News Category
From Date
To Date
Maximum Number of Result

රාජ්‍ය ව්‍යවසායන් 33ක් ඈවර කිරීමේ කටයුතු ක්‍රියාත්මකයි.. - මුදල් අමාත්‍යාශය

Nov 2, 2026 at 02:51 PM
|

රජය සතු තෝරාගත් ව්‍යවසායන් 33ක් ඈවර කිරීමේ කටයුතු මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මුදල් අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය සඳහා වූ විශේෂිත ඒකකයක් පසුගිය මාර්තු මාසයේදී අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කළ බවය.

ඒ අනුව අදාළ ඒකකය මේ වනවිට තෝරාගත් රාජ්‍ය ව්‍යවසායන් 33ක් ඈවර කිරීමේ කටයුතුවල නිරතව සිටින බව අමාත්‍යාංශය පෙන්වා දී තිබේ.

සම්බන්ධිත පුවත් | Related News

රත්නපුර දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාරගේ ඥාතියෙකුට අයත් බව කියන ඉඩමක තිබූ ගංජා වගාවක් වැටලීමේ සිද්ධියකට අදාළව පැවති නඩුවකින් සූරියකන්ද පොලිසියේ හිටපු පොලිස් කොස්තාපල් සුසන්ත හෙට්ටිආරච්චි නිදහස් කිරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කර තිබේ.
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය විකිණීමට හෝ පෞද්ගලික අංශයට පැවරීමට වත්මන් ආණ්ඩුව තීරණයක් ගෙන නොමැති බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අවධාරණය කරයි.
කොළඹ කොටස් වෙළෙඳපොළේ නිල දත්ත වාර්තාවන්ට අනුව, 2026 වසරේ මුල් මාස 10 ඇතුළත කොටස් වෙළෙඳපොළ 10.97% ක පහළ යාමක් වාර්තා කර තිබේ.
වසරේ මුල් මාස නවය (ජනවාරි සිට සැප්තැම්බර් දක්වා) තුළ මෙරට විදේශ ජංගම ගිණුමේ ශේෂය එක්සත් ජනපද ඩොලර් මිලියන 420 ක කැපී පෙනෙන හිඟයක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
සසුන රැකීමට ගෝලීය සිංහල එකමුුව විසින් සංවිධානය කරනු ලබන “මහජන කතිකාවක්” හෙට (2026 නොවැම්බර් 03 වන දින) පස්වරු 2.00 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු සහ පාසැල් වෑන් රථ ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බව එම සංගම් ප්‍රකාශ කරයි.
නීති සම්මත වීමට පෙර පොලිසිය නීති ප්‍රැක්ටිස් කරමින් ඇති බවත්, ඉකුත් දා කඩවත ගෝනහේන ප්‍රදේශයේ ඇති වූ අවසානාවන්ත සිද්ධියද එලෙස සඳහන් කළ හැකි බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා පවසයි.
අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම සහ ඉන්දියානු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති පිටුපස පවතින සැඟවුණු අරමුණු සහ ඉන් මෙරට බෞද්ධ උරුමයට සිදුවන බලපෑම් පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා Lanka Voice යූටියුබ් නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකදී පුළුල් ලෙස කරුණු අනාවරණය කළේය.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට වහාම ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් එරට ප්‍රධාන නගර පහක දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ වී තිබේ.

ප්‍රධාන පුවත්

ජංගම ගිණුමේ ඩොලර් මිලියන 420 ක හිඟයක්... වෙළෙඳ හිඟය බිලියන 7.9 ඉක්මවයි.. - මහ බැංකුව

වසරේ මුල් මාස නවය (ජනවාරි සිට සැප්තැම්බර් දක්වා) තුළ මෙරට විදේශ ජංගම ගිණුමේ ශේෂය එක්සත් ජනපද ඩොලර් මිලියන 420 ක කැපී පෙනෙන හිඟයක් වාර්තා කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

"දැන් අපේ බෞද්ධ සිද්ධස්ථාන ගැන තීරණ ගන්නෙත් ඉන්දියාවෙන්ද?" - අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම සහ ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති පිටුපස ඇති සැඟවුණු අරමුණු වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..

අනුරාධපුර පූජා නගර සංවර්ධන සැලැස්ම සහ ඉන්දියානු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක වන විවිධ ව්‍යාපෘති පිටුපස පවතින සැඟවුණු අරමුණු සහ ඉන් මෙරට බෞද්ධ උරුමයට සිදුවන බලපෑම් පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා Lanka Voice යූටියුබ් නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකදී පුළුල් ලෙස කරුණු අනාවරණය කළේය.

