News Category
From Date
To Date
Maximum Number of Result

වීසා ගනුදෙනුවේ කතාව මුල සිට : වීඑෆ්එස් වෙනුවට වෙනත් සමාගමක්

Sep 26, 2024 at 09:22 AM
|

(තරිඳු ජයවර්ධන)

ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත විදේශිකයන් සඳහා වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය ආයතනයකට පැවරීම සම්බන්ධයෙන් පසුගිය සතියේ ලොකු කතාබහක් ඇති විය. මෙම ලිපිය  ඒ නිමිත්තෙනි.

ඉතිහාසය

ශ්‍රී ලංකාවට පැමිණීම සහ පිටවීමට අදාලව නීති පැනවීමක් මුලින්ම වාර්තා වන්නේ 1847 වසරේ දී ය. ඒ 1847 අංක 03 දරණ ඉන්දියානුවන් ලංකාවෙන් විගමනය වීම පිළිබඳ පනතයි. මෙම පනතින් පසු මේ දක්වා නීති කිහිපයක් ගෙනැවිත් ඇති අතර මේ වන විට ඊට අදාලව ක්‍රියාත්මක වන්නේ වරින් වර සංශෝධිත ආගාමික හා විගාමික පනතයි.

ශ්‍රී ලංකාවට ඇතුළු වෙද්දී වීසා ලබා ගැනීමේ ක්‍රමයක් ගැන මෙම නීතිවලින් මුලින්ම හඳුන්වා දෙන්නේ 1955 අංක 16 දරණ ආගාමික හා විගාමික සංශෝධන පනත මගිනි. 1935 අංක 30 දරන විදේශිකයන් ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ ද මේ හා සමාන ලක්ෂණ තිබුණද එහි වීසා යන්න භාවිත කර නැත.

මෙම වසර ආරම්භ වන විට පැවති තත්ත්වය අනුව ශ්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා විදේශිකයන් වීසා ලබා ගැනීම සිදු කළ යුතුය. ඇතැම් රටවල් සඳහා ඊට අදාල වෙනස් තත්ත්වයන් තිබේ. පොදුවේ ගත් කළ වීසා අයදුම්කිරීම ඔන්ලයින් (මාර්ගගත) ක්‍රමයට සහ ගුවන්තොටුපොළට පැමිණි පසු පැමිණීමේ පර්යන්තයෙන් (ඔන් අරයිවල්) ලබා ගත හැකිය.

2012 වසරේ සිට ආගමන විගමන දෙපාර්තමේන්තුව මෙය ක්‍රමානුකූලව පද්ධතියක් හරහා සිදු කරගෙන ගියේය. ඊට අදාලව අන්තර්ජාලය හරහා ඔන්ලයින් වීසා අයදුම් කිරීමට වෙබ් අඩවියක් ශ්‍රී ලංකා රජය මගින් හඳුන්වා දී තිබිණි. www.eta.gov.lk වෙබ් අඩවිය ඔස්සේ අයදුම් කිරීම මගින් කෙටි කාලයක් ඇතුළත වීසා ලබා ගැනීමේ හැකියාව විදේශිකයන්ට තිබිණි. කෙසේ වෙතත් එය හැඳින්වූයේ ETA (Electronic Travel Authorization) ලෙසය. එය වීසා ලබාදීම ලෙස සාමාන්‍යයෙන් හැඳින්වුවද සත්‍ය වශයෙන්ම එම ක්‍රමයේදී සිදුවූයේ ඉලෙක්ට්‍රෝනික ගමන් අනුමැතියක් ලබාදීම පමණි. ඔන්ලයින් වීසා අයදුම් කරද්දී ඒ සඳහා අනුමැතියක් ලබාදීමක් සිදුවන අතර එම විදේශිකයා ලංකාවට එද්දී ගුවන්තොටුපොළේදී වීසා නිකුත් කිරීම සිදුවේ. දින දෙකක් වැනි කාලයක් ඇතුළත එම අනුමැතිය ලබා දෙන අතර ගුවන් තොටුපොළේදී මිනිත්තුවක් වැනි කාලයකදී වීසා නිකුත් කිරීම සිදුවේ.   ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පැවැති එම ක්‍රමවේදයේ ගැටලුකාරී තත්ත්වයක් පැනනැගී නොතිබිණි.

