News Category
From Date
To Date
Maximum Number of Result

සමබිම මඤ්ඤං..

Oct 24, 2026 at 04:53 AM
|

සමබිම කියලා හඳුන්වාගන්න බෝඩ් ලෑලි පක්‍ෂය විසින් ලියපු මඤ්ඤං ලිපියක් කියෙව්වා. ඒ ලිපියට මාතෘකාව කරගෙන තිබුණේ මාඕ ත්ස-තුං විසින් කිව්ව කතාවක බහුභූත පරිවර්තනයක්.

“ලෝකය ම මහා අවුලක - තත්ත්වය ඉතාමත් හොඳයි” (天下大乱,形势大好; Great chaos under heaven, the situation is excellent) කියලා මාඕ ත්ස-තුං කියපු කතාව තමයි මේ ලිපියට අදාළ කරගන්න හිතලා තියෙන්නේ.

හැබැයි මේ කියමනේ තියෙන යෙදුම් ගැන මෙලෝ අලබෝලයක් දන්නේ නැති හින්දා සමබිම මුග්ධයෝ ඒක “ස්වර්ගයේ සියල්ල අවුල් ය; තත්වය කදිමයි” කියලා ලියලා. ඊට අමතරව, මාඕ මේ කතාව කිව්වේ සංස්කෘතික විප්ලවය වෙනුවෙන් කියලා තවත් මඤ්ඤං කතාවක් කියලා. එතැනින් නවතින්නේ නැතුව, මාඕ මේ කතාව “තම බිරිඳට ලියා යැවූ ලිපියක උදෘත පාඨය” විදිහට යොදලා තිබුණා කියලා තකතීරු ගොන් කතාවකුත් ඒ බහුභූත ලිපියට එකතු කරලා.

මම මේ කාරණය පැහැදිළි කරන්නම්.

天下 (Under heaven) කියන්නේ “ස්වර්ගය” නෙවෙයි. සමබිමේ අණ්ඩපාලයෝ චීන දන්නේ නැති බව මම දන්නවා. ඒත් මේ ගොන්නු “Under” කියන ඉංග්‍රීසි වචනයේ තේරුමවත් දන්නේ නැද්ද?

මේ කියන්නේ “ස්වර්ගය” ගැන නෙවෙයි “ස්වර්ගය යට” තියෙන දෙයක් කියලා “under heaven” කියන ඉංග්‍රීසි වචන දෙක දන්න පොඩි ළමයෙක්ට වුනත් තේරෙනවා. ඒත් සමබිමේ ගොන්නුන්ට මේ තරම් පොඩි දෙයක්වත් තේරුම්ගන්න බෑ.

“දෙව්ලොවට පහළින්” (天下, Under heaven) තියෙන්නේ මොකක්ද? ඒ තමයි මේ මනුස්ස ලෝකය. ඉතින් චීන 天下 කියන වචනයෙන් කියන්නේ මේ මනුස්ස ලෝකය ගැන. මේ කියන්නේ භෞතික ලෝකයක් ගැන විතරක් නම් නෙවෙයි. භෞතික දේවලවලට අමතරව මිනිස්සුන්ට අදාළ අධ්‍යාත්මික, සංස්කෘතික හැම දෙයක් ම මේ යෙදුමෙන් ආවරණය කෙරෙනවා.

මේ ගැන Wikipedia මෙහෙම කියලා තියෙනවා. චීන දන්නේ නැති අයට ඒ විස්තරය කියවන්න පුළුවන්.

Tianxia (天下, everything under Heaven), in historical Chinese cultural understanding, is either the entire geographical world or the metaphysical realm of mortals.

“ඉපැරැණි චීන ලෝක විග්‍රහයට අනුව, Tianxia (天下, දෙව්ලොවට පහළින් සියල්ල) කියන යෙදුමින් සමස්ත භූගෝලීය ලෝකය, එහෙම නැතිනම් මිනිස්සුන්ගේ අධ්‍යාත්මික ලෝකය හැඳින්වෙනවා” කියලා මේ විකිපීඩියා විස්තරය සිංහලෙන් කියන්න පුළුවන්.

