News Category
From Date
To Date
Maximum Number of Result

2060 වසරේ ලෝක විනාශය ගැන ශ්‍රීමත් අයිසෙක් නිව්ටන් කළ ලෝක ප්‍රකට විද්‍යාඥ ශ්‍රීමත් අයිසෙක් නිව්ටන් (Sir Isaac Newton) යනු භෞතික විද්‍යාව සහ ගණිතය මෙන්ම බයිබලීය ලියවිලි පිළිබඳව ද දැඩි අධ්‍යයනයක නිරත වූ පුද්ගලයෙකි. ඔහුගේ පෞද්ගලික සටහන් සහ ලිපි ලේඛන පදනම් කරගනිමින් හෙළි වී ඇත්තේ, 2060 වසරේදී ලෝකයේ පැවැත්ම පිළිබඳ විශාල වෙනසක් සිදු වන බවට ඔහු ගණනය කිරීමක් සිදු කර ඇති බවයි.

ඉන්දියාවේ දිල්ලි අගනුවර පුරා දින ගණනාවක් තිස්සේ ලේ වැගිරෙමින් තිබුණි. දින ගණනාවක් තිස්සේ රූපවාහිනී තිර මත සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ උමතු ලෙස දිව යන කල්ලි ,ඉන්දීය ආරක්ෂක හමුදාවන්ගේ ප්‍රහාර, මෙන්ම ඉන්දීය පාර්ලිමේන්තු පරිශ්‍රයම පෙර නොවූ විරෝධතා පවත්වන්නන්ගේ දර්ශන වලින් පිරී තිබුණි. සිසුන්ගේ ව්‍යාපාරයක් ලෙස ආරම්භ වූ විරෝධතා ඉතා ඉක්මනින් වඩාත් භයානක කැරැල්ලක් බවට පරිවර්තනය විය. බැලූ බැල්මටම කැරැල්ල ඉන්දියාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අත්තිවාරම්වලට තර්ජනයක් වන සංවිධානාත්මක, හොඳින් අරමුදල් සපයන ලදක් බව පෙනෙන්නට තිබුණි.

ලෝක ආර්ථිකයම කඩාගෙන වැටෙන්න ගියපු මහා තෙල් අර්බුදයක් ගැන ගිය මාසේ කතා වුණා මතකද? ඉරානයත් එක්ක ඇතිවුන යුදමය තත්ත්වය හින්දා "ගුවන් ගමන් ඔක්කොම නවතියි", "පෙට්‍රල් මිල පස්ගුණයකින් ඉහළ යයි", "මුළු ලෝකෙම කළුවරේ ඉන්න වෙයි" කියලා ලෝකේ ඉන්න ආර්ථික විශේෂඥයෝ හැමෝම අනාවැකි කිව්වා. මේ කතාවල කිසිම බොරුවක් තිබුණේ නෑ. ඒගොල්ලන්ගේ ගණනය කිරීම් හරියටම හරි.

විරුද්ධත්වය යන්නෙන් සැමවිටම අදහස් කරන්නේ සන්නද්ධ ප්‍රචණ්ඩත්වය, තුවක්කු සටන්, සමූලඝාතන, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හෝ පුපුරණ ද්‍රව්‍ය සිටුවීම නොවේ. එම කාචයෙන් පමණක් ප්‍රතිරෝධය බැලීමට පුරුදු වී සිටින එල්ටීටීඊ සහ එහි ආධාරකරුවන් ඉන්දියාවේ කැරපොත්ත ජනතා පක්ෂයෙන් (සීජේපී) ඉගෙන ගත යුත්තේ ප්‍රචණ්ඩත්වයෙන් ඔබ්බට දේශපාලන විරෝධතා සඳහා වඩා නිර්මාණාත්මක හා ඵලදායී ආකාර ඇති බවයි.

අවුමිල්දාරයෝ (Aumildars) ගැන කතාව කියන්නම්. (ඇත්තෙන්ම, මට මේ කතාව කියන්න උනන්දුවක් ඇතිවුණේ අපේ පියසිරි අමරකෝන් මහත්මයා ලියපු “ඊළාම් ප්‍රබන්ධය කාගේ නිර්මාණයක් ද?” කියන පොත කියවන්න පටන්ගත්තාට පස්සේ).

වසර 1700කට පමණ පෙර භාවිතයෙන් ඉවත්ව අභාවයට ගොස් තිබූ භාෂාවකට නැවත පණ දෙමින් ඊශ්‍රායලය සිදුකළ ඓතිහාසික භාෂා විප්ලවය පිළිබඳව 'Next page' අන්තර්ජාල නාලිකාව (Isuru Prasanga) විසින් විශේෂ වීඩියෝ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

රත්න ශ්‍රී විජේසිංහ මහත්මයා ජවිපෙ/ මාලිමා ආණ්ඩුවෙන් ලැබුන දේශපාලන පත්වීමෙන් ඉල්ලා අස්වෙලාලු කියලා දැක්කා...

ශ්‍රී ලංකාව යනු වසර දහස් ගණනක අඛණ්ඩ ලිඛිත ඉතිහාසයකට සහ ප්‍රෞඪ සංස්කෘතික උරුමයකට හිමිකම් කියන දේශයකි. මෙම සංස්කෘතික උරුමයේ අතිශය උතුම් හා පූජනීය සංකේතයක් වන්නේ පන්සල් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ඓතිහාසික පෙරහැර මංගල්‍යයන් ය.

අනුරාධපුරයේ සැඟවුනු නගරයේ තොරතුරු සාක්ෂි සහිතව ලෝකයට අනාවරණය කිරීමට බිතාන්‍ය ජාතක අඹුසැමි යුවලක් වූ රේමන් ඕල්චින් සහ බ්‍රිජට් ඕල්චින් කටයුතු කළ වූ බවත් ශ්‍රී ලංකාවේ අතීත ඉතිහාසයේ අමතක වී ගිය වැදගත් පරිච්ඡේදයක් නැවත මතුකරලීමට ඔවුන් සමත් වූ බවත් Next page අන්තර්ජාල නාලිකාව මගින් තොරතුරු අනාවරණයක් සිදුකරයි.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.