News Category
From Date
To Date
Maximum Number of Result

දේශීය සහ බටහිර වෛද්‍ය ක්‍රමය ඒකාබද්ධ කරන රාජ්‍ය ප්‍රතිපත්තියක් ඕනෑ - ළමා රෝග විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ

Sep 20, 2024 at 04:32 PM
|

රටේ ආයුර්වේද සහ බටහිර වෛද්‍ය විද්‍යාව ඒකාබද්ධව ප්‍රථිකාර කිරීමේ ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහළේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය, කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සම්මානිත ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ හිටපු සාමාජික විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මහතා සඳහන් කරයි.

ඒ මහතා සමග මේ සම්බන්ධයෙන් සිදුකළ සාකච්ඡාවක් පහළින්...

ජනාධිපතිවරණ උණුසුම සමග ළමා ශ්වසන රෝග ඉහළ යාමක් පිළිබඳව අහන්නට ලැබෙනවා. එය ඇත්තද?

ළමා ශ්වසන රෝගවල විශේෂ ඉහළයාමක් නම් වාර්තා වෙන්නෙ නෑ. පවතින කාලගුණික තත්වය අනුව යම් යම් වෙනස් කම් ඇති වුවත් ඒවා බරපතල වෙනස්කම් කියන්න බෑ.නමුත් සමස්ත සමාජයේ  ශ්වසන රෝග ඉහළ යාහැකි අවධානමක් මේ ජන ඒකරාශී වීම සමග, ඇතිවිය හැකියි.

ඔබත් දන්නවා කොරෝනා හෙවත් කොවිඩ් වසංගත තත්වය හමුවේ මුළු රටෙි ලොකු කුඩා සියලු දෙනා මුව ආවරණ පලදින්න පටන් ගෙන තිබුණ නිසා ශ්වසන ආබාධ විශාල වශයෙන් පහත වැටුනා. නමුත් දැන් නැවැත ජනතාව මුව ආවරණ පැළදීම අත්හැර දමා තිබෙනවා. මේ නිසා ජනාධිපතිවරණ සමයේ ජන ඒකරාශිවීම් බහුලව සිදුවන නිසා ශ්වසන රෝග ඉහළයාමක් සිදුවිය හැකි අවදානමක්  තිබෙනවා. නිශ්චිතවම ඒ ගැන කියන්න තව සති කිහිපයක් ගතවිය යුතුයි. 

සාමාන්‍යයෙන් අපේ රටෙි සීත කාලයේදී ඒ කියන්නෙ දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා පමණ කාලය තුල ශ්වසන ආබාධ වැඩිවීම ස්වාභාවික තත්වයක්.

පසුගිය කාලය පුරාවට රෝහල්වල ඹෟෂධ හිඟයක් ගැන අහන්න දකින්න ලැබුණා. දැන් ඒ තත්වය කොහොමද?

මෑතක නම් එහෙම ඹෟෂධ හිඟයක් ගැන අහන්න ලැබුණෙ නෑ.

ඔබ ළමා රෝග විශේෂඥයෙකු විදියට ඉතා වටිනා ⁣සෞඛ්‍යය මාර්ගෝප දේශ සහිත පොතක් ලියා පලකර තිබෙනවා.ඊට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ඇත්තටම ඉතාම සතුටුදායක අන්දමේ ප්‍රතිචාර ලැබෙනවා. පොත පළමු මුද්‍රණය අලෙවි වී අවසන්ව තිබෙන නිසා දැන් දෙවන මුද්‍රණයත් පටන් ගත්තා. මෙරටෙි විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම  මාධ්‍යවේදීන් හා සාමාන්‍ය ජනතාවත් මෙම පොතේ අන්තර්ගතය ගැන ප්‍රශංසාත්මකව කතා කලා.දරුවෙක් ඉන්න සැම නිවසකම තිබිය යුතු පොතක් බවටත්, එහි ඇති සෞඛ්‍යය උපදෙස් පිලි පැදිමෙන් නිරෝගි දරුවෙකු හදාවඩා ගතහැකි බවටත්, සෞඛ්‍යය ක්ෂෙත්‍රයේ ආචාර්ය මහාචාර්ය වෛද්‍යවරුන් පෙන්වා දී තිබෙනවා. ඒ අතර හෙද හෙදියන් මෙන්ම සෞඛ්‍යය ක්ෂෙත්‍රයේ අනිකුත්  කාර්ය මණ්ඩල වලටත් ඔවුන් ගේ රාජකාරියේදී ප්‍රායෝගිකව වැදගත් වන පොතක් කියලත් ඔවුන් සදහන් කර තිබෙනවා.