ඊට අදාලව තාක්ෂණික සහකරු ලෙස කටයුතු කළේ ශ්‍රී ලංකා රජයට අයත් සමාගමක් වන මොබිටෙල් ආයතනයයි.

හදිසි කැබිනට් පත්‍රිකාව

එසේ තිබියදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් 2023 සැප්තැම්බර් 08 දිනැතිප කැබිනට් පත්‍රිකාවක් (කැබිනට් පත්‍රිකා අංක 38/2023)  2023 සැප්තැස්මර් 11 වැනිදා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරමින් IVS-GBS Global Services නම් ආයතනයක් ‘E-Visa, Consular Services, Visa Services, Bio Metric Services and Tourism Promotion’ මැයෙන් ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කළ බව දැනුම් දුන්නේය. එම ව්‍යාපෘති යෝජනාව ඇමුණුම 01 ලෙස සඳහන් කරමින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ ටිරාන් අලස් IVS-GBS Global Services විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති ව්‍යාපෘති යෝජනාව ඇගයීමක් කිරීම සඳහා සුදුසු ඇගයීම් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැති ඉල්ලා සිටියේය. එසේම එම ඇගයීම් කමිටුවේ නිර්දේශ සහ අදාල ආයතනය සමග අත්සන් කිරීමට යන ගිවිසුම සඳහා නීතිපතිගේ නිශ්කාශන වාර්තාවක් ලබා ගැනීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැණිනි.

අමාත්‍යවරයා මෙම අනුමැතිය ලබා ගන්නේ මීට පෙර 2021 දී ඉලෙට්‍රෝනික ගමන් අවසර පත්‍ර (ඊටීඒ) පද්ධතිය දියුණු කිරීම සහ ආරක්ෂණ පද්ධතියක් සකස් කිරීම පිණිස ශ්‍රී ලංකා මොබිනිටෙල් ආයතනයට බාර දීමට 2021 ජූලි 29 වැනිදා කැබිනට්  මණ්ඩලයට ඉදිරිප් කරන ලද  කැබිනට් පත්‍රිකාවට 2021 අගෝස්තු 17 වැනිදා අනුමැතිය (CP/21/1477/303/117) ලැබී තිබියදීය. 2021 කැබිනට් මණ්ඩල අනුමැති අනුව මොබිටෙල් ආයතනය අදාල බද්ධති සකස් කර අවසන් වී තිබියදී අමාත්‍යවරයා මෙලෙස වීසා නිකුත් කිරීමේ කාර්ය විදේශීය සමාගමකට පැවරීමට කැබිනට් අනුමැතිය පැතීම විශේෂත්වයකි.

ප්‍රසම්පාදනයක් නෑ

ආයතනයකින් යෝජනාවක් ඉදිරිපත් කර පමණින් ඒ සඳහා අවශ්‍යතාවක් පැන නැගී නැතිනම් එම යෝජනාව පිළිගැනීම ගැටලු සහගතවේ. ශ්‍රී ලංකාවේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සහ ඒ ආශ්‍රිත නීතිරීති අනුව යම් අවශ්‍යතාවක් මතුවුවහොත් ආයතනයකින් භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගත හැකි වන්නේ නියමිත ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුවය. එවැනි ප්‍රසම්පාදන ක්‍රමවේදයන් හඳුන්වා දී ඇත්තේ ආයතනවල සිදුවන වංචා, දූෂණ අවම කරමින් ක්‍රමවත් ලෙස සහ අවශ්‍යතාවලට සරිලන ලෙස කටයුතු සිදුකිරීම සඳහාය. කෙසේ වෙතත් මෙම සිද්ධියේදී රටට අවශ්‍යතාවක් නොමැති අවස්ථාවක සමාගමක යෝජනාවක් ඉතා උනන්දුවෙන් සලකා බැලීම සිදු කර තිබීම තවත් විශේෂත්වයකි.

