News Category
From Date
To Date
Maximum Number of Result

සත්‍ය සෙවීමේ කොමිසම් පනත: ආරක්ෂක හමුදා පාවාදෙන බෙදුම්වාදී මර උගුලක්

Aug 21, 2024 at 01:08 PM
|

ආණ්ඩුව විසින් 2024.01.10 දින ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කළ සත්‍ය සෙවීම සහ ප්‍රතිසන්ධාන කොමිසම පනත කෙටුම්පතට එරෙහිව විවිධ පාර්ශ්ව විසින් එල්ල කරනු ලැබූ විරෝධතා සමනය කර ගැනීම සඳහා යොදා ගනු ලැබූ සූක්ෂම එහෙත් දුප්පත් උපක්‍රම මේ වන විට එළිදරව් වී ඇත. 

එහිදී ආණ්ඩුව ප්‍රකාශයට පත්කරනු ලැබුවේ විරෝධයට ලක්වූ ප්‍රතිපාදන: විශේෂයෙන්ම විදේශීය මැදිහත්වීමට ඉඩ සැලසීම, සාක්ෂි ආඥා පනත අදාළ නොවීම සහ අණදීමේ වගකීම මත නඩු පැවරීමේ හැකියාව ආදියට අදාළ ප්‍රතිපාදන ඉවත් කර පනත් කෙටුම්පත නැවත ගැසට් කරන බවය. නමුත් 2024.08.05 දින නැවත ගැසට් කරනු ලැබූ පනත් කෙටුම්පත අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ පනතේ මූලික යටි අරමුණු ඉටු කර ගැනීම සඳහා වන ප්‍රතිපාදන විශේෂයෙන්ම ඉහත සඳහන් කළ ප්‍රතිපාදන කිසිවක් වෙනස් කර නොමැති බවය. ඒ වෙනුවට යම් වචන ඉවත් කර වෙනත් වචන හෝ වාක්‍ය කණ්ඩ ඇතුළත් කර ඇත. උදාහරණයක් ලෙස මානව හිමිකම්’’ වෙනුවට මූලික අයිතිවාසිකම් යන්න ඇතුල් කර ඇත. ඊට අමතරව සමලිංගික ප්‍රජාවේ ඉල්ලීම් ඉටු  කිරීම  සඳහා  කොමිසම  තුළ  ඔවුන්ගේ  නියෝජනයට  අදාළව හෙවත් ලිංගික දිශානතිය යන වාක්‍යය ඇතුළත් කර ඇත.

මේ වන විට හිමාලයා ප‍්‍රකාශය මගින් දිගහැරෙන මාර්ග සිතියම අනුව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා බෙදුම්වාදී දෙමළ දේශපාලන පක්ෂ නායකයින්ට 2023.12.21 දින ලබා දුන් පොරොන්දුව අකුරටම ඉටු කරමින් සත්‍ය සෙවීමේ සහ ප‍්‍රතිසන්ධාන කොමිසම් පනත ගැසට් පත‍්‍රයේ පළ කර ඇත. ජනාධිපතිවරයා එහිදී පොරොන්දු වූයේ එම පනත කෙසේහෝ 2024 ජනවාරි මාසයේදී සම්මත කරන බවය. ඊට සමගාමීව එම පනත මගින් පිහිටුවනු ලබන කොමිසමේ නිර්දේශ අනුව කටයුතු කිරීම සඳහා ජාතික ඒකාග‍්‍රතාවය සහ ප‍්‍රතිසන්ධාන කාර්යාල පනත ද ගැසට් කර ඇත. ප‍්‍රතිසන්ධාන කාර්යාල පනතට අමතරව අතුරුදහන් පුද්ගලයින් පිළිබඳ පනත සහ වන්දි ලබාදීමේ කාර්යාල පනත ආදී වශයෙන් පනත් ත‍්‍රිත්වයකට පවරා ඇති වගකීම් ඉටුකිරීම සඳහා ගිවිසුම් ඇති කර ගැනීම සහ සහාය ලබාදීම සඳහා සත්‍ය සෙවීමේ කොමිසම් පනතට බලතල ලබා දී ඇත. ඒ අනුව මෙම නව පනත මගින් බෙදුම්වාදී මහා න්‍යාය පත‍්‍රයට අනුව ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය විසින් 2015 දී සම්මත කළ 30/1 යෝජනාව මගින් පිහිටුවන ලෙස බලකරන ලද යාන්ත‍්‍රණ සියල්ල ඒකාබද්ධ කිරීම සහ ඒවා ක‍්‍රියාත්මක කිරීම සඳහා මගපෙන්වීම සිදුකෙරෙන බව ඉතා පැහැදිලිය.

