News Category
From Date
To Date
Maximum Number of Result

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන පෙත්සම් විභාගය අවසන්.. - තීරණය කථානායකට සහ ජනපතිට..

Nov 9, 2026 at 05:19 PM
|

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන "සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත" හි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ විමර්ශනය අවසන් කර ඇති අතර, එහි රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා සහ ජනාධිපතිවරයා වෙත යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) නිවේදනය කළේය.

අදාළ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම්වල වාචික දේශන ඉදිරිපත් කිරීම අද දින අවසන් කෙරුණු අතර, මෙම පෙත්සම් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනුණි.

පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා පනත් කෙටුම්පතට අදාළ වැදගත් සංශෝධන කිහිපයක් අධිකරණයට දැනුම් දී තිබුණි.

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත යටතේ සැකකරුවකු රඳවා තබා ගත හැකි කාලය පැය 72 සිට පැය 48ක් දක්වා සංශෝධනය කර ඇත.

පනත් කෙටුම්පත තුළ අන්තර්ගත පච්ච හා සලකුණු සම්බන්ධයෙන් පනවා තිබූ ප්‍රතිපාදන සම්පූර්ණයෙන්ම ඉවත් කර ගන්නා බව දැනුම් දී තිබේ.

බරපතළ අපරාධ සිද්ධියකට සම්බන්ධ නඩුකරයක කිසියම් කරුණක් ප්‍රසිද්ධියට පත් කිරීම සඳහා අදාළ අධිකරණයේ අවසරය ලබාගත යුතු බවට දැක්වෙන වගන්තිය ද ඉවත් කර ගෙන ඇත. 

සම්බන්ධිත පුවත් | Related News

අනුරාධපුරයේ පූජා නගරයේ දියත් කිරීමට සැරසෙන සංවර්ධන සැලසුම සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේලාගේ අදහස් පළ කිරීම සඳහා ආරම්භ කළ සත්‍යග්‍රහය, ආරම්භ වී කෙටි වේලාවකින් එහි සත්‍යග්‍රහයේ නිරත වූ මහා සංඝරත්නයට සහ ගිහි පිරිසට පොලිසිය විසින් පහර දෙන ආකාරය දැක ගැනීමට හැකි වූ බවත්, මේ සම්බන්ධයෙන් සර්වජන බලය පක්ෂයක් ලෙස මෙම සිදුවීම පිළිකුළෙන් යුතුව හෙළාදකින බවත් සර්වජන බලය උප සභාපති, ආචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
අනුරාධපුර පූජා නගර නව සැළැස්මට විරෝධය පළ කරමින් සහ එම නව පූජා නගර නව සැළැස්ම ඉවත් කර ගන්නා ලෙසට රජයට බල කරමින් අනුරාධපුර පුද බිමේ රුන්වැලි මහසෑ චෛත්‍ය පරිශ්‍රයේ සත්‍යග්‍රහයක නිරත පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුඑ භික්ෂූන්වහන්සේ පස් නමකට ලබන 20 වැනිදා අධිකරණය හමුවෙි පෙනී සිටින ලෙසට නියෝග කරමින් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න අද (09) සිතාසි නිකුත් කළේය.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (10) දිනයේදී කොළඹදී විරෝධතාවක් පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත තුළ අන්තර්ගත පච්ච හා සලකුණු සම්බන්ධයෙන් පනවා තිබූ ප්‍රතිපාදන ඉවත්කර ගන්නා බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා, සම්බුද්ධ ශාසනයට පැමිණෙන උවදුරුවලින් සම්බුද්ධ ශාසනය ආරක්ෂාකර ගැනීම සඳහා මේ මස 11 වැනි දින මිහින්තලය පුදබිමේ කටුසෑය අභියස දී මහා අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීම සඳහා කටයුතු යොදා ඇති බව බෞද්ධ මහා සම්මේලනය සඳහන් කරයි.
යේමනයේ හූති සටන්කාමීන් විසින් එල්ල කරන ලද මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාරයකින් සෞදි අරාබියේ රාජ්‍ය සතු දැවැන්ත තෙල් සමාගමක් වන අරාම්කෝ (Aramco) සමාගමේ කාර්යාල පිහිටි දැවැන්ත උස් ගොඩනැගිල්ලකට හානි සිදුව තිබේ.
ගැටුම අවසන් කිරීම උදෙසා කෙරෙන සාකච්ඡා සාර්ථකව ඉදිරියට යන්නේ නම්, ඉරානය ඉලක්ක කරගනිමින් නැවත නව ප්‍රහාර එල්ල කිරීමේ ඉඩකඩක් නොමැති තරම් බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ, ලෝක වෙළෙඳපොළ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටී ඇත.
බන්ධනාගාර ගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර සිවිල් ඇඳුමින් මාංචු සහිතව අධිකරණයට රැගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, බෞද්ධ කටයුතු කොමසාරිස් ඇතුළු පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත තුළ අන්තර්ගත සුරා බදු පනත සම්බන්ධයෙන් වූ වැරදි සියල්ල ඉවත් කිරීමට යෝජනා කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

ප්‍රධාන පුවත්

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන පෙත්සම් විභාගය අවසන්.. - තීරණය කථානායකට සහ ජනපතිට..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන "සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත" හි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ විමර්ශනය අවසන් කර ඇති අතර, එහි රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා සහ ජනාධිපතිවරයා වෙත යොමු කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) නිවේදනය කළේය.

