කලාපයේ වැඩිම ගෘහස්ථ විදුලි ගාස්තුව ලංකාවේ.. - SenFin
කොටස් තැරැව්කාර සමාගමක් වන SenFin Securities සමාගම විසින් නිකුත් කර ඇති නවතම අධ්යයන වාර්තාවකට අනුව, දකුණු ආසියානු කලාපයේ ඉහළම ගෘහස්ථ විදුලි ගාස්තුව අය කෙරෙන රට බවට ශ්රී ලංකාව පත්ව තිබේ.
‘SenFin – Sri Lanka Electricity Generation Review’ නමින් එළිදක්වා ඇති මෙම පුළුල් වාර්තාවට අනුව, ශ්රී ලංකාවේ ගෘහස්ථ පාරිභෝජනය සඳහා වන සිල්ලර විදුලි ඒකකයක (කිලෝවොට් පැයක) සාමාන්ය මිල ඇමරිකානු ඩොලර් 0.116ක් ලෙස සටහන් වේ.
කලාපයේ සෙසු රටවල් සමඟ සසඳන විට මෙම අගය ඉතා ඉහළ මට්ටමක පවතින අතර, ඉන්දියාවේ එම අගය ඩොලර් 0.077ක්ද, පාකිස්ථානයේ ඩොලර් 0.064ක්ද, සහ බංග්ලාදේශයේ ඩොලර් 0.062ක්ද ලෙස දැක්වේ.
ඒ අනුව, ශ්රී ලංකාවේ සාමාන්ය පාරිභෝගිකයෙකු ගෙවන ගෘහස්ථ විදුලි ඒකකයක මිල පාකිස්ථානය සහ බංග්ලාදේශය මෙන් දෙගුණයකට ආසන්න අගයක් ගනී.
කෙසේ වෙතත්, ගෝලීය ගෘහස්ථ විදුලි ඒකකයක සාමාන්ය මිල ඩොලර් 0.174ක් වන බැවින්, ලෝක සාමාන්යයට සාපේක්ෂව මෙරට ගෘහස්ථ ගාස්තුව තවමත් අඩු මට්ටමක පවතින බව එම වාර්තාව පෙන්වා දෙයි.
ගෘහස්ථ ක්ෂේත්රයේ තත්ත්වය එසේ වුවද, වාණිජ සහ ව්යාපාරික විදුලි ගාස්තු අතින් ශ්රී ලංකාව ආසියාවේ මෙන්ම ලෝකයේද වඩාත් සහනදායී පහළම මට්ටමක පසුවීම විශේෂත්වයකි.
මෙරට ව්යාපාරික විදුලි ඒකකයක සාමාන්ය මිල ඇමරිකානු ඩොලර් 0.091ක් වන අතර, ඉන්දියාවේ එය ඩොලර් 0.123ක්ද, පාකිස්ථානයේ ඩොලර් 0.154ක්ද, සහ බංග්ලාදේශයේ ඩොලර් 0.100ක්ද ලෙස සටහන් වේ.
ලෝක පුරා ව්යාපාරික විදුලි ඒකකයක සාමාන්ය පිරිවැය ඩොලර් 0.164ක් වන පසුබිමක, ශ්රී ලංකාවේ ව්යාපාරික ගාස්තු මෙලෙස පහළ අගයක පැවතීම දේශීය නිෂ්පාදකයන්ට සහ අපනයනකරුවන්ට ජාත්යන්තර වෙළෙඳපොළ තුළ නිෂ්පාදන පිරිවැය අවම කරගැනීමට ලැබුණු සුවිශේෂී තරගකාරී වාසියක් බව SenFin සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
කලාපයේ වැඩිම ගෘහස්ථ විදුලි ගාස්තුව ලංකාවේ.. - SenFin
ඥාණසාර හිමි වෙනුවෙන් සත්යග්රහයට අධිකරණ නියෝගයක්.. ඉවත් කරන්න පොලිසිය පැමිණීමෙන් උණුසුම් තත්වයක්..
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..