පායාසි පර්යේෂණය..
මරණයෙන් පස්සේ සිද්දවෙන්නේ මොකක්ද? පරලොවක් තියෙනවා ද? “පරලොවක් නෑ” කියලා කියන අයත් මිය යන අයට “සුබ ගමන්” කියලා කියන්නේ ඇයි? මේ “සුබ ගමන” යන්නේ කොතැනට ද? මේ අන්තිමට කියපු “සුබ ගමන් ප්‍රශ්න” දෙක ඇරෙන්න අනිත් ප්‍රශ්න නම් ඉස්සර ඉඳලා ම තිබුණා. මේ ප්‍රශ්නවලට භෞතික ආකාරයෙන් උත්තර හොයන්න මහන්සිවෙච්ච අයත් හිටියා. ඒ අතරින්, පායාසි කියන රාජන්‍යයාට විශේෂ තැනක් ලැබෙනවා. පරලොව හොයැගීම වෙනුවෙන් ඔහු කරපු “පර්යේෂණ” ගැන දීර්ඝ විස්තරයක් දීඝ නිකායේ පාසාසි සූත්‍රයේ (පායාසි රාජන්‍ය සූත්‍රයේ) තියෙනවා.
අපි ඒ සූත්‍ර දේශනාව සංක්‍ෂිප්ත විදිහට තේරුම්ගනිමු.
=== === === === ===
අභිෂේකය නැති රජෙක්
“රාජන්‍ය” කියන්නේ රාජකීය තනතුරක්. හැබැයි රාජන්‍යයෙක් අභිෂේකය ලබලා නෑ. ඒ කියන්නේ රජ උරුමයක්, රාජ්‍ය බලයක් තියෙනවා. හැබැයි රජකම ලැබිලා නෑ. පායාසි කියන්නෙත් එහෙම කෙනෙක්. පසේනදී කොසොල් රජතුමා තමයි පායාසි රාජන්‍යයාට සේතව්‍යා නගරය ඒ නගරයේ බදු ආදායමත් එක්ක ම තෑගි කළේ. ඒක හුඟක් ජනාකීර්ණ, සශ්‍රීක නගරයක්.
සේතව්‍යා නගරය පාලනය කරපු පායාසි රාජන්‍යයා පරලොවක් තියෙන බවත් පිළිගත්තේ නෑ. මරණින් පස්සේ ඉපැදීමක් තියෙනවා කියලා පිළිගත්තේ නෑ. යහපත් අයහපත් කර්මවල විපාක තියෙනවා කියලා පිළිගත්තෙත් නෑ.
අභිෂේක ලබලා නැතත් පායාසි කියන්නේ රාජ්‍ය බලයක් තිබුණා. ඉතින් ඔහු තමන්ගේ බලය පාවිච්චි කරලා පරලොවක් තියෙනවා ද, මරණින් පසු ඉපැදීමක් තියෙනවා ද, යහපත් අයහපත් කර්මවල විපාක තියෙනවා ද කියන ප්‍රශ්නවලට උත්තර හෙව්වා. ඒ වෙනුවෙන් පරීක්‍ෂණ විශාල ප්‍රමාණයකුත් කළා. ඒ පර්යේෂණවලින් ඔහුට පරලොවක් තියෙනවා, මරණින් පසු ඉපැදීමක් තියෙනවා, යහපත් අයහපත් කර්මවල විපාක තියෙනවා කියලා තහවුරු කරගන්න බැරිවුණා. ඉතින් ඔහු තමන්ගේ දෘෂ්ටියේ තදින් ම එල්බගත්තා. ඔහු පරලොවක් තියෙනවා, මරණින් පසු ඉපැදීමක් තියෙනවා, යහපත් අයහපත් කර්මවල විපාක තියෙනවා කියන පිළිගැනීම් මුළුමනින් ම ප්‍රතික්‍ෂේප කළා.