අනුරාධපුරට අත තියන්න ලෑස්ති වෙන්න එපා.. - බෞද්ධ මහා සම්මේලනය රතු නිවේදන නිකුත් කරයි.. 11 වැනි දා මිහින්තලය පුදබිමේ දී මහා අධිෂ්ඨාන පූජාවක්..

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා, සම්බුද්ධ ශාසනයට පැමිණෙන උවදුරුවලින් සම්බුද්ධ ශාසනය ආරක්ෂාකර ගැනීම සඳහා මේ මස 11 වැනි දින මිහින්තලය පුදබිමේ කටුසෑය අභියස දී මහා අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීම සඳහා කටයුතු යොදා ඇති බව බෞද්ධ මහා සම්මේලනය සඳහන් කරයි.

හූති ප්‍රහාරයකින් සෞදි අරාම්කෝ කුලුනට හානි

යේමනයේ හූති සටන්කාමීන් විසින් එල්ල කරන ලද මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාරයකින් සෞදි අරාබියේ රාජ්‍ය සතු දැවැන්ත තෙල් සමාගමක් වන අරාම්කෝ (Aramco) සමාගමේ කාර්යාල පිහිටි දැවැන්ත උස් ගොඩනැගිල්ලකට හානි සිදුව තිබේ.

ඉරානයට ප්‍රහාර එල්ල කරන්න අදහසක් නැතැයි ට්‍රම්ප් කියයි.. බොරතෙල් මිලත් විශාල ලෙස පහළට..

ගැටුම අවසන් කිරීම උදෙසා කෙරෙන සාකච්ඡා සාර්ථකව ඉදිරියට යන්නේ නම්, ඉරානය ඉලක්ක කරගනිමින් නැවත නව ප්‍රහාර එල්ල කිරීමේ ඉඩකඩක් නොමැති තරම් බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ, ලෝක වෙළෙඳපොළ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටී ඇත.

කොළඹට ඇතිවූ ගංවතුර තත්ත්වය සහ නගරයේ පාලනය පිළිබඳ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..

පසුගියදා ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ කොළඹ නගරයේ මධ්‍යම ප්‍රදේශ ඇතුළු බොහෝ ස්ථාන ජලයෙන් යටවීම සහ නගරයේ පවතින පරිපාලනමය දුර්වලතා සම්බන්ධයෙන් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් දැඩි කනස්සල්ලක් පළ කර තිබේ.

මේ බුද්ධ භූමියට අත තිබ්බොත් වස් වදිනවා.. එලාරවත් හාමුදුරුවරුන්ට මෙහෙම කළේ නෑ.. - අනුරාධපුර පූජා භූමියේ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා පවසති..

අනුරාධපුර පූජා භූමියට අත තැබුවහොත් වස් වදින බවත්, ඉතිහාසයේ එලාරවත් මෙසේ නොකළ බවත්, මෙම බුද්ධ භූමිට සංචාරක පුරවරයක් කිරීමට අවශ්‍ය නැති බවත් අනුරාධපුර පූජාභූමිය රැකගැනීම වෙනුවෙන් සත්‍යග්‍රයහක නිරත වී සිටින භික්ෂූන් වහන්සේලා පවසති.

භික්ෂූන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීම ගැන පාර්ලිමේන්තුවේදී පූර්ණ විවාද දෙකක් ගැනීමට මැදිහත් වන්න.. - පොහොට්ටුවෙන් සජිත්ට පණිවුඩයක්..

සම්බුද්ධ ශාසනයට හා භික්ෂූන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා මෙන්ම අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කඩිනම් පූර්ණ විවාද දෙකක් ලබා ගැනීමට මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කරයි.

ශ්‍රී ලංකාවේ යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්..

