News Category
From Date
To Date
Maximum Number of Result

දේශපාලනයේ ධර්ම - විනය..

Nov 8, 2026 at 10:48 AM
|

“විනයො නාම සාසනස්ස ආයු - විනයෙ ඨිතෙ සාසනං ඨිතං හොති” කියන සංගීතිකාරක මහ රහතන් වහන්සේලාගේ වචනය අපි හැමෝම වගේ අහලා තියෙනවා. “විනය යනු ශාසනයේ ආයුෂයයි, විනය පවතින තාක් කල් ශාසනය පවතිනවා” කියන අර්ථය තමයි ඒ උතුම් වචනයේ තියෙන්නේ.

ධර්මයෙන් අපිට විමුක්තිය අත්පත් කරගන්න පුළුවන්. ධර්මය ආරක්‍ෂාවෙලා පවතින්නේ ශාසනයේ උදව්වෙන්. ධර්මය නෙළුම් මලක් නම් ශාසනය තමයි ඒ මල පිපෙන විල. ඉතින් මල පවතින්න නම් විල ආරක්‍ෂා කරගන්න ඕන. ඒ කියන්නේ, ධර්මය පවතින්න නම් ශාසනය ආරක්‍ෂා කරගන්න ඕන.

උඩින් උපුටා දක්වපු සංගීතිකාරක මහ රහතන්වහන්සේලාගේ වචනයට අනුව ශාසනය රැකගන්න නම් විනය රැකගන්න ඕන. ඉතින් බෞද්ධ අපිට අපේ විමුක්ති අරමුණ (නිර්වාණ අරමුණ) සාක්‍ෂාත් කරගන්න නම් ශාසනය රකින විනය පිළිපදින්න සිද්දවෙනවා. මේ උතුම් වචනය අදාළ පැවිදි විනයට විතරක් නම් නෙවෙයි. මේ ආර්ය උපදේශනය ගිහි විනයටත් අදාළයි. ගිහි - පැවිදි දෙපාර්ශ්වයේ විනය එන්න එන්න ම පිරිහෙනවා නම් ශාසනය බිඳවැටෙන්න වැඩි කාලයක් ගතවෙන්නේ නෑ.

මම මේ ලිපියෙන් කියන්නේ අපේ නිර්වාණ අරමුණ සාක්‍ෂාත් කරගැනීම සඳහා උපකාරී වෙන ධර්ම - විනය ගැන නෙවෙයි. ඒ ආර්ය මග පෙන්වීම මත පදනම් වෙලා අපි ගොඩ නගාගන්න ඕන දේශපාලන ධර්මයක් සහ දේශපාලන විනයක් ගැනයි මම මේ ලිපියෙන් කියන්නේ.

ධර්මයක් (මතවාදයක්) නැතුව දේශපාලනය කිරීම තනිකර ම අඳුරේ කනාපල්ලන් ගැහීමක් විතරයි. කිසිම දේශපාලන මතවාදයක් නැතුව ආණ්ඩු කිරීමෙන් සහ ආණ්ඩුවලට බලපෑම්කිරීමෙන් තමයි අද අපේ රටේ මේ තරම් මහා පිරිහීමක්, විනාශයක් ඇතිවෙලා තියෙන්නේ. මම මේ ගැන කීප වතාවක් ම කියලා තියෙනවා. දැන් අපේ රටේ මතවාදී දේශපාලනයක් වෙනුවට පුද්ගලවාදී දේශපාලනයක් ඉස්සරහට ඇවිල්ලා. ඒ හේතුවෙන් මහින්දගේ පක්‍ෂය, රනිල්ගේ පක්‍ෂය, සජිත්ගේ පක්‍ෂය, දිනේෂ්ගේ පක්‍ෂය, විමල්ගේ පක්‍ෂය, චම්පිකගේ පක්‍ෂය, දිලිත්ගේ පක්‍ෂය, ගම්මන්පිලගේ පක්‍ෂය, බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ගේ පක්‍ෂය, අක්මීමන දයාරතන හාමුදුරුවන්ගේ පක්‍ෂය වගේ ඒවා ඇතිවෙලා.