ප්‍රශ්න කරන්න අවස්ථාවක්
එක දවසක් තවත් භික්‍ෂූන්වහන්සේලා පන්සිය නමක් එක්ක කුමාර කාශ්‍යප හාමුදුරුවෝ සේතව්‍යා නගරයට වැඩම කළා. උන්වහන්සේ ඉතාමත් පණ්ඩිත, ව්‍යක්ත, බහුශ්‍රැත, විචිත්‍ර ධර්ම කථිකයෙක් විදිහට ප්‍රචගිත වෙලා තිබුණා. ඉතින් සේතව්‍යා නගරයේ මිනිස්සු මහ පිරිස් විදිහට එකතුවෙලා කුමාර කාශ්‍යප හාමුදුරුවෝ වැඩ හිටිය සිංසපා වනාන්තරයට යන්න පටන්ගත්තා. තමන්ගේ මාළිගාවේ උඩ තට්ටුවට වෙලා නගරය දිහා බලාගෙන හිටිය පායාසි රාජන්‍යයා මේ ධර්ම කෝලාහලය දැක්කා.
මේ කලබලය දැකපු පායාසි රාජන්‍යයා ඇමැතිවරයෙක්ට කතා කළා. “මම එන කල් ඉන්න කියලා මේ මිනිස්සුන්ට කියන්න. හාමුදුරුවෝ කියන කතා අහලා මේ මෝඩ මිනිස්සු නො මඟ යන්න පුළුවන්. එහෙම වෙන්න කලින් මම ගිහිල්ලා හාමුදුරුවන්ට කතා කරනවා” කියලා ඔහු ඇමැතිවරයාට කිව්වා.
ඒ කියන්නේ, පායාසි රාජන්‍යයාට තමන්ගේ දෘෂ්ටිය ගැන හොඳ විශ්වාසයක් තිබුණා. බයක් සැකක් නැතුව කුමාර කාශ්‍යප හාමුදුරුවෝ ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ දෘෂ්ටිය වෙනුවෙන් පෙනී ඉන්න තරම් චිත්ත ධෛර්යයකුත් ඔහුට තිබුණා.
පර්යේෂණ වාර්තා
පායාසි රාජන්‍යයා පරලොවක් තියෙනවා, මරණින් පසු ඉපැදීමක් තියෙනවා, යහපත් අයහපත් කර්මවල විපාක තියෙනවා කියන පිළිගැනීම් ගැන පර්යේෂණ ගොඩක් කරලයි තිබුණේ. ඉතින් ඒ පර්යේෂණවල ප්‍රතිඵල මත පදනම්වෙලා කුමාර කාශ්‍යප හාමුදුරුවෝ එක්ක කතා කරලා උන්වහන්සේට තමන් හොයාගත්ත “ඇත්ත” පැහැදිළි කරලා දෙන්න පුළුවන් කියලා ඔහු හිතුවා.
1. “ආපසු ඇවිත් කියන්න” ගිවිසුම
පායාසි රාජන්‍යයා තමන්ගේ මුල් ම පරීක්‍ෂණය කළේ සමාජ නිරීක්‍ෂණයක් මත පදනම් වෙලා. ඔහුගේ නෑදෑයෝ සහ මිත්‍රයෝ අතර පව්කාර වැඩ (සත්තු මරන, හොරකම් කරන, බොරු කියන, නපුරු වැඩ කරන) කරන අය හිටියා. ඒ අය මරණාසන්න වෙලා පණ අදින වෙලාවට පායාසි රාජන්‍යයා ගිහිල්ලා ඒ අයව මුණගැහුණා: “උඹ හොඳ වැඩ කරපු කෙනෙක් නෙවෙයි. ඉතින් මළාට පස්සේ අපායට ගියොත් ආපහු ඇවිල්ලා මට ඒ ගැන කියපන්. උඹ එහෙම කරයි කියලා මම විශ්වාස කරනවා” කියලා ඒ අයගෙන් ඉල්ලුවා. ඒ අයත් පායාසි රාජන්‍ය්‍යා කරපු ඉල්ලීම පිළිගත්තා. ඒත් ඒ කවුරුවත් ආපහු ආවේ නෑ. ඒ අය අඩුම තරමින් දූතයෙක්වත් එව්වේ නෑ.
