දේශපාලන උවමනාවන් වෙනුවෙන් විශ්ව විද්‍යාල බිලිදෙන අනීතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව වැළැක්විය හැක්කේ කෙසේද?
දැනට ගෙවමින් පවතින්නේ මැතිවරණ සමයයි. සාකච්ඡා, එකඟතා, විරෝධතා යනාදී සියල්ල මතින්, දේශපාලන පොරපිටිය මීළඟ ජනාධිපතිවරයා තීරණය කිරීම සඳහා සකස් වෙමින් පවතී. පසුගිය සතියේ ඉතා තීරණාත්මක දේශපාලන හමුවක් මාධ්‍ය වාර්තා කර තිබුණි. පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරම් ප්‍රමුඛ දෙමළ සන්ධානයේ පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී තිබුණි. මෙම හමුව අවසානයේ සුමන්දිරම් මහතා ඉතා පැහැදිලිව ඉල්ලා සිටියේ , ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහට සහය වීම සඳහා දහතුන් වන ව්‍යවස්ථාව සංශෝධනය ජනාධිපතිවරණයට පෙර ක්‍රියාත්මක කළ යුතු බවයි. පලපුරුදු දේශපාලනඥයෙකු ලෙස, පවතින දේශපාලන තත්ත්වය තම දේශපාලන අරමුණු සඳහා යොදා ගැනීම සුමන්දිරම් මහතාට නුපුරුදු දෙයක් නොවේ.
එම සතියේම ජනාධිපතිවරයා විසින් විශ්වවිද්‍යාල ආචාර්යවරු පිරිසක් හමුවූ බවද මාධ්‍ය වාර්තා කර තිබුණි. එය විවෘත හමුවීමක් වූ අතර, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළම බලධාරීන්ද මෙම රැස්වීමට සහභාගී වී තිබීම දක්නට ලැබුණි. මෙහිදී ජනාධිපතිවරයා, විශ්වවිද්‍යාල ඉහළ ප්‍රමිතියකට ඔසවා තැබීම තම අභිප්‍රාය බව සඳහන් කළ අතර, රාජ්‍ය විශ්ව විද්‍යාල ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව ද අදහස් දක්වා ඇත. එයින් නොනැවතී, විශ්වවිද්‍යාල කළමනාකරණය සඳහා නව මොඩලයක් හඳුන්වා දෙන බවද පවසයි. මෙම හමුව සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙ කොපමණ නියෝජනයක් තිබුණු දැයි මෙම ලේඛකයාට අදහසක් නොමැත. ඒ කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ අදහස් දැක්වීමේ අනුව, ඔහු තව දින කිහිපයකින් දූර කාලය හැරයන ජනාධිපතිවරයෙක් ලෙස අදහස් දක්වා නැති අතර, එයට සහභාගි වූ ආචාර්යවරු ද එය එසේ නොසලකා ඇති බව පෙනෙන්නට ඇත. මෙය ඉතා පැහැදිලිව ජනාධිපතිවරයා විසින් ඉදිරි මැතිවරණය ඉලක්ක කොට ගෙන, සිය ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් පවත්වන ලද හමුවක් බව පෙනේ. මෙම හමුවීම් ද්විත්වය තුළින් ඉතා පැහැදිලි වෙනසක් අවධාරණය කළ හැක. සුමන්දිරම් මහතා, දේශපාලන අභිලාෂ ඉටු කර ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයාට යම් පීඩනයක් එල්ල කරන බව පැහැදිලිය. එය දියුණු හා තියුණු දේශපාලනික මැදිහත්වීමකි. අනෙක් අතට, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ හමුව, ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය නැංවීම වෙනුවෙන් වූ හුදු සුහද හමුවකි.
