නැගෙනහිර ජැටිය විකුණනවද නැද්ද කියන්න ඕන වරාය ඇමතියි.. - අමති බිමල්
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය විකිණීමට හෝ පෞද්ගලික අංශයට පැවරීමට වත්මන් ආණ්ඩුව තීරණයක් ගෙන නොමැති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කරයි.
නැගෙනහිර ජැටිය පෞද්ගලීකරණය කිරීමේ සූදානමක් පවතින බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
ඩොලර් මිලියන 200 කට ආසන්න දැවැන්ත වාර්ෂික ආදායමක් උපයන මෙවැනි උපායමාර්ගික ආයතන ආරක්ෂා කරන බවට පොරොන්දු වී බලයට පත්වූ ආණ්ඩුව, වර්තමානයේ ඊට පටහැනිව කටයුතු කරන්නේ දැයි මාධ්‍යවේදීන් මෙහිදී අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.
ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, තමන් වරාය විෂයභාර අමාත්‍යවරයා නොවන බැවින් එහි පරිපාලනමය කරුණු පිළිබඳව සවිස්තරාත්මකව ප්‍රකාශ කළ යුත්තේ වරාය අමාත්‍යවරයා වුවද, ආණ්ඩුවක් ලෙස එවැනි තීරණයක් ගෙන නොමැති බව තමන්ට ප්‍රකාශ කළ හැකි බවයි.
"නැගෙනහිර පර්යන්තය කියන්නේ ඉතාමත් වටිනා ජාතික සම්පතක්. ඒ වගේම එය කළමනාකරණය කිරීම විශාල වගකීමක්. අපි පිළිගත යුතු කරුණක් තිබෙනවා; වරාය කර්මාන්තය කියන්නේ ලෝකයේ පවතින විශාලතම සහ ඉහළම තරගකාරීත්වයක් සහිත ක්ෂේත්රයක්. ඒ සඳහා නවීන තාක්ෂණය අත්‍යවශ්‍යයි. එහෙත්, මෙම පර්යන්තය පෞද්ගලීකරණය කිරීමට රජය කිසිදු තීරණයක් අරගෙන නෑ. මෙවැනි ප්රවෘත්ති මාධ්‍යයට යන්නේ කෙසේදැයි මා දන්නේ නැහැ" යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජංගම ගිණුමේ ඩොලර් මිලියන 420 ක හිඟයක්... වෙළෙඳ හිඟය බිලියන 7.9 ඉක්මවයි.. - මහ බැංකුව
"දැන් අපේ බෞද්ධ සිද්ධස්ථාන ගැන තීරණ ගන්නෙත් ඉන්දියාවෙන්ද?" - අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම සහ ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති පිටුපස ඇති සැඟවුණු අරමුණු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
පොහොර වෙනුවට බොරු සහතික එපා.. 2026 මාස් කන්නය ආරම්භයේදීම ගොවීහු දැඩි අර්බුදයක.. - අනුරාධ තෙන්නකෝන්
නොපියවූ දේශීය ආදායම් බදු හිඟය රුපියල් ට්‍රිලියන 2.1ක්.. බදු පැනවීම් හමුවේ දිළිඳුකම හා අසමානතාව උග්‍ර වෙලා..- IMF
ඉන්ධන මිල ඉහළට..
ගෙවිඳු, සෙනෙවිට නඩු දැම්මෙත් නෑ.. සෙනෙවි නිලන්තට නඩු දාන්නෙත් නෑ..
අප මේ ගමන් කරන්නේ මුරුගසං වරුසාව දෙසටද?..
වටගල හා ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් මුල්‍ය විශුද්ධිකරණය යටතේ පරීක්ෂණ..
සතුරන් ත්‍රස්තවාදී ආක්‍රමණයකට මුලපිරුවහොත්, එම ගැටුම අවසන් කරන කාලය සහ කොන්දේසි තීරණය කරන්නේ ඉරානය.. - ප්‍රහාරයට සැරසෙන්නැයි ඉරාන නායකගෙන් හමුදාවට නියෝග..
ඇමති සුනිල් සෙනෙවි මේ දවස්වල නෑයන් සොයා යනවා.. සමාජ මාධ්‍යයේ පළවූ පුවතක් ගැන නීතිමය පියවරගන්න ප්රවෘත්ති අධ්‍යක්ෂකට බලය දී ඇත්තේ මොන පනතින්ද? - වරුණ රාජපක්ෂ
බ්‍රසීල ජනාධිපති ලූලාගේ ජයග්‍රහණය බ්‍රසීලයට පමණක් සීමා වූවක් නොවේ.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ
යුරෝපා ආර්ථික අර්බුදය සහ ලංකාවට එහි ඇති බලපෑම ගැන ආසියා ප්‍රගති සංසදයේ කැඳවුම්කරු විනෝද් මුණසිංහගෙන් අනාවරණයක්..
උද්ධමනය 8%ට චුට්ටක් ඉහළ අගයකට ඇවිත් තියෙනවා.. ජනතාවට දුෂ්කරයි.. මැදපෙරදිග යුද්ධය තමයි හේතුව.. - ජනපති
ජනාධිපතිවරයා මහා සංඝරත්නයට අවනත වන බව පෙන්වීම පළමු වටයේ දී ජයග්‍රහණයක්.. - ජාතික සංවිධාන කියයි
දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව ගැන මූලික වාර්තාවෙන් අනාවරණයක්..
කවුරු කෑගැහුවත් ආණ්ඩුව PSTA ගේනවා.. - ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩුගෙන් බරපතළ අනාවරණයක්