ABU සමුළුවේ සත්කාරකත්වය සිරසයි.. අනුග්‍රහය සංචාරක කාර්යංශයයි..
ලොව පුරා කීර්තිමත් මුද්‍රිත, විද්‍යුත් සහ ඩිජිටල් මාධ්‍ය ආයතනවල ඉහළ පෙළේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන 63 වන ආසියානු - පැසිෆික් විකාශන සංගමයේ (ABU) වාර්ෂික මහා සභා සැසිවාරය මෙරට සත්කාරකත්වයෙන් සාර්ථකව ආරම්භ වූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඔක්තෝබර් 30 වැනිදා සිට නොවැම්බර් 03 වැනිදා දක්වා පැවැත්වෙන මෙම සුවිශේෂී ජාත්‍යන්තර සම්මේලනයේ සමාරම්භක උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් හා සංචාරක ක්ෂේත්රයේ ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් අභිමානවත් අයුරින් පැවැත්විණි. මෙරට අනන්‍යතාව සහ සාම්ප්‍රදායික සංස්කෘතික විචිත්රත්වය ලොවට විදහා දක්වන අලංකාර සංස්කෘතික අංග රැසකින් ද මෙම සමාරම්භක අවස්ථාව වර්ණවත් විය.
මෙම මහා සභා සැසිවාරය සඳහා ලෝක ප්‍රකට BBC (බ්‍රිතාන්‍ය), NHK (ජපානය) සහ ABC (ඕස්ට්‍රේලියානු ගුවන්විදුලි සංස්ථාව) ඇතුළු ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර මාධ්‍ය ජාලයන්හි ඉහළ කළමනාකාරීත්වය නියෝජනය කරමින් විදෙස් මාධ්‍ය ප්‍රධානීන් 300 ත් 350 ත් අතර ප්‍රමාණයක් මෙරටට පැමිණ සිටිති.
ABU සංවිධානය මඟින් සංවිධානය කරනු ලබන මෙම සමුළුවේ සත්කාරක මාධ්‍ය සහකරු ලෙස 'එම්.ටී.වී. චැනල් පුද්ගලික සමාගම' (MTV Channel Private Limited) කටයුතු කරන අතර, ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය සපයනු ලබන්නේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසිනි.
මෙම ජාත්‍යන්තර සමුළුව මෙරට පැවැත්වීම තුළින් ගෝලීය වශයෙන් ශ්‍රී ලංකාවට හිමිවන මාධ්‍ය ප්‍රචාරණ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 250 ඉක්මවනු ඇතැයි ගණන් බලා තිබේ. ලොව පුරා සංචාරකයන් අතර ශ්‍රී ලංකාව හුදෙක් සංචාරක ගමනාන්තයක් ලෙස පමණක් නොව, වික්‍රමාන්විත අත්දැකීම් සහිත සුඛෝපභෝගී සන්නාමයක් (Iconic Brand) ලෙස ප්‍රවර්ධනය කිරීමට මෙය කදිම අවස්ථාවක් කරගෙන ඇත. මීට අමතරව, මෙරට සම්මන්ත්රණ හා ව්‍යාපාරික සංචාරක කර්මාන්තය, මංගල උත්සව ගමනාන්තයක් සහ සුවතා සංචාරක ව්‍යාපාරය සඳහා පවතින ඉහළ විභවය ජාත්‍යන්තර ප්‍රජාව වෙත ගෙන යාම ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්රයේ ප්‍රධාන ඉලක්කයකි.