මෙම වෙනස මේ මොහොතේ වැදගත් වන්නේ අන් කිසිවක් සඳහා නොව, මෙරට උසස් අධ්‍යාපනයට ඉතා අහිතකර තත්ත්වයක් නිර්මාණය කෙරෙන, වත්මන් රජය විසින් ජනපති රනිල් වික්‍රමසිංහගේ සභාපතිත්වය යටතේ ඉදිරිපත් කරන ලද, දැනට ක්‍රියාත්මක තලයේ පවතින අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව වළක්වන්නේ කවුද? ඒ කෙසේද? යන්නටයි. මෙම ප්‍රතිපත්ති රාමුවේ අන්තර්ගතය පිළිබඳ ජනතාවට, විශේෂයෙන්ම සිංහල පාඨකයින්ට ප්‍රමාණවත් අවබෝධයක් නොමැති තත්ත්වයක් තුළ, එය පිළිබඳ ඉතා කෙටි හඳුන්වා දීමක් කළ යුතුය. රටේ මූලික නීතිය වන ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ඉක්මවා යමින් මධ්‍යම රජයද සතුව ඇති විශ්ව විද්‍යාල පිහිටීමේ සහ පවත්වාගෙන යාමේ වගකීම සම්පූර්ණයෙන්ම පළාත් සභාවන්ට පැවරීමට මෙහිදී යෝජනා කරයි. නැවත රාජ්‍ය විශ්ව විද්‍යාල පිහිට නොවීමට රජය ප්‍රතිපත්ති තීරණයක් ගෙන ඇති අතර, නව විශ්වවිද්‍යාල පළාත් සභා යටතේ පමණක් පිහිට වනු ඇත. එමෙන්ම, ව්‍යවස්ථාවේ උපදේශන කාර්යයක් පවරා ඇති පළාත් අධ්‍යාපන මණ්ඩලය සඳහා ස්වයං පාලන බලතල යෝජනා කරයි. ලංකාවේ ඒකීය තත්ත්වය අභියෝගයට ලක් කරමින්, අනුයෝජිතතා මූලධර්මය (The Principle of Subsidiarity) අනුව මධ්‍ය දුර්වල කර, ව්‍යවස්ථාව ඉක්මවා යන බලය විමධ්‍යගත කිරීමේ වුවමනාව විවෘතවම සඳහන් කර ඇත. මෙම කාරණා පිළිබඳ විස්තරාත්මක විග්‍රහයක් සඳහා මෙම පුවත්පතටම මා විසින් රචිත අගෝස්තු 18 දින පළ වූ “විශ්වවිද්‍යාල පළාත්සභා කරණය කිරීමේ අනතුර” ලිපිය කියවන්න.
නිසැකවම විශ්ව විද්‍යාල ආචාර්යවරු සහ ශාස්ත්‍රවේදීන් විශ්ව විද්‍යාල ප්‍රජාව මෙම අනීතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව වැළැක්වීම සදහා පෙරමුණ ගත යුතුය. ඒ මක් නිසාද යත්, මෙම යෝජිත ප්‍රතිපත්ති රාමුවේ ප්‍රධාන ගොදුර වන්නේ මෙරට විශ්ව විද්‍යාල පද්ධතියයි. නමුත් අවාසනාවන්ත තත්වය වන්නේ එයට එරෙහිව ශක්තිමත් මතවාදයක් ජනතාව තුළට රැගෙන යාමට තවමත් අපොහොසත් වීමයි. ප්‍රතිපත්ති රාමුව හරහා විශ්ව විද්‍යාල පද්ධතියට සිදුවන බලපෑම පිළිබඳ නිවැරදි සහ සංගත තක්සේරුවක් විශ්ව විද්‍යාල ප්‍රජාව අතරද පවතීද යන්නද ගැටලුවකි. මෙම ප්‍රතිපත්ති රාමුව පිළිබඳව දැනට සුළු වශයෙන් හෝ ජනගත වී ඇති විරෝධය පවා එක්තරා ධ්‍රැවීකරණය වූ ස්වභාවයක් ගනියි. එනම් මෙහි බොහෝ විවේචකයින් මෙම ප්‍රතිපත්තිරාමුවේ අධ්‍යාපන වෙළඳපොලකරණ නැඹුරුව දෙසට පමණක් ම සිය විවේචන සීමා කරයි. මවිතයට කරුණ නම් ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇති ව්‍යවස්ථා විරෝධී අධ්‍යාපන විමධ්‍යගතකරණය සහ විශ්වවිද්‍යාල පළාත්සභා කරනය මෙම විවේචකයින්ට මගහැරී තිබීමයි. මෙය එක්තරා දුරකට විවේචකයින් දරන දේශපාලන ආස්ථානයන් නිසා සිදුවන දෙයක්ද විය හැක. නව ප්‍රතිපත්ති රාමුවට එරෙහිව ශක්තිමත් මතවාදයක් ජනතාව තුළට රැගෙන යමින් සියලුම පක්ෂ සහ අපේක්ෂකයින් සඳහා යම් පීඩනයක් එල්ල කරමින් නිරත විය යුතු තියුණු දේශපාලනය මැදහත් වීමක් ඇත්තේම නැති තරම්ය. මැතිවරණ සමය ඒ සඳහා තෝතැන්නක් බව නොකියව මනාය. අප අපතේ යවන්නේ මෙම වැදගත් මොහොතයි.