මේ යෙදුම ඉතාමත් ලස්සනට සුප්‍රසිද්ධ “රාජධානි තුනේ අන්දරය” (三国演义, Romance of the Three Kingdoms) පොතේ මුල් ම වාක්‍යයේ යොදාගෙන තියෙනවා. ඒ වාක්‍යය මෙහෙමයි.

“හැ‍මෝම දන්න විදිහට, ලෝකයේ හැටි මෙහෙමයි; සෑහෙන කාලයක් වෙන්වෙලා තියෙන දේවල් අන්තිමේ දී එකතුවෙනවා; සෑහෙන කාලයක් එකතුවෙලා තියෙන දේවල් නැවතත් වෙන්වෙනවා” (话说天下大势,分久必合,合久必分, Domains under heaven, after a long period of division, tends to unite; after a long period of union, tends to divide).

ඉතින් මාඕ ත්ස-තුංගේ ප්‍රකාශයේ මුල් කොටස “ලෝකය ම මහා අවුලක” (天下大乱, Great chaos under heaven) කියලා තේරුම්ගත්තම හරි. ඇත්තෙන් ම, මෙතැන “ලෝකය” කියන වචනය වෙනුවට “පරිස්ථිතිය” වගේ පණ්ඩිත වචනයකුත් යොදාගන්න පුළුවන්. මාඕ ත්ස-තුං මේ ප්‍රකාශයෙන් ඒ ප්‍රකාශය කරපු කාලයේ ලෝකයේ පැවැතිච්ච සමස්ත තත්ත්වය සහ වර්ධනය වෙමින් පැවැතිච්ච ප්‍රවණතාව යන දෙක ම ඇතුළත් කරගත්ත “ආර්ථික - දේශපාලන - සමාජ වාතාවරණයක්” ගැන කියනවා. ඉතින් එහෙම “තත්ත්වයක්” ගැන කියන්න “පරිස්ථිතිය” කියන වචනය ගොඩක් ගැලැපෙනවා.

1960 ගණන් වෙද්දි, ලෝකය ම මහ අවුල් ජංජාලයකට තල්ලුවෙලා තිබුණා. ලෝකය පුරා ම ජාතික විමුක්ති ව්‍යාපාර ඔළුව ඉස්සුවා. ගරා වැටෙමින් තිබිච්ච යටත්විජිත පාලක රටවල් ඒ ජාතික විමුක්ති සටන් මර්දනය කරන්න ගිහිල්ලා ලෝකය තවත් අවුල් කළා. ඇමෙරිකාව වියට්නාමයේ හිරවෙච්ච එකෙනුත් මේ අවුල තවත් විදිහකට ප්‍රකාශවුණා.

ඇමෙරිකාවේ කළු ජාතිකයෝ තමන්ගේ සිවිල් අයිතිවාසිකම් දිනාගන්න කරපු සටන, ජෝන් කෙනෙඩි ඝාතනය වගේ දේවල් හින්දා ඇමෙරිකාවෙත් අර්බුදකාරි තත්ත්වයක් ඇතිවෙලයි තිබුණේ. ඒ වෙද්දි, ඇමෙරිකාවේ නිෂ්පාදන ඵලදායිතාව සෑහෙන්න පහළ බැහැලා තිබීමෙන් මේ තත්ත්වය තවත් බරපතල කළා.

ඒ මදිවට, “රන් සම්මුතිය” (Gold standard) තවදුරටත් පවත්වාගෙන යන්න බැරි වාතාවරණයකුත් ඉස්සරහට ආවා. ඒ කාරණය මුල් කරගෙන ප්‍රංශය සහ ඇමෙරිකාව අතරත් අවුලක් ඇතිවුණා.

නිකිටා කෘෂෙප් කරපු පාවාදීමෙන් පස්සේ සෝවියට් දේශයත් අවුලකට තල්ලුවුණා. 1964 ඔක්තෝබර් 14 වැනි දා, ලියොනිඩ් බ්‍රෙස්නෙව් ඇතුළු සෝවියට් නායකයෝ එකතුවෙලා නිකිටා කෘෂෙප් බලයෙන් ඉවත් කළත් සෝවියට් දේශයට ශක්තිමත් විදිහට නැගිට්ටවන්න බැරිවුණා. 1964 ඉඳලා, සෝවියට් දේශයේ ආර්ථිකය එක තැන පල්වෙලා යුගයක් (An era of stagnation) ආරම්භ වුණා.

