රුපියල් බිලියන 7.7ක අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්යාපෘතියේ ප්රගතිය සොයන්න ජනපති අනුරාධපුරයට යයි..
අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්යාපෘතියේ කටයුතු සොයා බැලීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (23) පස්වරුවේ එක් වූ බව ජනාධිපති මාධ්ය අංශය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, ඓතිහාසික අනුරාධපුර පූජා නගරයේ පෞරාණිකත්වය සහ ආගමික වටිනාකම සුරක්ෂිත කරමින් ප්රවේශ මාර්ග ප්රතිසංස්කරණය කිරීම, බැතිමතුන්ට සහ දෙස් විදෙස් සංචාරකයන්ට අවශ්ය පහසුකම් වැඩිදියුණු කිරීම සහ කසළ කළමනාකරණය ඇතුළු සංවර්ධන කටයුතු රැසක් මෙම ව්යාපෘතිය යටතේ ක්රියාත්මක කිරීමට නියමිත බවයි.
මෙම ව්යාපෘතිය සඳහා ඉන්දීය රජය ප්රතිපාදන ලබාදීමට එකඟතාව පළ කර ඇති අතර, සමස්ත ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 7.7ක් බවයි ජනාධිපති මාධ්ය අංශය සඳහන් කරන්නේ.
ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සකස් කරන ලද අනුරාධපුර පූජා භූමි සැලසුම් යෝජනා ක්රමය 2026 පෙබරවාරි 27 වැනිදා ගැසට් පත්රයක් මගින් යාවත්කාලීන කර තිබෙන අතර, එමගින් සංවර්ධන සැලැස්ම සහ සංවර්ධන කටයුතු සිදු කිරීමේදී අනුගමනය කළ යුතු නිර්ණායක ද ප්රකාශයට පත් කර ඇති බව සඳහන්.
අනුරාධපුර පූජා නගරයට පැමිණි ජනාධිපතිවරයා පා ගමනින් ගමන් කරමින් සංවර්ධන කටයුතු සඳහා යෝජිත භූමි සහ සැලසුම් නිරීක්ෂණය කර තිබෙන අතර, එහිදී නිලධාරීන් සමඟ සාකච්ඡා කර ව්යාපෘතියේ ප්රගතිය පිළිබඳව ද විමසා බැලූ බව ජනාධිපති මාධ්ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
පූජා නගරයේ ඓතිහාසික පොකුණු තුන ආශ්රිතව සිදු කෙරෙන මාර්ග සංවර්ධන කටයුතු සහ බටහිර ආරාම විහාර සංකීර්ණයේ පුරාවිද්යාත්මක කැණීම් කටයුතු ද ජනාධිපතිවරයාගේ නිරීක්ෂණයට ලක්ව ඇත.
ඊට අමතරව, රුවන්වැලි සෑය ආසන්නයේ අක්කර අට ප්රදේශයේ රථගාලක් ඉදිකිරීමට යෝජිත භූමිය ද ජනාධිපතිවරයා නිරීක්ෂණය කළ බව එම නිවේදනයේ සඳහන්.
ඓතිහාසික අනුරාධපුර පූජා භූමියේ පෞරාණිකත්වය සහ ආගමික වටිනාකම ආරක්ෂා වන අයුරින් සියලු සංවර්ධන කටයුතු සිදු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙන අතර, ව්යාපෘතිය ක්රියාත්මක කිරීමේදී මතුවන ගැටලු අදාළ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර විසඳා ගනිමින් සංවර්ධන කටයුතු කඩිනම් කරන ලෙස ද ඔහු උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
දොස්තරලා දැඩි වෘත්තීය ක්රියාමාර්ගයක.. රට පුරා විරෝධතා කැඳවයි..
රුපියල් බිලියන 7.7ක අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්යාපෘතියේ ප්රගතිය සොයන්න ජනපති අනුරාධපුරයට යයි..
රාජ්ය ආයතන 34ක් මුළුමනින්ම වසා දානවා.. - ජනපති
ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට එරෙහි රිට් පෙත්සම් විභාගය නොවැම්බර් 18 දාට..
කලාපයේ වැඩිම ගෘහස්ථ විදුලි ගාස්තුව ලංකාවේ.. - SenFin
ඥාණසාර හිමි වෙනුවෙන් සත්යග්රහයට අධිකරණ නියෝගයක්.. ඉවත් කරන්න පොලිසිය පැමිණීමෙන් උණුසුම් තත්වයක්..
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්ය අමාත්යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්