දැන් එක්සත් ජාතික පක්‍ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, මහජන එක්සත් පෙරමුණ වගේ සංවිධානාත්මක දේශපාලන කඳවුරු හුදෙක් ම නාමික ඒවා බවට පත් කරලා. ජනතා විමුක්ති පෙරමුණ, ලංකා සමසමාජ පක්‍ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය වගේ සංවිධාන කීපයක් තාමත් ඉතුරුවෙලා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ මුල්වෙලා හදාගත්ත මාලිමාව (ජාතික ජන බලවේගය) අනුර දිසානායක කියන තනි පුද්ගලයා පැත්තට තල්ලුවෙමින් තියෙනවා. ඉතින් ඊ ළඟ ජනාධිපතිවරණයෙන් පස්සේ ජවිපෙ - මාලිමා සංවිධානගත දේශපාලනයත් ඉවරවෙයි.

චීන පොදු නිෂ්පාදන පක්‍ෂය (චීන කොමියුනිස්ට් පක්‍ෂය) එක දිගට ම තමන්ගේ දේශපාලන ධර්මය (මතවාදය) අලුත් කරගන්නවා. මාක්ස්වාදය, මාක්ස් - ලෙනින්වාදය පොතේගුරුවාදයක් බවට පත් කරගෙන ඉස්සරහට යන්න බැරි බව චීන පොදු නිෂ්පාදන පක්‍ෂයට සම්බන්ධ අය දන්නවා. මාඕ ත්ස-තුංගේ කාලේ ඉඳලා ම මාක්ස් - ලෙනින්වාදය චීනකරණය කිරීමේ කටයුත්ත සිද්දවුණා. ඒ මාර්ගයෙන් ඉතාමත් ශක්තිමත් “චීන ලක්‍ෂණ සහිත මාක්ස්වාදයක්” ඇති කරගත්තා. දැන් ඒ චීන මාක්ස්වාදය චීනයේ සංස්කෘතික ඇගැයීම් එක්ක ගැලැප්පීමේ කාර්යයත් ආරම්භ කරලයි තියෙන්නේ.

මේ විදිහට චීන පොදු නිෂ්පාදන පක්‍ෂය විසින් හදලා දෙන චීන ලක්‍ෂණ සහිත මාක්ස්වාදය තේරුම්ගන්න, ඒ මතවාදයේ ගුරුහරුකම් ලබන්න වැඩිදුර අධ්‍යාපනයක් නැති, සමාජ - ආර්ථික කරුණු ගැන සාමාන්‍ය දැනීමක් විතරක් තියෙන මිනිස්සුන්ටත් පුළුවන්. ඉතින් ඒ මතවාදයේ මගපෙන්වීම යටතේ ඉතාමත් බලවත් දේශපාලන බලයක් නිර්මාණය කරගන්න චීනයට පුළුවන්වෙලා තියෙනවා.

තමන් පිළිගන්න මාක්ස් - ලෙනින්වාදය චීනකරණය කිරීම හරහා ඉතාමත් ශක්තිමත් දේශපාලන මතවාදයක් ඇති කරගැනීමෙන් විතරක් පක්‍ෂයට ආරක්‍ෂාවෙන්න බැරි බව චීන පොදු නිෂ්පාදන පක්‍ෂයේ අය දන්නවා. විනයෙන් තමයි පක්‍ෂයේ ආයුෂ තීරණය කෙරෙන්නේ. ඉතින්, චීන පොදු නිෂ්පාදන පක්‍ෂය විසින් තමන්ගේ සාමාජිකයන්ගේ සහ කාඩර්වරුන්ගේ විනය රැකීමේ සහ වර්ධනය කිරීමේ ඉතාමත් ශක්තිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. රතු හමුදාව හදන්නත් කලින් මාඕ ත්ස-තුං විසින් මේ විනය වැඩපිළිවෙළ හඳුන්වලා දුන්නා. දැන් වර්තමානයට ගැලැපෙන විදිහට, අදාළ විනය රෙගුලාසි වෙනස් කරමින් සහ වර්ධනය කරමින් තියෙනවා.

උක්ත අවබෝධය මත පදනම් වෙලා, “විනයො නාම සාසනස්ස ආයු” කියන සංගීතිකාරක මහ රහතන්වහන්සේලාගේ වචනය අනුව පිහිටලා “විනයො නාම රාජනීතිපක්ඛස්ස ආයු” කියලා ප්‍රකාශයක් හදාගන්න අපිට පුළුවන්. එහෙමත් නැතිනම්, වචන ප්‍රමාණය අඩු කරලා “විනයො නාම පක්ඛස්ස ආයු” කියලා මේ ප්‍රකාශය කෙටි කරගන්නත් අපිට පුළුවන්.