මෙන්න මේ විදිහට ලෝකය පුරා ම ඇතිවෙච්ච ව්‍යාකූල තත්ත්වය ඉතාමත් හොඳින් නිරීක්‍ෂණය කරලා තමයි මාඕ ත්ස-තුං “ලෝකය ම මහා අවුලක” (天下大乱, Great chaos under heaven) කියලා කිව්වේ.

මාඕ ත්ස-තුං මේ නිරීක්‍ෂණය ඉදිරිපත් කළේ සමබිම ගොබ්බයෝ කියන විදිහට “තම බිරිඳට ලියා යැවූ ලිපියක” නෙවෙයි. මාඕ ත්ස-තුං මේ කතාව අවස්ථා ගණනාවක ම කියලා තියෙනවා. ඒ අතරින්, 1971 දී කියපු කතා හුඟක් ප්‍රසිද්ධයි. ඊට කලිනුත් රාජතාන්ත්‍රික කටයුතුවලට අදාළව මාඕ ත්ස-තුං මේ කතාව කියලා තියෙනවා. 1971 වෙද්දි, මාඕ ත්ස-තුංගේ වයස අවුරුදු 78 ක්. ඒ වයසක මනුස්සයා තමන්ගේ බිරිඳට ලියුම් ලිව්වා කියලා හිතන්න පුළුවන් සමබිමේ ඉන්න දීප්ති කුමාර ගුණරත්න වගේ ගොබ්බයන්ට විතරයි.

1971 ජුලි 9 වැනි දා ඉඳලා 11 වැනි දා දක්වා, හෙන්රි කිසින්ජර් (Henry Kissinger) ඉතාමත් රහසිගත විදිහට චීනයේ සංචාරයක යෙදුණා. මේ සිද්දිය ඉබේ ඇතිවෙච්ච එකක් නෙවෙයි.

ලෝකයේ ඇතිවෙලා තිබුණු මහා ව්‍යාකූල තත්ත්වය ඉතාමත් හොඳින් අවබෝධ කරගෙන හිටිය මාඕ ත්ස-තුං 1968 ඇමෙරිකාවේ ජනාධිපතිවරණය දිහා ඇහැ ගහගෙන හිටියා. ඒ මැතිවරණයට තරඟ කරපු අපේක්‍ෂකයන්ගේ කතා, අදහස් දැක්වීම ඉතාමත් තියුණු විදිහට අධ්‍යයනය කළා. ඒ තරඟයට ඉදිරිපත් වෙච්ච රිචඩ් නික්සන්ගේ වෙනසත් ඔහු දැක්කා. ඒ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරපු රිචඩ් නික්සන් 1969 ජනවාරි 20 වැනි දා ඇමෙරිකාවේ ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නා.

ඉතින් රිචඩ් නික්සන්ට දැල එළන වැඩක් මාඕ ත්ස-තුං පටන්ගත්තා. ඒකට අදාළ පුංචි පුංචි වැඩ මහ ගොඩක් මෙහෙයවන අතර ම, ඔහු 1970 ඔක්තෝබර් 1 වැනි දා පෙයි-චිං නුවර පවත්වපු ජාතික දින උත්සවයට සහභාගීවෙන්න කියලා එඩ්ගාර් ස්නෝ (Edgar Snow) ගෙන්න ගත්තා. 1937 දී, එඩ්ගාර් ස්නෝ පළ කරපු “චීනයට ඉහළින් රතු තරුවක්” (Red Star Over China) පොත ලියන කාලේ ම තමයි මාඕ ත්ස-තුං ඔහුව අඳුරගෙන තිබුණේ. 1970 ඔක්තෝබර් 1 වැනි දා, මේ යාළුවෝ දෙන්නා එකට එකතුවෙලා ථියැන්-අන්-මන් චතුරස්‍රයේ දී ජාතික දින පෙළපාළිය නැරැඹුවා.

