ලංකාවේ මුස්ලිම් ජනගහණය 10.7% දක්වා.. වැඩිම ප්‍රතිශතයක් නැගෙනහිරින්..
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් සිදුකරන ලද 2024 ජනගහන හා නිවාස සංගණනයේ දත්ත වාර්තාවලට අනුව, ශ්‍රී ලංකාවේ මුළු ජනගහණයෙන් 10.7%ක් (මිලියන 2.34ක් පමණ) මුස්ලිම් ජනගහණය නියෝජනය කරන බව හෙළි වී තිබේ. දිස්ත්‍රික් මට්ටමින් සලකා බැලීමේදී මුස්ලිම් ජනගහණයේ ව්‍යාප්තිය 0.7% සිට 46.5% දක්වා පුළුල් පරාසයක විහිදී පවතී.
එක් එක් දිස්ත්‍රික්කයන් හි මුළු ජනගහණයෙන් මුස්ලිම් ජනගහණයේ ප්‍රතිශතය සලකා බලන විට, වැඩිම ප්‍රතිශතයක් වාර්තා වන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙනි (46.5%). ඊට අමතරව අම්පාර දිස්ත්‍රික්කයෙන් 45.6%ක ඉහළ ප්‍රතිශතයක් සටහන් වේ.
- ත්‍රිකුණාමලය: 46.5%
- අම්පාර: 45.6%
- මන්නාරම: 27.4%
- මඩකලපුව: 27.1%
- පුත්තලම: 21.6%
දිවයිනේ මධ්‍යම සහ බස්නාහිර පළාත් ආශ්‍රිතවද සැලකිය යුතු මුස්ලිම් ජනගහණයක් වාර්තා වී ඇත.
- මහනුවර: 15.3%
- කොළඹ: 12.6%
- වවුනියාව: 10.3%
- කළුතර: 10.6%
- මාතලේ: 9.9%
- අනුරාධපුරය: 8.8%
- කෑගල්ල: 8.3%
- පොළොන්නරුව: 8.3%
- කුරුණෑගල: 8.1%
- බදුල්ල: 6.1%
- ගම්පහ: 5.5%
දත්ත සටහනට අනුව දිවයිනේ අඩුම මුස්ලිම් ජනගහණ ප්‍රතිශතයක් වාර්තා වන්නේ යාපනය දිස්ත්‍රික්කයෙනි (0.7%). ඊට අමතරව කිලිනොච්චිය (1.0%), මොනරාගල (2.3%), රත්නපුරය (2.3%), මුලතිව් (2.7%), හම්බන්තොට (2.7%), නුවරඑළිය (3.0%), මාතර (3.6%) සහ ගාල්ල (4.2%) යන දිස්ත්‍රික්කවල ද මුස්ලිම් ජනගහණ ප්‍රතිශතය අඩු මට්ටමක පවතී.
සංගණන දත්තවලට අනුව දිස්ත්‍රික්ක 25 හි මුස්ලිම් ජනගහණ ප්‍රතිශත වර්ගීකරණය පහත පරිදි වේ:
30%+ ජනගහණයක් සහිත දිස්ත්‍රික්ක: 2යි (ත්‍රිකුණාමලය, අම්පාර)
20% – 30% අතර: දිස්ත්‍රික්ක 3යි (මන්නාරම, මඩකලපුව, පුත්තලම)
10% – 20% අතර: දිස්ත්‍රික්ක 4යි (මහනුවර, කොළඹ, වවුනියාව, කළුතර)
5% – 10% අතර: දිස්ත්‍රික්ක 7යි (මාතලේ, අනුරාධපුර, කෑගල්ල, පොළොන්නරුව, කුරුණෑගල, බදුල්ල, ගම්පහ)
3% – 5% අතර: දිස්ත්‍රික්ක 3යි
2% – 3% අතර: දිස්ත්‍රික්ක 4යි
2%ට අඩු: දිස්ත්‍රික්ක 2යි (යාපනය, කිලිනොච්චිය)
මෙම සංඛ්‍යාලේඛන මගින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය දිවයින පුරා ව්‍යාප්ත වී ඇති ආකාරය සහ නැගෙනහිර හා වයඹ දිස්ත්‍රික්ක කිහිපයක නාගරික හා වෙළඳ මධ්‍යස්ථාන ආශ්‍රිතව පවතින ජනගහණ ඝනත්වය පැහැදිලිව පෙන්නුම් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රීලනිපය පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකියි.. - මැතිවරණ කොමිසම දන්වයි..
කෝටි10 කැබිනට් තීරණය හැංගුවේ ඇයි?.. ලැබෙන ප්‍රතිලාභ මොනවාද?.. - ප්‍රශ්න වැලක් මතු වන තිරය පිටුපස කතාව
ප්‍රංශයේ වෘත්තීය සමිති 5ක් එක්ව රට පුරා දැවැන්ත වර්ජනයක..
අනුරාධපුර පූජාභූමි සංවර්ධනයට අදාළව උපදේශක සභාවක් පත් කිරීම ගැන ප්‍රසාදය පළ කරනවා.. - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් ජනපතිට ලිපියක්..
අනුරාධපුර පූජා නගර සංවර්ධන ක්‍රියාවලිය ආශ‍්‍රිතව පැන නැගී ඇති ගැටලූ සහ මහජන විරෝධය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් ජනපතිට ලිපියක්..
ඇමෙරිකානු මැතිවරණ තීන්දුව හමුවේ ලෝක දේශපාලනයේ දැවැන්ත පරිවර්තනයක්..
මාලිමාව විපක්ෂයේදී කිව්ව කතා නිසා අද විහිළුවක් වෙලා.. - ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු
මධ්‍ය වාර මැතිවරණයෙන් ට්‍රම්ප් අන්ත පරාජයක් ලැබුවේ ඇයි?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
"රටම එකට ජාතික මෙහෙයුම" පළමු සංවත්සරයේ සර්ව ආගමික වැඩසටහන අද අරලියගහ මන්දිරයේදී.. භික්ෂූන් වහන්සෙලා උපරිම ප්‍රමාණයක් සහභාගි කරවන ලෙසට දන්වා ලිපි යවයි..
LIOC හා සයිනොපෙක් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය මිල රු.20කින් ඉහළට..
මැතිවරණ දිනයේදී ඊශ්‍රායලයට වාර්ෂිකව ලබාදෙන ඩොලර් බිලියන 4ක ආධාර නතර කරන බව ට්‍රම්ප් නිවේදනය කරයි..
ඡන්ද ගණන් කර අවසන් වෙන්නත් පෙරම ට්‍රම්ප් ට දැවැන්ත පරාජයක්...
ජනාධිපති සහභාගී වූ ABU සමුළුවේ සත්කාරකත්වයට 'සිරස' ට ලබාදුන් රුපියල් මිලියන 104ක අනුග්‍රාහකත්වය ගැන දැඩි කතාබහක්..
අමෙරිකාවේ සෙනෙට් සභාවේ බලය ඩිමොක්‍රටික් පක්ෂය දිනා ගනී..
GSP+ අහිමි වීමේ ලොකු ඉඩක්.. - ජී.එල්. පීරිස්ගෙන් අනාවරණයක්
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සත්කාරය දරන සමුළුවකට කෝටි 10ක් ලබාදීම ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..