News Category
From Date
To Date
Maximum Number of Result

මහා කළු සිංහලයන්ගේ පළායාම සහ ඉතිහාසය නොදන්නා පරපුරක ආගමනය

Sep 25, 2024 at 12:21 PM
|

'අන්න මහ කළු සිංහලයා පලා යනෝ'... 

මෙවැනි වචනයක් ඇත්තේ අපේ ඉතිහාසය තුළය. 

හැබැයි ඒ ඉතිහාසය වර්තමාන  පරපුර දන්නේ නැත. 

ඔවුන් වැඩිපුරම දන්නේ නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සහ තව කෙනකුට අපහාස කිරීම පමණි.

සොළී හමුදාව වළගම්බා රජු පසුපස හඹා එන විට ගැබ්බර සෝමාදේවිය සමඟ රජු ආරක්ෂා වීම සඳහා පලායන්නේය.  

රජු පලායන විට සොළීන්ට ඇසෙන්නට ගිරිනම් නිගණ්ඨයා උස් හඬින් කිව්වේ  අන්න මහා කළු සිංහලයා පලා යන බවයි.

එසේම මාස කිහිපයක් ගැබ්බර සෝමා දේවිය රජු සමග ගමන් කළේය දේවිය සමඟ යාමෙන් බර වැඩි කම නිසා කරත්තේ සෙමින් සිදුවීම හේතුවෙන් රජු සොලීන්ට හසුවේයැයි දේවිය කල්පනා කළේය.

එබැවින්  රාජ්‍යයේ ආරක්ෂාව උදෙසා රජු ආරක්ෂා කිරීම පිණිස සහ සොළීන් නොමග යවනු පිණිස දේවිය කරත්තයෙන් බැස රජුට පලායාමට දේවිය ඉඩ සැලසුවේය.

එයින් පසුව රජු සැඟව ගොස් නැවත සේනා සංවිධානය කොට රාජ්‍යයේ ආරක්ෂාව තහවුරු කල බව අතීත කතාවන් මගින් අප අසා ඇත්තෙමු. 

ගැබ්බර සෝමා දේවිය සොළීන්ට හසු වූයේ තමන්ගේ ජීවිතය පවා පූජා කරමිනි. 

එදා ගැහැණියකට කළ හැකිව තිබූ දේ අද මේ රටේ ගැහැණුන් පමණක් නොව පිරිමින් දහසකටවත් කළ හැකිදැයි අපේ හදවත් වලින් විමසිය යුතුව ඇත. 

එවන් අතීතයක් තිබූ අප අද බඩ රැක ගැනීමට අපගේ භාවිතාව තුළින් ඉඩ ලබාදෙමින් පවතී. 

ඉතිහාසය කන්න දැයි විමසමින් ඉතිහාසය විෂය ධාරාවන් ධර්මිෂ්ඨ රාජ්‍යයක් යටතේ ඉවත් කිරීමේ ප්‍රතිඵල අද වන විට ලැබෙමින් පවතී. 

විශ්ව විද්‍යාල වල විශාල උපාධි ප්‍රමාණයක් ලබාගෙන සිටින විශේෂයෙන් දකුණේ බෞද්ධයයි කියාගන්නා ඇතැම් දේශපාලන කණ්ඩායම් වල නායකයන් ඉතිහාසය කෙසේ වෙතත් තමන්ගේ බුදු දහමේ මූලික  ඉගැන්වීම්වල තිබෙන ධර්ම සංගායනාවන්  පැවැත්වූයේ කිනම් කාලෙකදැයි දන්නෙවත් නැත. 

එවන් රජුන්ගෙන් අපේ රටේ ධර්මය ආරක්ෂා කරගත හැකිද?.

එදා රජුන් ධාර්මිකව රට පාලනය කලද අප රටේ පසුගිය කාලයේ සිටි පාලකයන් රාජ්‍ය ධනය භාණ්ඩාගාරයෙන් සොරාගෙන කමින් රට අස්ථාවර කර රට පාවාදීමට කටයුතු කර ඇත්තේය. 

එබැවින් පසුගිය කාලයේ රට පාලනය කළ සොර මුලට මේ රටේ මහජනතාව  පිළිතුරු ලබාදී ඇතත්  එමගින් රට අස්ථාවර වීමට ඉඩ ලබාදිය යුතු නැත. 

රටට වින කටින ලද සොරුන් නැවත පත් කිරීමට අප උත්සාහ කළ යුතු නැත. 

එහෙත් එදා අපේ මුතුන් මිත්තන් රට ආරක්ෂා කළාක් මෙන් සිහිනුවණින් වර්තමානයේ අපේ රට බඩ ගැන නොසිතා ආරක්ෂා කළ යුතුව  ඇත.