එමෙන්ම පාසැල් පුස්තකාල  පොතක් වශයෙන් අනුමැතියට මේ වන විට  ඉදිරිපත් කර තිබෙනවා.

අපේ රටෙි දරු සම්පත රැක ගැනිම අන්සියලු කටයුතු වලට වඩා වැදගත් වෙනවා.මෙහී දී විශේෂයෙන් වෛද්‍යවරුන්ට විශාල වගකිමක් පැවැරෙනවා.ඒ අනුව ළමා සෞඛ්‍යය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්ති තව ශක්තිමත් විය යුතුයි කියල ඔබලා යෝජනා කර තිබුණා නේද?

ඇත්තටම රටක හෞතික සම්පත්වලට වඩා අගය කල යුත්තේ සහ රැක ගත යුත්තේ මානව සම්පතයි.අපේ දරුවන් අයත් වෙන්නෙ ඒ මානව සම්පතටයි.මේ නිසා ලෝක සෞඛ්‍යය සංවිධානය වගේම ,  ඒ සම්බන්ධ  ආයතන විටින් විට ළමා සෞඛ්‍යය යහපත් ලෙස පවත්වා ගෙන යාම සදහා නිර්ණායකයන් ඉදිරිපත් කර තිබෙනවා.

මොකද වසංගත රෝග තත්වයන්ට වඩා පහසුවෙන් හා ඉක්මණින් ගොදුරු වන්නේ අපේ කුඩා දරුවන් වීම ඊට හේතුව වී තිබෙනවා.ඒ අතර දැන්  කුඩා  දරුවන් පවා බෝ නොවන රෝගවලට සීග්‍රයෙන් ගොදුරු වෙමින් තිබෙන තත්වයක් දක්නට ලැබෙනවා.

ඒ ඒ රටවල දැනටමත් ක්‍රියාත්මක වන පාරම්පරික සහ දේශීය වෛද්‍ය ක්‍රමයන් සමඟ ඒකාබද්ධව කටයුතු කල යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර තිබෙනවා.කොවිඩ් වසංගත තත්වය සමඟ මේ ඒකාබද්ධ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය ලෝකයේ ඇතැම් රටවල   ක්‍රියාත්මක වුනා. එයින් ලබා ගත් අත්දැකිම් අපටත් තිබෙනවා.ඒ අනුව බෝවන හෝ බෝ නොවන රෝග සදහා අපේ රටෙි   දේශීය වෛද්‍ය  සහ ,ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුකූල ජීවන රටාව සහ ආහාර පාන රටාව  ආහාර  රටාව,ඹෟෂධීය බෙහෙවින් වැදගත් වන බව මේ වන විටත් ඔප්පු වී තිබෙනවා.මේ සත්‍යය තව දුරටත් වසංකල  නොහැකි නිසා  වෛද්‍ය ක්‍රමය සහ  බටහිර වෛද්‍ය ක්‍රම දෙක ඒකාබද්ධව ප්‍රතිකාර කිරිමේ රාජ්‍ය ප්‍රතිපත්තියක්  තුළින් ජනතාවට උපරිම සෞඛ්‍ය සේවයක් ලබාගත හැකියි..ජනාධිපතිවරණයෙන් පසුව බිහිවන නව රජය සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනිම ඉතාම වැදගත්.

බටහිර වෛද්‍ය විද්‍යව සමඟ දේශීය වෛද්‍ය විද්‍යාව ඒකාබද්ධව කටයුතු කල යුතුයි කියන මතය බටහිර වෛද්‍යවරුන් ගේ පොදු මතයක්ද? සමහර වෛද්‍යවරු ඔය යෝජනාව විවෙිචනය කරනවා නේද?

මමත් බටහිර වෛද්‍ය විද්‍යාව අනුව ප්‍රතිකාර කරන කෙනෙක්.ලෝක සෞඛ්‍ය සංවිධානය 2005 වර්ෂයේ සිටම ඒ ඒ රටවල ක්‍රියාත්මක කෙරෙන පාරම්පරික, දේශීය ප්‍රතිකාර ක්‍රමය සමඟ බටහිර වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය ඒකාබද්ධ කල යුතු බවට විටින් විට විවිධ නිර්දේශයන් ඉදිරිපත් කර තිබෙනවා.අනෙක බොහෝ අවස්ථාවල අපෙත් අත්දැකිම තමයි මේ ප්‍රතිකාර ක්‍රම දෙක යොදා ගෙන ප්‍රතිකාර කිරිමෙන් ඒ ප්‍රතිකාරවල ගුණාත්මක හා ථලදායිතාව වැඩි කර ගන්න පුළුවන් කියන කාරණය.මේ සම්බන්ධයෙන් බීජින් සම්මේලනය බැංකොක් සම්මෙිලනය වැනි ලෝක ප්‍රසිද්ධ සම්මේලනවලදීත් මේ වෛද්‍ය ක්‍රම දෙක ඒකාබද්ධව ක්‍රියාත්මක කිරිමෙන් ලබා ගත හැකි ප්‍රයෝජන පෙන්වා දී තිබෙනවා. පසු ගිය කොරෝනා කාලයේ මේ තත්වය සාක්ෂි වශයෙන්ම අත්විදින්න පුළුවන්කම ලැබුණා,  

