NPP විධායක කමිටු සාමාජික නීතිඥ ලාල් විජේනායක අභාවප්රාප්ත වෙයි..
ජාතික ජන බලවේගයේ මෙහෙයුම් කමිටු සහ ජාතික විධායක සභා සාමාජිකයෙකු මෙන්ම මෙරට ජ්යෙෂ්ඨ නීතිඥවරයෙකු සහ මානව හිමිකම් ක්රියාකාරිකයෙකු වූ ලාල් විජේනායක මහතා ඊෙය් (31) පස්වරුවේ අභාවප්රාප්ත විය.
ශ්රී ලංකාවේ ප්රගතිශීලී වාමාංශික දේශපාලන ව්යාපාරය තුළ දශක ගණනාවක් පුරා සක්රීය කාර්යභාරයක් ඉටු කළ ඒ මහතා, ශිෂ්ය අවධියේ සිටම ලංකා සමසමාජ පක්ෂය සමඟ එක්ව දේශපාලනයේ නිරත වූවෙකි.
දීර්ඝ කාලයක් ලංකා සමසමාජ පක්ෂයේ මධ්යම කාරක සභිකයෙකු සහ දේශපාලන මණ්ඩල සාමාජිකයෙකු මෙන්ම එහි භාණ්ඩාගාරිකවරයා ලෙසද කටයුතු කළ හෙතෙම, පසුව පක්ෂයෙන් ඉවත්ව එක්සත් වාමාංශික පෙරමුණ ගොඩනැගීමේ පුරෝගාමියෙකු ලෙස කටයුතු කළේය.
1988 වසරේ පළාත් සභා ක්රමය ස්ථාපිත කිරීමෙන් අනතුරුව පිහිටුවන ලද ප්රථම මධ්යම පළාත් සභාවේ විපක්ෂ නායක ධුරය හොබවනු ලැබුවේද ලාල් විජේනායක මහතා විසිනි.
නීතියේ ආධිපත්යය, අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන් අඛණ්ඩව හඬ නැඟූ ඒ මහතා 'ප්රජාතන්ත්රවාදය සඳහා නීතිඥයෝ' සංවිධානයේ කැඳවුම්කරු සහ සමාරම්භක සාමාජිකයෙකු ලෙසද කටයුතු කරමින් සිවිල් හා ප්රජාතන්ත්රවාදී අරගලයන්හි පෙරමුණ ගත්තේය.
ලාල් විජේනායක මහතා 1969 වසරේදී නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දීමෙන් පසු, 1971 අප්රේල් කැරැල්ලට සම්බන්ධ චූදිත තරුණයින් වෙනුවෙන් අපරාධ යුක්ති විනිශ්චය කොමිසම හමුවේ ජ්යෙෂ්ඨ නීතිඥ එස්. නඩේසන් මහතා සමඟ පෙනී සිටිමින් සිය වෘත්තීය ජීවිතයේ මුල් භාගයේ සිටම පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටියේය. එසේම මහවැලි ගොවීන්ගෙන් ජල බද්දක් අය කිරීමට එරෙහිව ගොවි ජනතාව වෙනුවෙන් පෙනී සිටිමින් එම අසාධාරණ බද්ද අහෝසි කරවීමට අධිකරණය හමුවේ ඓතිහාසික නීතිමය සටනක් මෙහෙයවූයේද ඔහු විසිනි.
විශේෂයෙන්ම, 2015-2019 කාලසීමාවේදී නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් සම්පාදනය කිරීම උදෙසා පත් කරන ලද 'ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ පිළිබඳ මහජන නියෝජන කමිටුවේ' සභාපතිවරයා ලෙස පත් වූයේද ලාල් විජේනායක මහතාය.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ගෙවිඳු, සෙනෙවිට නඩු දැම්මෙත් නෑ.. සෙනෙවි නිලන්තට නඩු දාන්නෙත් නෑ..
අප මේ ගමන් කරන්නේ මුරුගසං වරුසාව දෙසටද?..
වටගල හා ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් මුල්ය විශුද්ධිකරණය යටතේ පරීක්ෂණ..
සතුරන් ත්රස්තවාදී ආක්රමණයකට මුලපිරුවහොත්, එම ගැටුම අවසන් කරන කාලය සහ කොන්දේසි තීරණය කරන්නේ ඉරානය.. - ප්රහාරයට සැරසෙන්නැයි ඉරාන නායකගෙන් හමුදාවට නියෝග..
ඇමති සුනිල් සෙනෙවි මේ දවස්වල නෑයන් සොයා යනවා.. සමාජ මාධ්යයේ පළවූ පුවතක් ගැන නීතිමය පියවරගන්න ප්රවෘත්ති අධ්යක්ෂකට බලය දී ඇත්තේ මොන පනතින්ද? - වරුණ රාජපක්ෂ
බ්රසීල ජනාධිපති ලූලාගේ ජයග්රහණය බ්රසීලයට පමණක් සීමා වූවක් නොවේ.. - ආචාර්ය ජගත් චන්ද්රවංශ
යුරෝපා ආර්ථික අර්බුදය සහ ලංකාවට එහි ඇති බලපෑම ගැන ආසියා ප්රගති සංසදයේ කැඳවුම්කරු විනෝද් මුණසිංහගෙන් අනාවරණයක්..
උද්ධමනය 8%ට චුට්ටක් ඉහළ අගයකට ඇවිත් තියෙනවා.. ජනතාවට දුෂ්කරයි.. මැදපෙරදිග යුද්ධය තමයි හේතුව.. - ජනපති
ජනාධිපතිවරයා මහා සංඝරත්නයට අවනත වන බව පෙන්වීම පළමු වටයේ දී ජයග්රහණයක්.. - ජාතික සංවිධාන කියයි
දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව ගැන මූලික වාර්තාවෙන් අනාවරණයක්..
කවුරු කෑගැහුවත් ආණ්ඩුව PSTA ගේනවා.. - ශමීන්ද්ර ෆර්ඩිනැන්ඩුගෙන් බරපතළ අනාවරණයක්
ඊශ්රායල මැතිවරණ ප්රතිඵල, නෙතන්යාහුගේ අනාගතය සහ ජාත්යන්තර දේශපාලන ප්රවණතා ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
සරත් වීරසේකරගෙන් කිංස්බරි හෝටලයට එන්තරවාසියක්.. සීසීටීවී දර්ශන විකෘති කර අපහාස කළ බවට චෝදනා..
76 වසරක සාපය කියමින් බලයට ආ ආණ්ඩුවට රටේ කිසිඳු පරිවර්තනයක් කිරීමට උවමනාවක් හෝ හැකියාවක් තිබිලා නෑ.. රනිල් ආපු ට්රැක් එකේම තමයි දුවන්නේ.. - වෛද්ය වසන්ත බණ්ඩාර
ලොව විශාලතම ක්රිප්ටෝ මුදල් හුවමාරු මධ්යස්ථානය වන Binance සයිබර් ප්රහාරයකට ලක්වෙයි
AI භීතියකින් වෝල් ස්ට්රීට් කැළඹෙයි.. - ගූගල්හි වෙළඳපල අගය ඩොලර් බිලියන 500කින් පහතට..