News Category
From Date
To Date
Maximum Number of Result

මහියංගණ දාගැබ ප්‍රතිසංස්කරණය පිටුපස තිබෙන කතන්දරය..

Nov 9, 2026 at 08:35 AM
|

මේ ඔබ දකින්නේ මහියංගණ දාගැබ 1940ට පෙර පැවති විදිහයි.  මිනිපේ දනව්වෙ මහියංගණ දාගැබ ප්‍රතිසංස්කරණය පිටුපස තිබෙන කතන්දරය ඔබ දන්නවාද? ඒකත් රුවන්වැලි සෑ ප්‍රතිසංස්කරණය වගේ රට පුරාම සැහැදැවතුන්ගෙන් සම්මාදම් කරගත් මුදලින් ගොඩ නැගූ දාගැබක්. හැබැයි මේ දාගැබ ප්‍රතිසංස්කරණය කිරීමේ රුවන්වැලි සෑය වගේ චෛත්‍යවර්ධන සමිතියේ තනි මතයට වැඩ කළේ නැහැ.  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උදව්ව ඉල්ලා සිටියා. මේ නිසා මහාචාර්ය සෙනරත් පරණවිතාන පැමිණ ධාතු ගර්භයේ කැණිම් කළ අතර අපූරු දේවල් සොයා ගැනීමට ඉඩ ලැබුණා. 

වර්ෂ 1942 එක් දිනයක එවකට කෘෂිකර්ම ඇමැතිව සිටි ඩී. එස්. සේනානායක නිලධාරින් පිරිසක් ද සමග මහියංගනයට නුදුරින් පිහිටි මිනිපේ ගොවි ජනපදයේ  රාජකාරි කටයුත්තකට ගියා. එහිදී දුම්බර උප දිසාපතිව සිටි ටී. සී. පෙරේරා මහියංගණ සෑය ගරාවැටී තිබෙන අන්දම ගැනත්, එය ප්‍රතිසංස්කරණය කළ යුතු බවත් ඇමැති ඩී. එස්.ට පවසා සිටියා. යළිත් දිනක මිනිපේට යන විට මහියංගය දාගැබ බැලීමට යාමට ඩී. එස්. කැමති බව පවසා සිටියා. එවකට මහියංගනය දක්වා මාර්ග පහසුකම් තිබුණේ නැහැ. නැවත දිනෙක මහවැලි ගඟෙන් ඔරුවකින් එතෙර වී ඩී. එස්. ඇතුළු කණ්ඩායම මහියංගනය දාගැබ් බිමට ගියා. දාගැබේ කනගාටුදායක ස්වරූපය දුටු ඇමැතිවරයා එය කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ යුතු බව වටහාගෙන දිසාපතිවරයාට වැඩිදුරටත් ඒ ගැන සොයාබැලීමට පැවරුවා. දිසාපතිවරයාගේ මූලිකත්වයෙන් 1942 ජූනි 18 දා අස්ගිරි පාර්ශ්වයේ මහානායක පලිපාන චන්දානන්ද නාහිමි ඇතුළු පිරිස ප්‍රධානත්වයෙන් මහියංගන රජ මහා විහාරයේ දී සාකච්ඡාවක් පවත්වා මහියංගන විහාර වර්ධන සමිතිය ආරම්භ කළේ ඒ අනුව යි.

මහියංගන චෛත්‍යය සහ පූජා භූමිය ඇතුළත් සැලැස්ම පිළියෙල කළේ නගර නිර්මාණ ශිල්පී ඔලිවර් වීරසිංහ, ෂර්ලි ඩී. අල්විස්, ඩී. ඒ. පීරිස් යන අය යි. මෙම සැලැස්මට අනුව දාගැබේ ප්‍රතිසංස්කරණ ආරම්භ කරමින් පළමු පස් පිඩැල්ල එවකට අගමැති ඩී. එස්. සේනානායක විසින් කැපුණේ 1949 සැප්තැම්බර් 9 දා යි.