 නාවින්න  ආයුර්වෙිද පර්යේෂණායතනයේ හා රාජගිරිය අයුර්වෙිද රෝහලේ දේශිය සහ ආයුර්වේද වෛද්‍යවරු සමඟ මමත් එකතු වී ඒ තැන්වලදී කොරෝනා රෝගීන් සදහා ප්‍රතිකාර  පිළිබඳව අධ්‍යයනයන් කළා ,එයින් අපි අත් දැක්කා බටහිර හා ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම දෙක ඒකාබද්ධ කිරීමෙන් නිරෝගී  ජනතාවක්  බිහි කර ගන්න පහසුවෙන බව.චීනය කාම්බෝජය වියට්නාමය වැනි රටවල රජයේ රෝහල්වල මේ ඒකාබද්ධ ප්‍රතිකාර ක්‍රමය දැනටමත් ක්‍රියාත්මක වෙනවා. අපේ රටෙිත් වෛද්‍යවරුන් හෙද හෙදියන් හා අනෙකුත් කාර්ය මණ්ඩල මේ ඒකාබද්ධ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයේ අවශ්‍යතාව අවබෝධ කර ගෙන තිබෙනවා.

අපේ රටෙි ආර්ථික අර්බුදය සමඟ බොහෝ වෛද්‍යවරු රටහැර ගිය බව පසුගිය කාලයේ වාර්තා වුනා.මේ නිසා වෛද්‍යවරුන් ගේ හිඟයක් ඇති බවත් කියවුනා. දැන් තත්වය කොහොමද?

බටහිර වෛද්‍ය හිඟය විටින් විට මතුවෙනවා.නමුත් අපේ රටෙි වෛද්‍ය විද්‍යාලවලින් සහ විදේශීය රටවල වෛද්‍ය උපාධි ලබා වසරක් පාසා වෛද්‍යවරුන්  දෙදහසක් පමණ අලුතින් වෛද්‍ය සේවයට එකතු වෙනවා.මෙලෙස වෛද්‍ය සේවයට එක්වන අය වෛද්‍ය ක්ෂෙත්‍රයේ රඳවා ගැනිමේ වැඩ පිලිවෙලක් නිශ්චිතව ක්‍රියාත්මක වෙන්න ඕනේ.එමෙන්ම මානව සම්පත් පිළිබඳව අධ්‍යයනය කරලා අපේ රටෙි ජනගහණයට අනුව අවශ්‍යවන වෛද්‍යවරු සංඛ්‍යාව දියුණු රටවල් සමඟ සංසන්දනාත්මකව ගලපා ගෙන ඉදිරි වසර දහයක පහ⁣ලොවකට අවශ්‍ය වෛද්‍යවරුන් ගණනය කර ගත යුතු වෙනවා.ඊට හේතුව වෛද්‍ය හිඟයක් ඇති නොවිය යුතු වගේම, රැකියා නොමැති වෛද්‍ය අතිරික්තයක්ද ඇති නොවිමට වගබලා ගත යුතු වෙනවා.අසාමාන්‍ය ආකාරයට වෙනත් නිෂ්පාදන බිහිවෙන ආකාරයට වෛද්‍යවරු බිහි කරන්න බෑ.ඒ නිසා මේ සම්බන්ධයෙන්  රජයේ මැදිහත්වීමෙන් දීර්ඝකාලීන ප්‍රතිපත්තියක් සකස් කිරීම ඉතා වැදගත්.

මෙරටෙි වෛද්‍ය හිඟයට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සදහා වැඩි අවස්ථාවක් ලබා දිය යුතු බවට පසුගිය කාලයේ යෝජනා වී තිබුණා. ඒ ගැන ඔබලා දක්වන ප්‍රතිචාරය කොහොමද?

