අමානා ටකාෆුල් සමාගමට එරෙහිව පීපල්ස් ලීසිං ඉදිරිපත් කළ ඇමරිකානු ඩොලර් 700,000ක රක්ෂණ හිමිකම් ඉල්ලීම ශ්රේෂ්ඨාධිකරණය ප්රතික්ෂේප කරයි..
2009 වසරේදී ගිලීගිය ‘M.V. Medhufaru’ නැමැති නෞකාව වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 700,000ක රක්ෂණ වන්දියක් අයකර ගැනීම සඳහා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් PLC සමාගම විසින් අමානා ටකාෆුල් PLC සමාගමට එරෙහිව ඉදිරිපත් කර තිබූ අභියාචනයක් ශ්රේෂ්ඨාධිකරණය විසින් නිශ්ප්රභ කර තිබේ.
විනිසුරු මහින්ද සමයවර්ධන, ආචාර්ය සෝභිත රාජකරුණා සහ සම්පත් කේ.බී. විජේරත්න යන ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් වාණිජ මහාධිකරණය මීට පෙර ලබාදුන් තීන්දුව මෙලෙස තහවුරු කර ඇත.
2009 මැයි 31 වන දින මාලදිවයින් කොඩිය යටතේ සේවයේ යෙදී සිටියදී ඉන්දියාවේ සිට මාලදිවයින බලා යාත්රා කරමින් තිබූ මෙම නෞකාව අයහපත් කාලගුණය හේතුවෙන් ගිලීගිය බව පවසමින් පීපල්ස් ලීසිං සමාගම රක්ෂණ වන්දිය ඉල්ලා තිබුණි. එහෙත් නෞකාව යාත්රා කිරීමට සුදුසු තත්ත්වයේ නොතිබූ බවත්, අවශ්ය වර්ගීකරණ සහතිකය පවත්වාගෙන ගොස් නොමැති බවත් පවසමින් අමානා ටකාෆුල් සමාගම එම ඉල්ලීම ප්රතික්ෂේප කර ඇත.
වසර 33ක් පැරණි මෙම නෞකාව ගිලී යෑමට පෙර එහි බඳ කොටස් දිරාපත්වීම, සිදුරු හටගැනීම සහ ජලය කාන්දුවීම් සිදුව තිබූ බව ශ්රේෂ්ඨාධිකරණය නිරීක්ෂණය කළ අතර, නෞකාවේ භෞතික තත්ත්වය ගිලී යෑමට ප්රධාන වශයෙන් බලපා ඇති විට අයහපත් කාලගුණය පමණක් වගකීමට හේතුවක් කරගත නොහැකි බව අධිකරණය පෙන්වා දී තිබේ.එසේම, නෞකාවේ IRS වර්ගීකරණ සහතිකය 2008 සැප්තැම්බර් මාසයේදී කල් ඉකුත් වී ඇති අතර එය අලුත් කර නොමැත.
රක්ෂණ ඔප්පුවේ කොන්දේසි කඩකිරීම මගින් වන්දි ඉල්ලීම ප්රතික්ෂේප කිරීමට ස්වාධීන පදනමක් ලැබෙන බව විනිසුරු මඬුල්ල තීන්දු කළේය. තවද, ඉස්ලාමීය ‘ටකාෆුල්’ රක්ෂණ ක්රමවේදයේ ප්රතිපත්ති මත පිහිටා ගිවිසුම්ගත කොන්දේසි මඟහැරීමට පීපල්ස් ලීසිං සමාගමට නොහැකි බවත්, දෙපාර්ශ්වය එකඟ වූ ගිවිසුම්ගත වගකීම් යටපත් කිරීමට ටකාෆුල් ප්රතිපත්තිවලට නොහැකි බවත් තීන්දුව ප්රකාශයට පත්කරමින් සෝභිත රාජකරුණා විනිසුරුවරයා සඳහන් කර ඇත.