මෙහිදී ජනතාව වෙත රැගෙන යා යුතු ඉතාම වැදගත් පණිවිඩය නම් මෙම නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ජනතාව ප්‍රතික්ෂේප කළ දේශපාලන න්‍යායපත්‍රයකට අනුව යමින් ඉදිරිපත් වී ඇති බවයි. එය ඉතා පහසුවෙන් පෙන්වා දිය හැක. මෙම දේශපාලන න්‍යායපත්‍රය හඳුනා ගැනීම සඳහා මෙම අධ්‍යාපන ප්‍රතිපත්තියේ මතවාදී පදනම වන අනුයෝජිතතා මූලධර්මය (The Principle of Subsidiarity) දෙස විමසීමක් කළ යුතුය. මෙම මූලධර්මය ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථා ඉතිහාසය තුළ අත්හදා බැලුවේ යහපාලන රජය විසින් පිළියෙල කරන ලද ව්‍යවස්ථා කෙටුම්පත තුළය. එම කෙටුම්පතේම පිළිගන්නා පරිදි මෙම මූලධර්මය රටේ දැනට පවතින ඒකීය තත්ත්වයට එරෙහිව යයි. දැඩි ජනතා විරෝධතා මත හකුලා ගැනුණු මෙම වෑයම නැවත අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව තුළින් මතු වී ඇත. ජනපති රනිල් වික්‍රමසිංහ දහතුන් වන ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීම අරභයා පාර්ලිමේන්තුව හමුවේ 2023.08.09 දින පැවැත්වූ කතාව විමසූ විට මෙම තත්ත්වය කිසිසේත්ම පුදුමයකට කරුණක් නොවේ. මෙහිදී ජනාධිපතිවරයා ඉතා පැහැදිලිවම යහපාලන සමයේ නැවතූ තැනින් ඉදිරියට යෑම තම අභිප්‍රාය බව සඳහන් කරයි. ඒ සඳහා තමාට ජනවරමක් තිබේද යන්න පිළිබඳ ජනාධිපතිවරයාට එතරම් තැකීමක් නොතිබූ බවක් පෙනේ. ඒ කෙසේ වෙතත් අධ්‍යාපන ප්‍රතිපත්තියේ මතවාදී පදනම යහපාලන යුගයේ අසාර්ථක ව්‍යාපෘතියක් තුළින් මතු කෙරී ඇත. මීට අමතරව විශ්ව විද්‍යාල පිහිටවීම සඳහා පළාත්සභා බලගැන්වීමක් පිළිබඳව ද ජනාධිපතිවරයා අදහස් දක්වන ලදී. විශ්ව විද්‍යාල පිහිටවීම සමගාමී කාර්යයක් ලෙස ව්‍යවස්ථාවේ සඳහන් කර තිබියදීත් ජනාධිපතිවරයා මෙයින් අදහස් කළේ කුමක්ද? ඔහුගේ සභාපතිත්වයෙන් ඉදිරිපත් කරන ලද නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවෙන් එය පැහැදිලි වේ. එනම් විශ්වවිද්‍යාල පිහිටවීමට සහ පවත්වාගෙන යෑමට මධ්‍යම රජයට ඇති ව්‍යවස්ථාපිත අධිකාරිය අහෝසි කර එය පළාත් සභාවේ තනි අධිකාරියකට යටත් කිරීමයි. කොතරම් අදූරදර්ශී තීරණයක් ද? මෙය පළාත්සභා බලගැන්වීමකට වඩා වාර්ගික සහ ප්‍රාදේශීය දේශපාලන අත මාරුවක් වෙනුවෙන් විශ්ව විද්‍යාල බිලිදීමකි. මේ හරහා අප රටට තවදුරටත් ජාතික විශ්ව විද්‍යාල අහිමිවනු ඇත.