පොහොර වෙනුවට බොරු සහතික එපා.. 2026 මාස් කන්නය ආරම්භයේදීම ගොවීහු දැඩි අර්බුදයක.. - අනුරාධ තෙන්නකෝන්

2026/27 මාස් කන්නයේ වගා කටයුතු දිවයින පුරා ආරම්භ වී තිබුණද, කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පවතින නිසි කළමනාකරණයක් නොමැතිකම සහ දත්තවල පවතින ගැටලු හේතුවෙන් මෙවරද දැඩි පොහොර සහ බීජ හිඟයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.

නොපියවූ දේශීය ආදායම් බදු හිඟය රුපියල් ට්‍රිලියන 2.1ක්.. බදු පැනවීම් හමුවේ දිළිඳුකම හා අසමානතාව උග්‍ර වෙලා..- IMF

ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් අයකරගත යුතුව ඇති නොපියවූ හිඟ බදු ප්‍රමාණය එළඹෙන 2025 වසර අවසානය වන විට රුපියල් ට්‍රිලියන 2.1ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ යනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කර ඇති අතර, එවන් දැවැන්ත බදු හිඟයක් පවතිද්දී සාමාන්‍ය ජනතාව මත පමණක් පටවන අසාධාරණ බදු ප්‍රතිපත්ති හේතුවෙන් රට තුළ ආර්ථික අසමානතාව හා දිළිඳුකම පෙර නොවූ විරූ ලෙස දරුණු විය හැකි බවට එම අරමුදලේම නවතම පර්යේෂණ වාර්තා අනතුරු අඟවයි.

ඉන්ධන මිල ඉහළට..

ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ නැංවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ගෙවිඳු, සෙනෙවිට නඩු දැම්මෙත් නෑ.. සෙනෙවි නිලන්තට නඩු දාන්නෙත් නෑ..

බුද්ධ ශාසන, ආගමික සහ සංකෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය මහාචාර්ය හිනිදුම සෙනෙවි මහතා පිළිබඳව 2020 නොවැම්බර් 14 දින එක්තරා වෙබ්අඩවියක පළකර තිබූ වාර්තාවක් සම්බන්ධයෙන් 2024 නොවැම්බර් මස 20 වැනි දින ලංකා ලීඩර් (lankaleader) අප ප්‍රවෘත්ති බෙබ් අඩවියේ යම් කරුණු අනාවරණයක් සිදුකරන ලද අතර, එහිදී "මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?" යනුවෙන් මාතෘකාව යටතේ අප පවසා සිටියේ https://slbookreview.blogspot.com/2020/11/blog-post_14.html නමැති වෙබ් අඩවියේ අමාත්‍යවරයා සම්බන්ධයෙන් කරුණු හෙළිදරව්වක් සිදුකර ඇති බවයි.

අප මේ ගමන් කරන්නේ මුරුගසං වරුසාව දෙසටද?..

වසර හයකට ආසන්න කාලයක් විවිධ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ චෝදනාවක් අද අමාත්‍යවරයකුගේ සදාචාරාත්මක වගවීම පිළිබඳ මහජන ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. ඒ සමඟම මේ නිසා මාධ්‍යවල වගකීම, පුරවැසියකුගේ ප්‍රශ්න කිරීමේ අයිතිය සහ රාජ්‍ය බලය භාවිත කිරීමේ සීමා පිළිබඳවද ප්‍රශ්න මතුව තිබේ.

වටගල හා ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් මුල්‍ය විශුද්ධිකරණය යටතේ පරීක්‍ෂණ..

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සහ හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි යන මහත්වරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පැවැත්වීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව තීරණය කර ඇති බව The Sunday Times පුවත්පත වාර්තා කරයි.

සතුරන් ත්‍රස්තවාදී ආක්‍රමණයකට මුලපිරුවහොත්, එම ගැටුම අවසන් කරන කාලය සහ කොන්දේසි තීරණය කරන්නේ ඉරානය.. - ප්‍රහාරයට සැරසෙන්නැයි ඉරාන නායකගෙන් හමුදාවට නියෝග..

ඇමෙරිකාව හෝ ඊශ්‍රායලය විසින් ඉරානය වෙත යළි කිසියම් හෝ හමුදා ප්‍රහාරයක් එල්ල කළහොත්, කිසිදු භූගෝලීය සීමාවකට යටත් නොවී වහාම ක්‍රියාත්මක වන දැවැන්ත ප්‍රතිප්‍රහාර මාලාවක් දියත් කරන බවට ඉරානයේ උත්තරීතර නායක මොජ්තබා ඛමේනි දැඩි අනතුරු ඇඟවීමක් කර ඇතැයි තුර්කියේ 'ඩේලි සබා' පුවත්පත වාර්තා කර සිටියි.