ඒ අනුව, වාණිජ මහාධිකරණයේ 2018 ඔක්තෝබර් තීන්දුව තහවුරු කරමින් ශ්රේෂ්ඨාධිකරණය මෙම අමානා ටකාෆුල් සමාගමට එරෙහිව පීපල්ස් ලීසිං ඉදිරිපත් කළ ඇමරිකානු ඩොලර් 700,000ක රක්ෂණ හිමිකම් ඉල්ලීම ශ්රේෂ්ඨාධිකරණය ප්රතික්ෂේප කරයි අභියාචනය මෙලෙස නිශ්ප්රභ කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
අප මේ ගමන් කරන්නේ මුරුගසං වරුසාව දෙසටද?..
වටගල හා ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් මුල්ය විශුද්ධිකරණය යටතේ පරීක්ෂණ..
සතුරන් ත්රස්තවාදී ආක්රමණයකට මුලපිරුවහොත්, එම ගැටුම අවසන් කරන කාලය සහ කොන්දේසි තීරණය කරන්නේ ඉරානය.. - ප්රහාරයට සැරසෙන්නැයි ඉරාන නායකගෙන් හමුදාවට නියෝග..
ඇමති සුනිල් සෙනෙවි මේ දවස්වල නෑයන් සොයා යනවා.. සමාජ මාධ්යයේ පළවූ පුවතක් ගැන නීතිමය පියවරගන්න ප්රවෘත්ති අධ්යක්ෂකට බලය දී ඇත්තේ මොන පනතින්ද? - වරුණ රාජපක්ෂ
බ්රසීල ජනාධිපති ලූලාගේ ජයග්රහණය බ්රසීලයට පමණක් සීමා වූවක් නොවේ.. - ආචාර්ය ජගත් චන්ද්රවංශ
යුරෝපා ආර්ථික අර්බුදය සහ ලංකාවට එහි ඇති බලපෑම ගැන ආසියා ප්රගති සංසදයේ කැඳවුම්කරු විනෝද් මුණසිංහගෙන් අනාවරණයක්..
උද්ධමනය 8%ට චුට්ටක් ඉහළ අගයකට ඇවිත් තියෙනවා.. ජනතාවට දුෂ්කරයි.. මැදපෙරදිග යුද්ධය තමයි හේතුව.. - ජනපති
ජනාධිපතිවරයා මහා සංඝරත්නයට අවනත වන බව පෙන්වීම පළමු වටයේ දී ජයග්රහණයක්.. - ජාතික සංවිධාන කියයි
දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව ගැන මූලික වාර්තාවෙන් අනාවරණයක්..
කවුරු කෑගැහුවත් ආණ්ඩුව PSTA ගේනවා.. - ශමීන්ද්ර ෆර්ඩිනැන්ඩුගෙන් බරපතළ අනාවරණයක්
ඊශ්රායල මැතිවරණ ප්රතිඵල, නෙතන්යාහුගේ අනාගතය සහ ජාත්යන්තර දේශපාලන ප්රවණතා ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
සරත් වීරසේකරගෙන් කිංස්බරි හෝටලයට එන්තරවාසියක්.. සීසීටීවී දර්ශන විකෘති කර අපහාස කළ බවට චෝදනා..
76 වසරක සාපය කියමින් බලයට ආ ආණ්ඩුවට රටේ කිසිඳු පරිවර්තනයක් කිරීමට උවමනාවක් හෝ හැකියාවක් තිබිලා නෑ.. රනිල් ආපු ට්රැක් එකේම තමයි දුවන්නේ.. - වෛද්ය වසන්ත බණ්ඩාර
ලොව විශාලතම ක්රිප්ටෝ මුදල් හුවමාරු මධ්යස්ථානය වන Binance සයිබර් ප්රහාරයකට ලක්වෙයි
AI භීතියකින් වෝල් ස්ට්රීට් කැළඹෙයි.. - ගූගල්හි වෙළඳපල අගය ඩොලර් බිලියන 500කින් පහතට..
සෞඛ්ය සේවයෙන් මුස්ලිම් කාන්තාව වෙන් කිරීම සුදුසු ද?.. - සෞඛ්ය සේවයේ නිල ඇඳුම වෙනස් කිරීමේ මානව හිමිකම් නිර්දේශය ගැන ධර්ම පර්යේෂණාලයෙන් බලවත් විරෝධයක්