කොලොම්බස්ගේ කොලොම්බො..
ඉතාලියේ වයඹ පැත්තේ මුහුදට මායිම්වෙලා ලිගූරියා (Liguria) කියලා පළාතක් තියෙනවා. ඉස්සර කාලේ ඒ පැත්තේ ජෙනෝවා (Genoa) කියලා පුංචි රටක් තිබුණා. ඒ රටේ අගනුවරටක් කිව්වේ ජෙනෝවා කියලා ම තමයි. දැන් හුඟක් ප්‍රසිද්ධ වෙලා තියෙන මිලානෝ (Milano) නගරයට කිලෝ මීටර් 150 ක් විතර දකුණින් තමයි ජෙනෝවා නගරය තියෙන්නේ.
ජෙනෝවවල මහ ප්‍රසිද්ධ වරායකුත් තියෙනවා. ක්‍රිස්තු පූර්ව 5 වැනි සියවස වෙද්දිත්, ඒ වරාය තිබුණා කියලා ඉතිහාස වාර්තාවලින් කියනවා. මධ්‍යධරණි මුහුදේ වෙළෙඳ ගනුදෙනුවලට හවුල්වෙච්ච පරණ ම වරායක් විදිහටයි ජෙනෝවා වරාය සැළැකෙන්නේ.
මෙන්න මේ ජෙනෝවා නගරයේ තමයි ක්‍රිස්ටෝපර් කොලම්බස් (Christopher Columbus) කියන හාදයා ඉපැදිලා තියෙන්නේ. මේ හාදයාට වයස අවුරුදු දෙකක් වෙද්දි - ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 1453 දී, කොන්ස්තන්තිනෝපලය (Constantinople) ඔටෝමන් තුර්කි අධිරාජ්‍යය විසින් අල්ලගත්තා. ඒ දක්වා අවුරුදු 1100 කට වැඩි කාලයක් රෝම අධිරාජ්‍යයේ සහ බයිසන්ටයින් (නැගෙනහිර රෝම) අධිරාජ්‍යයේ අගනුවර විදිහට පවත්වාගෙන ගිය ඒ නගරය අහිමිවීමත් එක්ක යුරෝපයේ අයට ආසියාවට එන්න තිබිච්ච පාර වැහුණා. ඒ හින්දා, මධ්‍යධරණි මුහුද හරහා කරන වෙළෙඳ ගනුදෙනුවලට නැතුව ම බැරි මහා ලොකු දොරක් බවටත් ජෙනෝවා වරාය පත්වුණා.
කොලොම්බස් ලොකු මහත්වුණේ ලෝක පෙරැළියක් සිද්දවෙච්ච කාලයක කියන එක මේ කාරණයෙන් පැහැදිළිවෙනවා. ඒ වෙද්දි, පුනරුද (Renaissance) හපන්කම් පටන් ඇරැගෙන වැඩි කාලයක් ගතවෙලා තිබුණෙත් නෑ. පුනරුදයේ මුල් කාලය කාකොටාගැනීම්වලින්, යුද්ධ කෝලාහලවලින් සරුවෙලා තිබිච්ච හින්දා ජෙනෝවා නගරයේ මිනිස්සු උරුම කරගත්ත යුද්ධකිරීමේ හැකියාවකුත් රජ කෙරුවා. 1454 අප්‍රේල් මාසේ තමයි මේ යුද්ධ අවසන් කරපු ලෝඩි ගිවිසුම (Treaty of Lodi) අත්සන් කළේ. ඒ වෙද්දි, කොලොම්බස්ගේ වයස අවුරුදු 3 යි. ඉතින් යුද්ධකිරීමේ උරුමයකුත් කොලොම්බස්ටත් ලැබිලා තිබුණා.
රෙදිපිළි, ආහාර ද්‍රව්‍ය සහ වෙනත් අත්‍යවශ්‍ය දේ වෙළෙඳාම් කරනවාට අමතරව ජෙනෝවා නගරයේ ලොකු වහල් වෙළෙඳාමකුත් සිද්දවුණා. 14 වැනි සහ 15 වැනි සියවස්වල, මධ්‍යධරණි මුහුදේ වහල් වෙළෙඳාමට ඉඩ සපයපු ප්‍රධාන ම නගර දෙක විදිහට වැනීසිය සහ ජෙනෝවාව සැළැකුණා. මේ විදිහට විකුණපු වහල්ලු ජෙනෝවා නගරයේ සහ ඒ සැපැයුම ලබාගත්ත ප්‍රදේශවල පොහොසත් වෙළෙන්දන්ගේ, බැංකුකරුවන්ගේ සහ පාලක පවුල්වල ගෘහ සේවකයෝ, සූපවේදීයෝ, කම්කරුවෝ විදිහට වැඩ කළා. ජෙනෝවා නගරයේ ගෙදරක වහලෙක්, වහලියක් ඉන්නවා කියන එක සමාජ තත්ත්වය සහ බලය පෙන්නන සංකේතයක් විදිහටත් සැළැකුණා.
