ශ්‍රී ලංකාවේ යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්..
ශ්‍රී ලංකාවේ යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.
එමගින් පොලිස් බලතල පුළුල් වීමටත් මූලික අයිතිවාසිකම් සහ නිදහසට තර්ජනයක් එල්ල වීමටත් ඉඩ ඇති බවයි ඔවුන් පෙන්වා දුන්නේ.
වසරක කාලයක රඳවා තබා ගැනීම්, අධිකරණ නියෝගයකින් තොරව දුරකථන වාර්තා ලබා ගැනීම සහ අධිකරණ වාර්තාකරණය සීමා කිරීම ඇතුළුව, මෙම නිවේදනය මගින් ප්‍රධාන කනස්සල්ලට කරුණු 6 ක් ඔවුන් පෙන්වා දෙයි.
එම කරුණු 06 පහතින්.
01 අධිකරණ නියෝගයකින් තොරව පොලිසියට ඔබගේ දුරකථන වාර්තා ලබා ගැනීමට හැකියාව ලැබේ
නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට (DIG) අධිකරණ අනුමැතියකින් තොරව සේවා සම්පාදකයින්ගෙන් ග්‍රාහකයින්ගේ තොරතුරු, ඇමතුම් වාර්තා සහ උපාංග පිහිටීම් පිළිබඳ තොරතුරු (Device Location) ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
02 අවසරයකින් තොරව අධිකරණ කටයුතු වාර්තා කිරීම හේතුවෙන් මාධ්‍යවේදීන්ට බන්ධනාගාරගත වීමට සිදුවිය හැකිය
පූර්ව අවසරයකින් තොරව අධිකරණ කටයුතු වාර්තා කිරීම මෙම පනත් කෙටුම්පත මගින් අපරාධයක් බවට පත් කළ හැකි අතර, ඊට බන්ධනාගාරගත කිරීම් ඇතුළු දඬුවම් හිමිවිය හැකිය.
03 ඇසුර, පෙනුම හෝ භාවිතා කරන භාෂාව මත පදනම්ව පුද්ගලයන් සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් ලෙස නම් කිරීමට ඉඩ ඇත
යම් පුද්ගලයෙකු සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු ලෙස වර්ගීකරණය කිරීම සඳහා ආශ්‍රය කරන පුද්ගලයින්, ඇඳුම් පැළඳුම්, පච්ච (Tattoos), අත් සංඥා හෝ භාවිතා කරන භාෂාව වැනි සාධක යොදා ගැනීමට මෙම පනත් කෙටුම්පත මගින් ඉඩ සලසයි.
04 සෙවුම් වරෙන්තුවක් නොමැතිව නිවෙස් පරීක්ෂා කිරීමට පොලිසියට හැකියාව ලැබේ
පූර්ව අධිකරණ අනුමැතියකින් තොරව, සාධාරණ සැකය මත පදනම්ව පරිශ්‍ර පරීක්ෂා කිරීමට සහ දේපළ රාජසන්තක කිරීමට මෙම පනත් කෙටුම්පත මගින් පුළුල් බලතල ලබා දෙයි
05 ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට කරනු ලබන ප්‍රකාශ සාක්ෂි ලෙස භාවිත කිරීමට ඉඩ ඇත
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට ලබා දෙන ඇතැම් ප්‍රකාශ සාක්ෂි ලෙස පිළිගැනීමට මෙම පනත් කෙටුම්පත මගින් ඉඩ සලසන අතර, එම ප්‍රකාශ බලපෑම් හෝ තර්ජන (Coercion) මත ලබා දුන් ඒවා නොවන බවට ඔප්පු කිරීමේ වගකීම චෝදනා ලාභියා වෙත පවරයි.
06 සැකකරුවන්ට පොලිස් ස්ථානගත රඳවා තබා ගැනීම් යටතේ වසරක් දක්වා කාලයක් මුහුණ දීමට සිදුවිය හැකිය
චෝදනා ගොනු කිරීමට පෙර සැකකරුවන් මාස 12 ක් දක්වා කාලයක් පොලිස් ස්ථානයක රඳවා තබා ගැනීමට මෙම පනත් කෙටුම්පත මගින් බලධාරීන්ට ඉඩ සලසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්..
මර්ධනය හමුවේ තානාපති සේවයේ නිරුවත හා මර්ධනයේ පැත්ත මාරුවීම..
අනුරාධපුර පූජාභූමියට කරන්න යන දේ ගැන ගැසට් එකත් අරන් මහ රෑ මාධ්‍ය කැඳවා කස්සප හිමියන් හෙළිකළ කරුණු මෙන්න..
පළාත් සභා 04ක මැතිවරණය ලබන වසරේ ජූලි මාසයේ පැවැත්වීමට අවධානය.. විපක්ෂයේ හිටපු පිරිසිදු හොද මැති ඇමතිලා මාලිමාවෙන්..?
නි. ඇමති නාමල්ගේ බස් නාටකයේ වෙස් මුහුණු ගැලවේ..
නව රජයක් පිහිටුවීමේ වගකීම නෙතන්යාහුගේ ප්‍රධාන ප්‍රතිවාදියාට..
රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට යෑමේදී උණුසුම් තත්ත්වයක්..
හම්බන්තොට තෙල් පිරිපහදුව අර්බුදයක: ඩොලර් බිලියන 3.7 ක ගිවිසුම අවලංගු කිරීමට නිර්දේශ..
“යුද වියදම් කපා හැර වැඩකරන ජනතාව වෙනුවෙන් වහා පෙනී සිටිනු” - සෑන්ඩර්ස්ගෙන් ඩිමොක්රටික් පක්ෂයට සැර අවවාදයක්
පැය කිහිපයකදී කොළඹට මිලිමීටර් 129ක වර්ෂාපතනයක්..
ශ්රීලනිපය පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකියි.. - මැතිවරණ කොමිසම දන්වයි..
කෝටි10 කැබිනට් තීරණය හැංගුවේ ඇයි?.. ලැබෙන ප්රතිලාභ මොනවාද?.. - ප්‍රශ්න වැලක් මතු වන තිරය පිටුපස කතාව
ප්‍රංශයේ වෘත්තීය සමිති 5ක් එක්ව රට පුරා දැවැන්ත වර්ජනයක..
අනුරාධපුර පූජාභූමි සංවර්ධනයට අදාළව උපදේශක සභාවක් පත් කිරීම ගැන ප්‍රසාදය පළ කරනවා.. - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් ජනපතිට ලිපියක්..
අනුරාධපුර පූජා නගර සංවර්ධන ක්‍රියාවලිය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලූ සහ මහජන විරෝධය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් ජනපතිට ලිපියක්..
ඇමෙරිකානු මැතිවරණ තීන්දුව හමුවේ ලෝක දේශපාලනයේ දැවැන්ත පරිවර්තනයක්..