
දේශපාලනය අවසන් නොවේ..
කොමියුනිස්ට් පක්ෂයේ චීන පිළ නියෝජනය කළ උද්‍යෝගීමත් තරුණයෙකු වූ පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර විසින් 1965 දී ජනතා විමුක්ති පෙරමුණ බිහි කරන ලදි. එවකට ඔහු අවුරුදු 22 ක තරුණයෙකි. විජේවීර ඇතුළු පක්ෂයේ පුරෝගාමියෝ ගම් පුරා දූවිලි වැකි වතින් යුතුව ඇවිදිමින් ග්‍රාමීය ගොවි තරුණයන් ආමන්ත්‍රණය කරමින්, සමාජ අසාධාරණයේ අඳුරු පැතිකඩත්, සාධාරණය උදෙසා සටන් කළ යුතු බවත් උගන්වමින් පක්ෂයේ සාමාජිකත්වය ප්‍රවර්ධනය කරන ලදි.
එතැන් සිට අවුරුදු 60 ක් ගෙවී ගිය තැන එදා විජේවීර ඇතුළු පුරෝගාමියෝ ගොඩ නැගූ පක්ෂයේ 4වන නායකයා ශ්‍රී ලංකා ජනරජයේ 9 වන විධායක ජනාධිපති ලෙස මහජන ඡන්දයෙන් පත් වී ඇත. ඉතිහාසයේ අවස්ථා 2 කදී ජවිපෙ විසින් සන්නද්ධ ක්‍රියාමාර්ග ඔස්සේ දේශපාලන බලය අත්පත් කර ගැනීමට උත්සාහ කොට ඇත. එම උත්සාහයන් තුළ 50,000 කට අධික පක්ෂ සාමාජිකයන්, හිතවතුන් ඝාතනය විය. ඔවුන් විසින් ප්‍රතිපක්ෂයේ 20,000 ක් පමණ ඝාතනය කරවන ලදි. 2022 ජනතා කැළඹීම සඳහා ද ජවිපෙ අනියමින් සිය නායකත්වය ලබා දුනි.
1990 වසරේ පටන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය තුළ මැතිවරණ ඔස්සේ රටේ දේශපාලන බලයට සමීප වීමට ද ජවිපෙ උත්සාහ කොට ඇත. චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන ජනාධිපතිවරුන් පත් කිරීම් සඳහා ජවිපෙ ගිවිසුම්ගතව සිය සහයෝගය ලබා දී ඇත. 1994 සිට අඛණ්ඩව පක්ෂයක් වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කොට ඇත. ඇමති සහ නියෝජ්‍ය ඇමති තනතුරු දරා ඇත.
ජවිපෙ සතුව රට පුරා පැතිරී ගිය 300,000 කට අධික පක්ෂ සාමාජිකත්වයක් ඇත. එය ඔවුන්ගේ ශක්තියයි. පක්ෂයේ ජනප්‍රියත්වය අන්තිම බිංදුවට වැටී ගිය තැන්වලදී පවා නොවෙනස් වූ ඒ ධෛර්‍යමත් "ජෙප්පන්" එලෙස හැඩ ගස්වා ඇත්තේ පක්ෂය සතුව පවතින අධ්‍යාපන යාන්ත්‍රණය තුළිනි. දැන් ලැබී ඇති ජයග්‍රණය ඔස්සේ එම පක්ෂ කාඩරය තවත් 5 ගුණයකින් පමණ ඉහළ දමා ගැනීමට ජවිපෙ සමත් වනු ඇති බව මගේ ගණන් බැලීමයි. ඔවුන් ඕනෑම දුෂ්කර තත්ත්වයකදී වුවත් සිය පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් ගනු ලබන තීරණ වෙනුවෙන් බිම් මට්ටම තුළ කොන්දේසි විරහිතව පෙනී සිටිනු ඇත.
ජවිපෙ විසින් රටේ දේශපාලන බලය අත්පත් කර ගැනීම අහම්බයක් නොවේ. බලය ලබා ගැනීම සඳහා ඔවුන් දැඩි කැප කිරීම් සිදු කොට තිබේ. ප්‍රවාද මතවාද ගොඩනංවමින් ජන මනස හැසිරවීම් පිළිබඳව හසළ පළපුරුද්දක් ලබා තිබේ. පසුගිය දශක 4 ක පමණ කාලය තුළ රටේ පවතින වෘත්තීය සමිති ව්‍යාපාරය සහ ශිෂ්‍ය ව්‍යාපාරය මුළුමනින්ම පාහේ මෙහෙයවන ලද්දේ ජවිපෙ විසිනි. දැන් ඔවුන් මුද්‍රණය කොට ජනගත කරන ලද වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු අවස්ථාවයි.
මා ජවිපෙට සුබ පතමි. ඒ සුබ පැතීම ඉතා අවංක එකක් බව සිහිපත් කරමි. කවරෙකු හෝ රටේත් ජනතාවගේත් සමෘද්ධිය උදෙසා කටයුතු කරන්නේ නම් එය අපගේ සතුටට හේතුවකි. නමුත් අපගේ දේශපාලනය එතැනින් අවසන් නොවන බැවින් අප තවදුරටත් දේශපාලනයේ නියැළෙන්නෙමු.