මෙම යෝජනාව සහ කැබිනට් තීරණය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡාවේදී හෙලිදරව් නොවුණු අතර ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනමාධ්‍ය ආයතන වෙත ලබා දෙන අමාත්‍ය මණ්ඩල තීරණ සංක්ෂිප්ත ලැයිස්තුවේ ද මෙම ව්‍යාපෘතිය ගැන සඳහන් නොවුණි.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු දිනයට දින දෙකකට පසු මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් පී වී ගුණතිලක විසින් ඇගයීම් කමිටුව පත් කරනු ලැබීය. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් ටී වී ඩී දමයන්ති එස් කරුණාරත්න, ආගමන විගමන පාලන ජනරාල් අයි එස් එච් ජේ ඉලුක්පිටිය, රාජ්‍ය පරිපාන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් චම්පික රාමවික්‍රම, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී එම් පී ඩී පී පතිරණ සහ මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එම් ආර් ජී ඒ මුතුකුඩ යන මහත්ම මහත්මීය එම කමිටුවේ සාමාජිකයෝය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තාක්ෂණික දැනුම ඇති ආයතනයක නියෝජිතයකු හෝ ඒ වන විටත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වීසා ක්‍රියාවලියට තාක්ෂණික සහාය දැක්වූ මොබිටෙල් ආයතනයේ නියෝජිතයකු හෝ දත්ත ආරක්ෂාව සම්බ්නධයෙන් විශේෂඥයකු හෝ මෙම ඇගයීම් කමිටුවට ඇතුළත් කර තිබුණේ නැත. මෙය ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ එන තාක්ෂණික ඇගයීම් කමිටුවක් නොව මෙම යෝජනාවලිය සලකා බැලීම සඳහා පත්කළ හුදු කමිටුවක් පමණි.  ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 2.8.1(ආ)අනුව තාක්ෂණික ඇගයීම් කමිටුවක සංයුක්තිය සලකා බැලීමේ දී විෂය පිළිබඳ විශේෂඥයකු හෝ විශේෂඥයන් ද ඇතුළත් විය යුතුය. එසේම එහි  2.8.1(ඇ) අනුව අවශ්‍ය නම් විශේෂිත විෂය කරුණු ගැන බාහිර ආයතනවලින් විශේෂඥ උපදෙස් ලබා ගත හැකිය. මෙම ක්‍රියාවලියේ දී ඒ කිසිවක් සිදුකර නැත.

කමිටු වාර්තාවත් බාගෙට

එම කමිටුව පිටු හයකින් යුතුව වාර්තාව බාර දී ඇතත් එය බාර දුන් දිනයක් සඳහන් නොවේ.   වීසා ලබාදීම සඳහා ඉලෙට්‍රෝනික ගමන් අවසරයක් (ඊටීඒ) ලබාදීම දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදය බවත්, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, ඇමෙරිකාව වැනි රටවල එම ක්‍රියාවලිය පහසු සහ වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා වීඑස්එෆ්  වැනි අරමැදි ආයතනයක් තෝරගෙන වීසා ලබාදීම සිදු කරන බවත් කමිටුව සඳහන් කර තිබේ. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ දැනට පවතින ක්‍රමයේ ගැටලුවක් ඇති බවක් හෝ අතරමැදි ආයතනයක් හරහා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම  කාර්යක්ෂම වන්නේ කෙසේද යන්න හෝ කමිටු වාර්තාවේ සඳහන් කර නැත.

IVS-GBS Global Services ලෙස මෙම ව්‍යාපෘති වාර්තාව ඉදිරිපත් කර ඇතත් එම ආයතන ලියාපදිංචි වී ඇත්තේ GBS Technology Services & IVS Global – FZCO (IVSGBS) ලෙස සහ VF Worldwide Holding LTD (VFS Global) වශයෙන් බවත් කමිටුව හඳුනාගෙන තිබේ. මෙය සරලව IVS, GBS හා VFS ආයත නුකෙහි එකතුවක් ලෙස ඉදිරිපත්ව ඇති ව්‍යාපෘති වාර්තාවකි. IVS සහ GBS එක ආයතනයක් ලෙස ඩුබායි රාජ්‍යයේ ඩුබායි ඉන්ටග්‍රේටඩ් ඉකොනොමික්ස් සෝන් හි අංක 12734 යටතේ ලියාපදිංචි වී ඇති බවට පැවෙසෙන අතර VFS ආයතනය ඩුබායිහි බලපත්‍ර අංක DMCC-353188 යටතේ ලියාපදිංචි කර ඇතැයි සඳහන්ය. දිල්ලියේ මූලස්ථානය පිහිටා ඇති IVS Global Services Pvt. Ltd.  ආයතනය ඉන්දියා රජයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ අනුමැතිය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් ලෙස සඳහන්ය.  එය U63090MH2010PTC202913 යටතේ ඉන්දියාවේ සමාගම් ලියාපදිංචි කිරීමේ ආයතනයේ ලියාපදිංචි කර ඇති බව ඔවුන් ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුමක සඳහන් වේ.