ඉතා පැහැදිලිව මෙම පණිවිඩය ජනතාවට සංවේදී වනු ඇත. මෙරට සාමාන්‍ය ජනතාවට අධ්‍යාපනය විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය සමාජ සංචලනය සඳහා ඇති ප්‍රධාන මෙවලමයි. එය තුළ සමාජ සාධාරණත්වය අහිමි වීම, වාර්ගික අභිලාෂ හා ප්‍රාදේශීය වාදය මතුවීම, විනිවිද භාවයෙන් තොරවීම දැඩි මහජන කම්පනයට හේතුවනු ඇත. මේ හරහා ගොඩ නැගෙන මහජන අප්‍රසාදය මෙකී අධ්‍යාපන ප්‍රතිපත්තිය ආපසු හැරවීම සඳහා යොදාගත හැකි වනු ඇත.
- ආචාර්ය නාලක සමරවීර, ඉංජිනේරු පීඨය, මොරටුව විශ්ව විද්‍යාලය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකාවේ සංවර්ධන අවශ්‍යතා පිළිබඳ සම්පූර්ණ ඇගයීමක් කිරීමට චීනය කටයුතු කරනවා - ශ්‍රී ලංකාවේ චීන තානාපති
බොරු කියපු නිසා හරිනි අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි - හිටපු ජනපති රනිල් කියයි
"The Island" පුවත් පතේ ලින් ඔකර්ස් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නන් විසින් මෙහෙයවනු ලබන්නෙක්දැයි සැකයි - ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය
කියුබාවට අත නොතබනු!එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ලෝක ජනයා ඇමරිකාවට තදින් කියයි
පාස්කු ප්‍රහාර විමර්ශන කමිටු වාර්තාවලින් චෝදනා ලැබූ රවි, ශානි රජයේ ඉහළ තනතුරුවල රඳවා ගැනීම සදාචාරාත්මක ද? - ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජනපති අනුරගෙන් අසයි
මග පෙන්වන විපක්ෂයක භූමිකාව ඉෂ්ඨ කිරීම වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් වෙනවා... තරුණ්‍යයේ හීන මියගිය බිමක එම හීන යථාර්ථයක් කිරීම වෙනුවෙන් කැප වෙනවා - උවිඳු මහනුවරදී කියයි
රන්ජන්ගේ පක්ෂය පුපුරයි! ඇතුළේ ගේම් රැසක් හෙළිවෙයි (වීඩියෝ)
රවි සහ ශානි පාස්කු ප්‍රහාරයේ විමර්ශන සිදු කළ යුතුම යැයි ආණ්ඩුව කියන්නේ ඊබ්‍රහීම්ව බේරගන්න... තමන්ගේ සගයන් බේරාගන්න ආණ්ඩුව රටේ නීතියේ ආධිපත්‍ය කුඩුපට්ටම් කරන්න සැරසෙනවා - ගම්මන්පිලගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් (වීඩියෝ)
ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය නගාසිටුවීමට රුසියාවේ සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති පොරොන්දු වෙයි
අනාගත චීන-එක්සත් ජනපද සබඳතා මහා බල ගැටුමේ ඛේදවාචකය සම්බන්ධයෙන් මම ඉදිරිපත් කරන න්‍යාය වැරදි බව ඔප්පු ඇතැයි මම බලාපොරොත්තු වනවා- චිකාගෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජෝන් මර්ෂයිමර්
රනිල්ට උත්තර දෙන්න හරිනි බබාට බැරිනම් විජිත හේරත්ට හෝ අනුර දිසානායකට කොන්ද පණ තියෙන්න ඕනෙ! - ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාර
විජිත හේරත් ඇමැතිවරයා සතුරන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු බැඳීම වෙනුවට තමන් කරන්නේ කුමක්දැයි කියනවා නම් වඩා හොඳයි - ජාතික සංවිධානවලින් අවවාදයක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද
රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම තීරණය වෙන්නේ භාණ්ඩාගාරයේ ඇති මුදල් අනුව... ලබන අවුරුද්දේ පඩි වැඩිකරනවා, හැබැයි තාම ගාණක් කියන්න බැහැ - ඇමැති විජිත කියයි
කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කරනු! අමෙරිකා එක්සත් ජනපදයේත් ලතින් අමෙරිකානු රටවලත් විරෝධතා
මහ බැංකුව රුපියල් බිලියන සියයක් මුද්‍රණය කරලා