ඥාණසාර හිමි වෙනුවෙන් සත්යග්රහයට අධිකරණ නියෝගයක්.. ඉවත් කරන්න පොලිසිය පැමිණීමෙන් උණුසුම් තත්වයක්..
බන්ධනාගාරගතව පසුවන පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වහා නිදහස් කරන ලෙස බලකරමින් කොළඹ විහාරමහාදේවි උද්යානයේ සංවිධානය කර තිබූ සත්යග්රහයට ඒරෙහිව පොලිසිය පියවර ගැනීමත් සමඟ එම පරිශ්රයේ නොසන්සුන්කාරී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
අදාළ උද්යාන භූමියේ රැඳී සිටිමින් විරෝධතාවයේ නිරත නොවී වහාම ඉන් ඉවත් වන ලෙස කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් විසින් සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේලා වෙත දැනුම් දෙනු ලැබිණි. ෙඒ, එම විරෝධතාව වළක්වාලමින් කුරුඳුවත්ත පොලිසිය විසින් අධිකරණය හමුවෙන් ලබාගත් විශේෂ තහනම් නියෝගයක් ප්රකාශයට පත් කරමිනි.
කෙසේ වෙතත්, පොලිස් නිලධාරීන් එම නියෝගය ඉදිරිපත් කරමින් ස්ථානයෙන් ඉවත් වන ලෙස කළ දැනුම්දීමත් සමඟ සත්යග්රහයේ නිරත හිමිවරුන් සහ පොලිසිය අතර දැඩි නොසන්සුන් තත්වයක් නිර්මාණය විය.
අධිකරණ තීන්දුවකට අනුව සිරදඬුවම් විඳිමින් සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා පසුගිය දිනවල විවිධ පාර්ශ්ව මගින් බලපෑම් එල්ල වෙමින් පැවති අතර, එහි තවත් පියවරක් ලෙස භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් විහාරමහාදේවි උද්යානයේ මෙම විරෝධතා සත්යග්රහය ආරම්භ කර තිබිණි.
මහජන සාමයට බාධා සිදුවන බව පවසමින් පොලිසිය අධිකරණය හමුවට කරුණු වාර්තා කර මෙම රැඳී සිටීම වැළැක්වීමේ නියෝගය ලබාගෙන තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ඥාණසාර හිමි වෙනුවෙන් සත්යග්රහයට අධිකරණ නියෝගයක්.. ඉවත් කරන්න පොලිසිය පැමිණීමෙන් උණුසුම් තත්වයක්..
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..