ඉතාමත් ශක්තිමත් මතවාදයකින් මගපෙන්වන, විධිමත් විනය වැඩපිළිවෙළකින් මෙහෙයවන පක්‍ෂයක් බිඳ වැටෙන්නේ නෑ. මේ ගැන නො සළකා, හුදෙක් ම පුද්ගලවාදී සාධක විතරක් ඉස්සරහට දාලා හදන පක්‍ෂ ඉතාමත් ඉක්මනින් ම පිරිහෙනවා, විනාශවෙනවා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ආනුභාවය කොඩිය බවට පත් කරගෙන හදපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුවට) අත්වෙච්ච ඉරණම ගැන හිතලා බලන්න. ඒ පක්‍ෂය තනිකර ම පුද්ගලවාදී එකක්. ඒ පක්‍ෂයට මතවාදයක් තිබුණේ නෑ. “ජාතිකවාදය, ජාතිකවාදය” කියලා ජප කරන පිරිසක් පොහොට්ටුව පස්සෙන් හිටියත් ඒකෙන් වැඩක් වුණේ නෑ. ඒ මන්තරය මතුරපු අය වුනත් තමන්ගේ මතවාදය හරියාකාරව සූත්‍රගත කරලා තිබුණේ නෑ.

මතවාදයක් තියෙන්න ඕන පක්‍ෂයකට ඉස්සරහින් මිසක් පිටිපස්සෙන් නෙවෙයි. ඉතින් “මහින්ද මහත්තයා” පස්සෙන් ඉඳගෙන “ජාතිකවාදය, ජාතිකවාදය” කියලා මන්තරයක් ජප කළාට වැඩක් වුණේ නෑ. එහෙම සද්දයක් බලවත් වුනත් පුද්ගලවාදී පක්‍ෂ ඒවා හුදෙක් ම තමන්ගේ ආභරණ බවට පත් කරගන්නවා. ඒ මතාවද නිකම් ම නිකම් තොරොම්බල් බවට පත් කරගන්නවා. මෙහෙම හෙළුව වහන මතවාද හදලා වැඩක්වෙන්නේ නෑ.

මහින්ද රාජපක්‍ෂ ආනුභාවයේ එල්ලිලා දිව්‍ය ලෝකයට යන්න සෙට්වුණේ කිසිම දේශපාලන විනයක් නැති දේශපාලනඥයෝ පිරිසක්. ඉතින් “225 ම හොරු” වගේ ඉතාමත් සරල හංවඩු ගැහිලිවලටත් ඒ අය කොටුවුණා. ඒ කියපු කතා බොරු කියලා කිව්වත්, ඒවා මඩ කියලා කිව්වත් ඒ කළු පැල්ලම් නැති කරගන්න කිසිම කෙනෙක්ට බැරිවුණා. ඉතින් දැන් තියෙන මාලිමා ආණ්ඩුව කොච්චර අකාර්යක්‍ෂම වුනත් ඒකට විරුද්ධව ජන බලයක් එකතු කරගන්න පොහොට්ටුවට බැරිවෙලා.

මේ විනයක් නැති දේශපාලන භාවිතාව රනිල්ගේ පක්‍ෂයටත්, සජිත්ගේ පක්‍ෂයටත්, දිනේෂ්ගේ පක්‍ෂයටත්, විමල්ගේ පක්‍ෂයටත්, චම්පිකගේ පක්‍ෂයටත්, දිලිත්ගේ පක්‍ෂයටත්, ගම්මන්පිලගේ පක්‍ෂයටත්, බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවන්ගේ පක්‍ෂයටත්, අක්මීමන දයාරතන හාමුදුරුවන්ගේ පක්‍ෂයටත් ඒ විදිහට ම අදාළයි. ඉතින් ඒ අයට තනියෙන් හරි එකතුවෙලා හරි බලය අත්පත් කරගැනීම ඉතාමත් අමාරු කාර්යයක් බවට පත්වෙලා තියෙනවා.