ඉහත සදහන් කළ මෙම ආයතන තුන එක්ව (Consortium) ක්‍රියාත්මක වන බව පැවසුවද කමිටු වාර්තාව ලබා දෙන තෙක් ඊට අදාල නීතිමය තහවුරු ලේඛන ඉදිරිපත් කර නොතිබිණි.

එසේම අත්සන් කරන ගිවිසුම ද මෙම ආයතනතුන විසින්ම ඉදිරිපත් කර තිබුණු අතර කමිටුව එහි සුළු වනස්කම් කිහිපයකට පමණක් යෝජනා ඉදිරිපත් කර තිබේ.

මෙම ආයතන තුන එකට වැඩ කිරීමට ආරම්භ වූයේ කුමන කාලයක සිටද, එම ආයතන තුන එක්ව යෝජනාව ඉදිරිපත් කිරීමට හේතුව කුමක්ද යන්න ඇතුළු තොරතුරු කිසිවක් සපයා නොතිබිණි.  ඒ ගැන නිසි සොයා බැලීමක් පවා කර නොතිබිණි.

‘මෙම ආයතනය‘ ලොව පුරා රටවල් 145ක වීසා ලබාදීමේ සේවා සපයන ආයතනයක් ලෙස ජාත්‍යන්තර වශයෙන් කීර්තියට ලක්ව ඇති ආයතනයක් බව කමිටු වාර්තාවේ සඳහන්ව ඇතත් ‘මෙම ආයතනය‘ ලෙස හඳුන්වන්නේ ආයතන තුනෙන් කුමන ආයතනයද යන්න සදහන් කර නැත. GBS Technology Services වීසා කටයුතු සිදු කරන්නේ රටවල් තුනක් සම්බන්ධයෙනි. ඒ ග්‍රීසිය, මැලේසියාව සහ ඉන්දියාවයි. ඉන් දෙකක කටයුතු ආරම්භ කර ඇත්තේ 2022 සහ 2023 වසර වලදීය. ඩුබායි සඳහා ඔන්ලයින් වීසා නිකුත් කිරීමේ කොන්ත්‍රාත්තුවත් ෂෙංගන් වීසා නිකුත් කිරීමේ කොන්ත්‍රාත්තුවත් මේ වන විට අවසන් වී තිබේ.  VFS Global ආයතනය රටවල් 67ක් සමග හවුල්කාරීව කටයුතු කරන බව සඳහන්වන අතර එම රටවල් 67 සමගම කරන්නේ වීසා නිකුත් කිරීමද යන්න සඳහන්ව නැත. එසේම රටවල් 151ක තම කාර්යාල පවත්වාගෙන යන බව සඳහන්වේ. රටවල් 145ක් සමග වීසා කටයුතු සිදු කරන බවට සඳහන් කමිටුව නිරීක්ෂණය ගැටලු සහගතය.

වීසාවලට අමතරව සංචාරක රක්ෂණයත්

එසේම එම සමාගම්වල යෝජනා අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශයන්හි ශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමත් විදේශිකයන්ට සංචාරක රක්ෂනාවරණ ලබාදීමත් අන්තර්ගත වේ. ශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා අමාත්‍යංශයක් සහ ඒ අයටතේ ආයතන තිබියදී මෙම ආයතනවලට එම කටයුතු ලබාදීමේ අරමුණ කුමක්ද යන්න පැහැදිලි නැත. එසේම ශ්‍රී ලංකාව වැනි බොහෝ රටවල සංචාරය කිරීම සදහා සංචාරක රක්ෂණාවරණයක් අනිවාර්ය වන අතර එය ලෝකයේ ඉතා ලාභදායී ව්‍යාපාරයක් බවට පත්ව තිබේ. මෙම ඇතැම් ආයතනද කාලයක සිය සංචාරක රක්ෂනාවරණ කටයුතු සිදු කරනු ලබන අතර මෙම යෝජනාවලියට අනුමැතිය දී ගිවිසුම් අත්සන් කිරීම මගින් සංචාරක රක්ෂනාවරණ කරන එක් ආයතනයක් සඳහා අනවශ්‍ය වක්‍ර අනුමැතියක් ලබාදීමක් ද සිදුවේ. වීසා නිකුත් කිරීමට ප්‍රථම සංචාරක රක්ෂනාවරණය පරීක්ෂා කරන අතර එය බලන ආයතනම රක්ෂනාවරණ ලබාදීම ලබැඳියාවන් අතර ගැටුමක්ද ඇති කරයි. එසේම මෙය එම ආයතනයට වෙනත් ව්‍යාපාරයක් කරගෙන යෑමට ශ්‍රී ලංකා රජය ලබාදෙන නොනිල පිළිගැනීමක් ලෙස ද සැලකිය හැකිය.

