පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමයන් රැක ගැනීමට සිදුකරන ක්රියාදාමය හේතුවෙන් තමන්ට දැඩි ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින්, අරිසිමල වන සෙනසුන් සංචිතයේ නිර්මාතෘ, පූජ්යපාද පනාමුරේ තිලකවංශාභිධාන නායක මහා ස්ථවීරයන්වහන්සේ විසින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්ය අමාත්ය සුනිල් වටගල වෙත පොලිස් ආරක්ෂාව ඉල්ලමින් ලිපියක් යොමු කර තිබේ.
උන්වහන්සේ විසින් මෙම ලිපියේ පිටපතක් පොලිස්පතිවරයා වෙත ද යොමු කර ඇති බව වාර්තා වේ.
අමරපුර සිරි සද්ධර්ම යුක්තික (මාතර) පාර්ශවයේ උතුරු නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිශාවේ ප්රධාන සංඝනායක මෙන්ම උතුරු - නැගෙනහිර සාමග්ග්රි මහා සංඝසභාවේ මහා ලේඛකාධිකාරී පූජ්ය පනාමුරේ තිලකවංශ හිමියන් පෙන්වා දෙන්නේ, මෙම උරුමයන් රැකීමේ ක්රියාදාමය නිසා පසුගිය රජය මගින් ජීවිත ආරක්ෂාව සඳහා ඇමති ආරක්ෂක ඒකකයෙන් ලබා දී තිබූ සමීප ආරක්ෂක නිලධාරීන් දෙදෙනා වහාම ක්රියාත්මක වන පරිදි ඉකුත් 12 වැනිදා සිට ආරක්ෂක රාජකාරියෙන් ඉවත් කර ඇති බවයි.
උතුරු නැගෙනහිර පළාත්වල ඓතිහාසික උරුමය ආරක්ෂා කිරීමට එරෙහිව අන්තවාදී සහ ජාතිවාදී කල්ලි කණ්ඩායම් විසින් අධිකරණයේ නඩු 15 කට අධික ප්රමාණයක් ගොනු කර ඇති බවත්, උන්වහන්සේ වැඩම කරන අවස්ථා නිරීක්ෂණය කරමින් සැලසුම් සහගතව හානියක් කිරීමට පිරිස් මාන බලමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් උන්වහන්සේ එම ලිපියේ සඳහන් කර ඇත.
මෙහිදී මෑතකදී සිදුවූ ආරක්ෂක අවදානම් සහිත සිදුවීම් දෙකක් ද උන්වහන්සේ පෙන්වා දී තිබේ. කින්නියා ප්රදේශයෙන් පැමිණි මුස්ලිම් තරුණ පිරිසක් පිහි රැගෙන විහාරස්ථානයට පැමිණ කලබල කළ අවස්ථාවේදී, එසැණින් ක්රියාත්මක වූ ආරක්ෂක නිලධාරීන් නිසා ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත්, පැවති පොසොන් මහා පින්කම් අවස්ථාවේදී මග දෙපස දමා තිබූ කොඩි සැරසිලි කඩා ඉරා දමා කොඩි කණු ද අස්ථානගත කළ බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
ඒ අනුව, පවතින ජීවිත අවදානම් තත්ත්වය සලකා බලා, ශාසනික හා ජාතික වගකීම් වෙනුවෙන් උතුරු පළාතේ මෙන්ම නැගෙනහිර මඩකලපුව, අම්පාර වැනි ප්රදේශවලට ද වරින් වර වැඩම කිරීමට සිදුවන බැවින්, අවි සමඟම වෙනත් ප්රදේශවලට ද රැගෙන යා හැකි පරිදි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ලබා දෙන ලෙස නායක හිමියෝ එම ලිපිය මගින් ඉල්ලා සිටිති.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..