අනුරාධපුර පූජාභූමියට කරන්න යන දේ ගැන ගැසට් එකත් අරන් මහ රෑ මාධ්‍ය කැඳවා කස්සප හිමියන් හෙළිකළ කරුණු මෙන්න..
අනුරාධපුර පූජාභූමියට සහ එහි ඓතිහාසික පුරා විද්‍යාත්මක උරුමයට දැඩි හානියක් සිදුකිරීමේ අවදානමක් පවතින බවට චෝදනා කරමින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් විසින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අදාළ ගැසට් පත්‍රය වහාම අකුලා ගන්නා ලෙස රජයට සහ බලධාරීන්ට අවධාරණය කර සිටියහ.
අනුරාධපුර පූජාභූමිය කලාප කිහිපයකට (අධිසංවේදී කලාපය, සංවේදී කලාපය සහ පොදු සේවා සැපයුම් කලාපය ලෙස) වෙන් කරමින් නිකුත් කර ඇති මෙම ගැසට් පත්‍රය මඟින් පූජාභූමියේ පූජනීයත්වයට මෙන්ම ඓතිහාසික පසුබිමට බරපතල බලපෑමක් එල්ල වන බව උන්වහන්සේ පෙන්වා දෙති.
මෙම ගැසට් පත්‍රය හරහා පූජනීය ස්ථානයක් ලෙස පවතින අනුරාධපුර පූජාභූමියේ බෞද්ධ උරුමය හා පූජනීයත්වය නිසි ලෙස හඳුනාගෙන නොමැති අතර, ඓතිහාසික හා ශාසනික වටිනාකමකින් යුත් ස්ථාන සහ මහා ස්තූප සාමාන්‍ය "ස්මාරක" ලෙස පමණක් අර්ථකථනය කිරීමට කටයුතු කර ඇති බවට ද උන්වහන්සේ මෙහිදී දැඩි ලෙස චෝදනා කළහ.
එමෙන්ම සංවේදී කලාප තුළ තට්ටු දෙකකින් යුත් ගොඩනැගිලි, නිවාස, නිවාඩු නිකේතන සහ ව්‍යාපාරික ස්ථාන ඉදිකිරීමට අවසර දීම මඟින් ඓතිහාසික පරිසර පද්ධතියට සහ පූජාභූමියේ භූ දර්ශනයට දැඩි හානියක් සිදුවන බව ද උන්වහන්සේ සඳහන් කරති.
ප්‍රදේශවාසීන් සහ පරම්පරාගතව පදිංචිව සිටින ජනතාව ඉවත් කර අලුතින් ඉඩම් කොටස් කර වෙළෙඳ සහ සංචාරක අරමුණු සඳහා ලබාදීමට සැලසුම් කිරීම තුළින් පූජනීය නගරයේ ආධ්‍යාත්මික සුවිශේෂත්වය පලුදු වන බව හිමියන් වැඩිදුරටත් අවධාරණය කළහ.
මීට අමතරව, අතිසංවේදී හා සංවේදී කලාප තුළ යටිතල පහසුකම් ඉදිකිරීමට පවතින නීතිමය ඉඩකඩ, පැරණි වෘක්ෂලතා ඉවත් කිරීමට දැක්වෙන ප්‍රතිපාදන සහ සංවර්ධන අරමුණු සඳහා භූමිය යොදාගැනීමේ ප්රවේශයන් පිළිබඳව උන්වහන්සේ දැඩි කණගාටුව පළ කළහ.
අතිශය ව්‍යාකූල මෙන්ම ජනතාව නොමඟ යවන සුළු ආකාරයෙන් සකස් කර ඇති මෙම ගැසට් පත්‍රය සංශෝධනය කිරීම ප්‍රමාණවත් නොවන බවත්, රුවන්වැලි මහා සෑය ඇතුළු අටමස්ථානය ප්රමුඛ පූජාභූමියත්, බෞද්ධ උරුමයත් ආරක්ෂා කරගැනීම සඳහා මෙම ගැසට් පත්‍රය වහාම සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු බවත් පූජ්‍ය කස්සප හිමියන් මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියහ.
වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්..
මර්ධනය හමුවේ තානාපති සේවයේ නිරුවත හා මර්ධනයේ පැත්ත මාරුවීම..
අනුරාධපුර පූජාභූමියට කරන්න යන දේ ගැන ගැසට් එකත් අරන් මහ රෑ මාධ්‍ය කැඳවා කස්සප හිමියන් හෙළිකළ කරුණු මෙන්න..
පළාත් සභා 04ක මැතිවරණය ලබන වසරේ ජූලි මාසයේ පැවැත්වීමට අවධානය.. විපක්ෂයේ හිටපු පිරිසිදු හොද මැති ඇමතිලා මාලිමාවෙන්..?
නි. ඇමති නාමල්ගේ බස් නාටකයේ වෙස් මුහුණු ගැලවේ..
නව රජයක් පිහිටුවීමේ වගකීම නෙතන්යාහුගේ ප්‍රධාන ප්‍රතිවාදියාට..
රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට යෑමේදී උණුසුම් තත්ත්වයක්..
හම්බන්තොට තෙල් පිරිපහදුව අර්බුදයක: ඩොලර් බිලියන 3.7 ක ගිවිසුම අවලංගු කිරීමට නිර්දේශ..
“යුද වියදම් කපා හැර වැඩකරන ජනතාව වෙනුවෙන් වහා පෙනී සිටිනු” - සෑන්ඩර්ස්ගෙන් ඩිමොක්රටික් පක්ෂයට සැර අවවාදයක්
පැය කිහිපයකදී කොළඹට මිලිමීටර් 129ක වර්ෂාපතනයක්..
ශ්රීලනිපය පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකියි.. - මැතිවරණ කොමිසම දන්වයි..
කෝටි10 කැබිනට් තීරණය හැංගුවේ ඇයි?.. ලැබෙන ප්රතිලාභ මොනවාද?.. - ප්‍රශ්න වැලක් මතු වන තිරය පිටුපස කතාව
ප්‍රංශයේ වෘත්තීය සමිති 5ක් එක්ව රට පුරා දැවැන්ත වර්ජනයක..
අනුරාධපුර පූජාභූමි සංවර්ධනයට අදාළව උපදේශක සභාවක් පත් කිරීම ගැන ප්‍රසාදය පළ කරනවා.. - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් ජනපතිට ලිපියක්..
අනුරාධපුර පූජා නගර සංවර්ධන ක්‍රියාවලිය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලූ සහ මහජන විරෝධය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් ජනපතිට ලිපියක්..
ඇමෙරිකානු මැතිවරණ තීන්දුව හමුවේ ලෝක දේශපාලනයේ දැවැන්ත පරිවර්තනයක්..