ඇමති සුනිල් සෙනෙවි මේ දවස්වල නෑයන් සොයා යනවා.. සමාජ මාධ්‍යයේ පළවූ පුවතක් ගැන නීතිමය පියවරගන්න ප්‍රවෘත්ති අධ්‍යක්ෂකට බලය දී ඇත්තේ මොන පනතින්ද? - වරුණ රාජපක්ෂ

ඕනෑම ගමකට ගිය විට තමන්ගේ මිතුරෙකුට එම ගමේ නෑයන් සිටි බව පවසන බවත්, ඇමති සුනිල් පෙනෙවිට ද එබඳුම නෑයන් සිටින බව පෙනෙන බවත්, ධර්මපාලතුමත් ඔහුගේ නෑයකු බවත්, කල්වාරි කන්ද හැදූ අයත් නෑයන් බවත්, හිමුදුරුවරුන් ද නෑදෑයන් බවත් වරුණ රාජපක්ෂ මහතා පවසයි.

බ්‍රසීල ජනාධිපති ලූලාගේ ජයග්‍රහණය බ්‍රසීලයට පමණක් සීමා වූවක් නොවේ.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ

බ්‍රසීල ජනාධිපතිවරණයෙන් ලූලා ද සිල්වා ලැබූ ඓතිහාසික ජයග්‍රහණය යනු ඔහුගේ පෞද්ගලික ජයග්‍රහණයකට හෝ බ්‍රසීලයට පමණක් සීමා වූ ජයක් නොව, ගෝලීය දකුණේ සහ බ්‍රික්ස් (BRICS) සංවිධානයේ සමස්ත ප්‍රගතිශීලී කඳවුරේම නැගිටීමක් බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

යුරෝපා ආර්ථික අර්බුදය සහ ලංකාවට එහි ඇති බලපෑම ගැන ආසියා ප්‍රගති සංසදයේ කැඳවුම්කරු විනෝද් මුණසිංහගෙන් අනාවරණයක්..

පසුගිය කාලය තුළ යුරෝපා රටවල හටගත් ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ හුදෙක් තාවකාලික සිදුවීම් නොව, නව ලිබරල් ආර්ථික ක්‍රමයේ අසාර්ථකත්වය හමුවේ අලුයට ගිනිපුපුරු මෙන් පවතින ගැඹුරු අර්බුදයක ප්‍රතිඵලයක් බව ආසියා ප්‍රගති සංසදයේ කැඳවුම්කරු විනෝද් මුණසිංහ මහතා පවසයි.

උද්ධමනය 8%ට චුට්ටක් ඉහළ අගයකට ඇවිත් තියෙනවා.. ජනතාවට දුෂ්කරයි.. මැදපෙරදිග යුද්ධය තමයි හේතුව.. - ජනපති

රජයේ අපේක්ෂිත ආදායම් ඉලක්කයන්ට කිසිදු හානියක් නොවන අයුරින්, එළඹෙන අයවැය ලේඛනය මඟින් තෝරාගත් බදු වර්ග කිහිපයක් තවදුරටත් පහත හෙළීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා මහා සංඝරත්නයට අවනත වන බව පෙන්වීම පළමු වටයේ දී ජයග්‍රහණයක්.. - ජාතික සංවිධාන කියයි

අනුරාධපුර පූජාභූමි සංවර්ධනය සඳහා ජනාධිපතිවරයා විසින් උපදේශක සභාවක් පිහිටුවීම මගින් මීට පෙර ක්‍රියාකිරීමට උත්සාහ කළ ආකාරයේ වෙනසක් ඇතිවී තිබේද යන්න පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව ගැන මූලික වාර්තාවෙන් අනාවරණයක්..

ඔක්තෝබර් 17 වැනිදා දිවයින පුරා සිදුවූ විදුලි බිඳවැටීම ලක්විජය බලාගාරයේ පළමු ජනන යන්ත්‍රයේ විදුලි උත්පාදනය හදිසියේ පහත වැටීමත් සමග ආරම්භ වී ඇති බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම (National System Operator – NSO) නිකුත් කළ මූලික විමර්ශන වාර්තාවෙන් අනාවරණය වී තිබේ.

කවුරු කෑගැහුවත් ආණ්ඩුව PSTA ගේනවා.. - ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩුගෙන් බරපතළ අනාවරණයක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරමින් රජය විසින් ගෙන ඒමට යෝජිත "ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත" (PSTA) හිටපු පනතටත් වඩා බරපතල හා දැඩි ස්වරූපයක් ගන්නා බව ප්‍රවීණ මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.