චීනයේ දේශපාලන ශක්තිය ගැන කියපු කතාව ඉරානයටත් යේමනයේ අන්සාර් අල්ලාහ් ව්‍යාපාරයටත් අදාළයි. ඇමෙරිකාවයි ඊශ්‍රායලයයි එකතුවෙලා කොච්චර මිනීමැරුවත් ඉරානයේ දේශපාලන බලයට හානියක් සිද්දවෙලා නෑ. ඒ අය ඉතාමත් ශක්තිමත් විදිහට හතුරාට මුහුණදෙනවා. මේ වෙද්දි, යේමනය ලෝකයේ දුප්පත් ම රාජ්‍යය බවට පත්වෙලා. ඒත් අන්සාර් අල්ලාහ් ව්‍යාපාරයේ දේශපාලන බලය ඉතාමත් ශක්තිමත් එකක්. ඒ බලය ඉස්සරහ සවුදි අරාබිය වගේ බලවත්තු පවා අසරණ වෙලා. ඉරානයටත් යේමනයේ අන්සාර් අල්ලාහ් ව්‍යාපාරයටත් මග පෙන්නන ඉතාමත් ශක්තිමත් දේශපාලන මතවාද තියෙනවා. ඒ වගේ ම, ඒ අයගේ දේශපාලන විනයත් ඉහළ ම මට්ටමක තියෙනවා.

අපි මේ මූලික අවශ්‍යතා ගැන හිතන්නේ නැතුව නායකයෙක් (දියසේන කෙනෙක්) ඇවිල්ලා අපිට මේ දුකෙන් මුදවාගනියි කියලා හිතනවා. මේක ඉතාමත් අබෞද්ධ කල්පනාවක්, මිථ්‍යා දෘෂ්ටික ප්‍රාර්ථනාවක් කියන එකවත් මේ අය හිතන්නේ නෑ.

දේශපාලන පටන්ගන්න ඕන ඉතාමත් පැහැදිළි, නිරවුල් මතවාදයකින්. දේශපාලනය ඉස්සරහට යන්න ඕන ඉතාමත් විධිමත් විනය වැඩපිළිවෙළකින්. මතවාදයක් නැති දේශපාලනය රැවටිල්ලක්. විනයක් නැති දේශපාලනය විනාශයක්.