දාගැබ නව සැලැස්මකට සම්පූර්ණයෙන් අලුත්වැඩියා කෙරෙන නිසා එයට පෙර එවකට පුරාවිද්‍යා කොමසාරිස් වූ මහාචාර්ය සෙනරත් පරණවිතානට ආරාධනා කළේ ගරාවැටුණු දාගැබ කැණීම් කිරීමට යි. දාගැබ කලකට පෙර නිධන්හොරු හාරා තිබුණා. පරණවිතානගේ කැණීම්වල අරමුණ වුණේ විවිධ රාජ යුගවල සහ මෑත අතීතයේ කළ අලුත්වැඩියා නිසා ගොඩගැසී තිබුණු සුන්බුන් ඉවත්කර මුල් ගඩොල් බැම්ම පාදා ගැනීම යි. ටික දුරක් කැණීම් කරන විට පුරාවිද්‍යාඥයන් පුදුමයට පත් කරමින් ආරක්ෂා වී තිබුණු ධාතු ගර්භය මතුවුණා. එය දාගැබේ මුල් ධාතු ගර්භය නොව මළුව මට්ටමේ සිට අඩි 22ක් ඉහළින් බුරුල් ගඩොල් බැම්ම මත ගොඩනගන ලද්දක්

දාගැබේ කැණිම් කළ පරණවිතාන මෙසේ සිය අත්දැකීම් සඳහන් කර තිබෙනවා: 

දහස් වසරක් මුළුල්ලේ වැසී තිබුණු ධාතු ගර්භය වැසූ ගල්ලෑලි පළමු වරට ඉවත්කළ විට, එහි ඇතුළත හිරු එළියෙන් නැහැවී ගිය විට, පැරණි ධාතු ගර්භයක නිදන් වස්තු තැන්පත් කර තිබෙන අන්දම දැකගැනීමේ අවස්ථාව එහි රැස්ව සිටි බොහෝ දෙනෙකුට ලැබුණේ ය. එහි බිතුසිතුවම් දක්නට ලැබීම අප බලාපොරොත්තු නොවූ දෙයකි. පුරාණ ලංකාවේ ධාතු ගර්භ බිතුසිතුවමින් අලංකාර කරන ලද බව වංශකතාවලින් අප දැනසිටි නමුදු එවැනි ධාතු ගර්භයක් මින් පෙර දක්නට ලැබී තිබුණේ නැත. 

(පුරාවිදු පරියේසණ- සෙනරත් පරණවිතාන)

ධාතු ගර්භය 1951 ජනවාරි 1 දා අස්ගිරි මහානායක හිමියන් ඇතුළු මැති ඇමැතිවරුන් ඉදිරියේ විවෘත කෙරුණා. එය ගඩොලින් තනා තිබූ අඩි හතරේ චතුරස්‍රයක්. එහි බිත්ති බිතුසිතුවමින් අලංකාර කර තිබුණා. බිතුසිතුවමේ සමහර බදාම ස්ථර ගැලවී බිමට වැටී තිබුණා. ගර්භය වටා ලෝකඩ අශ්වාරෝහක ප්‍රතිමා හතරක් තබා තිබුණා. යකඩ ත්‍රිශූල ද රන් කොඩි සවිකළ යකඩ යෂ්ටි ද එහි තිබුණා. ධාතු කරඬු, පොළොන්නරු යුගයට අයත් කාසි, කුඩා බුද්ධ ප්‍රතිමා, ආභරණ, මැණික්ගල් ආදී පුරාවස්තු ද එහි හමුවුණා. මෙහි දී ලැබුණු කාසි සහ පුරාවස්තු අනුව මෙය පොළොන්නරු යුගයේ පළමුවැනි විජයබාහු රජු විසින් (1055-1110) කරවන ලදැ යි මහාවංශයේ සඳහන්. මෙය ප්‍රතිසංස්කරණය කළ ධාතු ගර්භයක් බව හෙළි වුණා. මෙහිදී හමුවූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බාරයට ගෙන සංරක්ෂණය කළ අතර අනෙක් පුරාවස්තු රජමහා විහාරයට බාර දී තිබෙනවා.

 සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කළ මහියංගන දාගැබ 1961 දී කොත් පළදවා විවෘත කළා. ඒ වනවිට එය පිළිසකර කිරීමට මුල්වුණු අගමැති ඩී. එස්. මෙලොවින් සමුගෙන. 

