කොළඹ කොටස් වෙළෙඳපොළින් 2026 වසරේ මුල් මාස 10 තුළ 10.97%ක පහළ යාමක්..
කොළඹ කොටස් වෙළෙඳපොළේ නිල දත්ත වාර්තාවන්ට අනුව, 2026 වසරේ මුල් මාස 10 ඇතුළත කොටස් වෙළෙඳපොළ 10.97% ක පහළ යාමක් වාර්තා කර තිබේ.
පසුගිය ඔක්තෝබර් 30 වන සිකුරාදා දින ගනුදෙනු අවසන් වන විට, සියලු කොටස් මිල දර්ශක අගය 20,142.33ක් ලෙස සටහන් විය.
වසර ආරම්භයේදී එම අගය 22,624.31ක් වූ අතර, එය ඒකක 2,481.98 ක හෙවත් 10.97% ක පහළ යාමක්.
එමෙන්ම, කොළඹ කොටස් වෙළෙඳපොළේ අනෙක් ප්‍රධාන මිල දර්ශකය වන S&P SL20 දර්ශකය ද මෙම කාලපරිච්ඡේදය තුළදී ඒකක 6,157.38 සිට 5,746.40 දක්වා ඒකක 410.98 කින් හෙවත් 6.67% කින් පහළ ගොස් ඇති බව කොටස් වෙළඳපොළ දත්ත පෙන්වා දෙයි.
මේ අතර, පසුගිය ඔක්තෝබර් මාසය තුළ පමණක් කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සමස්ත වටිනාකම රුපියල් බිලියන 441.17කින් පහළ ගොස් තිබේ.
2026 සැප්තැම්බර් මාසය අවසන් වන විට සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගය රුපියල් බිලියන 7,548.18ක් වූ අතර, ඔක්තෝබර් 30 වන දින වන විට එම අගය රුපියල් බිලියන 7,107.01ක් දක්වා අඩුවී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජංගම ගිණුමේ ඩොලර් මිලියන 420 ක හිඟයක්... වෙළෙඳ හිඟය බිලියන 7.9 ඉක්මවයි.. - මහ බැංකුව
"දැන් අපේ බෞද්ධ සිද්ධස්ථාන ගැන තීරණ ගන්නෙත් ඉන්දියාවෙන්ද?" - අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම සහ ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති පිටුපස ඇති සැඟවුණු අරමුණු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
පොහොර වෙනුවට බොරු සහතික එපා.. 2026 මාස් කන්නය ආරම්භයේදීම ගොවීහු දැඩි අර්බුදයක.. - අනුරාධ තෙන්නකෝන්
නොපියවූ දේශීය ආදායම් බදු හිඟය රුපියල් ට්‍රිලියන 2.1ක්.. බදු පැනවීම් හමුවේ දිළිඳුකම හා අසමානතාව උග්‍ර වෙලා..- IMF
ඉන්ධන මිල ඉහළට..
ගෙවිඳු, සෙනෙවිට නඩු දැම්මෙත් නෑ.. සෙනෙවි නිලන්තට නඩු දාන්නෙත් නෑ..
අප මේ ගමන් කරන්නේ මුරුගසං වරුසාව දෙසටද?..
වටගල හා ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් මුල්‍ය විශුද්ධිකරණය යටතේ පරීක්ෂණ..
සතුරන් ත්‍රස්තවාදී ආක්‍රමණයකට මුලපිරුවහොත්, එම ගැටුම අවසන් කරන කාලය සහ කොන්දේසි තීරණය කරන්නේ ඉරානය.. - ප්‍රහාරයට සැරසෙන්නැයි ඉරාන නායකගෙන් හමුදාවට නියෝග..
ඇමති සුනිල් සෙනෙවි මේ දවස්වල නෑයන් සොයා යනවා.. සමාජ මාධ්‍යයේ පළවූ පුවතක් ගැන නීතිමය පියවරගන්න ප්රවෘත්ති අධ්‍යක්ෂකට බලය දී ඇත්තේ මොන පනතින්ද? - වරුණ රාජපක්ෂ
බ්‍රසීල ජනාධිපති ලූලාගේ ජයග්‍රහණය බ්‍රසීලයට පමණක් සීමා වූවක් නොවේ.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
යුරෝපා ආර්ථික අර්බුදය සහ ලංකාවට එහි ඇති බලපෑම ගැන ආසියා ප්‍රගති සංසදයේ කැඳවුම්කරු විනෝද් මුණසිංහගෙන් අනාවරණයක්..
උද්ධමනය 8%ට චුට්ටක් ඉහළ අගයකට ඇවිත් තියෙනවා.. ජනතාවට දුෂ්කරයි.. මැදපෙරදිග යුද්ධය තමයි හේතුව.. - ජනපති
ජනාධිපතිවරයා මහා සංඝරත්නයට අවනත වන බව පෙන්වීම පළමු වටයේ දී ජයග්‍රහණයක්.. - ජාතික සංවිධාන කියයි
දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව ගැන මූලික වාර්තාවෙන් අනාවරණයක්..
කවුරු කෑගැහුවත් ආණ්ඩුව PSTA ගේනවා.. - ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩුගෙන් බරපතළ අනාවරණයක්