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ පැවති අරගලය සහ විරෝධතා හමුවේ විදේශීය තානාපති කාර්යාල සහ ජාත්‍යන්තර සංවිධාන අනුගමනය කළ පියවර මෙන්ම, වත්මන් පාලනය යටතේ සිදු වන විරෝධතා සහ මර්දනකාරී පියවර සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර ප්‍රතිචාර අතර වෙනස සූක්ෂම දේශපාලනික හා භූ-දේශපාලනික විග්‍රහයකට ලක් කළ යුත්තකි. ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික අංශ සහ මානව හිමිකම් සංවිධානවල අතීත හා වර්තමාන හැසිරීම් සංසන්දනය කිරීමේදී පෙනී යන සමහර ප්‍රමුඛතා සහ ද්විත්ව ප්‍රමිතීන් පිළිබඳව දැඩි විවේචනාත්මක පදපරිසරයක් නිර්මාණය වී ඇත.
අද සර්පයා එහෙම නැත්තම් කේ. කේ. සමන් කුමාර කියලා ඊනියා ලේඛකයෙක් අල්ලාගෙන තිස්ස ජනනායකට විරුද්ධව දරුණු ප්‍රහාරයක් සමාජ මාධ්‍යවල දියත් වෙනවා. ඒකේ පසුබිම් කතාව හුඟක් අය දන්න නිසා ඒ ගැන නැවත විස්තර කළ යුතු නැහැ.
දිවාලි, එසේත් නැතිනම් ආලෝකයේ උත්සවය ලෙස හැඳින්වෙන මෙම පූජනීය උත්සවය විවිධ ආගම් සහ සංස්කෘතීන් අතර සමරනු ලබන්නේ වෙනස් වූ ඓතිහාසික, ආගමික සහ සෘතුමය හේතූන් පදනම් කරගෙනයි.
වර්තමානයේ ජපානය ආගමික සහජීවනය ඉහළින්ම පවතින රටක් ලෙස පෙනුනද, එහි ඉතිහාසය දෙස බැලීමේදී ආගම් සහ විවිධ ආගමික කල්ලි මුල් කරගත් දරුණු ලේ වැගිරීම් සහ ගැටුම් රැසක් සිදුවී ඇත. ජපන් ඉතිහාසය දෙස බැලීමේදී බුදු දහම නිරන්තරයෙන්ම විවිධ දේශපාලන බලපෑම්, විදේශීය ආගමික ආක්‍රමණයන් මෙන්ම දේශීය ජාතිකවාදී රැල්ලේ දැඩි මර්දනයන්ට ලක්වූ බව පැහැදිලි වේ. ජපානයේ ප්‍රධාන දේශීය ආගම වන ෂින්තෝ (Shinto) දහම සහ පසුව පැමිණි බුදු දහම මෙන්ම ක්‍රිස්තියානි ධර්මය අතරද විවිධ යුගවලදී මහා පරිමාණ යුද්ධ හටගත්තේය. ජපන් ඉතිහාසය උඩුයටිකුරු කළ ප්‍රධාන ආගමික ගැටුම් කිහිපයක් මෙසේය.
ඔබ දන්නවාද වත්මන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (Ceypetco) සභාපති තනතුරට පත්වීමට පෙර ඩී. ජේ. (ජනක) රාජකරුණා මහතා දැරූ ප්‍රධාන තනතුරු මොනවද කියල. එතුමා ඉන්ධන බෙදා හැරීම පිළිබඳව හසල දැනුම ඇත්තෙක්. එතුමා දැරුව තනතුරු මෙසේය:
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලද 2024 ජනගහන හා නිවාස සංගණනයේ දත්ත වාර්තාවලට අනුව, ශ්‍රී ලංකාවේ මුළු ජනගහණයෙන් 10.7%ක් (මිලියන 2.34ක් පමණ) මුස්ලිම් ජනගහණය නියෝජනය කරන බව හෙළි වී තිබේ. දිස්ත්‍රික් මට්ටමින් සලකා බැලීමේදී මුස්ලිම් ජනගහණයේ ව්‍යාප්තිය 0.7% සිට 46.5% දක්වා පුළුල් පරාසයක විහිදී පවතී.
අතීත අබ්බාසිඩ් කලීෆා පාලන සමයේ (ක්‍රි.ව. 8-9 සියවස්වල) ඉස්ලාමීය සමාජය තුළ බුදු දහම සහ අනෙකුත් පෙරදිග දර්ශන පැතිරීම වැළැක්වීම සඳහා "සින්දික්" (Zandiq) නම් අතිශය මර්දනකාරී ආගමික සහ දේශපාලනික වාරණ නීති මාලාවක් ක්‍රියාත්මක විය.
මරණයෙන් පස්සේ සිද්දවෙන්නේ මොකක්ද? පරලොවක් තියෙනවා ද? “පරලොවක් නෑ” කියලා කියන අයත් මිය යන අයට “සුබ ගමන්” කියලා කියන්නේ ඇයි? මේ “සුබ ගමන” යන්නේ කොතැනට ද? මේ අන්තිමට කියපු “සුබ ගමන් ප්‍රශ්න” දෙක ඇරෙන්න අනිත් ප්‍රශ්න නම් ඉස්සර ඉඳලා ම තිබුණා. මේ ප්‍රශ්නවලට භෞතික ආකාරයෙන් උත්තර හොයන්න මහන්සිවෙච්ච අයත් හිටියා. ඒ අතරින්, පායාසි කියන රාජන්‍යයාට විශේෂ තැනක් ලැබෙනවා. පරලොව හොයැගීම වෙනුවෙන් ඔහු කරපු “පර්යේෂණ” ගැන දීර්ඝ විස්තරයක් දීඝ නිකායේ පාසාසි සූත්‍රයේ (පායාසි රාජන්‍ය සූත්‍රයේ) තියෙනවා.
ඇමෙරිකානු මධ්‍ය කාලීන මැතිවරණය ලොව පුරා විශාල අවධානයක් දිනාගෙන තිබීම පුදුමයට කරුණක් නොවේ.

ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාවේ යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්..