ඔහු ඒ විදිහට ම ගුණ යහපත් නෑදෑයෝ සහ යාළුවෝ මුණගැහුණා. මළාට පස්සේ දිව්‍ය ලෝකයට ගියොත් ඇවිල්ලා තමන්ට ඒ බව කියන්න කියලා ඔහු ඒ අයගෙන් ඉල්ලුවා. ඒ අය පායාසි රාජන්‍යයා කරපු ඉල්ලීම පිළිගත්තා. ඒත් ඒ අයත් ආපහු ඇවිල්ලා තමන්ගේ “සුබ ගමන” ගැන කිව්වේ නෑ. ඒ ගැන කියන්න නියෝජිතයෙක් එව්වෙත් නෑ.
2. මැරෙන්නේ නැත්තේ ඇයි?
සිල්වත් ශ්‍රමණයෝ, ගුණවත් බ්‍රාහ්මණයෝ පවා ජීවත්වෙන්න කැමැති බවත්, මරණයට අකැමැති බවත්, සැපයට ලැදි බවත්, දුක පිළිකුල් කරන බවත් පායාසි රාජන්‍යයා නිරීක්‍ෂණය කළා. ඒ සිල්වත්, ගුණවත් අයට බොහොම ලේසියෙන් සුගතියට යන්න පුළුවන්. ඉතින් “මැරුණාම සුගතියට යනවා කියලා ඇත්තටම දන්නවා නම් වසක් විසක් කාලා, ආයුධයෙන් හරි ගෙල වැලලාගෙන හරි ජීවිතය නැති කරගන්නේ නැත්තේ ඇයි?" කියලා පායාසි රාජන්‍යයා තර්ක කළා.
3. භෞතික පරීක්‍ෂණ
ඉල්ලීම් කිරීමෙන්, තර්ක කිරීමෙන් විතරක් තමන්ගේ දෘෂ්ටිය තහවුරු කරන්න ඕනකමක් පායාසි රාජන්‍යයාට තිබුණේ නෑ. ඉතින් ඔහු තමන්ගේ දෘෂ්ටිය තහවුරු කරවීම වෙනුවෙන් භෞතික පර්යේෂණ මාලාවකුත් ආරම්භ කළා. පායාසි රාජන්‍යයාගේ ආණ්ඩුව විසින් අල්ලලා, හිර කරපු වැරැදිකාරයෝ මහ ගොඩක් සේතව්‍යා නගරයේ බන්ධනාගාරවල හිටියා. හාවෝ, මීයෝ, කැරැපොත්තෝ වගේ ඒ හිරකාරයන්ව තමන්ගේ පර්යේෂණවලට යොදාගන්න පුළුවන් කියලා පායාසි රාජන්‍යයා තීරණය කළා.
3.1. පරීක්‍ෂණ කළයක්
පායාසි රාජන්‍යයා පණ පිටින් ම හිරකාරයෙක්ව ලොකු මැටි කළයකට දැම්මෙව්වා. ඒ කළයේ කට මූඩියෙන් වහලා, ඒක තෙත හමකින් එතුවා. ඒ උඩින් තෙත මැටි ආලේප කරලා කලය සම්පූර්ණයෙන් ම මුද්‍රා තැබුවා. ඊට පස්සේ ඒ කළේ ලිපක් උඩ තියලා ගින්දර පත්තු කළා. හිරකාරයා මැරිලා කියලා තහවුරු කරගත්තාට පස්සේ කළේ බිමට බාලා, මැටි කට්ටය කඩලා, හම් ආවරණයත් ඉවත් කරලා, මූඩිය ඇරලා මැරිච්ච එකාගෙන් “පිටවෙලා යන ජීවයක්” තියෙනවා ද කියලා බොහොම සියුම් විදිහට නිරීක්‍ෂණය කළා. ඒත් පායාසි රාජන්‍යයා ඒ විදිහට පිටවෙලා යන ජීවයක් දැක්කේ නෑ.