වෙළෙඳ ගනුදෙනු සරුවට සිද්දවෙච්ච හින්දා ජෙනෝවා නගරයේ බැංකු ඇතිවෙන්නත් පටන්ගත්තා. 1407 අවුරුද්දේ, ජෙනෝවා නගරයේ ආරම්භ කරපු ශාන්ත ජෝර්ජ් බැංකුව (Bank of Saint George) ලෝකයේ මුල් ම බැංකුවලින් එකක් විදිහට සැළැකෙනවා. 1483 දී, කතෝලික පල්ලිය මුල්වෙලා පොඩියට ව්‍යාපාර කරන අයට සාධාරණ පොලියකට ණයදෙන “සාධාරණ අරමුදල” (Mount of piety) කියන බැංකුවත් ජෙනෝවා නගරයේ ආරම්භ කළා.
නිතර නිතර නැව් මහ ගොඩක් ආව ගිය හින්දා ජෙනෝවා වරායේ නැව් තදබදයකුත් ඇතිවෙලා තිබුණා කියලා කියනවා. එක ළඟ ගාල් කරලා තිබිච්ච ගව පට්ටි වගේ නැව් බොහොම ළඟින් නවත්තලා තිබුණා කියලයි ඒ කාලේ ලියපු සමහර වාර්තාවල සඳහන් කරලා තියෙන්නේ.
ඉතින් ක්‍රිස්ටෝපර් කොලොම්බස් කියන්නේ ජෙනෝවා නගරයේ හොඳ, නරක දෙක ම අඩුවක් නැතුව උරුම කරගෙන ඉපැදිලා, ලොකු මහත්වෙච්ච හාදයෙක් බව පැහැදිළියි. ජෙනෝවා නගරයේ බලය සහ ධනය උපදින්නේ මුහුදින් බවත් ඒ හාදයා හොඳට ම තේරුම් ඇරැගෙනයි හිටියේ. ඉතින් බලය සහ ධනය වෙනුවෙන් මුහුදුට බහින්න ඕන බව ඔහු ඇටෙන් පොත්තෙන් එළියට එද්දි ම තේරුම්ගත්තා. තමන් පුංචි කාලේ ඉඳලා ම, මුහුද ගමන්වලට එකතුවුණා කියලා පස්සේ කාලේ කොලොම්බස් ලියපු සටහන්වල සඳහන් කරලා තියෙනවා. මනුස්සයාගේ ජීවිත කතාව ලියපු අය කියන විදිහට නම්, වයස අවුරුදු 10 – 14 කාලයේ දී කොලොම්බස් මුහුදු ගමන් පටන් ඇරැගෙන තියෙනවා.
1476 අවුරුද්දේ දවසක, ප්‍රංශ සහ පෘතුගීසි මුහුදු මංකෝලලකාර හමුදා අතර ඇතිවෙච්ච ගැටුමකට මැදිවෙච්ච කොලොම්බස්ගේ නැව මුහුදුබත්වුණා. නැවෙන් ගැලැවිච්ච ලෑල්ලක එල්ලිලා ගොඩට පීනපු ඔහු පෘතුගාලයට සම්ප්‍රාප්ත වුණා. ඒ වෙද්දි, ඔහුගේ වයස අවුරුදු 25 යි. ඊට පස්සෙයි ඔහු පෘතුගීසි මුහුදු ගමන්වලට එකතුවුණේ. ඒ කතා කියන්න කලින්, 1465 - 1476 දක්වා කාලයේ ඔහු කරපු සෙල්ලම් ගැනත් කියන්න ඕන. ඒ කතා පස්සේ කියන්නම්.
මේ කතාව ඉවර කරන්න කලින් තව පොඩි කාරණයක් කියන්න ඕන. ඉංග්‍රීසි භාෂාවෙන් තමයි ඔහුගේ නම “ක්‍රිස්ටෝපර් කොලොම්බස්” (Christopher Columbus) කියලා ලියන්නේ. ජෙනෝවා නගරයේ ඉතාලි භාෂාවෙන් ඔහුගේ නම “ක්රිස්ටොෆොරො කොලොම්බො” (Cristoforo Colombo) කියලා ලියනවා.
කොහොම වුනත්, මේ “කොලොම්බො” සහ අපේ “කොළඹ” අතර කිසිම සම්බන්ධයක් නෑ. “කොළඹ” කියන්නේ වෙනත් භාෂාවකින් බිඳිලා ආපු එකක් නෙවෙයි කියලා “සිදත් සඟරාව” කියනවා.
“නාරඹ පෙරඹ කොළඹ - තඹල පුසුඹුල ලොලඹු
ඇවුළුම් හෙළුම් ලොළුම් - මේ ආදීහු නිපන් නමි”
“කොළඹ” කියන්නේ අපේ ම වචනයක්. අපේ “කොළඹ” කියන වචනයෙන් කියැවෙන්නේ “වරාය” කියන අදහස කියලයි කියන්නේ.
හැබැයි දැන් “කොළඹ” කියන්නේ අපේ තැනක් නෙවෙයි. දැන් තියෙන්නේ “කොලොම්බො” (Colombo) මිසක් “කොළඹ” නෙවෙයි.
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කලාපයේ වැඩිම ගෘහස්ථ විදුලි ගාස්තුව ලංකාවේ.. - SenFin
ඥාණසාර හිමි වෙනුවෙන් සත්‍යග්‍රහයට අධිකරණ නියෝගයක්.. ඉවත් කරන්න පොලිසිය පැමිණීමෙන් උණුසුම් තත්වයක්..
පනාමුරේ තිලකවංශ නාහිමියන්ට ජීවිත ආරක්ෂාව ඉල්ලමින් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපියක්..
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..