ශ්‍රී ලංකාවේ යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

මර්ධනය හමුවේ තානාපති සේවයේ නිරුවත හා මර්ධනයේ පැත්ත මාරුවීම..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ පැවති අරගලය සහ විරෝධතා හමුවේ විදේශීය තානාපති කාර්යාල සහ ජාත්‍යන්තර සංවිධාන අනුගමනය කළ පියවර මෙන්ම, වත්මන් පාලනය යටතේ සිදු වන විරෝධතා සහ මර්දනකාරී පියවර සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර ප්‍රතිචාර අතර වෙනස සූක්ෂම දේශපාලනික හා භූ-දේශපාලනික විග්‍රහයකට ලක් කළ යුත්තකි. ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික අංශ සහ මානව හිමිකම් සංවිධානවල අතීත හා වර්තමාන හැසිරීම් සංසන්දනය කිරීමේදී පෙනී යන සමහර ප්‍රමුඛතා සහ ද්විත්ව ප්‍රමිතීන් පිළිබඳව දැඩි විවේචනාත්මක පදපරිසරයක් නිර්මාණය වී ඇත.

අනුරාධපුර පූජාභූමියට කරන්න යන දේ ගැන ගැසට් එකත් අරන් මහ රෑ මාධ්‍ය කැඳවා කස්සප හිමියන් හෙළිකළ කරුණු මෙන්න..

අනුරාධපුර පූජාභූමියට සහ එහි ඓතිහාසික පුරා විද්‍යාත්මක උරුමයට දැඩි හානියක් සිදුකිරීමේ අවදානමක් පවතින බවට චෝදනා කරමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් විසින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අදාළ ගැසට් පත්‍රය වහාම අකුලා ගන්නා ලෙස රජයට සහ බලධාරීන්ට අවධාරණය කර සිටියහ.

පළාත් සභා 04ක මැතිවරණය ලබන වසරේ ජූලි මාසයේ පැවැත්වීමට අවධානය.. විපක්‍ෂයේ හිටපු පිරිසිදු හොද මැති ඇමතිලා මාලිමාවෙන්..?

දීර්ඝ කාලයක් මුළුල්ලේ කල්දමා ඇති පළාත් සභා මැතිවරණය ලබන වසරේ ජූලි මාසයේදී උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව යන පළාත් හතර සඳහා මූලික අදියර යටතේ පැවැත්වීමට රජයේ අවධානය යොමුව ඇති බව සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

නි. ඇමති නාමල්ගේ බස් නාටකයේ වෙස් මුහුණු ගැලවේ..

මේ දිනවල සමාජ මාධ්‍යයේ කතාබහට ලක්වන නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා බස් රථයක නැගී යන වීඩියෝව සම්බන්ධයෙන් එම වීඩියෝව සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයා හෙළිදරව්වක් සිදුකර තිබේ.

නව රජයක් පිහිටුවීමේ වගකීම නෙතන්යාහුගේ ප්‍රධාන ප්‍රතිවාදියාට..

පැවති මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශ්වයකට පැහැදිලි බහුතරයක් හිමි නොවී දේශපාලනික වශයෙන් අවිනිශ්චිත තත්ත්වයක් මතු වීමෙන් පසු, ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීම සඳහා අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන ගාඩි අයිසන්කොට් (Gadi Eisenkot) තෝරා ගැනීමට ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් (Isaac Herzog) පියවර ගෙන තිබේ.

රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට යෑමේදී උණුසුම් තත්ත්වයක්..

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල පිහිටි දන්සැල් භූමියේ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් උපවාසයක් ආරම්භ කිරීමට උත්සාහ කිරීමත් සමග එම ස්ථානයේ නොසන්සුන් තත්ත්වයක් ඇතිව තිබේ.

හම්බන්තොට තෙල් පිරිපහදුව අර්බුදයක: ඩොලර් බිලියන 3.7 ක ගිවිසුම අවලංගු කිරීමට නිර්දේශ..

දිනකට බොරතෙල් බැරල් ලක්ෂ දෙකක් පිරිපහදු කිරීමේ ඉලක්කයෙන් හම්බන්තොට ඉදිකිරීමට සැලසුම් කළ ඩොලර් බිලියන 3.7 ක ඛනිජ තෙල් පිරිපහදු ව්‍යාපෘතිය බරපතළ අවිනිශ්චිතතාවකට මුහුණ පා තිබේ.