බෙදුම්වාදී න්‍යායපත‍්‍රය අනුව සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීම අවශ්‍ය වන්නේ දකුණු අප‍්‍රිකාවේ මෙන් අවංක චේතනාවකින් ගැටුම් වලට අදාළ සත්‍ය පසුබිම සොයාගැනීම සඳහා නොවන බව ඉතා පැහැදිලිය. බෙදුම්වාදී යුද්ධය ආරම්භ වන්නේ ජාත්‍යන්තර න්‍යාය පත‍්‍රයකට අනුව ශ‍්‍රී ලංකාව බෙදා වෙන්කරීම මගින් දුර්වලකර ජනතාව එකිනෙකා මරා ගන්නා තත්ත්වයක් නිර්මාණය කිරීම සඳහා බව ඉතා පැහැදිලිය. ලෝකයේ මේ වන විට බෙදා වෙන්කර ඇති රටවල් 26ක් පිළිබඳ අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ යුද්ධයක් හෝ ගැටුමක් අවශ්‍ය වන්නේ කේවල් කිරීමේ උපාංගයක් ලෙස සහ ජාත්‍යන්තර මැදිහත්වීමකට පාර කපා ගැනීම සඳහා බවය. ඒ අනුව ඊනියා අවසාන විසඳුම හෙවත් රටක් බෙදා වෙන් කිරීම සිදුවන්නේ ව්‍යවස්ථාවක් සංශෝධනය කිරීම මගින්  ව්‍යවස්ථානුකූලව හෝ ජාත්‍යන්තර ගිවිසුමක් මගිනි. වර්තමාන ජනාධිපතිවරයා 2003 දී අගමැතිවරයා ලෙස සටන් විරාම ගිවිසුම යටතේ තාවකාලික ආණ්ඩු ගිවිසුමක් අත්සන් කිරීම මගින් එම ක‍්‍රමවේද දෙක දෙමුහුන් කිරීමට උත්සාහයක් ගනු ලැබීය.

ඒ අනුව බෙදුම්වාදී යුද්ධය පරාජය කිරීමෙන් පසුව බෙදුම්වාදීන්ට අහිමි වූ කේවල් කිරීමේ බලය ඔවුන් විසින් නැවත ලබා ගන්නේ යුධ ජයග‍්‍රහණයට පසු දින 3ක් ඇතුළත ශ‍්‍රී ලංකාවට කඩා වැදුණු එක්සත් ජාතීන්ගේ මහලේකම් බන් කි මූන් විසින් අතට ගත් මානව හිමිකම් කෙවිට යොදා ගනිමිනි. එම කෙවිට මගින් දිගින් දිගටම බලපෑම් කිරීමෙන් පසුව 2015 දී වත්මන් ජනාධිපතිවරයා විසින් අගමැති ලෙස 2015 දී බෙදුම්වාදී මාර්ග සිතියමට අදාළ න්‍යය පත‍්‍රය හෙවත් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවට එකඟතාවය පළකරනු ලෑබීය. එම න්‍යාය පත‍්‍රය තුළ ප‍්‍රධාන අරමුණු 3ක් හඳුනාගත හැක. ඒ අතරින් පළමුවැන්න ආරක්ෂක හමුදා දුර්වල කිරීම, බිය වැද්දීම සහ ඔවුන්ට මානසික බාධක පැණවීමය. ඊට අදාළව ක‍්‍රියාමාර්ග 5ක් යෝජනාවේ අඩංගුවේ. පළමුවැන්න විශේෂ සිදුවීම් යොදා ගනිමින් ආරක්ෂක හමුදා නිලධාරීන්ට පරිපාලන වශයෙන් දඬුවම් කිරීමය. දෙවැන්න ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා නිලධාරීන්ට විරුද්ධව ජාත්‍යන්තර අධිකරණ බලය ක‍්‍රියාත්මක කරන ලෙස සෙසු රටවලින් ඉල්ලා සිටීමය. තුන්වැන්න එම ක‍්‍රියාවලියට පහසුකම් සැලසීම සඳහා චෝදනා සහ සාක්ෂි ගොණු කිරීමේ ජාත්‍යන්තර යාන්ත‍්‍රණයක් පිහිටුවීමය. හතරවැන්න ශ‍්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර මැදිහත්වීමක් සහිතව යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමය.