හතු පිපෙනවා වාගේ වෛද්‍ය විද්‍යාල හදලා වෛද්‍යවරු බිහි කරන්න බෑ.ඒ සදහා  රටේ අවශ්‍යතාවයට ගැලපෙන ආකාරයට ,ඉහළ ප්‍රමිතියෙන් යුතු වෛද්‍යවරුන් බිහිකිරීමට රජයේ මැදිහත්වීමෙන් , විශේෂයෙන් ඒ සම්බන්ධ වගකීම දරන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිර්දේශවලට අනුකූලව වැඩපිළිවෙළක් තිබිය යුතුයි, මිනිස් ජීවිත ජිවිත සමඟ සෙල්ලම් කරන්න බෑ.ගුණාත්මක වෛද්‍ය සේවයක් සදහා අවශ්‍ය මානව සම්පත පිළිබඳව විධිමත් අධ්‍යයනකින් පමණයි මේ පිළිබඳව තීරණ ගත යුත්තේ.අපේ රටෙි දැනට තිබෙන වෛද්‍ය විද්‍යාලවලින් වසරකට සමජ ගත වන ⁣වෛද්‍යවරුන් ගේ සංඛ්‍යාව,වසරක් පාසා  විදෙස්ගත  වෛද්‍යවරු සංඛ්‍යාව,ජනගහණ වර්ධන වෙිගය ආදි මේ සියලු කරුණු අධ්‍යයනය කරලයි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් තීරණ ගත යුත්තේ.

අපි දැක්කා රෝහල් කීපයක්  සම්බන්ධ කරගෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමට ගත් උත්සහයන් කීපයක්.  

වෛද්‍ය ක්ෂෙත්‍රයේ ප්‍රධාන අංශ හතරක් තිබෙනවා. වෛද්‍ය,ළමා වෛද්‍ය,ශල්‍ය වෛද්‍ය හා නාරි ප්‍රසව වෛද්‍ය කියන ප්‍රධාන අංශ හතරට අමතරව විශේෂඥ වෛද්‍ය අංශ පනහකට ආසන්න සංඛ්‍යාවක් තිබෙනවා. ඒ හැම අංශයක් ගැනම දැනුමක් සහ ප්‍රායෝගික  සායනික  පුහුණුවක් සෑම වෛද්‍ය සිසුවෙකුම ලබා ගත යුතු වෙනවා. ඒ අනුව වෛද්‍යවරයකු බිහිකිරිම විධිමත් සැලසුමක් නැතුව කරන්න බෑ. මුදල්.තිබුණා කියල වෛද්‍යවරු බිහි කරන්න බෑ කියල අපි කියන්නෙ ඒ නිසයි.

ඔබ මුලින් සදහන් කලා බෝ නොවන රෝගවලට අපේ දරුවන් ගොදුරු වෙන ප්‍රමාණය සීග්‍රයෙන් වැඩි වෙලා කියල.මේ තත්වයට හේතුව මොකක්ද?

මට රිජ්වෙි ළමා රෝහලේ බාහිර රෝගි අංශයේ තිබෙන අත්දැකිම් අනුව දිනකට ප්‍රතිකාර ලබා ගැනිමට දරුවන් 1500 පමණ පැමිණෙනවා, ඒ අතරින් මෑත කාලයේදී, දියවැඩියාව,අධික රුධිර පිඩනය,හෘද රෝග,හා කෙලොස්ටර්රෝල් වැඩි විම කියන මේ රෝගි තත්වයන්ට ගොදුරු වූ දරුවන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් අප නිරීක්ෂණය කලා, මේ නිසා අලුතින් ළමා දියවැඩියා සායන කිපයක් ආරම්භ කරන්න සිදුව තිබෙනවා.මේ තත්වයට ප්‍රධානම හේතුව ජිවන රටාවෙි වෙනස්කම් හා ආහාර රටාවෙි වෙනස්කම් කියල පැහැදිලියි.විශේෂයෙන්ම අපි ව්‍යවහර භාෂාවෙන් කියනවා නම් කෘතිම සහ ක්ෂණික ආහාර පාන වලට ඇබ්බැහිවීම   මේ රෝගි.තත්වයන්ට ප්‍රධාන හේතුවක් කියල කියන්න පුළුවන්.ඒ නිසා දෙමාපියන් , ගුරුවරුන් සහ වැඩිහිටියන් දරුවන් ගේ ආහාර  පාන රටාව ගැන  විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි.පුංචිකාලයේ දරුවන්ට නොයෙක් කෑම දෙනවා.දැන් වෙළෙඳ පොලේ තිබෙන  කෑම දරුවන්ට දෙනවා නම් ඒ ගැන අවබෝධයෙන් හා අවධානයෙන් යුතුව තමයි දෙමාපියන් කටයුතු කල යුත්තේ.

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.