  එවකට මහියංගණ විහාරාධිපති ඉද්දමල්ගොඩ ධම්මපාල හාමුදුරුවෝ 1851 දී දාගැබ පිළිසකර කිරිමට උත්සාහ කළා. රට පුරා සම්මාදම් කරමින් දාගැබ පිළිසකර කරගෙන ආ අතර, හතරැස් කොටුව සමීපයට පැමිණි විට 1873 දී බැම්ම කඩා වැටුණා. යළිත් පිළිසකර කර 1890 දී කොත් පැළඳවූවා. නමුත් එම ඉදිකිරීම ශක්තිමත් නොවීමෙන් පැළඳූ කොත සහිත කොටස 1907 දී කඩා වැටුණා. නැවතත් දාගැබ පිළිසකරකිරීමේ කටයුතු ආරම්භ කළත් කොත් කැරුල්ල තෙක් බැඳි බැම්ම 1922 ජනවාරියේ දී කඩා වැටී තිබෙනවා. ඊට පසු තමයි මහියංගන විහාර වර්ධන සමිතිය ආරම්භ කර නැවත අංගසම්පූර්ණ ප්‍රතිසංස්කරණයක් කරන ලද්දේ. අද ඔබ දකින්නේ එසේ ඉදිකළ දාගැබ යි.