3. 2. බර මැනිල්ල
පණ පිටින් ඉන්න මිනිහෙක්ගේ බර හැදෙන්නේ ඔහුගේ ශරීර බරයි, ජීවයක් තියෙනවා නම් ඒ බරයි දෙක ම එකතුවෙලා කියලා පායාසි රාජන්‍යයා උපකල්පනය කළා. ඉතින් මිනිහෙක් මැරෙද්දි ඔහුගේ ජීවය ශරීරයෙන් ඉවත්වෙලා පරලොවකට යනවා නම් ඉතුරුවෙච්ච මළ කඳේ බර ඒ මිනිහා පණ පිටින් ඉඳිද්දි තිබිච්ච බරට වඩා අඩුවෙන්න ඕන. මේ අවබෝධය මත පදනම්වෙච්ච පායාසි රාජන්‍යයා හිරකාරයෙක්ගේ බර කිරලා ඊට පස්සේ ඒ මනුස්සයාව එල්ලලා මැරුවා. ඒ පුද්ගලයා මියගියාට පස්සේ ඔහු ඉතුරුවෙච්ච මළ කඳේ බර කිරෙව්වා.
මේ බර මිනුම් දෙකෙන් කලින් කරපු උපකල්පනය බොරුවුණා. ඒ කියන්නේ පණ පිටින් ඉඳිද්දි හිරකාරයාගේ බර අඩුයි. මළාට පස්සේ බර වැඩියි. ඉතින් මරණයේ දී ශරීරයෙන් ඉවත්වෙලා යන ජීවයක් නෑ කියලා පායාසි රාජන්‍යයා නිගමනය කළා.
3. 3. නො මරා මැරීම
පරීක්‍ෂණය වෙනුවෙන් හරිකාරයෙක්ව ඝාතනය කරද්දි ඇතිවෙන පීඩාවලින් “ඔහුගේ ජීවයට” හානියක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම පීඩාවක් නො කර - ඒ කියන්නේ සම, මස්, නහර, ඇට, ඇට මිදුළු කිසිම දේකට පොඩ්ඩක්වත් හානියක් නො කර බොහොම සාමකාමී විදිහට ජීවිතය නිම කළා නම් මරණයේ දී “නික්මිලා යන ජීවය” නිරීක්‍ෂණය කරන්න පුළුවන් කියලා පායාසි රාජන්‍යයා උපකල්පනය කළා. ඉතින් ඔහු ඒ විදිහට කිසිම පීඩාවක් නො කර හිරකාරයෙක්ගේ ජීවිතය අවසන් කරලා සිද්දවෙන දේ නිරීක්‍ෂණය කළා. ඒ වෙනුවෙන් යොදාගත්ත හිරකාරයන්ව උඩුකුරුව, යටිකුරුව, එක් ඇලයකින්, අනෙක් ඇලයෙන් හරවලත් බැලුවා. ඒ මොනවා කළත් ශරීරයෙන් පිටවෙලා යන ජීවයක් පායාසි රාජන්‍යයා දැක්කේ නෑ. ඇස, කන, නාසය, දිව, ශරීරය කියන හැම දෙයක් ම අඩුවක් නැතුව තිබුණත්, ඒවා රූප, ශබ්ද, ගඳ, රස, ස්පර්ශ ඇති නො කරන බව විතරක් ඔහු නිරීක්‍ෂණය කළා.
3. 4. විච්ඡේදනය
ජීවය ශරීර කොටස් අස්සේ හැංගිලා තියෙන්නත් පුළුවන්. ඉතින් පායාසි රාජන්‍යයා ඒ උපකල්පනය උඩ පිහිටලා තවත් හිරකාරයෙක්ගේ හමේ සිවිය, හම, මස්, නහර, ඇට, ඇට මිදුළු එකින් එක පියවරෙන් පියවර විච්ඡේදනය කරලා “ජීවය” හැංගිලා තියෙනවා ද කියලා පරීක්‍ෂා කරලා බැලුවා. ඒත් එහෙම හැංගිච්ච ජීවයක් ඔහු දැක්කේ නෑ.