ඉහත සඳහන් කළ කමිටු වාර්තාව පදනම් කර ගනිමින් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය සඳහා ගිවිසුම් අත්සන් කිරීමට 2023 දෙසැම්බර් 04 දිනැති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් (44/2023) මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති අතර 2023 දෙසැම්බර් 11 වැනිදා කැබිනට් මණ්ඩලය ඊට අනුමැතිය ලබා දී තිබේ.  ඒ සම්බන්ධයෙන් නිකුත් කළ කැබිනට් නිවේදනය මෙසේය.

‘ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් සඳහා වන වීසා අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කිරීම සඳහා බලයලත් නියෝජිතයෙකු පත් කිරීම

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් සඳහා වන වීසා අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කිරීම සඳහා බලයලත් නියෝජිතයෙකු වශයෙන් කටයුතු කිරීම පිණිස GBS Technology Services & IVS Global – FZCO සහ VFS VF Worldwide Holdings Ltd විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව ඇගයීම පිණිස ඇගයීම් කමිටුවක් පත් කිරීමට 2023-09-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදී. ඒ අනුව පත් කරනු ලැබ ඇති ඇගයීම් කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ නිර්දේශ පරිදි කටයුතු කිරීමටත්, නීතිපති විසින් ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ අනුව කෙටුම්පත් කරනු ලැබ ඇති අදාළ ගිවිසුමට අත්සන් තැබීමටත් මහජන ආරක්ෂක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.‘

දෙසැම්බර් 11 වැනිදා කැබිනට් අනුමැතිය ලැබී සති දෙකකට පමණ පසු එනම් 2023 දෙසැම්බර් 21 වැනිදා  අදාල සමාගම් සමග ගිවිසුමටද එළැඹ තිබේ.

ඉතා හදිසියේ සිදු කළ මෙම ක්‍රියාදාමය අනුව අදාල ගිවිසුමට අත්සන් තැබුණු අතර ඒ අනුව ඔන්ලයින් වීසා කටයුතු එම සමාගම හරහා 2024 අප්‍රේල් 17 වැනිදා ආරම්භ විය. ඒ අනුව ශ්‍රී ලංකාවේ නිල අන්තර්ජාල බිහිදොර හරහා ක්‍රියාත්මක වූ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඔන්ලයින් වීසා නිකුක් කිරීමට අදාල ඊටීඒ වෙබ් අඩවිය අක්‍රීය කර අලුතෙන් අදාල සමාගම හරහා වෙබ් අඩවියක් ඇතුළත් කළේය.

එසේම ගුවන්තොටුපොළේදී වීසා නිකුත් කිරීමේ කටයුත්තද (ඔන්අරයිවල් වීසා) මෙම සමාගමට පැවරිණි. එය ආරම්භ කළ දිනයේ ඇතිවූ ප්‍රමාධවීම් හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුවීමෙන් පසු තාවකාලිකව එම කටයුතු නතර කළ බව රජය ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් නතර කර ඇත්තේ ගුවන්තොටුපොළේදී මෙම සමාගම් හරහා වීසා නිකුත් කිරීම පමණි. ඔන්ලයින් වීසා නිකුත් කිරීම තවදුරටත් සිදුවන්නේ මෙම ආයතනය හරහාය.

IVS ශ්‍රී ලංකාගමනය

IVS ආයතනය ශ්‍රී ලංකාවේ ඉන්දියා වීසා කාර්යාලයක් ආරම්භ කර ඇත්තේ 2013 සැප්තැම්බර් දෙවැනිදා බව සඳහන්ය. එම ඉන්දියා වීසා කාර්යාලය ලංකාවේ විවෘත කරන අවස්ථාවට ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දියා මහකොමසාරිස් කාර්යාලයේ මහකොමසාරිස් වයි කේ සිංහ ද සහභාගී වී තිබේ.