- කුසුම්සිරි විජයවර්ධන

(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ පැවති අරගලය සහ විරෝධතා හමුවේ විදේශීය තානාපති කාර්යාල සහ ජාත්‍යන්තර සංවිධාන අනුගමනය කළ පියවර මෙන්ම, වත්මන් පාලනය යටතේ සිදු වන විරෝධතා සහ මර්දනකාරී පියවර සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර ප්‍රතිචාර අතර වෙනස සූක්ෂම දේශපාලනික හා භූ-දේශපාලනික විග්‍රහයකට ලක් කළ යුත්තකි. ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික අංශ සහ මානව හිමිකම් සංවිධානවල අතීත හා වර්තමාන හැසිරීම් සංසන්දනය කිරීමේදී පෙනී යන සමහර ප්‍රමුඛතා සහ ද්විත්ව ප්‍රමිතීන් පිළිබඳව දැඩි විවේචනාත්මක පදපරිසරයක් නිර්මාණය වී ඇත.
අද සර්පයා එහෙම නැත්තම් කේ. කේ. සමන් කුමාර කියලා ඊනියා ලේඛකයෙක් අල්ලාගෙන තිස්ස ජනනායකට විරුද්ධව දරුණු ප්‍රහාරයක් සමාජ මාධ්‍යවල දියත් වෙනවා. ඒකේ පසුබිම් කතාව හුඟක් අය දන්න නිසා ඒ ගැන නැවත විස්තර කළ යුතු නැහැ.
“විනයො නාම සාසනස්ස ආයු - විනයෙ ඨිතෙ සාසනං ඨිතං හොති” කියන සංගීතිකාරක මහ රහතන් වහන්සේලාගේ වචනය අපි හැමෝම වගේ අහලා තියෙනවා. “විනය යනු ශාසනයේ ආයුෂයයි, විනය පවතින තාක් කල් ශාසනය පවතිනවා” කියන අර්ථය තමයි ඒ උතුම් වචනයේ තියෙන්නේ.
දිවාලි, එසේත් නැතිනම් ආලෝකයේ උත්සවය ලෙස හැඳින්වෙන මෙම පූජනීය උත්සවය විවිධ ආගම් සහ සංස්කෘතීන් අතර සමරනු ලබන්නේ වෙනස් වූ ඓතිහාසික, ආගමික සහ සෘතුමය හේතූන් පදනම් කරගෙනයි.
වර්තමානයේ ජපානය ආගමික සහජීවනය ඉහළින්ම පවතින රටක් ලෙස පෙනුනද, එහි ඉතිහාසය දෙස බැලීමේදී ආගම් සහ විවිධ ආගමික කල්ලි මුල් කරගත් දරුණු ලේ වැගිරීම් සහ ගැටුම් රැසක් සිදුවී ඇත. ජපන් ඉතිහාසය දෙස බැලීමේදී බුදු දහම නිරන්තරයෙන්ම විවිධ දේශපාලන බලපෑම්, විදේශීය ආගමික ආක්‍රමණයන් මෙන්ම දේශීය ජාතිකවාදී රැල්ලේ දැඩි මර්දනයන්ට ලක්වූ බව පැහැදිලි වේ. ජපානයේ ප්‍රධාන දේශීය ආගම වන ෂින්තෝ (Shinto) දහම සහ පසුව පැමිණි බුදු දහම මෙන්ම ක්‍රිස්තියානි ධර්මය අතරද විවිධ යුගවලදී මහා පරිමාණ යුද්ධ හටගත්තේය. ජපන් ඉතිහාසය උඩුයටිකුරු කළ ප්‍රධාන ආගමික ගැටුම් කිහිපයක් මෙසේය.
ඔබ දන්නවාද වත්මන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ (Ceypetco) සභාපති තනතුරට පත්වීමට පෙර ඩී. ජේ. (ජනක) රාජකරුණා මහතා දැරූ ප්‍රධාන තනතුරු මොනවද කියල. එතුමා ඉන්ධන බෙදා හැරීම පිළිබඳව හසල දැනුම ඇත්තෙක්. එතුමා දැරුව තනතුරු මෙසේය:
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලද 2024 ජනගහන හා නිවාස සංගණනයේ දත්ත වාර්තාවලට අනුව, ශ්‍රී ලංකාවේ මුළු ජනගහණයෙන් 10.7%ක් (මිලියන 2.34ක් පමණ) මුස්ලිම් ජනගහණය නියෝජනය කරන බව හෙළි වී තිබේ. දිස්ත්‍රික් මට්ටමින් සලකා බැලීමේදී මුස්ලිම් ජනගහණයේ ව්‍යාප්තිය 0.7% සිට 46.5% දක්වා පුළුල් පරාසයක විහිදී පවතී.
අතීත අබ්බාසිඩ් කලීෆා පාලන සමයේ (ක්‍රි.ව. 8-9 සියවස්වල) ඉස්ලාමීය සමාජය තුළ බුදු දහම සහ අනෙකුත් පෙරදිග දර්ශන පැතිරීම වැළැක්වීම සඳහා "සින්දික්" (Zandiq) නම් අතිශය මර්දනකාරී ආගමික සහ දේශපාලනික වාරණ නීති මාලාවක් ක්‍රියාත්මක විය.
මරණයෙන් පස්සේ සිද්දවෙන්නේ මොකක්ද? පරලොවක් තියෙනවා ද? “පරලොවක් නෑ” කියලා කියන අයත් මිය යන අයට “සුබ ගමන්” කියලා කියන්නේ ඇයි? මේ “සුබ ගමන” යන්නේ කොතැනට ද? මේ අන්තිමට කියපු “සුබ ගමන් ප්‍රශ්න” දෙක ඇරෙන්න අනිත් ප්‍රශ්න නම් ඉස්සර ඉඳලා ම තිබුණා. මේ ප්‍රශ්නවලට භෞතික ආකාරයෙන් උත්තර හොයන්න මහන්සිවෙච්ච අයත් හිටියා. ඒ අතරින්, පායාසි කියන රාජන්‍යයාට විශේෂ තැනක් ලැබෙනවා. පරලොව හොයැගීම වෙනුවෙන් ඔහු කරපු “පර්යේෂණ” ගැන දීර්ඝ විස්තරයක් දීඝ නිකායේ පාසාසි සූත්‍රයේ (පායාසි රාජන්‍ය සූත්‍රයේ) තියෙනවා.

ප්‍රධාන පුවත්

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන පෙත්සම් විභාගය අවසන්.. - තීරණය කථානායකට සහ ජනපතිට..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන "සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත" හි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ විමර්ශනය අවසන් කර ඇති අතර, එහි රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා සහ ජනාධිපතිවරයා වෙත යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) නිවේදනය කළේය.

අනුරාධපුරට අත තියන්න ලෑස්ති වෙන්න එපා.. - බෞද්ධ මහා සම්මේලනය රතු නිවේදන නිකුත් කරයි.. 11 වැනි දා මිහින්තලය පුදබිමේ දී මහා අධිෂ්ඨාන පූජාවක්..

