කොළඹට ඇතිවූ ගංවතුර තත්ත්වය සහ නගරයේ පාලනය පිළිබඳ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..
පසුගියදා ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ කොළඹ නගරයේ මධ්‍යම ප්‍රදේශ ඇතුළු බොහෝ ස්ථාන ජලයෙන් යටවීම සහ නගරයේ පවතින පරිපාලනමය දුර්වලතා සම්බන්ධයෙන් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් දැඩි කනස්සල්ලක් පළ කර තිබේ.
බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව වැනි ජාත්‍යන්තර මට්ටමේ ස්ථාන හා විදේශිකයන් ගැවසෙන ප්‍රදේශ පවා ජලයෙන් යටවීම අතිශයින් කණගාටුදායක තත්ත්වයක් බව උන්වහන්සේ පෙන්වා දෙති.
පසුගිය රාත්‍රියේ ඇති වූ මෙම ගංවතුර තත්ත්වය නිසා අසරණ වූ දුප්පත් ජනතාවට වීදිවල එළිපිට කාලය ගත කිරීමට සිදුවූ බවත්, උන්වහන්සේ වැඩසවසන පන්සලටද ජලය ඇතුළු වී බාධා ඇති වූ බවත් උන්වහන්සේ සඳහන් කළහ.
කොළඹ නගර සභාවේ සිටින සේවකයින් ඉතා හොඳ පිරිසක් වුවද, නගරය නිසි ලෙස මෙහෙයවීමට ප්‍රමාණවත් නිසි නායකත්වයක් නොමැති වීම මෙම අර්බුදයට ප්‍රධාන හේතුව වී ඇති බව උන්වහන්සේ අවධාරණය කළහ.
මීට පෙර සිටි නගරාධිපතිවරුන් නගරයේ සංවර්ධන හා පාලන කටයුතු සම්බන්ධයෙන් ස්වාධීනව උපදෙස් ලබාගත් බවත්, වත්මන් නගරාධිපතිතුමිය හෝ වගකිවයුත්තන් ඒ සම්බන්ධයෙන් නිසි ලෙස ක්‍රියාත්මක නොවීම කණගාටුවට කරුණක් බවත් උන්වහන්සේ පැවසූහ.
විශේෂයෙන්ම කාණු පද්ධති නිසි ලෙස පිරිසිදු නොකිරීම සහ වැසි ජලය බැසයාමට ඇති අවහිරතා හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති අතර, මේ සඳහා ආයතන අතර සහයෝගීතාවය හා නිසි ක්‍රමවේදයක් අවශ්‍ය බව පෙන්වා දී ඇත.
එමෙන්ම, ආසියාවේ ලස්සනම නගරයක් ලෙස හැඳින්වූ කොළඹ නගරය ඉදිරියටත් පිරිසිදුව හා අලංකාරව තබා ගැනීම සඳහා තරුණ පිරිස් හා ජනතාව එකතු කර ගනිමින් නගර සභාව සමඟ එක්ව ඕනෑම සහයෝගයක් ලබා දීමට සූදානම් බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළහ.
දේශපාලන අරමුණු මත නොව, කොළඹ නගරයේ පොදු අයිතිය සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් වගකිවයුත්තන් බුද්ධිමත්ව හා කඩිනමින් ක්‍රියාමාර්ග ගත යුතු බවට උන්වහන්සේ දැඩි ලෙස ඉල්ලා සිටියහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන පෙත්සම් විභාගය අවසන්.. - තීරණය කථානායකට සහ ජනපතිට..
අනුරාධපුරට අත තියන්න ලෑස්ති වෙන්න එපා.. - බෞද්ධ මහා සම්මේලනය රතු නිවේදන නිකුත් කරයි.. 11 වැනි දා මිහින්තලය පුදබිමේ දී මහා අධිෂ්ඨාන පූජාවක්..
හූති ප්‍රහාරයකින් සෞදි අරාම්කෝ කුලුනට හානි
ඉරානයට ප්‍රහාර එල්ල කරන්න අදහසක් නැතැයි ට්‍රම්ප් කියයි.. බොරතෙල් මිලත් විශාල ලෙස පහළට..
කොළඹට ඇතිවූ ගංවතුර තත්ත්වය සහ නගරයේ පාලනය පිළිබඳ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..
මේ බුද්ධ භූමියට අත තිබ්බොත් වස් වදිනවා.. එලාරවත් හාමුදුරුවරුන්ට මෙහෙම කළේ නෑ.. - අනුරාධපුර පූජා භූමියේ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා පවසති..
භික්ෂූන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීම ගැන පාර්ලිමේන්තුවේදී පූර්ණ විවාද දෙකක් ගැනීමට මැදිහත් වන්න.. - පොහොට්ටුවෙන් සජිත්ට පණිවුඩයක්..
ශ්‍රී ලංකාවේ යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්..
මර්ධනය හමුවේ තානාපති සේවයේ නිරුවත හා මර්ධනයේ පැත්ත මාරුවීම..
අනුරාධපුර පූජාභූමියට කරන්න යන දේ ගැන ගැසට් එකත් අරන් මහ රෑ මාධ්‍ය කැඳවා කස්සප හිමියන් හෙළිකළ කරුණු මෙන්න..
පළාත් සභා 04ක මැතිවරණය ලබන වසරේ ජූලි මාසයේ පැවැත්වීමට අවධානය.. විපක්‍ෂයේ හිටපු පිරිසිදු හොද මැති ඇමතිලා මාලිමාවෙන්..?
නි. ඇමති නාමල්ගේ බස් නාටකයේ වෙස් මුහුණු ගැලවේ..
නව රජයක් පිහිටුවීමේ වගකීම නෙතන්යාහුගේ ප්‍රධාන ප්‍රතිවාදියාට..
රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට යෑමේදී උණුසුම් තත්ත්වයක්..
හම්බන්තොට තෙල් පිරිපහදුව අර්බුදයක: ඩොලර් බිලියන 3.7 ක ගිවිසුම අවලංගු කිරීමට නිර්දේශ..
“යුද වියදම් කපා හැර වැඩකරන ජනතාව වෙනුවෙන් වහා පෙනී සිටිනු” - සෑන්ඩර්ස්ගෙන් ඩිමොක්‍රටික් පක්ෂයට සැර අවවාදයක්