නමුත් ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුව ජාත්‍යන්තර මැදිහත්වීමක් සහිතව යුධ අපරාධ අධිකරණයක් පිහිටුවිය නොහැක. එම අභියෝගය ජය ගැනීම සඳහා යුද අපරාධ අධිකරණයක බලය සහිත මහාධිකරණයක් පිහිටුවීම සඳහා අතුරුදහන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්ති පනත මගින් ප‍්‍රතිපාදන සැලසීය. පස්වන යාන්ත‍්‍රණය වන්නේ අතුරුදහන් පුද්ගලයින් පිළිබඳ කාර්යාල පනතය. ඒ මගින් අණදීමේ වගකීමත් ඇතුළත්ව සාක්ෂි ආඥා පනත බලාත්මක නොවන ලෙස ආරක්ෂක හමුදා නිලධාරීන්ට එරෙහිව චෝදනා ගොනු කිරීම සඳහා චෝදනා කර්මාන්තශාලාවක් නිර්මාණය කරනු ලැබීය. ඉහත සඳහන් කළ 30/1 යෝජනාවේ ප‍්‍රධාන අරමුණු ත‍්‍රිත්වය අතරින් දෙවැන්න 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කරන ලෙසට විවිධ කොන්දේසි යටතේ විවිධ ආකාරයට බලපෑම් කිරීමය. තුන්වන අරමුණු සමස්තය කළමනාකරණය කිරීම සහ ඊට අදාළ බලපෑම් කිරීම සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමකට පාර කපා ගැනීමය. විශේෂයෙන් ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වෙමින් මැදිහත්වීමට පාර කපා ගැනීමය. සත්‍ය සෙවීමේ කොමිසම නමැති උපාංග යොදාගන්නේ ඒ සඳහාය.

බෙදුම්වාදී න්‍යාය පත‍්‍රයට සාපේක්ෂව සත්‍ය සෙවීමේ කොමිසම මගින් අපේක්ෂිත අරමුණු ප‍්‍රධාන වශයෙන් 4ක් හඳුනාගත හැක. පළමුවැන්න ඩයස්පෝරාවේ සාමාජිකයන්, විවිධ වින්දිතයන්, විශේෂයෙන්ම අතුරුදහන් වූවන්ගේ ඥාතීන් සහ මිලදී ගත හැකි ආරක්ෂක හමුදා සාමාජිකයන් යොදා ගනිමින් යුධ අපරාධ ලෙස නම් කළ හැකි විවිධ අපරාධ පිළිබඳව ව්‍යාජ පාපොච්චාරණවලට පහසුකම් සැලසීම ය. ඒ සඳහා සාක්ෂි ලබාදීමේදී ඒකපාර්ශවීය පාපොච්චාරණය කරන්නාට වාසි සැලසෙන ලෙස අදාළ ක‍්‍රියාවලියට සාක්ෂි ආඥා පනත අදාළ නොවන බවට පනත මගින් ප‍්‍රතිපාදන පනවා ඇත. (13(y)  වගන්තිය) ඊට අමතරව ව්‍යාජ සාක්ෂි ලබාදෙන පුද්ගලයින්ට එරෙහිව ක‍්‍රියාමාර්ග ගත නොහැකි වන ලෙසද ප‍්‍රතිපාදන පනත මගින් පනවා ඇත. (48 වගන්තිය) එසේම එම ක‍්‍රියාවලියට එරෙහිව අභ්‍යාචනා අධිකරණය මගින් රීට් ආඥාවක් ලබා ගැනීමේ හැකියාවද නැත (46 වගන්තිය* තවද අදාළ පුද්ගලයින්ගේ අනන්‍යතාවය හෙළි නොකිරීම සඳහා එනම් ඒ සඳහා බැඳීමක් ඇති නොවන බවටද පනත මගින් ප‍්‍රතිපාදන පනවා ඇත. (13(x)  වගන්තිය)ඒ සියල්ලටම වඩා මෙම පනත මගින් අණදීමේ වගකීමට අදාළව චෝදනා ගොනු කිරීමේ හැකියාව ඇත. (12 (h) (XII) වගන්තිය) 

ඒ ආකාරයට සත්‍ය සෙවීමේ නාමයෙන් පාපොච්චාරණය කරන්නන් යොදා ගනිමින් ආරක්ෂක හමුදා සාමාජිකයන්ට යුද අපරාධ චෝදනා එල්ල කිරීම මගින් අතුරු අරමුණු 4ක් ඉටු කර ගැනීමට හැකියාව ලැබේ. පළමුවැන්න දැනට ආරම්භ කර ඇති සාක්ෂි සහ චෝදනා ගොනු කිරීමේ ජාත්‍යන්තර යාන්ත‍්‍රණය ශක්තිමත් කිරීම සහ ඊට සුජාතභාවය ලබාදීමය. දෙවැන්න ජාත්‍යන්තර අධිකරණ බලය ක‍්‍රියාත්මක කිරීම සඳහා අදාළ රටවල අභිචෝදකට අවශ්‍ය චෝදනා සහ සාක්ෂි ලබාදීමය. තුන්වැන්න ශ‍්‍රී ලංකාව තුළදී අපරාධ නීතිය සහ සිවිල් නීතිය යටතේ නඩු පැවරීමට අවකාශය නිර්මාණය කිරීමය.

