News Category
From Date
To Date
Maximum Number of Result

දේශපාලන උවමනාවන් වෙනුවෙන් විශ්ව විද්‍යාල බිලිදෙන අනීතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව වැළැක්විය හැක්කේ කෙසේද?

Sep 7, 2024 at 02:59 PM
|

දැනට ගෙවමින් පවතින්නේ මැතිවරණ සමයයි. සාකච්ඡා, එකඟතා, විරෝධතා යනාදී සියල්ල මතින්, දේශපාලන පොරපිටිය මීළඟ ජනාධිපතිවරයා තීරණය කිරීම සඳහා සකස් වෙමින් පවතී. පසුගිය සතියේ ඉතා තීරණාත්මක දේශපාලන හමුවක් මාධ්‍ය වාර්තා කර තිබුණි. පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරම් ප්‍රමුඛ දෙමළ සන්ධානයේ පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබුණි. මෙම හමුව අවසානයේ සුමන්දිරම් මහතා ඉතා පැහැදිලිව ඉල්ලා සිටියේ , ජනාධිපතිවරණයේ දී  රනිල් වික්‍රමසිංහට සහය වීම සඳහා දහතුන් වන ව්‍යවස්ථාව සංශෝධනය ජනාධිපතිවරණයට පෙර ක්‍රියාත්මක කළ යුතු බවයි. පලපුරුදු දේශපාලනඥයෙකු ලෙස, පවතින දේශපාලන තත්ත්වය තම දේශපාලන අරමුණු සඳහා යොදා ගැනීම සුමන්දිරම් මහතාට නුපුරුදු දෙයක් නොවේ.

එම සතියේම ජනාධිපතිවරයා විසින් විශ්වවිද්‍යාල ආචාර්යවරු පිරිසක් හමුවූ බවද මාධ්‍ය වාර්තා කර තිබුණි. එය විවෘත හමුවීමක් වූ අතර, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළම බලධාරීන්ද මෙම රැස්වීමට සහභාගී වී තිබීම දක්නට ලැබුණි. මෙහිදී ජනාධිපතිවරයා, විශ්වවිද්‍යාල ඉහළ ප්‍රමිතියකට ඔසවා තැබීම තම අභිප්‍රාය බව සඳහන් කළ අතර, රාජ්‍ය විශ්ව විද්‍යාල ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ද අදහස් දක්වා ඇත. එයින් නොනැවතී, විශ්වවිද්‍යාල කළමනාකරණය සඳහා නව මොඩලයක් හඳුන්වා දෙන බවද පවසයි. මෙම හමුව සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙ කොපමණ නියෝජනයක් තිබුණු දැයි මෙම ලේඛකයාට අදහසක් නොමැත. ඒ කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ අදහස් දැක්වීමේ අනුව, ඔහු තව දින කිහිපයකින් දූර කාලය හැරයන ජනාධිපතිවරයෙක් ලෙස අදහස් දක්වා නැති අතර, එයට සහභාගි වූ ආචාර්යවරු ද එය එසේ නොසලකා ඇති බව පෙනෙන්නට ඇත. මෙය ඉතා පැහැදිලිව ජනාධිපතිවරයා විසින් ඉදිරි මැතිවරණය ඉලක්ක කොට ගෙන, සිය ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් පවත්වන ලද හමුවක් බව පෙනේ. මෙම හමුවීම් ද්විත්වය තුළින් ඉතා පැහැදිලි වෙනසක් අවධාරණය කළ හැක. සුමන්දිරම් මහතා, දේශපාලන අභිලාෂ ඉටු කර ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයාට යම් පීඩනයක් එල්ල කරන බව පැහැදිලිය. එය දියුණු හා තියුණු දේශපාලනික මැදිහත්වීමකි. අනෙක් අතට, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ හමුව, ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය නැංවීම වෙනුවෙන් වූ හුදු සුහද හමුවකි.