බොහෝ දෙනා ජවිපෙ 88/89 ක්‍රියාකාරීත්වය අපහාසාත්මක ලෙස විවේචනය කරද්දීත්, ජවිපෙ වත්මන් නායකයන් එම විවේචනවලට පිළිතුරු ලබා දීම මගහරිද්දීත් මා ඒ දෙස බැලුවේ වෙනත් ඇසකිනි. ඉන්දු ලංකා ගිවිසුම ඔස්සේ ඉන්දියාව විසින් සිදු කළ බලහත්කාරී මැදිහත්වීමට එදිරිව කටයුතු කළ දේශප්‍රේමීන් සියළු දෙනා රට වෙනුවෙන් කැපකිරීම් සිදු කරන ලද්දන් බව මා එදාත් අදත් දරණ ස්ථාවරයයි. ග්‍රාමීයව එලෙස කටයුතු කළ අති බහුතර තරුණයෝ එම කැප කිරීම් සිදු කළේ දේශප්‍රේමීත්වයේ නාමයෙනි. විජේවීර විසින් ලියා පළ කළ 'දෙමළ ඊලාම් අරගලයට විසඳුම කුමක් ද?' කෘතිය එම බෙදුම්වාදී ප්‍රශ්නය පිළිබඳව මා හට දෘෂ්ටිවාදී බලපෑමක් ඇති කළ කෘතියකි. රනිල්ගේ ඊනියා සාම ක්‍රියාදාමයට එරෙහිව 'දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය' ඔස්සේ ජවිපෙ සිදු කළ මැදිහත්වීමට අප ස්තුති පූර්වක වේ.
එහෙත් ජවිපෙ විසින් වත්මනෙහි යෝජනා කරන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය නොඑකඟතා රාශියක් අප සතුව පවතී. ඒවා ප්‍රශ්න කිරීමටත්, ඒ මත පිහිටා ජනතාව සංවිධානය කිරීමටත් අප කටයුතු කරන්නෙමු. නමුත් කිසිඳු අයුරකින් රාජ්‍යයේ ස්ථාවරත්වයට බලපෑම් ඇති කිරීම අපගේ භාවිතාව නොවේ. රාජ්‍යයේ ස්ථාවරත්වය අපගේ අංක 01 ප්‍රමුඛතාවයයි.
අප නියෝජනය කරන ජාතිකත්ව කඳවුර නිවැරදිව සංවිධානය කිරීම ඉදිරි දේශපාලන කටයුතු සඳහා මේ මොහොතේ ගත යුතු පළමු පියවරයි. ඊනියා නායකයන් ලෙස පෙනී සිටි ඇතැම් උද්දච්ච මිනිසුන්ගේ ක්‍රියාකාරීත්වය මෙම කඳවුරෙහි ශක්තිය දුර්වල කිරීමට සාධක වී ඇත. සන්ධානගත දේශපාලන පුරුදු ඔස්සේ ප්‍රාග්ධනය මත යැපීමට ජාතිකත්ව කඳවුර හුරු කරනු ලදුව පවතී. වහාම මින් අත්මිදිය යුතු ය. නිශ්චිත මාර්ග සැළැස්මක් මුල් කරගත්, දේශපාලන අධ්‍යාපනයෙන් බල ගැන්වුණු ක්‍රියාකාරිකයන්ගෙන් සමන්විත දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැගිය යුතුය.
අප විශ්වාස කරන සභ්‍යත්ව රාජ්‍ය ගොඩ නැංවීම සඳහා අප විසින් නායකත්වය ලබා දිය යුතුය. දේශපාලනය අවසන් නොවන බව සිහි තබා ගනිමින් හෙට අවැසි දේශපාලනය සඳහා පෙළ ගැසිය යුතුය.
-පැතුම් ඒ. රණසිංහ-
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..
ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.
විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..
දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..
ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරානයට "පූර්ව අනතුරු අඟවන" ප්‍රහාරයක් එල්ල කළා- ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්
දරුවන්ගේ ආරක්ෂාව අනතුරේ හෙළා, සමරිසි අයිතීන් සුරකින නීති සංශෝධන එපා.. - ලක්මව දියණියෝ කියති..
ගෝඨාභයගෙන් බදුසහන ගත්තු අයම තමයි, ඔහු එලවන්න ගාලුමුවදොර බුරියානි බෙදුවේ.. - මහාපරිමාණ ජාවාරම්කාරයන් සහ ඩයස්පෝරාවේ සූක්ෂම මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..
60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..
දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව
දින කිහිපයක් තිස්සේ ගැටුම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයට ඇඳිරි නීතිය පනවයි
විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට..
ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්නම් ඒ සඳහා ජනාධිපති ලේකම්, අධිකරණ ලේකම් සැකකරුවන් ලෙස නම් කළ යුතුයි..