මේ සිද්දිය ලෝක ප්‍රවෘත්තියක් බවට පත්වුණා. ඉතින් බටහිර මාධ්‍ය ආයතනවල කට්ටිය එඩ්ගාර් ස්නෝ පස්සේ පන්න පන්න චීනය ගැනත්, මාඕ ගැනත් අහන්න පටන්ගත්තා. ඒ අතර “විශේෂ” අයත් අඩුවක් නැතුව ඉන්න ඇති. ඒ හැම කෙනෙක්ට ම කියන්න කතා මහ ගොඩක් එඩ්ගාර් ස්නෝ ළඟ තිබුණා. ඉතින් ඒ කතා හරහා ඇති කරගත්ත විශ්වාසය පදනම් කරගෙන මහා රාජතාන්ත්‍රික ගනුදෙනුවකට අදාළ වැඩ ආරම්භ කෙරුණා.

1971 මාර්තු 28 වැනි දා ඉඳලා අප්‍රේල් 7 වැනි දා දක්වා, ජපානයේ නගෝයා (Nagoya) නගරයේ පවත්වපු 31 වැනි ලෝක මේස පන්දු ශූරතාවලිය (World Table Tennis Championships - 1971) අවස්ථාවේ ඇතිවෙච්ච සිද්දිය අපි හැමෝ ම දන්නවා. ඒ “පිං-පොං රාජතාන්ත්‍රික කටයුත්ත” (Ping-Pong Diplomacy) ඇති කරගත්තෙත් එහෙම ම තමයි. ඉතින් ඊට මාස 3 කට පස්සේ, 1971 ජූලි 9 වැනි දා ඉඳලා 11 වැනි දා දක්වා, හෙන්රි කිසින්ජර් (Henry Kissinger) ඉතාමත් රහසිගතව චීනයේ සංචාරයක නිරතවුණා.

1971 ඔක්තෝබර් 25 වැනි දා, චීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල සාමාජිකත්වය සහ ආරක්‍ෂක මණ්ඩලයේ ස්ථිර ආසනය හිමිවුණා.

තවත් මාස කීපයක් ගතවුණාම, 1972 පෙබරවාරි 21 වැනි දා ඉඳලා 28 වැනි දා දක්වා සතියක කාලයක් රිචඩ් නික්සන් ජනාධිපතිවරයා චීනයේ සංචාරය කළා.

මුළු ලෝකය ම අවුල්වෙලා තියෙන කාලයක තමයි මාඕ ත්ස-තුං මේ හපන්කම කළේ. ඉතින් මේ වැඩේට සූදානම් වෙන කාලයේ ඔහු නිතර ම “ලෝකය ම මහා අවුලක - තත්ත්වය ඉතාමත් හොඳයි” කියලා කියන්න පුරුදුවෙලා හිටියා.

1971 ජුලි මාසයේ, කිසින්ජර්ගේ රහසිගත සංචාරයට වැඩ කරද්දි, ඊට මාස දෙකකට කලින්, 1971 මැයි මාසයේ දී මාඕ ත්ස-තුං “ලෝකය ම මහා අවුලක - තත්ත්වය ඉතාමත් හොඳයි” කියන උපදේශය චෝ අන්-ලැයි අගමැතිතුමාට ලබාදුන්නා. කිසින්ජර්ගේ සංචාරයේ දී, අදාළ සාකච්ඡා මෙහෙයවන්න ඕනත් මේ කාරණය හිතේ තියාගෙන කියලා මාඕ ත්ස-තුං කිව්වා. ඉතින් ඇමෙරිකවේ බල පරාක්‍රමය ඉස්සරහා නැවෙන්න ඕනකමක් චෝ අන්-ලැයි අගමැතිතුමා ඇතුළු පිරිසට තිබුණේ නෑ.

චීනය සහ ඇමෙරිකාව අතර සම්බන්ධකම් වර්ධනය කරගනිමින් තියෙද්දි, තමන්ට චීනයෙන් ලැබෙන උදව් අඩුවෙයි (එහෙමත් නැතිනම්, නැතිවෙයි) කියලා වියට්නාමය හිතුවා. ඉතින් 1971 නොවැම්බර් 22 වැනි දා, උතුරු වියට්නාමයේ අගමැති ෆාම් වෑන් දොං (Pham Van Dong) ප්‍රමුඛ නියෝජිත පිරිසක් චීනයට ගිහිල්ලා මාඕ ත්ස-තුං මුණගැහුණා. ඒ සාකච්ඡාවේදීත්, මාඕ ත්ස-තුං “ලෝකය ම මහා අවුලක - තත්ත්වය ඉතාමත් හොඳයි” කරුණු පැහැදිළි කරලා තමන්ගේ උදව් මොන විදිහකින්වත් අඩු කරන්නේ නෑ කියලා තහවුරු කළා.