මෙම වෙනස මේ මොහොතේ වැදගත් වන්නේ අන් කිසිවක් සඳහා නොව, මෙරට උසස් අධ්‍යාපනයට ඉතා අහිතකර තත්ත්වයක් නිර්මාණය කෙරෙන,  වත්මන් රජය විසින් ජනපති රනිල් වික්‍රමසිංහගේ සභාපතිත්වය යටතේ ඉදිරිපත් කරන ලද, දැනට ක්‍රියාත්මක තලයේ පවතින අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව වළක්වන්නේ කවුද? ඒ කෙසේද? යන්නටයි. මෙම ප්‍රතිපත්ති රාමුවේ අන්තර්ගතය පිළිබඳ ජනතාවට, විශේෂයෙන්ම සිංහල පාඨකයින්ට ප්‍රමාණවත් අවබෝධයක් නොමැති තත්ත්වයක් තුළ, එය පිළිබඳ ඉතා කෙටි හඳුන්වා දීමක් කළ යුතුය. රටේ මූලික නීතිය වන ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ඉක්මවා යමින් මධ්‍යම රජයද සතුව ඇති විශ්ව විද්‍යාල පිහිටීමේ සහ පවත්වාගෙන යාමේ වගකීම සම්පූර්ණයෙන්ම පළාත් සභාවන්ට පැවරීමට මෙහිදී යෝජනා කරයි. නැවත රාජ්‍ය විශ්ව විද්‍යාල පිහිට නොවීමට රජය ප්‍රතිපත්ති තීරණයක් ගෙන ඇති අතර, නව විශ්වවිද්‍යාල පළාත් සභා යටතේ පමණක් පිහිට වනු ඇත. එමෙන්ම, ව්‍යවස්ථාවේ උපදේශන කාර්යයක් පවරා ඇති පළාත් අධ්‍යාපන මණ්ඩලය සඳහා ස්වයං පාලන බලතල යෝජනා කරයි. ලංකාවේ ඒකීය තත්ත්වය අභියෝගයට ලක් කරමින්, අනුයෝජිතතා මූලධර්මය (The Principle of Subsidiarity) අනුව මධ්‍ය දුර්වල කර, ව්‍යවස්ථාව ඉක්මවා යන බලය විමධ්‍යගත කිරීමේ වුවමනාව විවෘතවම සඳහන් කර ඇත. මෙම කාරණා පිළිබඳ විස්තරාත්මක විග්‍රහයක් සඳහා මෙම පුවත්පතටම මා විසින් රචිත අගෝස්තු 18 දින පළ වූ “විශ්වවිද්‍යාල පළාත්සභා කරණය කිරීමේ අනතුර” ලිපිය කියවන්න.

නිසැකවම විශ්ව විද්‍යාල ආචාර්යවරු සහ ශාස්ත්‍රවේදීන් විශ්ව විද්‍යාල ප්‍රජාව මෙම අනීතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව වැළැක්වීම සදහා පෙරමුණ ගත යුතුය. ඒ මක් නිසාද යත්, මෙම යෝජිත ප්‍රතිපත්ති රාමුවේ ප්‍රධාන ගොදුර වන්නේ මෙරට විශ්ව විද්‍යාල පද්ධතියයි. නමුත් අවාසනාවන්ත තත්වය වන්නේ එයට එරෙහිව ශක්තිමත් මතවාදයක් ජනතාව තුළට රැගෙන යාමට තවමත් අපොහොසත් වීමයි. ප්‍රතිපත්ති රාමුව හරහා විශ්ව විද්‍යාල පද්ධතියට සිදුවන බලපෑම පිළිබඳ නිවැරදි සහ සංගත තක්සේරුවක් විශ්ව විද්‍යාල ප්‍රජාව අතරද පවතීද යන්නද ගැටලුවකි. මෙම ප්‍රතිපත්ති රාමුව පිළිබඳව දැනට සුළු වශයෙන් හෝ ජනගත වී ඇති විරෝධය පවා එක්තරා ධ්‍රැවීකරණය වූ ස්වභාවයක් ගනියි. එනම් මෙහි බොහෝ විවේචකයින් මෙම ප්‍රතිපත්තිරාමුවේ අධ්‍යාපන වෙළඳපොලකරණ නැඹුරුව දෙසට පමණක් ම සිය විවේචන සීමා කරයි. මවිතයට කරුණ නම් ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇති  ව්‍යවස්ථා විරෝධී අධ්‍යාපන විමධ්‍යගතකරණය සහ විශ්වවිද්‍යාල පළාත්සභා කරනය මෙම විවේචකයින්ට මගහැරී තිබීමයි. මෙය එක්තරා දුරකට විවේචකයින් දරන දේශපාලන ආස්ථානයන් නිසා සිදුවන දෙයක්ද විය හැක. නව ප්‍රතිපත්ති රාමුවට එරෙහිව ශක්තිමත් මතවාදයක් ජනතාව තුළට රැගෙන යමින් සියලුම පක්ෂ සහ අපේක්ෂකයින් සඳහා යම් පීඩනයක් එල්ල  කරමින් නිරත විය යුතු තියුණු දේශපාලනය මැදහත් වීමක් ඇත්තේම නැති තරම්ය. මැතිවරණ සමය ඒ සඳහා තෝතැන්නක් බව නොකියව මනාය. අප අපතේ යවන්නේ මෙම වැදගත්  මොහොතයි.