එබැවින් මේ රටේ ආරක්ෂක හමුදාවන් පාවාදෙන,සමරිසි සම ලිංගික ගණිකා වෘත්තිය නීතිගත කළ රාජ්‍යයක් ක් බිහි කරන මේ රට අනාගමික රාජ්‍යයක් කර  රට කෑලි වලට කඩා බෙදා පාලනය කිරීමට අප කිසිසේත් ඉඩ දිය යුතු නැත. 

මේ අපගේ පමණක් නොව ඔබගේත් රටයි අපේ දරුවන් පවා පමණක් නොව ඔබගේ දරුවනුත් අනාගතයේ සුරක්ෂිතව ජීවත් විය යුතුව ඇත. 

එබැවින් මේ රට සූරා කන හොරකමට දූෂණයට වංචාවට විරුද්ධ වන්න එය අයිතියකි. 

එහෙත් ඔබ ඉපදුනු මාතෘ භූමියට විරුද්ධ නොවන්න. 

එය කෑලි වලට කැඩීමට ඉඩ නොදෙන්න. 

එය අනාගත ඔබේ දරුවාගේ ද අනාගතය විනාශ කරවන්නක් බව තේරුම් ගැනීමට ඉහල සාක්ෂරතාවයක් ඇති ඔබ හට හැකි වේ යැයි සිතමු.

එසේම මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 230  වෙනි පිටුවෙහි  සඳහන් වන්නේ 2015-2019 යහ පාලන කාලයේ ගෙන එන ලද ව්‍යවස්ථාව ගෙන එන බවයි.

එදා රනිල් මෛත්‍රී පාලනය යටතේ  ජයම්පති වික්‍රමරත්න ලාල් විජේනායක හරිනි අමරසූරිය විසින් දායකත්වය ලබාදී සකසන ලද එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකසන ලද අයවලුන් පිළිවෙලින් සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගයේ සාමාජිකයන් බවට හඳුනාගත යුතුව ඇත. 

ඔවුන් විසින් සකසන ලද රටට එරෙහි එම වාර්තාව  ඉදිරි පාර්ලිමේන්තුවකදී එම දෙපිරිස විසින්ම එකතුව තුනෙන් දෙකක බලයක් ලබා දී අනුමත කරනු නොහැකි යැයි කිසිවෙකුට සහතික ලබාදිය නොහැක. 

අපි ඔබට සෝමා දේවිය මෙන් වීමට යැයි නොකියමු ..සෝමා දේවිය තම කුසේ සිටි දරුවා ගැනවත් අමතක කර රට ගැන සිතුවේය. 

අප ඔබට යෝජනා කරන්නේ ඔබගේ දරුවා ගැන සිතා රටට එරෙහි එම ව්‍යවස්ථා කෙටුම්පත  පරාජය කිරීමට දැන් සිටම සිහියට තබාගත යුතු බවයි.

- මහජන යුතුකම් කේන්ද්‍රය

ලාල් විජේනායකලාගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුපතේ පිටපත් සහ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 230 පිටුව පහළින්...