4. නිගමනය
මේ ඔක්කොම පරීක්‍ෂණවලින් ලැබිච්ච නිරීක්‍ෂණ මත පදනම් වෙලා “පරලොවක් තියෙනවා, මරණින් පසු ඉපැදීමක් තියෙනවා, යහපත් අයහපත් කර්මවල විපාක තියෙනවා” කියන පිළිගැනීම් වැරැදියි කියලා පායාසි රාජන්‍යයා නිගමනය කළා. පරලොවක් නෑ, මරණින් පසු ඉපැදීමක් නෑ, යහපත් අයහපත් කර්මවල විපාක නෑ කියලා ඔහු අවබෝධ කරගත්තා.
ප්‍රතිචාරය
පායාසි රාජන්‍යයාගේ මේ පරීක්‍ෂණ සහ නිරීක්‍ෂණ එකින් එක ඇරැගෙන ඒවායේ වැරැද්ද තේරුම් කරලා දෙන්න කුමාර කාශ්‍යප හාමුදුරුවෝ කටයුතු කළා. අපි ඒ ප්‍රතිචාරත් එකින් එක කෙටියෙන් විමසමු.
(1). ආපහු ආවේ නැහැ
“නෑදෑයන්ට කතා කරලා ආපහු එන්නම්” කියලා කියන හිරකාරයෙක්ට ගෙදර ගිහිල්ලා එන්න වධකයෝ ඉඩදෙන්නේ නෑ. අපායේ පාලකයොත් ඒ වගේ ම තමයි. ඉතින් අපායට ගිය පායාසි රාජන්‍යයාගේ නෑදෑයන්ට සහ යාළුවන්ට ආපහු මේ ලෝකයට ඇවිල්ලා වාර්තාවක් භාරදීලා ආපහු යන්න අවසරයක් ලැබෙන්නේ නෑ.
දිව්‍ය ලෝකයට ගිය අයට මේ මිනිස් ලෝකය ගඳයි. මේක මහ අසූචි වළක් වගේ. මේ වළෙන් ගොඩ ගිහිල්ලා, නාලා, හොඳට සැරැසිලා, මාළිගාවක සුව පහසුවෙන් ඉන්න කෙනෙක් ආපහු මේ අසුචි වළට බහින්නේ නෑ. දෙවියන්ගේ කාලයත් වෙනස්: මිනිසුන්ගේ අවුරුදු සීයක් තව්තිසා දිව්‍ය ලෝකයේ එක දවසයි. ඉතින් මරණයෙන් පස්සේ තව්තිසාවට ගිහිල්ලා එහෙ දවසක් දෙකක් ගත කරලා ඇවිල්ලා බලද්දි පායාසි රාජන්‍යයා මියගිහිල්ලා අවුරුදු සීයකට වඩා ගතවෙලා.
(2). සිල්වත්තු දිවි නසාගන්නේ නෑ
ගර්භනී වෙලා හිටිය බැමිණියක් ධනය වෙනුවෙන් දරුවා පෙන්නන්න ගොස් කුස පළාගෙන ජීවිතයත් දරුවාත් සියල්ල ම අහිමි කරගත්තා වගේ අඥාන වැඩ සිල්වත්තු කරන්නේ නෑ. සිල්වත්තු දීර්ඝ කාලයක් ජීවත්වෙලා බොහෝ දෙනාට හිත සුව සලසනවා. ඒ ජීවිත කාලයේ දී, තව තවත් පින් රැස් කරගන්නවා. ඉතින් පරලොව යහපත් ජීවිතය ඉක්මන් කරගැනීම වෙනුවෙන් ආත්මාර්ථකාමී වෙලා ජීවිතය නැති කරගැනීමේ උවමනාවක් සිල්වතුන්ට නෑ.
(3. 1). කළ පරීක්‍ෂණයේ සීමාව
අපි හීනෙන් විචිත්‍ර උද්‍යාන, මාළිගා ආදිය දකිනවා. විවිධ අය හීනෙන් අපිත් එක්ක ගනුදෙනු කරනවා. ඒත් අපි නින්දෙන් “එළියට යන” බවක් හරි නින්ද වෙලාවට පිටස්තර අය අපි “ළඟට එන” බවක් හරි කාටවත් පේන්නේ නෑ. පණ පිටින් ඉන්න කෙනෙක් යන එන බවක් පේන්නේ නැති හින්දා මැරිච්ච කෙනෙක්ගේ ජීවය පිටවෙලා යන බවක් පේන්න කිසිම විදිහක් නෑ.
