අද සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්ය වෙයි..
නිශ්චිත කාර්යයන් කිහිපයක් සිදු කිරීමේදී වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය ඉදිරිපත් කිරීම අද (01) සිට අනිවාර්ය වේ.
ඒ අනුව බැංකුවක හෝ මූල්ය ආයතනයක ගිණුමක් විවෘත කිරීම, ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබාගැනීම, මෝටර් රථයක් ලියාපදිංචි කිරීම සහ මෝටර් රථ බලපත්රයක් අලුත් කිරීමේදී TIN අංකය ඉදිරිපත් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එමෙන්ම ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම, ව්යාපාරයක් ලියාපදිංචි කිරීම, ශ්රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම සහ ණය කාඩ්පතක් ලබාගැනීමේදීද වලංගු TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ අදාළ කාර්යයන් සිදු කිරීමට පෙර TIN අංකය වලංගු බවට අදාළ වගකිව යුතු නිලධාරීන් විසින් තහවුරු කරගත යුතු බවය.
TIN අංකයක් මෙතෙක් ලබාගෙන නොමැති පුද්ගලයින්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ-සේවාව හරහා ඒ සඳහා ලියාපදිංචි විය හැකි බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
එමෙන්ම තමන් සතුව ඇති TIN අංකය වලංගුද යන්න දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ-සේවාව හරහා තහවුරු කරගැනීමටද අවස්ථාව සලසා දී තිබේ.
තහවුරු කිරීම සාර්ථකව සිදු වූ පසු TIN අංකය තිරයේ දිස්වන අතර, පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ TIN අංකය පැහැදිලිව දැක්වෙන මුද්රිත පිටපතක්ද නිශ්චිත කාර්යයන් සඳහා නිල TIN සහතිකය වෙනුවට පිළිගත හැකි බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දී තිබේ.
මේ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ වයස අවුරුදු 18ට වැඩි සියලු පුද්ගලයින් TIN අංකය ලබා ගැනීම අත්යවශ්ය වුවද එම සියලු දෙනා බදු ගෙවිය යුතු බවට පැතිර යන වාර්තා අසත්ය බවය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ යම් පුද්ගලයෙකුගේ වාර්ශික ආදායම රුපියල් ලක්ෂ 18 ඉක්මවන්නේ නම් පමණක් එම පුද්ගලයා බදු ගෙවිය යුතු බවය.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
අප මේ ගමන් කරන්නේ මුරුගසං වරුසාව දෙසටද?..
වටගල හා ජයකොඩිගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් මුල්ය විශුද්ධිකරණය යටතේ පරීක්ෂණ..
සතුරන් ත්රස්තවාදී ආක්රමණයකට මුලපිරුවහොත්, එම ගැටුම අවසන් කරන කාලය සහ කොන්දේසි තීරණය කරන්නේ ඉරානය.. - ප්රහාරයට සැරසෙන්නැයි ඉරාන නායකගෙන් හමුදාවට නියෝග..
ඇමති සුනිල් සෙනෙවි මේ දවස්වල නෑයන් සොයා යනවා.. සමාජ මාධ්යයේ පළවූ පුවතක් ගැන නීතිමය පියවරගන්න ප්රවෘත්ති අධ්යක්ෂකට බලය දී ඇත්තේ මොන පනතින්ද? - වරුණ රාජපක්ෂ
බ්රසීල ජනාධිපති ලූලාගේ ජයග්රහණය බ්රසීලයට පමණක් සීමා වූවක් නොවේ.. - ආචාර්ය ජගත් චන්ද්රවංශ
යුරෝපා ආර්ථික අර්බුදය සහ ලංකාවට එහි ඇති බලපෑම ගැන ආසියා ප්රගති සංසදයේ කැඳවුම්කරු විනෝද් මුණසිංහගෙන් අනාවරණයක්..
උද්ධමනය 8%ට චුට්ටක් ඉහළ අගයකට ඇවිත් තියෙනවා.. ජනතාවට දුෂ්කරයි.. මැදපෙරදිග යුද්ධය තමයි හේතුව.. - ජනපති
ජනාධිපතිවරයා මහා සංඝරත්නයට අවනත වන බව පෙන්වීම පළමු වටයේ දී ජයග්රහණයක්.. - ජාතික සංවිධාන කියයි
දිවයින පුරා විදුලිය බිඳවැටීමට හේතුව ගැන මූලික වාර්තාවෙන් අනාවරණයක්..
කවුරු කෑගැහුවත් ආණ්ඩුව PSTA ගේනවා.. - ශමීන්ද්ර ෆර්ඩිනැන්ඩුගෙන් බරපතළ අනාවරණයක්
ඊශ්රායල මැතිවරණ ප්රතිඵල, නෙතන්යාහුගේ අනාගතය සහ ජාත්යන්තර දේශපාලන ප්රවණතා ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
සරත් වීරසේකරගෙන් කිංස්බරි හෝටලයට එන්තරවාසියක්.. සීසීටීවී දර්ශන විකෘති කර අපහාස කළ බවට චෝදනා..
76 වසරක සාපය කියමින් බලයට ආ ආණ්ඩුවට රටේ කිසිඳු පරිවර්තනයක් කිරීමට උවමනාවක් හෝ හැකියාවක් තිබිලා නෑ.. රනිල් ආපු ට්රැක් එකේම තමයි දුවන්නේ.. - වෛද්ය වසන්ත බණ්ඩාර
ලොව විශාලතම ක්රිප්ටෝ මුදල් හුවමාරු මධ්යස්ථානය වන Binance සයිබර් ප්රහාරයකට ලක්වෙයි
AI භීතියකින් වෝල් ස්ට්රීට් කැළඹෙයි.. - ගූගල්හි වෙළඳපල අගය ඩොලර් බිලියන 500කින් පහතට..
සෞඛ්ය සේවයෙන් මුස්ලිම් කාන්තාව වෙන් කිරීම සුදුසු ද?.. - සෞඛ්ය සේවයේ නිල ඇඳුම වෙනස් කිරීමේ මානව හිමිකම් නිර්දේශය ගැන ධර්ම පර්යේෂණාලයෙන් බලවත් විරෝධයක්