මෙහිදී ජනතාව වෙත රැගෙන  යා යුතු ඉතාම වැදගත් පණිවිඩය නම් මෙම නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ජනතාව ප්‍රතික්ෂේප කළ දේශපාලන න්‍යායපත්‍රයකට අනුව යමින් ඉදිරිපත් වී ඇති බවයි. එය ඉතා පහසුවෙන් පෙන්වා දිය හැක. මෙම දේශපාලන න්‍යායපත්‍රය හඳුනා ගැනීම සඳහා මෙම අධ්‍යාපන ප්‍රතිපත්තියේ මතවාදී පදනම වන අනුයෝජිතතා මූලධර්මය (The Principle of Subsidiarity) දෙස විමසීමක් කළ යුතුය. මෙම මූලධර්මය  ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා ඉතිහාසය තුළ අත්හදා බැලුවේ  යහපාලන රජය විසින් පිළියෙල කරන ලද ව්‍යවස්ථා කෙටුම්පත තුළය. එම කෙටුම්පතේම පිළිගන්නා පරිදි මෙම මූලධර්මය රටේ දැනට පවතින ඒකීය තත්ත්වයට එරෙහිව යයි. දැඩි ජනතා විරෝධතා මත හකුලා ගැනුණු මෙම වෑයම නැවත අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව තුළින් මතු වී ඇත. ජනපති රනිල් වික්‍රමසිංහ දහතුන් වන ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම අරභයා පාර්ලිමේන්තුව හමුවේ 2023.08.09 දින පැවැත්වූ කතාව විමසූ විට මෙම තත්ත්වය කිසිසේත්ම පුදුමයකට කරුණක් නොවේ. මෙහිදී ජනාධිපතිවරයා ඉතා පැහැදිලිවම යහපාලන සමයේ නැවතූ තැනින් ඉදිරියට යෑම තම අභිප්‍රාය බව සඳහන් කරයි. ඒ සඳහා තමාට ජනවරමක් තිබේද යන්න පිළිබඳ ජනාධිපතිවරයාට එතරම් තැකීමක් නොතිබූ බවක් පෙනේ. ඒ කෙසේ වෙතත් අධ්‍යාපන ප්‍රතිපත්තියේ මතවාදී පදනම යහපාලන යුගයේ අසාර්ථක ව්‍යාපෘතියක් තුළින් මතු කෙරී ඇත. මීට අමතරව විශ්ව විද්‍යාල පිහිටවීම සඳහා පළාත්සභා බලගැන්වීමක් පිළිබඳව ද  ජනාධිපතිවරයා අදහස්  දක්වන ලදී. විශ්ව විද්‍යාල පිහිටවීම සමගාමී කාර්යයක් ලෙස ව්‍යවස්ථාවේ සඳහන් කර තිබියදීත් ජනාධිපතිවරයා මෙයින් අදහස් කළේ කුමක්ද?  ඔහුගේ සභාපතිත්වයෙන්  ඉදිරිපත් කරන ලද නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවෙන් එය පැහැදිලි වේ. එනම් විශ්වවිද්‍යාල පිහිටවීමට සහ පවත්වාගෙන යෑමට මධ්‍යම රජයට ඇති ව්‍යවස්ථාපිත අධිකාරිය අහෝසි කර එය පළාත් සභාවේ තනි අධිකාරියකට යටත් කිරීමයි. කොතරම් අදූරදර්ශී තීරණයක් ද?  මෙය පළාත්සභා බලගැන්වීමකට වඩා වාර්ගික සහ ප්‍රාදේශීය දේශපාලන අත මාරුවක් වෙනුවෙන් විශ්ව විද්‍යාල බිලිදීමකි. මේ හරහා අප රටට තවදුරටත් ජාතික විශ්ව විද්‍යාල අහිමිවනු ඇත. 

ඉතා පැහැදිලිව මෙම පණිවිඩය ජනතාවට සංවේදී වනු ඇත. මෙරට සාමාන්‍ය ජනතාවට අධ්‍යාපනය විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය සමාජ සංචලනය සඳහා ඇති ප්‍රධාන මෙවලමයි. එය තුළ සමාජ සාධාරණත්වය අහිමි වීම, වාර්ගික අභිලාෂ හා ප්‍රාදේශීය වාදය මතුවීම,  විනිවිද භාවයෙන් තොරවීම දැඩි මහජන කම්පනයට හේතුවනු ඇත. මේ හරහා ගොඩ නැගෙන මහජන අප්‍රසාදය මෙකී අධ්‍යාපන ප්‍රතිපත්තිය ආපසු හැරවීම සඳහා යොදාගත හැකි වනු ඇත.

- ආචාර්ය නාලක සමරවීර, ඉංජිනේරු පීඨය, මොරටුව විශ්ව විද්‍යාලය


සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.