'ස්පර්' සංවිධානයට එරෙහිව ද්වේෂ සහගත අසත්ය තොරතුරු සහිත ප්රකාශයක් සමාජ මාධ්යයේ.. - 'ස්පර්' සංවිධානයෙන් දැඩි ප්රකාශයක්
ශ්රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව, ඒකීයභාවය සහ ස්වෛරීභාවය වෙනුවෙන් පෙනී සිටිමින් ඕස්ට්රේලියාවේ සිට දශක තුනකට අධික කාලයක් ක්රියාත්මක වන 'ස්පර්' (SPUR) සංවිධානයට එරෙහිව සමාජ මාධ්ය හරහා පල කර ඇති ද්වේෂ සහගත සහ අසත්ය ප්රකාශ සම්බන්ධයෙන් එම සංවිධානය සිය දැඩි විරෝධය සහ අවධානය යොමු කර තිබේ.
'ස්පර්' සංවිධානයේ සභාපති ආචාර්ය දසරත් ජයසූරිය මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක මේ බව දැක්වේ.
එම නිවේදනය පහළින්..
'ස්පර්' සංවිධානයට එරෙහිව ද්වේෂ සහගත අසත්ය තොරතුරු සහිත ප්රකාශයක් සමාජ මාධ්ය තුල පළවීම
ශ්රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව, ඒකීයභාවය සහ ස්වෛරී භාවය වෙනුවෙන් පෙනී සිටිමින්, දැනට අවුරුදු තිහකට අධික කාලයක් ඕස්ට්රේලියාවේ සිට කටයුතු කරනු ලබන, ජාතිහිතෛෂි ශ්රී ලාoකිකයින්ගෙන් සැදුම්ලත් 'ස්පර්' නමින් හදුන්වන අප සංවිධානයේ, සාමාජිකයින් සහ ක්රියාකාරකම් පිළිබඳව ද්වේෂ සහගත අසත්ය තොරතුරු සහිත ප්රකාශයක් ශ්රී ලංකාවේ සිට ක්රියාත්මක වන මුහුණුපොත් (Facebook) පිටුවක පළවී තිබීම පිළිබඳව සිය අවධානය යොමුකර සිටී.
අප සංවිධානය ආරම්භයේ සිටම, ලොවපුරා විසිර සිටින ඊලාම් බෙදුම්වාදීන්ගේ ක්රියාකාරකම් පිළිබඳව, විශේෂයෙන්ම ඕස්ට්රේලියාවේ නීතිය ක්රියාත්මක කිරීම සඳහා වගකිවයුතු රාජ්ය ආයතන සහ ජාත්යන්තර ප්රජාව දැනුවත් කරමින් සිදුකල කටයුතු වලට අමතරව, පහත දැක්වෙන සේවාවන් සඳහා නායකත්වය සපයයි.
1. ශ්රී ලංකාවේ අධ්යාපනය ලබන දරුවන් 85 දෙනෙකුට මාසික ශිෂ්යත්ව ලබා දීම;
2. උතුරු සහ නැගෙනහිර පුරාවිද්යාත්මක ස්ථාන හා විහාරස්ථාන ආරක්ෂා කිරීමට දායක වීම:
3. දිවුල්පොතාන වැනි තර්ජනයට ලක්වූ ගම්මානවල ජීවත් වන අහිංසක සිංහල ජනතාවට සහාය වීම;
4. වැලි ඔය ජනපදයේ පරාක්රමපුර දරුවන්ගේ අධ්යාපනය සඳහා නව දෙමහල් ශාලාවක් පරිත්යාග කිරීම;
5. ගංවතුරෙන් සේදී ගොස් තිබූ මඩකලපුවේ පුන්නිකුඩා නම් සිංහල ගම්මානයට යන මාර්ගය නැවත ගොඩනැගීම.