සම්බන්ධිත පුවත් | Related News

‘‘ගාන්ධි මුලදීම එක්තරා සත්‍යයක් ප‍්‍රකාශ කළේය. එනම් ස්වරාජ්‍ය තත්ත්වය යනු බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව විසින් අප වෙත ලබාදෙන ත්‍යාගයක් නොව ඉන්දියානු ජනතාව විසින් නිදහස් ලෙස තෝරා ගනු ලබන නියෝජිතයන් අතින් ප‍්‍රකාශයට පත් කෙරෙන අභිලාෂයන් තුළින් මතුවිය යුතු දෙයක් බවය. 1922 දී ඔහු මේ බව ප‍්‍රකාශයට පත් කළේ ඉන්දියාව නිදහස් ඉන්දියාවක් බවට පත්වන්නේ ඉන්දියානුවන්ගේ අතින්ම පමණක් බවත් ඉන්දියානුවන්ගේ අනාගතය තමන් විසින් හැඩ ගන්වා ගත යුතු බවත් අවධාරණය කිරීමට ය.’’
උක් ගොවීන්ට සහ සීනි කර්මාන්තකරුවන්ට සීනි තිත්ත වෙමින් පවතින බව පෙනේ.
1990 ජුනි 11 වන දින, දෙමළ ඊලාම් විමුක්ති කොටි (LTTE) ත්‍රස්තයන් ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පොලිස් ස්ථානවලට විනාශකාරී ප්‍රහාරයක් එල්ල කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පොලිස් නිලධාරීන් 600 කට අධික සංඛ්‍යාවක් සමූලඝාතනය විය.
පොසොන් පෝය විසින් එක්තරා ආකාරයක දඩයම් නැවැත්වීමකුත් සංකේතවත් කරනවා. ඒ උතුම් කාර්යය සිද්දවුණේ දඩ කෙළි නැවැත්වීමක් විදිහට. අදටත් එංගලන්තය ඇතුළු හුඟක් රටවල්වල දඩ කෙළි පැවැත්වෙනවා. නෝර්වේ සහ ජපානයේ මිනිස්සු තල්මස්සු පවා දඩයම් කරනවා. ඒ මුහුදු මංකොල්ලකාර රටවල් දෙකේ මිනිස්සු තල්මස්සු දඩයම් කරන්නේ මුහුදට යන්න තියෙන බය නැති කරගන්න කියලයි මම හිතන්නේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය බවත්, වසර 30ක් ත්‍රස්තවාදයෙන් බැටකෑ රටක් ඊට අදාළය කිසිඳු නීතියක් අවශ්‍ය නැති බව ප්‍රකාශ කිරීමද පුදුමාකර තත්ත්වයක් බව හා මෙය කුමන්ත්‍රණයක් බව පැවසුවත් වරදක් නැති බවත් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසයි.
සමාජවාදී ක්‍රමයක් යටතේ පුද්ගලික ව්‍යාපාර නැත්තට ම නැතිවෙනවා කියලා හිතාගෙන ඉන්න අය ඉන්නවා. ඒ අය මේ කතාව කියන්නේ සමාජවාදී ක්‍රමය සහ කොමියුනිස්ට් ක්‍රමය අතර තියෙන වෙනස ගැන කිසිම අවබෝධයක් නැතුව. කොමියුනිස්ට් සමාජයක් ඇතිවුණාට පස්සේ තමයි පුද්ගලික දේපළ ක්‍රමය වියැකිලා යන්නේ.
‘ප්‍රොටෙස්ට්’ යන ඉංග්‍රීසි වචනයෙහි සරලම සිංහල තේරුම අකමැත්ත හෝ විරුද්ධත්වය ප්‍රකාශ කිරීමයි. 16 වෙනි සියවස මුල් කාලයේ නැගෙනහිර යුරෝපය පාලනය කරමින් සිටි පාප්වරයාට සහ එතුමාගේ කතෝලික අධිරාජ්‍යයට අකමැත්ත පළ කෙරෙන අදහස් මහජනයා අතරේ පැතිරෙමින් තිබුණි. කලාපයේ පැතිරෙන අතිශයින් භයානක වසංගතවලට හේතුව පාප් සහ කතෝලික සභාවේ අපචාර ක්‍රියා යැයි බොහෝ දෙනාට සිතුණි. මාටින් ලූතර්ගේ සුප්‍රකට ලියවිල්ල මහජනයා ඇවිස්සූ ප්‍රධාන සිද්ධියයි. ඊට මාටින් ලූතර් ප්‍රධාන කතෝලික දේවගැතිවරුන් ගණනාවක් එක් විය.
1977 ආරම්භ වූ විවෘත ආර්ථිකය සහ නව සමානුපාතික මැතිවරණ නීති නිසා මජර දේශපාලන සිස්ටම් එකක් බිහි වූ බව රහසක් නොවේ. එය දේශපාලන ක්ෂ්‍රේත්‍රය පමණක් නොව රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයද අන්ත දූෂිත තත්වයට පත් කළේය.
රණවිරු සැමරුම තවත් සියවස් ගණනාවක් යනතෙක් සැමරිය යුතු බවත්, ත්‍රස්තවාදය අවියක් කරගනිමින් මෙරට ඒකීය භාවයට හා ස්වෛරීත්වයට හානිවන අයුරින් දේශපාලණිකව අටවා ඇති උගුල් ලෙහා දැමීමත්, එම රණවිරුවන් මව්බිම වෙනුවෙන් සිදුකළ ජීවිත කැපකිරීම උදෙසා කළ යුතු යුතුකමක් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.

ප්‍රධාන පුවත්

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..

රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු තානාපති කාර්යාලය පසුගිය ජූනි 11 වන දින සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබිණි..

ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.

ඉරානය තම භූමියට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාරවලට පළිගන්නා බව ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි අද(13) ප්‍රකාශ කළේ ප්‍රහාරයෙන් ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන් මිය ගිය බව තහවුරු කරමිනි.

විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..

ශ්‍රී ලංකාවට අදාළව විස්තීරණ ණය පහසුකමේ සිව් වන ඇගයීම සම්පූර්ණ කිරීම ජාත්‍යතර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩල තීරණය මත පදනම් වන බවත්, ශ්‍රී ලංකා රජය ප්‍රකාශයට පත්කළ විදුලි ගාස්තු සංශෝධනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන ගිය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..