(3. 2). මළ සිරුරේ බර
රත් කරපු යකඩ ගුළියක් සැහැල්ලුයි, මෘදුයි, නම්‍යශීලීයි. සිසිල් වූ විට, ඒක බරයි, තදයි, දරදඬුයි. ශරීරයේ ආයුෂ, උෂ්ණත්වය, සහ විඥානය ඇති විටයි සැහැල්ලු බව පෙන්නන්නේ. ඒවා නැතිවුණාම ශරීරය බරයි. සැහැල්ලු බව ඇති කරන දේවල් නැති කරලා බර මැන්නා ම ඒක ගොඩක් බරවෙලා පේන එක පුදුමයට කාරණාවක් නෙවෙයි.
(3. 3). නො තළන පරීක්‍ෂාව
හක් ගෙඩියකින් මහා හඬක් නිකුත්වෙන්නේ හක් ගෙඩිය, හක් ගෙඩිය පිඹින්නා සහ සුළඟ කියන හැම දෙයක් ම හොඳින් එකතුවුණාමයි. එහෙම නැතුව හක් ගෙඩිය කපලා, පෙරළලා, තලලා බැලුවා කියලා ඒකෙන් හඬ පිටවෙන්නේ නෑ. මේ වැඩ කොච්චර පරිස්සමින් කළත් හක් ගෙඩියෙන් සද්දයක් උපදින්නේ නෑ. ඉතින් තලන්නේ පෙළන්නේ නැතුව මිනිහෙක් මැරුවා කියලා ඔහුගෙන් පිටවෙන ජීවයක් දකින්න බෑ.
(3. 4). කපා බලා ජීවය නො පෙනීම
ගිනි උපද්දවන්න ගන්න කෝටු කෑලි සීයකට කඩලා, කුඩු කරලා කොච්චර සියුම් විදිහට බැලුවත් ගින්දර දකින්න බෑ. ගින්දර තියෙන්නේ ඒ කෝටු දෙක ඇතුළේ නෙවෙයි. අදාළ සාධක එකතුවුණාමයි ගින්දර උපදින්නේ. ඉතින් ශරීරයක් මොන තරම් සියුම් විදිහට විච්ඡේදනය කළත් ජීවයක් හොයාගන්න බෑ.
පිළි නො ගැනීම
මේ විදිහට කුමාර කාශ්‍යප හාමුදුරුවෝ කොච්චර කරුණු පැහැදිළි කළත් තමන්ගේ දෘෂ්ටිය වෙනස් කරගන්න පායාසි රාජන්‍යයා කැමැතිවුණේ නෑ. ඉතින් කුමාර කාශ්‍යප හාමුදුරුවෝ ඒ වැරැද්ද තේරුම් කරලා දෙන්න උපමා කතා ගණනාවක් ම දේශනා කළා. අපි හැමෝ ම දන්න “හණ මිටිය කරේ තියාගෙන යෑම” පිළිබඳ කතාව දේශනා කරන්නෙත් ඒ වෙලාවේ ම තමයි.
ඇත්ත හේතුව
මොන තරම් කරුණු පැහැදිළි කළත්, උපමා කියලා වැරැද්ද පෙන්නලා දුන්නත් පායාසි රාජන්‍යයා තමන්ගේ දෘෂ්ටිය වෙනස් කරගන්න බෑ කියලා කිව්වා. ඔහු ඒ බව කිව්වේ මේ විදිහට. “කස්සපයන් වහන්ස, මට මේ දෘෂ්ටිය අත්හරින්න නො හැකියි. පායාසි මෙබඳු දෘෂ්ටි ඇති බව පසේනදී රජතුමාත් අනෙක් රජවරුත් දන්නවා. ඉතින් මම දැන් මේ දෘෂ්ටිය අත්හැරියොත් ‘අනේ පායාසි මොන තරම් මෝඩ ද’ කියලා ඒ අය මට නින්දා කරාවි.”