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා, සම්බුද්ධ ශාසනයට පැමිණෙන උවදුරුවලින් සම්බුද්ධ ශාසනය ආරක්ෂාකර ගැනීම සඳහා මේ මස 11 වැනි දින මිහින්තලය පුදබිමේ කටුසෑය අභියස දී මහා අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීම සඳහා කටයුතු යොදා ඇති බව බෞද්ධ මහා සම්මේලනය සඳහන් කරයි.

හූති ප්‍රහාරයකින් සෞදි අරාම්කෝ කුලුනට හානි

යේමනයේ හූති සටන්කාමීන් විසින් එල්ල කරන ලද මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාරයකින් සෞදි අරාබියේ රාජ්‍ය සතු දැවැන්ත තෙල් සමාගමක් වන අරාම්කෝ (Aramco) සමාගමේ කාර්යාල පිහිටි දැවැන්ත උස් ගොඩනැගිල්ලකට හානි සිදුව තිබේ.

ඉරානයට ප්‍රහාර එල්ල කරන්න අදහසක් නැතැයි ට්‍රම්ප් කියයි.. බොරතෙල් මිලත් විශාල ලෙස පහළට..

ගැටුම අවසන් කිරීම උදෙසා කෙරෙන සාකච්ඡා සාර්ථකව ඉදිරියට යන්නේ නම්, ඉරානය ඉලක්ක කරගනිමින් නැවත නව ප්‍රහාර එල්ල කිරීමේ ඉඩකඩක් නොමැති තරම් බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ, ලෝක වෙළෙඳපොළ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටී ඇත.

කොළඹට ඇතිවූ ගංවතුර තත්ත්වය සහ නගරයේ පාලනය පිළිබඳ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..

පසුගියදා ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ කොළඹ නගරයේ මධ්‍යම ප්‍රදේශ ඇතුළු බොහෝ ස්ථාන ජලයෙන් යටවීම සහ නගරයේ පවතින පරිපාලනමය දුර්වලතා සම්බන්ධයෙන් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් දැඩි කනස්සල්ලක් පළ කර තිබේ.

මේ බුද්ධ භූමියට අත තිබ්බොත් වස් වදිනවා.. එලාරවත් හාමුදුරුවරුන්ට මෙහෙම කළේ නෑ.. - අනුරාධපුර පූජා භූමියේ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා පවසති..

අනුරාධපුර පූජා භූමියට අත තැබුවහොත් වස් වදින බවත්, ඉතිහාසයේ එලාරවත් මෙසේ නොකළ බවත්, මෙම බුද්ධ භූමිට සංචාරක පුරවරයක් කිරීමට අවශ්‍ය නැති බවත් අනුරාධපුර පූජාභූමිය රැකගැනීම වෙනුවෙන් සත්‍යග්‍රයහක නිරත වී සිටින භික්ෂූන් වහන්සේලා පවසති.

භික්ෂූන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීම ගැන පාර්ලිමේන්තුවේදී පූර්ණ විවාද දෙකක් ගැනීමට මැදිහත් වන්න.. - පොහොට්ටුවෙන් සජිත්ට පණිවුඩයක්..

සම්බුද්ධ ශාසනයට හා භික්ෂූන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා මෙන්ම අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කඩිනම් පූර්ණ විවාද දෙකක් ලබා ගැනීමට මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කරයි.

ශ්‍රී ලංකාවේ යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්..

ශ්‍රී ලංකාවේ යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

මර්ධනය හමුවේ තානාපති සේවයේ නිරුවත හා මර්ධනයේ පැත්ත මාරුවීම..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ පැවති අරගලය සහ විරෝධතා හමුවේ විදේශීය තානාපති කාර්යාල සහ ජාත්‍යන්තර සංවිධාන අනුගමනය කළ පියවර මෙන්ම, වත්මන් පාලනය යටතේ සිදු වන විරෝධතා සහ මර්දනකාරී පියවර සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර ප්‍රතිචාර අතර වෙනස සූක්ෂම දේශපාලනික හා භූ-දේශපාලනික විග්‍රහයකට ලක් කළ යුත්තකි. ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික අංශ සහ මානව හිමිකම් සංවිධානවල අතීත හා වර්තමාන හැසිරීම් සංසන්දනය කිරීමේදී පෙනී යන සමහර ප්‍රමුඛතා සහ ද්විත්ව ප්‍රමිතීන් පිළිබඳව දැඩි විවේචනාත්මක පදපරිසරයක් නිර්මාණය වී ඇත.