(16(2) වගන්තිය) හතරවැන්න දැනට පිහිටුවා ඇති පුද්ගලයින් අතුරුදහන් කිරීම පිළිබඳ කාර්යාල පනත යටතේ චෝදනා ගොනු කිරීම සඳහා තොරතුරු සැපයීමය. ඉහත සඳහන් කළ ආකාරයට සත්‍ය සෙවීමේ කොමිසම සහ අතුරුදහන් වූවන්ගේ කාර්යාලය ඒකාබද්ධව කටයුතු කිරීම සඳහා පනත මගින් ප‍්‍රතිපාදන පනවා ඇත. (13 (9) වගන්ති)සත්‍ය සෙවීමේ කොමිසම මඟින් ඉටු කර ගැනීමට අපේක්ෂිත මූලික අරමුණු අතුරින් දෙවැන්න චෝදනා එල්ල කිරීමේ, සාක්ෂි ගොණු කිරීමේ සහ ක‍්‍රියාමාර්ග ගැනීමේ ක‍්‍රියාවලියට අවශ්‍ය වන බලවත් නීතිමය ආවරණය ලබා දීමය. මෙම පනත මගින්  ඕනෑම රාජ්‍ය ආයතනයකට හෝ නිලධාරියෙකුට  ඕනෑම රහසිගත ලේඛනයක් ඉදිරිපත් කිරීමට සහ කොමිසම හමුවේ සාක්ෂි දීමට පෙළඹවීමේ හැකියාව ඇත. කොමිසමේ නියෝග නොතකා කටයුතු කිරීම මගින් පනත යටතේ වරදකට වරදකරුවෙකු වේ. ඊට ලැබෙන දඬුවම අභියාචන අධිකරණයට අපහාස කිරීමේ වරදට ලැබෙන දඬුවම තරමට බරපතළ වේ. (13,14 වගන්ති) ඊට අමතරව මූලික අරමුණු අතරින් තුන්වැන්න වන්නේ 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම සහ ප‍්‍රතිසන්ධාන කාර්යාල පනත යටතේ ඉදිරිපත් කරන ප‍්‍රතිපත්තිය මගින් නිර්දේශිත කාරණා ඉටු කිරීම සඳහා බලපෑම් කිරීමේ යාන්ත‍්‍රණය පිහිටුවීමය. සත්‍ය සෙවීමේ සහ ප‍්‍රතිසන්ධාන පනත යනු දකුණු අප‍්‍රිකාවේ මෙන් ඊනියා සත්‍ය සෙවීම සඳහා පමණක් පිහිටුවන ආයතනයක් නොවේ. ඊට ප‍්‍රතිසන්ධානය ද අයත් වන බැවින් ඒ යටතේ ඉහත සඳහන් කළ ආකාරයට වගවීම හෙවත් රණවිරුවන්ට යුද අපරාධ චෝදනා එල්ල කිරීම සහ දඬුවම් කිරීම ද අයත් වේ. ඊට අමතරව ඒ යටතට වන්දි ගෙවීම සහ නැවත ගැටුම් ඇතිවීම වැළැක්වීම යන කාරණා ඇතුළත්වේ. ඒ අනුව ගැටුම් ඇතිවීම වැළැක්වීමේ නාමයෙන් 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම යන මූලික බෙදුම්වාදී උපාය මාර්ගික ප‍්‍රවේශයට අදාල බල කිරීම් විවිධ ආකාරයට සිදුකිරීමේ හැකියාව ලැබේ.

පනතට අදාළ හතරවැනි මූලික අරමුණ වන්නේ රටතුළ ජාත්‍යන්තර මැදිහත්වීමකට පාර කපා ගැනීමය. යුද ජයග‍්‍රහණයෙන් පසුව විවිධ ආකාරයට ඒ සඳහා උත්සාහ ගත්තද එම අවශ්‍යතාවය ඉටු කර ගැනීමට අවස්ථාව නොලැබිණි. නමුත් දැන් සත්‍ය සෙවීමේ කොමිසම නාමයෙන් ඒ සඳහා නීතිමය බැඳීමක් සහිතව ප‍්‍රබල අවකාශයක් නිර්මාණය වී ඇත. පනත යටතේ පිහිටුවනු ලබන කොමිසමට හෝ අනු කමිටු වලට උපදෙස් හෝ තාක්ෂණික සහාය ලබා ගැනීමේ නාමයෙන් විශේෂඥයින් ලෙස විදේශිකයින් සහ විදේශීය ආයතන කැඳවාගැනීමේ හැකියාව ඇත. (13(k)(I)  වගන්ති) ඊට අමතරව කොමිසමට උපදෙස් දීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන උපදේශක මණ්ඩලයට විදේශිකයින් පත්කිරීමේ හැකියාව ඇත.