අප සංවිධානය විසින් කිසිදු පුද්ගලයෙකුගේ නීතිමය කටයුත්තක් සඳහා කිසිදු අරමුදලක් ලබා දී නොමැති බවත්, සංවිධානයේ අරමුදල් වියදම් කිරීම සිදු කරනු ලබන්නේ එහි අරමුණුවලට අනුකූලව වන අතර, ඒ පිළිබඳ විගණන වාර්තා නිසි පරිදි ඕස්ට්රේලියාවේ අදාළ බලධාරීන් වෙත සෑම වසරක් පාසාම ඉදිරිපත් කරනු ලබන බවත්, සංවිධානයේ සාමාජිකයින් සැමවිටම අධිකරණ තීරණවලට ගරු කරමින් කටයුතු කරන බවත් මෙහිදී අවධාරණය කිරීමට කැමැත්තෙමු.
ස්තූතියි.
ආචාර්ය දසරත් ජයසූරිය
සභාපති, ස්පර් සoවිධානය, ඕස්ට්රේලියාව
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ගෙවිඳු, සෙනෙවිට නඩු දැම්මෙත් නෑ.. සෙනෙවි නිලන්තට නඩු දාන්නෙත් නෑ..
අප මේ ගමන් කරන්නේ මුරුගසං වරුසාව දෙසටද?..
වටගල හා ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් මුල්ය විශුද්ධිකරණය යටතේ පරීක්ෂණ..
සතුරන් ත්රස්තවාදී ආක්රමණයකට මුලපිරුවහොත්, එම ගැටුම අවසන් කරන කාලය සහ කොන්දේසි තීරණය කරන්නේ ඉරානය.. - ප්රහාරයට සැරසෙන්නැයි ඉරාන නායකගෙන් හමුදාවට නියෝග..
ඇමති සුනිල් සෙනෙවි මේ දවස්වල නෑයන් සොයා යනවා.. සමාජ මාධ්යයේ පළවූ පුවතක් ගැන නීතිමය පියවරගන්න ප්රවෘත්ති අධ්යක්ෂකට බලය දී ඇත්තේ මොන පනතින්ද? - වරුණ රාජපක්ෂ
බ්රසීල ජනාධිපති ලූලාගේ ජයග්රහණය බ්රසීලයට පමණක් සීමා වූවක් නොවේ.. - ආචාර්ය ජගත් චන්ද්රවංශ
යුරෝපා ආර්ථික අර්බුදය සහ ලංකාවට එහි ඇති බලපෑම ගැන ආසියා ප්රගති සංසදයේ කැඳවුම්කරු විනෝද් මුණසිංහගෙන් අනාවරණයක්..
උද්ධමනය 8%ට චුට්ටක් ඉහළ අගයකට ඇවිත් තියෙනවා.. ජනතාවට දුෂ්කරයි.. මැදපෙරදිග යුද්ධය තමයි හේතුව.. - ජනපති
ජනාධිපතිවරයා මහා සංඝරත්නයට අවනත වන බව පෙන්වීම පළමු වටයේ දී ජයග්රහණයක්.. - ජාතික සංවිධාන කියයි
දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව ගැන මූලික වාර්තාවෙන් අනාවරණයක්..
කවුරු කෑගැහුවත් ආණ්ඩුව PSTA ගේනවා.. - ශමීන්ද්ර ෆර්ඩිනැන්ඩුගෙන් බරපතළ අනාවරණයක්
ඊශ්රායල මැතිවරණ ප්රතිඵල, නෙතන්යාහුගේ අනාගතය සහ ජාත්යන්තර දේශපාලන ප්රවණතා ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
සරත් වීරසේකරගෙන් කිංස්බරි හෝටලයට එන්තරවාසියක්.. සීසීටීවී දර්ශන විකෘති කර අපහාස කළ බවට චෝදනා..
76 වසරක සාපය කියමින් බලයට ආ ආණ්ඩුවට රටේ කිසිඳු පරිවර්තනයක් කිරීමට උවමනාවක් හෝ හැකියාවක් තිබිලා නෑ.. රනිල් ආපු ට්රැක් එකේම තමයි දුවන්නේ.. - වෛද්ය වසන්ත බණ්ඩාර
ලොව විශාලතම ක්රිප්ටෝ මුදල් හුවමාරු මධ්යස්ථානය වන Binance සයිබර් ප්රහාරයකට ලක්වෙයි
AI භීතියකින් වෝල් ස්ට්රීට් කැළඹෙයි.. - ගූගල්හි වෙළඳපල අගය ඩොලර් බිලියන 500කින් පහතට..