ඩෙරිඩාගේ Deconstruction බහුභූතය “විසංයෝජනය” කිය කියා උඩදාපු දීප්ති කුමාර ගුණරත්නලා මාඕ ත්ස-තුංගේ ප්‍රකාශය තේරුම්ගත්ත විහිළු ස්වරූපය දැන් පැහැදිළියි නේ ද? මේ හැම එකෙක් ම කොහෙන් හරි අහුලගත්ත කෑලි ටිකක් උඩදාන ගෙම්බෝ ටිකක් මිසක් කිසිම දැනුමත් තේරුමත් තියෙන මිනිස්සු නෙවෙයි.

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති


සම්බන්ධිත පුවත් | Related News

ඉතාලියේ වයඹ පැත්තේ මුහුදට මායිම්වෙලා ලිගූරියා (Liguria) කියලා පළාතක් තියෙනවා. ඉස්සර කාලේ ඒ පැත්තේ ජෙනෝවා (Genoa) කියලා පුංචි රටක් තිබුණා. ඒ රටේ අගනුවරටක් කිව්වේ ජෙනෝවා කියලා ම තමයි. දැන් හුඟක් ප්‍රසිද්ධ වෙලා තියෙන මිලානෝ (Milano) නගරයට කිලෝ මීටර් 150 ක් විතර දකුණින් තමයි ජෙනෝවා නගරය තියෙන්නේ.
අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.

ප්‍රධාන පුවත්

දොස්තරලා දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක.. රට පුරා විරෝධතා කැඳවයි..

ඉදිරි අයවැයට අදාළව ඉදිරිපත් කළ යෝජනා නොසලකා හරිමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින දැවෙන ගැටලුවලට විසඳුම් ලබාදීම රජය දිගින් දිගටම පැහැර හැරීමට එරෙහිව, ඉදිරි සති දෙකක කාලය තුළ රට පුරා ක්‍රියාත්මක වන පරිදි දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබේ.

රුපියල් බිලියන 7.7ක අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයන්න ජනපති අනුරාධපුරයට යයි..

අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (23) පස්වරුවේ එක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය නොවැම්බර් 18 දාට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට එරෙහිව ගොනුකර ඇති රිට් පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු දැක්වීම 2026 නොවැම්බර් 18 වන දින පස්වරු 1.30 ට සිදුකිරීමට නියමිතයි. ඊයේ (22) මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සිදුවූයේ අභියාචනාධිකරණ විනිසුරු අමල් රණරාජා, විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු සහ විනිසුරු මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විශේෂ විනිසුරු මඩුල්ල හමුවේදීය.

කලාපයේ වැඩිම ගෘහස්ථ විදුලි ගාස්තුව ලංකාවේ.. - SenFin

කොටස් තැරැව්කාර සමාගමක් වන SenFin Securities සමාගම විසින් නිකුත් කර ඇති නවතම අධ්‍යයන වාර්තාවකට අනුව, දකුණු ආසියානු කලාපයේ ඉහළම ගෘහස්ථ විදුලි ගාස්තුව අය කෙරෙන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ.

ඥාණසාර හිමි වෙනුවෙන් සත්‍යග්‍රහයට අධිකරණ නියෝගයක්.. ඉවත් කරන්න පොලිසිය පැමිණීමෙන් උණුසුම් තත්වයක්..

බන්ධනාගාරගතව පසුවන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහා නිදහස් කරන ලෙස බලකරමින් කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ සංවිධානය කර තිබූ සත්‍යග්‍රහයට ඒරෙහිව පොලිසිය පියවර ගැනීමත් සමඟ එම පරිශ්‍රයේ නොසන්සුන්කාරී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපියක්..

උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්‍රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්‍යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.