ඒ ආකාරයට රට තුළට කැඳවන විදේශීය පුද්ගලයින් ඇතුළු උපදේශකයින්ට ගෙවීම් කරනු ලබන්නේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදිය. මෙම උපදේශකයන්ට කොමිසමේ අතුරු වාර්තා, විශේෂිත වාර්තා සහ අවසන් වාර්තාව මෙන්ම වෙනත් ප‍්‍රතිපත්තිමය ලේඛන හෝ අභ්‍යන්තර පරිපාලන නියමයන් වෙනස් කිරීමේ බලය ලබාදී ඇත. ඔවුන්ගේ අනුමැතිය නොමැතිව අදාළ වාර්තා නිකුත් කළ නොහැක. ඒ ආකාරයට අවසානයේදී විදේශිකයන්ගේ අනුකම්පාවට යටත් කෙරෙන ආකාරයට වාර්තා සකස් කිරීමේ ක‍්‍රියාවලියක් පනත යටතේ හඳුන්වාදී ඇත. ඒ අනුව මෙම පනත යටතේ පිහිටුවනු ලබන කොමිසමට අසීමිත බලයක් ලබාදී ඇතත් එම බලය විදේශිකයන්ගේ ආධිපත්‍යයට යටත්කර ඇත. එය බෙදුම්වාදි මාර්ග සිතියමට අදාල මූලික උපාය මාර්ගික ප‍්‍රවේශයකි. පනත යටතේ කොමිසමේ අරමුදලට විදේශීය අරමුදල් ලබා ගැනීමේ බලය ලබාදී ඇති අතර එම අරමුදල් යොදා ගනිමින් සාක්ෂි

ලබාදීම සඳහා පැමිණෙන ඩයස්පෝරා සාමාජිකයන්ට ගමන් වියදම් ගෙවීමේ හැකියාවද ඇත (13(h), 22 වගන්ති) ඒ අනුව අවසන් වාර්තාව මගින් ජාත්‍යන්තර අධිකරණ ක‍්‍රියාමාර්ගවලට අවශ්‍ය ආකාරයට සමූල ඝාතන චෝදනා තහවුරු කිරීම සඳහා ප‍්‍රභල ඉඩක් විවර වී ඇත.

ඊට අමතරව පනත මගින් කොමිසමට තම බලතල ක‍්‍රියාත්මක කිරීම සඳහා පූර්ණ බලය ලබාදෙන අතර අධිකරණයට හෝ වෙනත් කිසිදු රාජ්‍ය ආයතනයක නිලධාරියෙකුට හෝ අමාත්‍ය මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට ඊට අදාළව බලපෑම් කිරීමේ හැකියාවක් නැත. (11 වගන්තිය) ඒ ආකාරයට අසීමිත බලයක් කොමිසමට ලබා දෙන්නේ කොමිසම මගින් අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමේදී පැන නැගිය හැකි විරෝධතා නොතකා ක‍්‍රියාවලිය ඉදිරියට ගෙනයාම සඳහා බව ඉතා පැහැදිලිය. එසේම පනත මගින් ආවරණය වන කාලය 2009 සිට 1983 දක්වා ආපස්සට ගමන් කරන බැවින් විවිධ ආකාරයට විවිධ චෝදනා ඉදිරිපත් කිරීම සහ ඒවා විභාග කිරීමට අවස්ථාව නිර්මාණය වේ. පනත මගින් රහසිගත ලේඛන පරීක්ෂා කිරීම, ස්ථාන පරීක්ෂා කිරීම සහ සමූහ මිනී වළවල් ලෙස හඳුනන්වන ස්ථානවල කැණීම් කිරීම ආදී බහුවිධ ක‍්‍රියාකාරකම් සඳහා කොමිසමට බලය පවරා ඇත.