ශ්‍රී ලංකාවේ යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

මර්ධනය හමුවේ තානාපති සේවයේ නිරුවත හා මර්ධනයේ පැත්ත මාරුවීම..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ පැවති අරගලය සහ විරෝධතා හමුවේ විදේශීය තානාපති කාර්යාල සහ ජාත්‍යන්තර සංවිධාන අනුගමනය කළ පියවර මෙන්ම, වත්මන් පාලනය යටතේ සිදු වන විරෝධතා සහ මර්දනකාරී පියවර සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර ප්‍රතිචාර අතර වෙනස සූක්ෂම දේශපාලනික හා භූ-දේශපාලනික විග්‍රහයකට ලක් කළ යුත්තකි. ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික අංශ සහ මානව හිමිකම් සංවිධානවල අතීත හා වර්තමාන හැසිරීම් සංසන්දනය කිරීමේදී පෙනී යන සමහර ප්‍රමුඛතා සහ ද්විත්ව ප්‍රමිතීන් පිළිබඳව දැඩි විවේචනාත්මක පදපරිසරයක් නිර්මාණය වී ඇත.

අනුරාධපුර පූජාභූමියට කරන්න යන දේ ගැන ගැසට් එකත් අරන් මහ රෑ මාධ්‍ය කැඳවා කස්සප හිමියන් හෙළිකළ කරුණු මෙන්න..

අනුරාධපුර පූජාභූමියට සහ එහි ඓතිහාසික පුරා විද්‍යාත්මක උරුමයට දැඩි හානියක් සිදුකිරීමේ අවදානමක් පවතින බවට චෝදනා කරමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් විසින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අදාළ ගැසට් පත්‍රය වහාම අකුලා ගන්නා ලෙස රජයට සහ බලධාරීන්ට අවධාරණය කර සිටියහ.

පළාත් සභා 04ක මැතිවරණය ලබන වසරේ ජූලි මාසයේ පැවැත්වීමට අවධානය.. විපක්‍ෂයේ හිටපු පිරිසිදු හොද මැති ඇමතිලා මාලිමාවෙන්..?

දීර්ඝ කාලයක් මුළුල්ලේ කල්දමා ඇති පළාත් සභා මැතිවරණය ලබන වසරේ ජූලි මාසයේදී උතුරු, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව යන පළාත් හතර සඳහා මූලික අදියර යටතේ පැවැත්වීමට රජයේ අවධානය යොමුව ඇති බව සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

නි. ඇමති නාමල්ගේ බස් නාටකයේ වෙස් මුහුණු ගැලවේ..

මේ දිනවල සමාජ මාධ්‍යයේ කතාබහට ලක්වන නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා බස් රථයක නැගී යන වීඩියෝව සම්බන්ධයෙන් එම වීඩියෝව සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයා හෙළිදරව්වක් සිදුකර තිබේ.

නව රජයක් පිහිටුවීමේ වගකීම නෙතන්යාහුගේ ප්‍රධාන ප්‍රතිවාදියාට..

පැවති මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශ්වයකට පැහැදිලි බහුතරයක් හිමි නොවී දේශපාලනික වශයෙන් අවිනිශ්චිත තත්ත්වයක් මතු වීමෙන් පසු, ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීම සඳහා අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන ගාඩි අයිසන්කොට් (Gadi Eisenkot) තෝරා ගැනීමට ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් (Isaac Herzog) පියවර ගෙන තිබේ.

රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට යෑමේදී උණුසුම් තත්ත්වයක්..

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසල පිහිටි දන්සැල් භූමියේ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් උපවාසයක් ආරම්භ කිරීමට උත්සාහ කිරීමත් සමග එම ස්ථානයේ නොසන්සුන් තත්ත්වයක් ඇතිව තිබේ.

හම්බන්තොට තෙල් පිරිපහදුව අර්බුදයක: ඩොලර් බිලියන 3.7 ක ගිවිසුම අවලංගු කිරීමට නිර්දේශ..

දිනකට බොරතෙල් බැරල් ලක්ෂ දෙකක් පිරිපහදු කිරීමේ ඉලක්කයෙන් හම්බන්තොට ඉදිකිරීමට සැලසුම් කළ ඩොලර් බිලියන 3.7 ක ඛනිජ තෙල් පිරිපහදු ව්‍යාපෘතිය බරපතළ අවිනිශ්චිතතාවකට මුහුණ පා තිබේ.

“යුද වියදම් කපා හැර වැඩකරන ජනතාව වෙනුවෙන් වහා පෙනී සිටිනු” - සෑන්ඩර්ස්ගෙන් ඩිමොක්‍රටික් පක්ෂයට සැර අවවාදයක්

ඇමරිකා එක්සත් ජනපදයේ මිලියන සංඛ්‍යාත ජනතාව දෛනික ආර්ථික දුෂ්කරතාවලින් පීඩා විඳින පසුබිමක, තවදුරටත් අර්ධ විසඳුම්වලින් සහ ඉටු නොකරන පොරොන්දුවලින් ඵලක් නොවන බව සෙනෙට් සභික බර්නි සෑන්ඩර්ස් (Bernie Sanders) සිය ඩිමොක්‍රටික් පක්ෂයේ නායකත්වයට දැඩි ලෙස අවධාරණය කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.