පසුගිය 11 වැනිදා මානව හිමිකම් කොමිසමට විරෝධතා පෙත්සමක් ඉදිරිපත් කරමින් එම කොමිසම විසින් දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා ගනු ලබන උත්සාහයට විරෝධය පළ කිරීම සඳහා කාන්තා පරපුර සංවිධානය කටයුතු කරනු ලැබීය.

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්

ඉරානයට එරෙහිව ඊශ්‍රායල රාජ්‍යය විසින් සිදු කරන ලද පූර්ව අනතුරු අඟවන ප්‍රහාරයෙන් පසුව, ඊශ්‍රායල රාජ්‍යයට සහ එහි සිවිල් ජනතාවට එරෙහිව මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ දී අපේක්ෂා කෙරන බව ඊශ්‍රායල ආරකෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පැවසීය.

දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..

දණ්ඩනීති සංග්‍රහයේ 356 සහ 365 (අ) වගන්ති සංශෝධනය කරීම මගින් මෙරට දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළීමට මානව හිමිකම් කොමිසම විසින් අධිකරණ ඇමැතිවරයාට නිර්දේශ කිරීම ඉතා සූක්ෂම අයුරින් සිදු කළ ක්‍රියාවක් බවත්, මෙම වගන්ති සංශෝධනය කිරීම හරහා මෙරට දරුන්ගේ අයිතිවාසිකම් සහ ආරක්ෂාව පිළිබඳව දැඩි තර්ජනයක් මතුවන බවත් ලක්මව දියණියෝ සංවිධානය පවසයි.

ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ළඟ සිටි උපදේශකයෝ කිහිපදෙනෙක් මෙම ආණ්ඩුව තුළ ද සිටින බවත්, 2015 දී යහපාලන ආණ්ඩුව විසින් කැපූ සියදිවි හානිකර ගැනීමේ පාරදිගේ මේ ආණ්ඩුව ද රට ගෙන යමින් ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..

මව්බිමේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සැමරුමෙන් පසු අපගේ කාර්යභාරය සහ උතුරුකරයේ පදිංචි සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි මස 01 දා සවස 2 ට කොළඹ පුස්ථකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී පැවැත් වේ.

60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..

දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා අධිකරණ ඇමැතිවරයාට බල කිරීම මගින් දරුවන් ලක්ෂ 60ක් ලිංගික අපචාර සහ සමලිංගික ක්‍රියාවලට ගොදුරු කිරීමට ගන්නා උත්සාහයට විරෝධය පළ කරමින් කාන්තා පරපුර සංවිධානය විසින් මානව හිමිකම් කොමිසමට තම විරෝධය පළකර තිබේ.

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව

ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය විසින් පලකරනු ලැබූ ඉහත කරුණ සම්බන්ධයෙන් අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව "Mothers' Movement" හි කැඳවුම්කරු ක්‍රිෂාන්ත රත්නවීර මහතා අප වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ජාතික සංවිධාන එකමුතුව විසින් කැඳවනු ලැබූ එම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සකුන්තලා මෙන්ඩිස් මහත්මිය "Mothers' Movement "හි සාමාජිකාවක් නොවන බවයි.

දින කිහිපයක් තිස්සේ ගැටුම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයට ඇඳිරි නීතිය පනවයි

නීතිවිරෝධී ආගමන නැවැත්වීම අරමුණු කරගනිමින් කළ වැටලීම් වලට එරෙහිව ඇති වූ කැරලි ගැසීම් සහ කොල්ලකෑම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයේ ඇඳිරි නීතිය පනවා ඇතැයි වාර්තා වේ.

විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට..

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.

ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්නම් ඒ සඳහා ජනාධිපති ලේකම්, අධිකරණ ලේකම් සැකකරුවන් ලෙස නම් කළ යුතුයි..

ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්තේ නම් ඒ සඳහා අධිකරණ අමාත්‍යංශය ලේකම්වරයා මෙන්ම ජනාධිපති ලේකම්වරයාද සැකකරුවන් ලෙස නම් කළ යුතු බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් උපුල් උපුල් තෝරදෙණිය වෙනුවෙන් අධිකරණයේ පිණිස සිටිමින් නීතිඥ දර්ශන කුරූප්පු මහතා ඊයේ පැවසුවේය.

තවත් සිරකරුවන් 68ක් නීති විරෝධී ලෙස නිදහස් කරලා.. - අධිකරණයේ දී හෙළිවෙයි..

අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැවසුවේ, ජනාධිපති සමාව මුවාවෙන් සිරකරුවන් නීති විරෝධී ලෙස නිදහස් කර ඇති බවට වැඩිදුර පරීක්ෂණවලින් හෙළි වී ඇති බවයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.