ගාස්තු

ශ්‍රී ලංකාවේ ආගමන විගමන පාලක ජනරාල්වරයා සහ අදාල ආයතන අතර ගිවිසුම අත්සන් කළ පසු 2024 අප්‍රේල් 17 වැනිදා සිට ඔන්ලයින් වීසා කටයුතු එම සමාගම් විසින් ආරම්භ කරනු ලැබීය. ඔන්අරයිවල් පමණක් පෙර සඳහන් කර පරිදි තාවකාලිකව නතර කර තිබේ.

වීසා ලබාදීම වෙනුවෙන් ඔවුන් සපයන සේවාවට අදාල මුදල මුදල ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් අය කිරීමට දෙපාර්ශ්වය එකගතාව පළ කර ඇති අතර එම සේවවට අදාල මුදල දැනට ඩොලර් 18.50කි. ඩොලර් 18.50ක් යනු ඉතාම පොඩි ගණනක් වන නිසා මෙමගින් සංචාරකයන්ට බලපෑමක් නැතැයි මෙය සාධාරණීකරණය කරන පිරිස් පවසති. මෙම මුදල වීසා ගාස්තු නොවේ. මෙම මුදල අය කරනු ලබන්නේ වීසා ලබාදීමට පහසුකම් සැපයීම වෙනුවෙන් පමණි.  එක් සංචාරකයකුගෙන් ඩොලර් 18.50 බැගින් එම ආයතනවලට යන මුදල අතිවිශාල මුදලකි.

ශ්‍රී ලංකාව සංචාරකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවට ආණ්ඩුව ප්‍රකාශ කරන පසුබිමක එක් සංචාරකයකුගෙන් ඩොලර් 18.50 බැගින් වූ ආදායම සම්පූර්ණයෙන්ම එම ආයතන වෙතට යයි.

ගිවිසුමේ අංක 03 යටතේ අය කරන මුදල ගැන සඳහන් ප්‍රතිපාදන අනුව මෙම ආයතනවලට අවශ්‍ය පරිදි යථා කාලයේදී මෙම මුදල් වැඩි කිරීමේ අවස්ථාවද තිබේ. ගිවිසුම වසර 10ක් සඳහා අත්සන් කර ඇති අතර ඉදිරි වසර 06ක තවදුරටත් ගිවිසුම දීර්ඝ කිරීමට අදාල ප්‍රතිපාදනද ඇතුළත් කර තිබේ.

ගිවිසුම අවසන් වෙද්දී  අවම ඩොලර් මිලියන 841ක්

මෙම ආයතන විසින් 2023 ඔක්තෝබර 23 දිනැතිව මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේසම් සහ ඇගයීම් කමිටුවේ සභාපති ටී වී ඩී දමයන්ති එස් කරුණාරත්න වෙත ඉදිරිපත් කර ඇති වාර්තාවක සඳහන් වන්නේ 2035 වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ගණන මිලියන 5.4ක් දක්වා වර්ධනය වන බවයි. 2035 වසරේ දී එතරම් සංචාරකයන් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණියහොත් ඔවුන් වෙත 2035 දී ලැබෙන ආදායම (වීසා නිකුත් කිරීමේ සේවය වෙනුවෙන් අය කරන ඩොලර් 18.50ට අදාලව පමණක්) ඩොලර් මිලියන 100කි. ඔවුන් අපේක්ෂා කරන සංචාරකයන් ප්‍රමාණය ඉදිරි දස වසර තුළ ශ්‍රී ලංකාවට පැමිණියහොත් කොන්ත්‍රාත්තුව අවසන් වෙද්දී එම සමාගම වීසා නිකුත් කිරීමට අය කරන සේවවට පමණක් ලබාගන්නා ආදායම ඇමෙරිකා ඩොලර් මිලියන 841කි.

පෙර සඳහන් කළ පරිදි මෙම ගාස්තුව ඔවුන්ට වැඩි කිරීමටද අවස්ථාව ඇති අතර එය වැඩි කළොත් ගාස්තුව මීට වඩා ලොකු ප්‍රමාණයකින් වැඩිවේ. ඊට අමතරව රක්ෂණාවරණ සහ වෙනත් සේවා සපයමින් ලබා ගන්නා ආදායම මීට වඩා බොහෝ සෙයින් වැඩි විය හැකිය.