ඒ අනුව කිසිදු ආකාරයකට කොමිසම මගින් සිදුකෙරෙන වැරදි ක‍්‍රියා හෝ බලය අයුතු ලෙස යොදාගැනීමේ අවස්ථාවන් වැළැක්වීමට නීතිමය හැකියාවක් නැත. කොමිසම මගින් සිදු කරන  ඕනෑම ක‍්‍රියාවකට බාධා කරන හෝ සහාය නොදෙන පුද්ගලයින්ට දඬුවම් පැමිණවීමට පනත මගින් බලය පවරා ඇති බැවින් කොමිසම විසින් සිදුකරන අසාධාරණ ක‍්‍රියාවකට එරෙහිවීම වැළැක්වීම සඳහා මහජනයාට මානසික බාධක පැනවේ. එසේම කොමිසමේ සාමාජිකයන්ට සහ සාක්ෂි දෙන පුද්ගලයන්ට ලබා දෙන විශේෂ නීතිමය ආරක්ෂාව නිසා ඔවුන්ට අත්තනෝමතික ලෙස සහ පක්ෂපාති ලෙස ක‍්‍රියා කිරීමට බලපත‍්‍රයක් ලැබේ.

ඒ සියලූ බලතල එසේ ලබා දී තිබියදී කොමිසම පත් කිරීමට අදාළ ප‍්‍රතිපාදන මගින් ඉතා සූක්ෂම ලෙස ජනාධිපතිවරයාගේ තනි කැමැත්ත සහ බලය ආරක්ෂා කර ඇත. ඒ සඳහා වන පනත තුළ අඩංගු වන පළමු උපක‍්‍රමය කොමිසමට අදාළව නිශ්චිත සාමාජිකයින් සංඛ්‍යාවක් පැනවීම වෙනුවට අවමය ලෙස 7 දෙනකු සහ උපරිමය ලෙස 21 දෙනෙකු නියම කිරීමය (3(1) වගන්තිය) කොමිසමට ඇතුල්වීමට කැමති පිරිස් වලට ව්‍යවස්ථාදායක සභාවට ඉල්ලූම් කළ හැකි අතර එම සභාව මගින් අනුමත කරන පුද්ගලයින් පත් කිරීම හෝ නොකිරීම ජනාධිපතිවරයාගේ අභිමතයකි. ඊට අමතරව රටේ බහු වාර්ගිකත්වය කොමිසම තුළ නියෝජනය විය යුතු බවට ප‍්‍රතිපාදන පනවා ඇති බැවින් ජනාධිපතිවරයාට එම ප‍්‍රතිපාදන යොදා ගනිමින් බෙදුම්වාදයට පක්ෂපාතී ඊනියා විද්වතුන් හෝ රාජ්‍ය නොවන සංවිධාන ප‍්‍රධානීන් පත් කිරීමේ හැකියාව ඇත. එසේම යම් සාමාජිකයකු ඉවත් වුවහොත් හෝ ඉවත් කළහොත් අනුප‍්‍රාප්තිකයින් පත් කිරීමේ බලය ජනාධිපතිවරයා සතු වේ.

ඊට අමතරව සත්‍ය සෙවීමේ කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්වරයා පත් කරනු ලබන්නේද ජනාධිපතිවරයා විසිනි. ඒ මගින් ලේකම් කාර්යාලය හරහා ක‍්‍රියාත්මක වන කොමිසමේ ක‍්‍රියාකාරීත්වයට අදාළ ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් පිළිබඳ බලපෑම් කිරීමේ හැකියාව ලැබේ. අවසානයේදී කොමිසමේ වාර්තාවට අනුව ඉදිරිපත් කරන නිර්දේශ සමස්තයක් ලෙස ක‍්‍රියාත්මක කිරීමේ ක‍්‍රියාවලිය අධීක්ෂණය කිරීමේ බලය ලැබෙන කමිටුවේ බහුතර බලය රාජ්‍ය නිලධාරීන්ගෙන් බාහිර පුද්ගලයන්ට හිමි වේ. එම පුද්ගලයින් පත්කිරීමේ දී ද සුදුසුකම් වලට වඩා ඊනියා බහුවාර්ගිකත්වය සැලකිල්ලට ගනු ලැබේ. (40(1)(b) වගන්තිය* ඒ අනුව බෙදුම්වාදී උවමනාවන්ට අනුව ප‍්‍රමුඛතා තීරණය කිරීමේ අවකාශය නිර්මාණය වන අතර එම ක‍්‍රියාවලිය ප‍්‍රතිසන්ධාන කාර්යාලය සමඟ ඒකාබද්ධව සිදු කෙරෙනු ඇත.