අනුරාධපුර පූජාභූමියට කරන්න යන දේ ගැන ගැසට් එකත් අරන් මහ රෑ මාධ්‍ය කැඳවා කස්සප හිමියන් හෙළිකළ කරුණු මෙන්න..

අනුරාධපුර පූජාභූමියට සහ එහි ඓතිහාසික පුරා විද්‍යාත්මක උරුමයට දැඩි හානියක් සිදුකිරීමේ අවදානමක් පවතින බවට චෝදනා කරමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් විසින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අදාළ ගැසට් පත්‍රය වහාම අකුලා ගන්නා ලෙස රජයට සහ බලධාරීන්ට අවධාරණය කර සිටියහ.

පළාත් සභා 04ක මැතිවරණය ලබන වසරේ ජූලි මාසයේ පැවැත්වීමට අවධානය.. විපක්‍ෂයේ හිටපු පිරිසිදු හොද මැති ඇමතිලා මාලිමාවෙන්..?

දීර්ඝ කාලයක් මුළුල්ලේ කල්දමා ඇති පළාත් සභා මැතිවරණය ලබන වසරේ ජූලි මාසයේදී උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව යන පළාත් හතර සඳහා මූලික අදියර යටතේ පැවැත්වීමට රජයේ අවධානය යොමුව ඇති බව සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

නි. ඇමති නාමල්ගේ බස් නාටකයේ වෙස් මුහුණු ගැලවේ..

මේ දිනවල සමාජ මාධ්‍යයේ කතාබහට ලක්වන නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා බස් රථයක නැගී යන වීඩියෝව සම්බන්ධයෙන් එම වීඩියෝව සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයා හෙළිදරව්වක් සිදුකර තිබේ.

නව රජයක් පිහිටුවීමේ වගකීම නෙතන්යාහුගේ ප්‍රධාන ප්‍රතිවාදියාට..

පැවති මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශ්වයකට පැහැදිලි බහුතරයක් හිමි නොවී දේශපාලනික වශයෙන් අවිනිශ්චිත තත්ත්වයක් මතු වීමෙන් පසු, ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීම සඳහා අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන ගාඩි අයිසන්කොට් (Gadi Eisenkot) තෝරා ගැනීමට ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් (Isaac Herzog) පියවර ගෙන තිබේ.

රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට යෑමේදී උණුසුම් තත්ත්වයක්..

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල පිහිටි දන්සැල් භූමියේ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් උපවාසයක් ආරම්භ කිරීමට උත්සාහ කිරීමත් සමග එම ස්ථානයේ නොසන්සුන් තත්ත්වයක් ඇතිව තිබේ.

හම්බන්තොට තෙල් පිරිපහදුව අර්බුදයක: ඩොලර් බිලියන 3.7 ක ගිවිසුම අවලංගු කිරීමට නිර්දේශ..

දිනකට බොරතෙල් බැරල් ලක්ෂ දෙකක් පිරිපහදු කිරීමේ ඉලක්කයෙන් හම්බන්තොට ඉදිකිරීමට සැලසුම් කළ ඩොලර් බිලියන 3.7 ක ඛනිජ තෙල් පිරිපහදු ව්‍යාපෘතිය බරපතළ අවිනිශ්චිතතාවකට මුහුණ පා තිබේ.

“යුද වියදම් කපා හැර වැඩකරන ජනතාව වෙනුවෙන් වහා පෙනී සිටිනු” - සෑන්ඩර්ස්ගෙන් ඩිමොක්‍රටික් පක්ෂයට සැර අවවාදයක්

ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන සංඛ්‍යාත ජනතාව දෛනික ආර්ථික දුෂ්කරතාවලින් පීඩා විඳින පසුබිමක, තවදුරටත් අර්ධ විසඳුම්වලින් සහ ඉටු නොකරන පොරොන්දුවලින් ඵලක් නොවන බව සෙනෙට් සභික බර්නි සෑන්ඩර්ස් (Bernie Sanders) සිය ඩිමොක්‍රටික් පක්ෂයේ නායකත්වයට දැඩි ලෙස අවධාරණය කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.