දූෂිත සහ අකාර්යක්ෂම රාජ්‍ය පරිපාලනය හේතුවෙන් රටේ තේ කර්මාන්තය අනතුරේ
අපේ රටේ දේශපාලඥයන් කියන්නේ මේ ණය උගුලෙන් බේරෙන්න අපනයන වැඩි කරන්න ඕනේ කියලා එහෙමනම් රටේ සෑම දේකම නිෂ්පාදනය වැඩි වෙන්න වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ.
හැබැයි නිෂ්පාදනය වැඩිවෙන කිසිම පාටක් පේන්නේ නෑ එහෙම වෙන්න ප්‍රධාන හේතුව දුර්වල පරිපාලනය.
අපේ රටට අපනයනය හරහා විශාල ආදායමක් ගෙනෙන කර්මාන්තයක් තමයි තේ කර්මාන්තය.
මේ ඡායාරූපයේ තියෙන්නෙ දවස් හතක් වෙච්ච දළු කැඩීමට නියමිත වගාවක ඡායාරූපයක්.
හැබැයි මේකේ දළු කුඩයි. දලු ඇත්තේ නෑ අනික වංගි දළු මේකට ප්‍රධාන හේතුව තමයි පොහොර හිඟකම නැතිකම.
කර්මාන්ත ශාලා හරහා පොහොර ගෙනත් දෙනවා ඒ රුපියල් 9600/= ට නමුත් ඒක කර්මාන්තශාලාවලින් කිසි වෙලාවක නියමිත වෙලාවට දෙන්නෑ මාස ගණනාවක් තිස්සේ කියනවා ගෙනත් දෙන්න කියලා ඒ වගේ වැඩිමිලටවත් ගන්න නැහැ.
රජයෙන් කියනවා අපිට පොහොර සහනාධාරයක් දෙනවා පොහොර කොට්ටයක් රුපියල් 5700යි කියලා ඒ මේ වගේ පරිණත වගාවන්ට.
නමුත් කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ල වග පාදුක්ක වගේ ප්‍රදේශවල අයට මේ සහනාධාර පොහොර කියන එක ලැබෙන්නේම නෑ.
පළවෙනි කාරණය තමයි එහෙම පොහොර ගන්නවනම් ගන්න තියෙන්නේ මතුගම කාර්යාලයෙන් ආසන්න වශයෙන් කිලෝමීටර් 70 හැත්තෑවක් විතර.
ඉතිං එතනින් පොහොර අරගෙන අවිස්සාවේල්ලේ පොහොර දාන්න ගියොතින් වෙළඳපොළේ තියෙන මිලටත් වඩා වැඩිවෙනව.
දැන් මේ කාරණයේ ගෝඨාභයගේ පොහොර නැති කාලෙ වගේම තමයි.
කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ගබඩා තියෙන තැන් වල පොහොර තියෙනවා.
අපිට ගන්න කියන්නේ මතුගමින් ඇත්තටම මේක ප්‍රායෝගික නැහැ.
අඩුගානේ එහෙමනම් අවිස්සාවේල්ල පැත්තෙවත් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ තොග ගබඩාවක් තියෙන්න ඕනේ.
එහෙම නැත්නම් ප්‍රායෝගික දේ තමයි කර්මාන්තශාලා හිමිකරුවන්ගේ සංගමය හරහා සහනාධාර පොහොර ලබාදීමට කටයුතු කරන එක.
වඩාත්ම ප්‍රායෝගික ඒක තමයි.
හැබැයි අපේ රටේ අකාර්යක්ෂම රාජ්‍යතන්ත්‍රය රට ඉදිරියට අරගෙන යන්නේ නැහැ යන්නේ වලපල්ලට තමයි.
රටේ නිෂ්පාදනය වැඩි වෙන්න ඕන අපනයනය වැඩි වෙන්න ඒ වගේම හොඳ ගුණාත්මක තේ දළු එන්න ගුණාත්මක පොහොර තියෙන්න ඕන කලට වෙලාවට දාන්න ඕනේ ඒ වගේම මිල සාධාරණ වෙන්න ඕනේ.
එහෙම නැත්නම් කවදාවත් අපේ රටේ නිෂ්පාදනය වැඩිවෙන්නේ නෑ ගුණාත්මක තේ දළු එන්නෙත් නෑ කොටින්ම කිව්වොත් රට ඉදිරියට යන්නෙත් නෑ.
මේකට ඉතිං අපේ රටේ මිනිස්සු පළිද?.
වගකිවයුත්තන්ගේ අවධානයට.
- මහජන යුතුකම් කේන්ද්‍රය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්