මෙම පනත මගින් බාහිරින් පෙන්වනු ලබන සත්‍ය සෙවීම සහ වින්දිතයින්ට වන්දි ගෙවීම වැනි යුක්ති සහගත අභිලාංශයන්ට වඩා සැඟවුණු අරමුණු ඉතා දුෂ්ට බව ඉතා කෙටි කාලකයින් මහජනයා තේරුම් ගනු ඇත. නමුත් ඒ බව තේරුම් ගන්නා විට බොහෝ පමා වී වැඩි බව වන බවට කිසිදු සැකයක් නැත. අඩු තරමින් මෙම පනතේ දුෂ්ඨ අරමුණු පිළිබඳව පනත මගින් වින්දිතයින් බවට පත්වීමට නියමිත ආරක්ෂක හමුදා ප‍්‍රධානීන් හෝ තේරුම් ගතහොත් ජාතියේ ඉරණම වෙනස් විය හැක. එසේ නැතහොත් මෙම පනත ඒකීය ශ‍්‍රී ලංකාව මිහිදන් කෙරෙන ‘‘මිනී පෙට්ටියේ’’ අවසන් ඇනය වන බවට කිසිදු සැකයක් නැත. මෙම පනත මගින් ඉතා පැහැදිලිව බෙදුම්වාදයෙන් රට ගලවා ගැනීම සඳහා දිවි පිදූ රණවිරුවන් 30,000ගේ සහ තුවාල ලැබූ ඊට සමාන විරුවන් පිරිසක අතරින් ආබාධිතව දිවි ගෙවන 14,000ක් රණවිරුවන්ගේ සියලූ කැපකිරීම් පාවාදීමක් සිදුවන අතර රට නැවත බෙදුම්වාදී මර උගුලට තල්ලූ කෙරෙන බවට කිසිදු සැකයක් නැත. මෙම දුෂ්ඨ පාවාදීමේ පනතට අත ඔසවන කිසිදු මන්ත‍්‍රීවරයෙකුට ඉතිහාසය විසින් සමාව ලබා නොදෙන බවටද සැකයක් නැත. ජනාධිපතිවරයාගේ සහ බෙදුම්වාදීන්ගේ සිහින සැබෑ කිරීම සඳහා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන් විසින් තම හිස දන්දිය යුතුද යන්න සිහිබුද්ධියෙන් යුතුව කල්පනා කළ යුතුය. වසර 14ක් නොකළ දේ දැන් සිදුකිරීමේ අවශ්‍යතාවය කුමක්ද සහ ඒ මගින් වාසි සැළසෙන්නේ කාටද යන්න ඔවුන් විසින් කල්පනා කළ යුතුය. මෙම ක‍්‍රියාවලිය ආරම්භ වූ පසුව දේශීය සහ විදේශිය ජනමාධ්‍යවල උපරිම කාලයක් ලබාගනිමින් රණවිරුවන් පාවාදෙන පාපොච්චාරණ සංදර්ශන පැවැත්වෙන විට ඔවුනට තමා විසින් සිදුකළ පාවාදීමේ තරම වැටහෙනු ඇත.

සම්බන්ධිත පුවත් | Related News

රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියාව සිටි මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාගේ බිරිඳ අනුර දිසානායක ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් ලිඛිතව ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර තිබේ.
දිලීප පීරිස් දිහා බැලුවම මට පෙනෙන අනිවාර්ය ලක්ෂණ කිහිපයක් තියෙනවා.
එක්සත් රාජධානියේ සෙන්ට්‍රල් ලැන්කෂයර් විශ්වවිද්‍යාලය විසින් ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීමට එරෙහිව එවකට සමාජවාදී ශිෂ්‍ය සංගමයේ කටයුතු කළ වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සිදුකළ ප්‍රකාශයක් පහත වීඩියෝවේ දැක්වේ.
ලංකාවේ මිනිස්සු රනිල්ට රැවටෙන එක නවත්ත ගන්න පුලුවන්. රටේ පැත්තෙන් ගත්තොත් මිනිස්සුන්ට හැමතිස්සෙම රනිල් ගැන පොඩි හරි සැකයක් තියෙනවා. අනුර ගැන උනත් එහෙමයි. දූෂණය වංචාව ගැන මොනවා කිවුවත් අනුරට ජාතිය ආගම ප්‍රශ්නයක් ආවොත් මිනිහා හිට ගන්නේ අනිත් පැත්තේ කියලා මේ අවුරුදු දෙකට චන්දේ දිපු 68 ලක්ෂෙන් අඩුම ගානේ 40 ලක්ෂයකට දැන් ප්‍රත්‍යක්ෂයි.
බටහිර අධිරාජ්‍යවාදීන් විසින් සාදා දෙන කතන්දර කිසිම වග විභාගයකින් තොරව එලෙසම ප්‍රචාරය කිරීමට ඇතැමුන් දක්ෂ බවත්, චීනයේ 1958 දී ආරම්භ කළ 'සතර පලිබෝධ මර්ධන ව්‍යාපාරය' පිළිබඳවද ඇතැමුන් එලෙසම වැරදි ප්‍රචාර දියත් කරන බවත් ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති මහතා පවසයි.
ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්තේ පිහිටි පක්ෂ මූලස්ථානය කියන්නේ 2004 වසරෙන් පස්සේ සිංහල බෞද්ධ ජනතාවගේ බහුතර ඡන්දයෙන් පත්වුණු මන්ත්‍රීවරුන්ගේ වැටුප් වගේම සාමාන්‍ය පාක්ෂිකයන්ගේ දායකත්වයෙන් එකතු වුණු දැවැන්ත අරමුදලකින් හැදුණු තැනක්. එදා පක්ෂයේ ආරම්භකයා වුණු රෝහණ විජේවීරයන් පවා බුදුදහමට සහ මහා සංඝරත්නයට දේශපාලනික වශයෙන් සුවිශේෂී තැනක් දුන්නා.
අද දවසේ විවිධ මාධ්‍ය ඔස්සේ තොරතුරු පරිශීලනය කරන බොහෝ දෙනෙකුට, දිනපතා ලැබෙන පුවත් අවුල් සහගත ඒවා ලෙස පෙනී යයි. යුක්රේනයේ පවතින යුද්ධය. තායිවාන සමුද්‍ර සන්ධියේ හට ගෙන ඇති ආතතීන්. ඉරානය සමඟ ඇමෙරිකාව පැටලී ඇති සෙවනැලි යුද්ධය.
Alexander Cunningham යනු ඉන්දියානු පුරාවිද්‍යා ඉතිහාසයට ඉතා බලපෑම් කළ පුද්ගලයෙකි. ඔහු බෞද්ධ ස්ථාන, අශෝක ශිලා ලේඛන, පැරණි නගර සහ චීන සංචාරක වාර්තා භාවිතයෙන් ඉන්දියාව හා දකුණු ආසියාවේ බොහෝ ස්ථාන හඳුනාගැනීමට උත්සාහ කළේය.

