මෙල්බර්න් සිට පැමිණි ශ්‍රීලංකන් යානයේ හදිසි ගොඩබැස්සවීම ගැන විශේෂ පරීක්ෂණයක්..
මෙල්බර්න් නුවර සිට කොළඹ බලා පියාසර කළ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL605 දරන ගුවන් යානයේ භාණ්ඩ ගබඩා කුටිය තුළ දුම් අනතුරු ඇඟවීම සක්‍රිය වීමට හේතුව සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවය පවසයි.
ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL605 දරන ගුවන් යානයේ භාණ්ඩ ගබඩා කුටිය (Cargo Hold) තුළ දුම් අනතුරු ඇඟවීමේ සංඥාවක් සක්‍රිය වීම හේතුවෙන්, ගොඩබෑම් ක්‍රියාවලියට පෙර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ බව ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කරයි.
ඊයේ (01) දින දින රාත්‍රී 11:20 ට කොළඹට ළඟාවීමට නියමිතව තිබූ මෙම යානය, හදිසි තත්ත්වය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වූ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලධාරීන්ගේ සූදානම මැද ආරක්ෂිතව ගොඩබස්සවා තිබුණි.
ගොඩබසින අවස්ථාව වන විටත් ගුවන්තොටුපොළ හදිසි අනතුරු අංශ සහ ගිනි නිවීමේ රථ සූදානමින් තබා තිබූ අතර, යානයේ සිටි සියලුම මගීන් සහ ගුවන් යානා කාර්ය මණ්ඩලය කිසිදු හානියකින් තොරව ආරක්ෂිතව යානයෙන් පිටතට යොමු කිරීමට පියවර ගැනුණි.
මේ අතර සියලු මගීන්ගේ සහ ගුවන් යානා කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව මෙන්ම සුභසාධනය වෙනුවෙන් සෑම විටම ඉහළම ප්‍රමුඛතාවයක් ලබාදීමට ශ්‍රීලංකන් ගුවන් සේවය බැඳී සිටින බවයි එම සමාගම වැඩිදුරටත් අවධාරණය කරන්නේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජංගම ගිණුමේ ඩොලර් මිලියන 420 ක හිඟයක්... වෙළෙඳ හිඟය බිලියන 7.9 ඉක්මවයි.. - මහ බැංකුව
"දැන් අපේ බෞද්ධ සිද්ධස්ථාන ගැන තීරණ ගන්නෙත් ඉන්දියාවෙන්ද?" - අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම සහ ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති පිටුපස ඇති සැඟවුණු අරමුණු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
පොහොර වෙනුවට බොරු සහතික එපා.. 2026 මාස් කන්නය ආරම්භයේදීම ගොවීහු දැඩි අර්බුදයක.. - අනුරාධ තෙන්නකෝන්
නොපියවූ දේශීය ආදායම් බදු හිඟය රුපියල් ට්‍රිලියන 2.1ක්.. බදු පැනවීම් හමුවේ දිළිඳුකම හා අසමානතාව උග්‍ර වෙලා..- IMF
ඉන්ධන මිල ඉහළට..
ගෙවිඳු, සෙනෙවිට නඩු දැම්මෙත් නෑ.. සෙනෙවි නිලන්තට නඩු දාන්නෙත් නෑ..
අප මේ ගමන් කරන්නේ මුරුගසං වරුසාව දෙසටද?..
වටගල හා ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් මුල්‍ය විශුද්ධිකරණය යටතේ පරීක්ෂණ..
සතුරන් ත්‍රස්තවාදී ආක්‍රමණයකට මුලපිරුවහොත්, එම ගැටුම අවසන් කරන කාලය සහ කොන්දේසි තීරණය කරන්නේ ඉරානය.. - ප්‍රහාරයට සැරසෙන්නැයි ඉරාන නායකගෙන් හමුදාවට නියෝග..
ඇමති සුනිල් සෙනෙවි මේ දවස්වල නෑයන් සොයා යනවා.. සමාජ මාධ්‍යයේ පළවූ පුවතක් ගැන නීතිමය පියවරගන්න ප්රවෘත්ති අධ්‍යක්ෂකට බලය දී ඇත්තේ මොන පනතින්ද? - වරුණ රාජපක්ෂ
බ්‍රසීල ජනාධිපති ලූලාගේ ජයග්‍රහණය බ්‍රසීලයට පමණක් සීමා වූවක් නොවේ.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
යුරෝපා ආර්ථික අර්බුදය සහ ලංකාවට එහි ඇති බලපෑම ගැන ආසියා ප්‍රගති සංසදයේ කැඳවුම්කරු විනෝද් මුණසිංහගෙන් අනාවරණයක්..
උද්ධමනය 8%ට චුට්ටක් ඉහළ අගයකට ඇවිත් තියෙනවා.. ජනතාවට දුෂ්කරයි.. මැදපෙරදිග යුද්ධය තමයි හේතුව.. - ජනපති
ජනාධිපතිවරයා මහා සංඝරත්නයට අවනත වන බව පෙන්වීම පළමු වටයේ දී ජයග්‍රහණයක්.. - ජාතික සංවිධාන කියයි
දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව ගැන මූලික වාර්තාවෙන් අනාවරණයක්..
කවුරු කෑගැහුවත් ආණ්ඩුව PSTA ගේනවා.. - ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩුගෙන් බරපතළ අනාවරණයක්