයෝ වගේ අනිත් අයගේ කුණු හොය හොය පහර දෙන්න යන්නේ නැහැ.
ඉතින් මේක තමයි සර්පයාගේ අභිමානවත් ජීවිත කතාව. තිස්ස සර්ගේ කතාව හුඟක් අය දන්න නිසා ඒ ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. සිහි බුද්ධියක් තියන අයට වෙලා තියන තේරුම් ගන්න තමයි අකමැත්තෙන් වුණත් සර්පයා කියන හිරිකිත පුද්ගලයා ගැන මේ කතා ටික ලියන්න වුණේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්..
මර්ධනය හමුවේ තානාපති සේවයේ නිරුවත හා මර්ධනයේ පැත්ත මාරුවීම..
අනුරාධපුර පූජාභූමියට කරන්න යන දේ ගැන ගැසට් එකත් අරන් මහ රෑ මාධ්‍ය කැඳවා කස්සප හිමියන් හෙළිකළ කරුණු මෙන්න..
පළාත් සභා 04ක මැතිවරණය ලබන වසරේ ජූලි මාසයේ පැවැත්වීමට අවධානය.. විපක්‍ෂයේ හිටපු පිරිසිදු හොද මැති ඇමතිලා මාලිමාවෙන්..?
නි. ඇමති නාමල්ගේ බස් නාටකයේ වෙස් මුහුණු ගැලවේ..
නව රජයක් පිහිටුවීමේ වගකීම නෙතන්යාහුගේ ප්‍රධාන ප්‍රතිවාදියාට..
රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට යෑමේදී උණුසුම් තත්ත්වයක්..
හම්බන්තොට තෙල් පිරිපහදුව අර්බුදයක: ඩොලර් බිලියන 3.7 ක ගිවිසුම අවලංගු කිරීමට නිර්දේශ..
“යුද වියදම් කපා හැර වැඩකරන ජනතාව වෙනුවෙන් වහා පෙනී සිටිනු” - සෑන්ඩර්ස්ගෙන් ඩිමොක්‍රටික් පක්ෂයට සැර අවවාදයක්
පැය කිහිපයකදී කොළඹට මිලිමීටර් 129ක වර්ෂාපතනයක්..
ශ්‍රීලනිපය පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකියි.. - මැතිවරණ කොමිසම දන්වයි..
කෝටි10 කැබිනට් තීරණය හැංගුවේ ඇයි?.. ලැබෙන ප්‍රතිලාභ මොනවාද?.. - ප්‍රශ්න වැලක් මතු වන තිරය පිටුපස කතාව
ප්‍රංශයේ වෘත්තීය සමිති 5ක් එක්ව රට පුරා දැවැන්ත වර්ජනයක..
අනුරාධපුර පූජාභූමි සංවර්ධනයට අදාළව උපදේශක සභාවක් පත් කිරීම ගැන ප්‍රසාදය පළ කරනවා.. - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් ජනපතිට ලිපියක්..
අනුරාධපුර පූජා නගර සංවර්ධන ක්‍රියාවලිය ආශ‍්‍රිතව පැන නැගී ඇති ගැටලූ සහ මහජන විරෝධය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් ජනපතිට ලිපියක්..
ඇමෙරිකානු මැතිවරණ තීන්දුව හමුවේ ලෝක දේශපාලනයේ දැවැන්ත පරිවර්තනයක්..