භික්ෂූන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීම ගැන පාර්ලිමේන්තුවේදී පූර්ණ විවාද දෙකක් ගැනීමට මැදිහත් වන්න.. - පොහොට්ටුවෙන් සජිත්ට පණිවුඩයක්..
සම්බුද්ධ ශාසනයට හා භික්ෂූන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්රචණ්ඩ ක්‍රියා මෙන්ම අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කඩිනම් පූර්ණ විවාද දෙකක් ලබා ගැනීමට මැදිහත් වන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතාගේ අත්සනින් යුතුව විපක්ෂ නායකවරයා වෙත යොමු කර ඇති ලිපියක් මඟින් මෙම ඉල්ලීම සිදු කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමට රජය බැඳී සිටියද, මෑතකාලීනව භික්ෂූන් වහන්සේලා ඉලක්ක කරගනිමින් ප්‍රචණ්ඩකාරී සහ අපහාසාත්මක ප්‍රචාරයන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම ඇතැම් රාජ්‍ය යාන්ත්‍රණ හරහා ද ක්‍රියාත්මක වන බවට නිරීක්ෂණය වන බව එම ලිපියේ සඳහන් වේ.
එමෙන්ම, වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයන් ප්‍රශ්න කරමින් හෝ ආණ්ඩුවට අවාසිදායක වන අයුරින් නියෝග සහ තීන්දු ප්‍රකාශයට පත් කළ අධිකරණ විනිසුරුවරුන් කඩිනමින් ස්ථාන මාරු කිරීම්වලට ලක්වීම කෙරෙහි සමාජය තුළ දැඩි සැකසංකා මතු වී ඇති බව ද පෙන්වා දෙන එම පක්ෂය, අධිකරණයේ ස්වාධීනත්වය හා නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම උදෙසා මේ පිළිබඳව විනිවිදභාවයෙන් යුතු කරුණු රටට හෙළිදරව් විය යුතු බව අවධාරණය කරයි.
ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය විවාදයේ කාර්යබහුලත්වය හේතුවෙන් මෙවැනි අතිශය තීරණාත්මක ජාතික කාරණා යටපත් වීමේ අවදානමක් පවතින බවත්, එබැවින් ඊට පෙර මෙම කරුණු දෙක පිළිබඳව පාර්ලිමේන්තු විවාදයන් ලබාගැනීමට අවශ්‍ය පාර්ලිමේන්තු හා දේශපාලන ක්‍රියාමාර්ග වහා ගන්නා ලෙසත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විපක්ෂ නායකවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන පෙත්සම් විභාගය අවසන්.. - තීරණය කථානායකට සහ ජනපතිට..
අනුරාධපුරට අත තියන්න ලෑස්ති වෙන්න එපා.. - බෞද්ධ මහා සම්මේලනය රතු නිවේදන නිකුත් කරයි.. 11 වැනි දා මිහින්තලය පුදබිමේ දී මහා අධිෂ්ඨාන පූජාවක්..
හූති ප්‍රහාරයකින් සෞදි අරාම්කෝ කුලුනට හානි
ඉරානයට ප්‍රහාර එල්ල කරන්න අදහසක් නැතැයි ට්‍රම්ප් කියයි.. බොරතෙල් මිලත් විශාල ලෙස පහළට..
කොළඹට ඇතිවූ ගංවතුර තත්ත්වය සහ නගරයේ පාලනය පිළිබඳ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගෙන් දැඩි ප්‍රකාශයක්..
මේ බුද්ධ භූමියට අත තිබ්බොත් වස් වදිනවා.. එලාරවත් හාමුදුරුවරුන්ට මෙහෙම කළේ නෑ.. - අනුරාධපුර පූජා භූමියේ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා පවසති..
භික්ෂූන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන් හදිසියේ ස්ථාන මාරු කිරීම ගැන පාර්ලිමේන්තුවේදී පූර්ණ විවාද දෙකක් ගැනීමට මැදිහත් වන්න.. - පොහොට්ටුවෙන් සජිත්ට පණිවුඩයක්..
ශ්‍රී ලංකාවේ යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්..
මර්ධනය හමුවේ තානාපති සේවයේ නිරුවත හා මර්ධනයේ පැත්ත මාරුවීම..
අනුරාධපුර පූජාභූමියට කරන්න යන දේ ගැන ගැසට් එකත් අරන් මහ රෑ මාධ්‍ය කැඳවා කස්සප හිමියන් හෙළිකළ කරුණු මෙන්න..
පළාත් සභා 04ක මැතිවරණය ලබන වසරේ ජූලි මාසයේ පැවැත්වීමට අවධානය.. විපක්ෂයේ හිටපු පිරිසිදු හොද මැති ඇමතිලා මාලිමාවෙන්..?
නි. ඇමති නාමල්ගේ බස් නාටකයේ වෙස් මුහුණු ගැලවේ..
නව රජයක් පිහිටුවීමේ වගකීම නෙතන්යාහුගේ ප්‍රධාන ප්‍රතිවාදියාට..
රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට යෑමේදී උණුසුම් තත්ත්වයක්..
හම්බන්තොට තෙල් පිරිපහදුව අර්බුදයක: ඩොලර් බිලියන 3.7 ක ගිවිසුම අවලංගු කිරීමට නිර්දේශ..
“යුද වියදම් කපා හැර වැඩකරන ජනතාව වෙනුවෙන් වහා පෙනී සිටිනු” - සෑන්ඩර්ස්ගෙන් ඩිමොක්රටික් පක්ෂයට සැර අවවාදයක්