අවසානය
ඒත් අන්තිමේ දී, පායාසි රාජන්‍යයා කුමාර කාශ්‍යප හාමුදුරුවන්ගේ දේශනා පිළි ඇරැගෙන තමන්ගේ ළාමක දෘෂ්ටිය අත්හැරියා. බුදුන්, දහම් සහ සඟුන් සරණ ගිය ඉාතමත් හොඳ උපාසකයෙක් බවට පත්වුණා. මරණින් පස්සේ සුගතියටත් ගියා.
=== === === === ===
පායාසි රාජන්‍යය සූත්‍රය ඉතාමත් දිග එකක්. ඒක මේ තරම් සංක්‍ෂිප්ත කළේ ඉතාමත් අමාරුවෙන්. දීඝ නිකායේ මහා වග්ගයේ අවසානයේ තියෙන සම්පූර්ණ සූත්‍ර දේශනාව සේවනය කරලා මේ විශිෂ්ට ධර්මය තේරුම් කරගන්න.
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රීලනිපය පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකියි.. - මැතිවරණ කොමිසම දන්වයි..
කෝටි10 කැබිනට් තීරණය හැංගුවේ ඇයි?.. ලැබෙන ප්‍රතිලාභ මොනවාද?.. - ප්‍රශ්න වැලක් මතු වන තිරය පිටුපස කතාව
ප්‍රංශයේ වෘත්තීය සමිති 5ක් එක්ව රට පුරා දැවැන්ත වර්ජනයක..
අනුරාධපුර පූජාභූමි සංවර්ධනයට අදාළව උපදේශක සභාවක් පත් කිරීම ගැන ප්‍රසාදය පළ කරනවා.. - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් ජනපතිට ලිපියක්..
අනුරාධපුර පූජා නගර සංවර්ධන ක්‍රියාවලිය ආශ‍්‍රිතව පැන නැගී ඇති ගැටලූ සහ මහජන විරෝධය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් ජනපතිට ලිපියක්..
ඇමෙරිකානු මැතිවරණ තීන්දුව හමුවේ ලෝක දේශපාලනයේ දැවැන්ත පරිවර්තනයක්..
මාලිමාව විපක්ෂයේදී කිව්ව කතා නිසා අද විහිළුවක් වෙලා.. - ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු
මධ්‍ය වාර මැතිවරණයෙන් ට්‍රම්ප් අන්ත පරාජයක් ලැබුවේ ඇයි?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
"රටම එකට ජාතික මෙහෙයුම" පළමු සංවත්සරයේ සර්ව ආගමික වැඩසටහන අද අරලියගහ මන්දිරයේදී.. භික්ෂූන් වහන්සෙලා උපරිම ප්‍රමාණයක් සහභාගි කරවන ලෙසට දන්වා ලිපි යවයි..
LIOC හා සයිනොපෙක් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය මිල රු.20කින් ඉහළට..
මැතිවරණ දිනයේදී ඊශ්‍රායලයට වාර්ෂිකව ලබාදෙන ඩොලර් බිලියන 4ක ආධාර නතර කරන බව ට්‍රම්ප් නිවේදනය කරයි..
ඡන්ද ගණන් කර අවසන් වෙන්නත් පෙරම ට්‍රම්ප් ට දැවැන්ත පරාජයක්...
ජනාධිපති සහභාගී වූ ABU සමුළුවේ සත්කාරකත්වයට 'සිරස' ට ලබාදුන් රුපියල් මිලියන 104ක අනුග්‍රාහකත්වය ගැන දැඩි කතාබහක්..
අමෙරිකාවේ සෙනෙට් සභාවේ බලය ඩිමොක්‍රටික් පක්ෂය දිනා ගනී..
GSP+ අහිමි වීමේ ලොකු ඉඩක්.. - ජී.එල්. පීරිස්ගෙන් අනාවරණයක්
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සත්කාරය දරන සමුළුවකට කෝටි 10ක් ලබාදීම ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..