ප්‍රධාන පුවත්

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..

දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ කිසිදු සදහනක් නොවේ යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා

රට තුළ අවශ්‍ය තරම් සහල් සහ වී සංචිත පවතිද්දී නැවත සහල් ආනයනය කිරීමට කටයුතු කළහොත්, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහට ගමට එන්න ඉඩ නොතබන බවට ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් අනතුරු අඟවයි.

ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

'ජනපති අනුර කුමාර දිසානායක මැතිතුමා හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ. 2026 ජනවාරි 1 දාට භාණ්ඩාගාරයේ මුදල් ශේෂය රු.මිලියන 915 යි. 2024 දෙසැ. 31 වෙනිදා වන විට රු.බිලියන 805 ක් භාණ්ඩාගාරයේ මුදල් ශේෂය තිබුණා. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ගෙදර යවන කොට බිලියන 800 ක් තිබුණා. මේ ආණ්ඩුවේ පළමු අවුරුද්ද තුල භාණ්ඩාගාරයේ මුදල් ශේෂය වැඩිවුනේ රුපියල් බිලියන 110 කින් විතරයි' යැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්

අඟුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ වැඩිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක හටගත් ගින්නෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසයි.

ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්

පාස්කු ප්‍රහාරය විමර්ශන වලදී ISIS ත්‍රස්තයන් පිටුපස නොයා ගෝඨාභය සහ සුරේෂ් සලේ පිටුපස යාමෙන් පෙනෙන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව මෙම පාස්කු ප්‍රහාරය ගෝඨාභයගේ පිට දැමීමට දරණ නින්දිත උත්සාහයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

අනු‍ර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි ඉදිරියේ දණ නමා, කිසිදු හෘද සාක්ෂියක් නොමැතිව රටේ පොදු ජනතාව මත බර පිට බර පටවමින්, පහළ පන්තියේ මිනිසාගේ ලේ උරා බොන ඉතාම නරුම සහ දුෂ්ට පාලනයක් වත්මන් රජය විසින් ගෙන යමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ජනාධිපතිවරයාට හා රජයට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් ප්‍රකාශ කරයි.

සුරේෂ් සලේ සිය දිවි නසා ගැනීමේ අවදානමක්..

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරමින් සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේස් සලේගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් තොරතුරු ඉදිරිපත් කිරීම සඳහා හෙට (04) අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (03) නොතීසි නිකුත් කළේය.

ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්..

පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පැනවීමට කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.

නීතීඥ සංගමයෙන් ජනපතිට දැඩි විරෝධයක්..

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු අධිකරණ ක්ෂේත්‍රයේ සාමාජිකයන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම අරමුණු කරගනිමින් යෝජනා වී ඇති කිසිදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරියට ගෙන නොයන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටියි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.