“යුද වියදම් කපා හැර වැඩකරන ජනතාව වෙනුවෙන් වහා පෙනී සිටිනු” - සෑන්ඩර්ස්ගෙන් ඩිමොක්‍රටික් පක්ෂයට සැර අවවාදයක්

ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන සංඛ්‍යාත ජනතාව දෛනික ආර්ථික දුෂ්කරතාවලින් පීඩා විඳින පසුබිමක, තවදුරටත් අර්ධ විසඳුම්වලින් සහ ඉටු නොකරන පොරොන්දුවලින් ඵලක් නොවන බව සෙනෙට් සභික බර්නි සෑන්ඩර්ස් (Bernie Sanders) සිය ඩිමොක්‍රටික් පක්ෂයේ නායකත්වයට දැඩි ලෙස අවධාරණය කරයි.

පැය කිහිපයකදී කොළඹට මිලිමීටර් 129ක වර්ෂාපතනයක්..

අද (06) පස්වරුවේ ලැබුණු අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගර සභා බලප්‍රදේශයට මිලිමීටර් 129ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රීලනිපය පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකියි.. - මැතිවරණ කොමිසම දන්වයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට නිල වශයෙන් පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකි බව මැතිවරණ කොමිසම එම පක්ෂයේ පාර්ශ්වයන්ට දැනුම්දී තිබේ.

කෝටි10 කැබිනට් තීරණය හැංගුවේ ඇයි?.. ලැබෙන ප්‍රතිලාභ මොනවාද?.. - ප්‍රශ්න වැලක් මතු වන තිරය පිටුපස කතාව

කොළඹ පැවති ආසියා පැසිෆික් විකාශන සංගමයේ (ABU) 63 වැනි වාර්ෂික මහා සමුළුවේ සත්කාරකත්වය දැරූ එම්.ටී.වී. නාලිකා පෞද්ගලික සමාගමට (සිරස මාධ්‍ය ජාලය) රුපියල් කෝටි 10කට අධික මුදලක් ආණ්ඩුව විසින් අනුග්‍රහයක් ලෙස ලබා දීමට ගත් තීරණය සහ ඒ පිටුපස ඇති සැකසහිත තත්ත්වයන් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා විසින් පුළුල් අනාවරණයක් සිදු කර තිබේ.

ප්‍රංශයේ වෘත්තීය සමිති 5ක් එක්ව රට පුරා දැවැන්ත වර්ජනයක..

ප්‍රංශයේ ක්‍රියාත්මක වෘත්තීය සමිති විසින් රට පුරා විරෝධතා සහ වර්ජන මාලාවක් දියත් කිරීමට සැරසීමත් සමඟ එරට දැවැන්ත ජන අරගලයක් ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනුරාධපුර පූජාභූමි සංවර්ධනයට අදාළව උපදේශක සභාවක් පත් කිරීම ගැන ප්‍රසාදය පළ කරනවා.. - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් ජනපතිට ලිපියක්..

අනුරාධපුර පූජාභූමි සංවර්ධනයට අදාළ පාර්ශ්වකරුවන් නියෝජනය වන ලෙස උපදේශක සභාවක් පත් කිරීම පිළිබඳ ප්‍රසාදය පළ කරන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ජනපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යවමින් සඳහන් කර තිබේ.

අනුරාධපුර පූජා නගර සංවර්ධන ක්‍රියාවලිය ආශ‍්‍රිතව පැන නැගී ඇති ගැටලූ සහ මහජන විරෝධය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් ජනපතිට ලිපියක්..

අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට පැනනැගී ඇති ගැටලු සහ මහජන විරෝධය නිරාකරණය කිරීම සඳහා මැදිහත්වන ලෙස දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

ඇමෙරිකානු මැතිවරණ තීන්දුව හමුවේ ලෝක දේශපාලනයේ දැවැන්ත පරිවර්තනයක්..

ඇමෙරිකානු මධ්‍ය කාලීන මැතිවරණය කෙරෙහි ලොව පුරා දැඩි අවධානයක් යොමුව ඇති අතර, එරට අභ්‍යන්තර දේශපාලන අරගල හුදෙක් එක් රටකට සීමා නොවී මුළු මහත් ගෝලීය පද්ධතියටම සෘජු බලපෑම් එල්ල කරමින් තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.