දින පහක් පුරා පැවැත්වෙන මෙම සමුළුවට කාරක සභා රැස්වීම්, ප්‍රධාන මහා සභා සැසිවාරය, සම්මාන ප්‍රදානෝත්සවයක් සහ ආසියා - පැසිෆික් කලාපීය කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් යුත් විශේෂ සංගීත සැණකෙළියක් ඇතුළත් වේ. මීට අමතරව, සමුළුවට පැමිණි විදෙස් නියෝජිතයන් වෙනුවෙන් මෙරට දකුණු පළාතේ සංචාරක ආකර්ෂණීය ස්ථාන නැරඹීමේ විශේෂ අධ්‍යයන චාරිකාවක් ද සංවිධානය කර ඇත.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සංචාරක ප්‍රවර්ධනය වෙස්මුහුණක් පමණයි.. ඇතුළේ තියෙන්නේ සහචරයාට සැලකීමයි.. මහජන බදු මුදල්වලින් චෙවෝන් ඩැනියෙල්ගේ උපසභාපති ධුරය සමරනවාද?.. - විමල් ප්‍රශ්න කරයි..
ඇමෙරිකා-ඉරාන සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වෙයි.. ඇමෙරිකාව යළිත් ඉරානයට ප්‍රහාර එල්ල කළහොත් මැදපෙරදිග කලාපය පුරා යුද්ධයක් ව්‍යාප්ත වීමේ අවදානමක්..
ක්‍රිෂාන්ති කුමාරස්වාමි දූෂණය කර මරා දමා මාලය කඩාගත් සෝමරත්න රාජපක්ෂ.. දෙමළ ඩයස්පෝරාවට වීරයා වූ ද්‍රෝහියාගේ කතාව..
ABU සමුළුවේ සත්කාරකත්වය සිරසයි.. අනුග්‍රහය සංචාරක කාර්යංශයයි..
ජංගම ගිණුමේ ඩොලර් මිලියන 420 ක හිඟයක්... වෙළෙඳ හිඟය බිලියන 7.9 ඉක්මවයි.. - මහ බැංකුව
"දැන් අපේ බෞද්ධ සිද්ධස්ථාන ගැන තීරණ ගන්නෙත් ඉන්දියාවෙන්ද?" - අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම සහ ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති පිටුපස ඇති සැඟවුණු අරමුණු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
පොහොර වෙනුවට බොරු සහතික එපා.. 2026 මාස් කන්නය ආරම්භයේදීම ගොවීහු දැඩි අර්බුදයක.. - අනුරාධ තෙන්නකෝන්
නොපියවූ දේශීය ආදායම් බදු හිඟය රුපියල් ට්‍රිලියන 2.1ක්.. බදු පැනවීම් හමුවේ දිළිඳුකම හා අසමානතාව උග්‍ර වෙලා..- IMF
ඉන්ධන මිල ඉහළට..
ගෙවිඳු, සෙනෙවිට නඩු දැම්මෙත් නෑ.. සෙනෙවි නිලන්තට නඩු දාන්නෙත් නෑ..
අප මේ ගමන් කරන්නේ මුරුගසං වරුසාව දෙසටද?..
වටගල හා ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් මුල්‍ය විශුද්ධිකරණය යටතේ පරීක්ෂණ..
සතුරන් ත්‍රස්තවාදී ආක්‍රමණයකට මුලපිරුවහොත්, එම ගැටුම අවසන් කරන කාලය සහ කොන්දේසි තීරණය කරන්නේ ඉරානය.. - ප්‍රහාරයට සැරසෙන්නැයි ඉරාන නායකගෙන් හමුදාවට නියෝග..
ඇමති සුනිල් සෙනෙවි මේ දවස්වල නෑයන් සොයා යනවා.. සමාජ මාධ්‍යයේ පළවූ පුවතක් ගැන නීතිමය පියවරගන්න ප්රවෘත්ති අධ්‍යක්ෂකට බලය දී ඇත්තේ මොන පනතින්ද? - වරුණ රාජපක්ෂ
බ්‍රසීල ජනාධිපති ලූලාගේ ජයග්‍රහණය බ්‍රසීලයට පමණක් සීමා වූවක් නොවේ.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
යුරෝපා ආර්ථික අර්බුදය සහ ලංකාවට එහි ඇති බලපෑම ගැන ආසියා ප්‍රගති සංසදයේ කැඳවුම්කරු විනෝද් මුණසිංහගෙන් අනාවරණයක්..