ඉදිරි වර්ෂවල එම සමාගම අපේක්ෂා කරන සංචාරක පැමිණීම සහ ඩොලර් 18.50 බැගින් සේවා සඳහා වසර 10ක කාලයේම අය කරන්නේ නම් ඒ අනුව වාර්ෂිකව එම ආයතන වෙත ලැබෙන ආදායම පහත දැක්වේ.

වසර
අපේක්ෂිත සංචාරකයන් ගණන
සමාගමට ආදායම ඩොලර්
ඩොලර් මිලියන
2024
1,900,000
$35,150,000
$35
2025
2,300,000
$42,550,000
$43
2026
2,650,000
$49,025,000
$49
2027
3,000,000
$55,500,000
$56
2028
3,350,000
$61,975,000
$62
2029
3,700,000
$68,450,000
$68
2030
4,025,000
$74,462,500
$74
2031
4,350,000
$80,475,000
$80
2032
4,650,000
$86,025,000
$86
2033
4,950,000
$91,575,000
$92
2034
5,200,000
$96,200,000
$96
2035
5,400,000
$99,900,000
$100

මෙම ආයතන සහ එහි හිමිකාරිත්වය ගැන තොරතුරු වෙනත් ලිපියකින් බලාපොරොත්තු වන්න.

සම්බන්ධිත පුවත් | Related News

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.
නවීන විද්‍යාත්මක දැනුම වනාහි හුදු එක් ශිෂ්ටාචාරයක නිර්මාණයක් නොවන බව නූතන ලෝකය සාමාන්‍යයෙන් පිළිගන්නා කාරණයකි. එසේ වුවද නවීන විද්‍යාව යනු හුදු බටහිර ලෝකයේ පමණක් උපත ලැබූ දැනුම් සමුදායක් බව ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා තවමත් විශ්වාස කරති. ඒ මතය අදටත් වඩා ලෝකය පුරා ජනප්‍රියව පැවති කාලයක ඒ මතයට ප්‍රබල අභියෝගයක් එල්ල කළ එක්තරා සුවිශේෂී විද්වතෙක් බටහිර ලෝකයෙන්ම බිහිවිය. ඒ අදින් අවුරුදු 126කට පෙර බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර උපත ලැබූ ජෝශප් නීඩ්හැම් (Joseph Needham) නමැති ජීව රසායන විද්‍යාඥයාය.
2026 ලෝක කෘත්‍රිම බුද්ධි (AI) සමුළුව සහ ගෝලීය AI පාලනය පිළිබඳ උසස් පෙළේ රැස්වීම ජූලි 17 සිට 20 දක්වා චීනයේ ෂැංහයි නගරයේදී පැවැත්වේ.
සංචාරක නියෝජ්‍ය ඇමති 'මහාචාර්ය' රුවන් රණසිංහ දෙවෙනි වතාවටත් ආතල් එකක් දුන්නා.
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය අර්ධද්වීපයේ පිහිටි වල්ලිපුරම් ප්‍රදේශයෙන් සොයාගත් ඓතිහාසික වල්ලිපුරම් රන් සන්නස පිළිබඳව වැදගත් තොරතුරු රැසක් Next page යූටියුබ් නාලිකාව විසින් ඉදිරිපත් කර තිබේ.
බෝධිසත්ව ගුණෝපේත අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ සිතෙහි ජනිත උදාරතර අරමුණක් මල් ඵල දැරීමෙන් යථාර්ථයක් බවට පැමිණි විද්‍යෝදය පිරිවෙණ තිඹිරිගෙය කර ගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ආරම්භ වෙයි.
"තම සපත්තු ලේස් එක ගැටගසා ගැනීමටවත් නොදන්නා වයසේදී, ඒ සුරතල් දෑත්වලට යකඩ මාංචු වැටෙන්නේ කෙසේද? උසාවි කූඩුවක යකඩ කූරු අතරින් බියපත් දෑසින් සමාජය දෙස බලන අවුරුදු දහයට අඩු ඒ 'පුංචි අපරාධකාරයා' නිර්මාණය කළේ ඔහු විසින්මද? නැතහොත් මේ කුහක සමාජ ක්‍රමය විසින්ද?"
අනුර ජනාධිපති වීමෙන් පසුව සිදුකළ ඉන්දියානු සංචාරය අතර තුර ඉන්දියාව එකගතා ඇති වුන (ඇත්තටම සිදු කරන ලද) අවබෝධතා ගිවිසුම් 07 අතරේ තිබුණ දෙපාර්ශවයම එළි නොකරන ලද ශ්‍රම හුවමාරුව (අනියම් එට්කා ගිවිසුම) 2027 සිට ක්‍රියාත්මක වන්නට පිඔුරුපත් සැකසෙමින් තිබේ.
එක්සත් ජනපදය මෑතකදී තම ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කළේය.

ප්‍රධාන පුවත්

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.

ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..

ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන දූෂණවලට එරෙහිව රට පුරා දැවැන්ත ජනතා විරෝධයක් ආරම්භ වී තිබේ.

ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය

මැද පෙරදිග පිහිටි තම ගුවන් ආරක්ෂක පද්ධති ඉරාන මිසයිලවලට එරෙහිව ප්‍රමාණවත් ලෙස ක්‍රියා නොකරන බවට එක්සත් ජනපදය තුළ දැඩි කනස්සල්ලක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය කිහිපයක් නම සඳහන් කිරීමට අකමැති වූ ඇමරිකානු හමුදා නිලධාරීන් උපුටා දක්වමින් පවසයි.

බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා

පුරාවිද්‍යා කොමසාරිස් සහ සුමන්තිරන්ලා රහසිගතව මුණගැසීම පිළිබඳව ලංකා ලීඩර් වෙත අදහස් දැක්වූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ එම ක්‍රියාවලිය තුළ උතුර සහ නැගෙනහිර පළාත්වල සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ධුර 4ක් සඳහා පිටතින් බඳවා ගැනීම සඳහා නව තරග විභාගයක් පවත්වන බවය.

මීගමුව නගරාධිපති පල්ලියට එරෙහි වුනා.. ඒකයි එයාට ඉල්ලා අස්වෙන්න සිදුවුණේ.. - මීගමුව හිටපු නාගරික මන්ත්‍රීවරයකු හෙළිකරයි

පාස්කු ප්‍රහාරය පිළිබඳව කතෝලික පල්ලියේ පූජකවරු විසින් එක් එක් කාලවලදී විවිධ ප්‍රකාශ සිදුකරන බවත්, කතෝලික සභාව දේශපාලනය කරමින් සිටීම නිසා කතෝලික බැතිමතුන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් පවසමින් මීගමුව නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයකු විසින් අන්තර්ජාල නාලිකාවකට ප්‍රකාශයක් ලබාදෙමින් විශේෂ හෙළිදරව් කිරීමක් රැසක් සිදුකර තිබේ.

ඉරානයට එරෙහි මහා පරිමාණ යුද්ධයකට ඇමරිකාව සූදානම් වෙනවා -Washington Post/Wall Street Journal පුවත්පත් වාර්තා පවසයි

එක්සත් ජනපදය ඉරානයට එරෙහිව මහා පරිමාණ හමුදා ක්‍රියාමාර්ගයක් සඳහා සූදානම් වෙමින් සිටින අතර, මැද පෙරදිග කලාපයේ තම හමුදා පැවැත්ම තවදුරටත් ශක්තිමත් කරමින් සිටින බව Washington Post පුවත්පත ඇමරිකානු නිලධාරියෙකු උපුටා දක්වමින් වාර්තා කර ඇත.

සුරේෂ් සලේගේ රැඳවුම් නියෝග වහා හකුලා ගන්නා ලෙස බලකරමින් ප්‍රංශයේදී පැවති විරෝධතාව..

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට පනවා ඇති රැඳවුම් නියෝග වහාම හකුලා ගන්නා ලෙස බලකරමින් ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.

අවුරුදු 13ක් ඉස්කෝලෙ යන එක කාලය කා දැමීමක් කියලා මිනිස්සු කියනවා.. - අගමැති හරිනි

වර්තමාන පාසල් අධ්‍යාපන ක්‍රමය තුළ වසර 13ක කාලයක් ගත කිරීම කාලය නාස්ති කිරීමක් බවට සමාජය තුළ මතයක් ගොඩනැගී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.