News Category
From Date
To Date
Maximum Number of Result

කොතලාවල වෛද්‍ය පීඨයට පෞද්ගලික උපාධි අපේක්ෂකයන්ට ඉඩ දීමට පෙර මේ කරුණු ගැන සිතිය යුතුව ඇත.

'දුම්බර රට' නමින් පළ කළ ප්‍රවීන සාහිත්‍යවේදී සේන තෝරදෙනිය මහතාගේ සාහිත්‍ය කෘතිය පිළිබඳ විශේෂ සංවාදයක් ලංකාදීප පුවත්පතේ පළ කර ඇති අතර එම සංවාදයේ දී අදහස් දක්වමින් සේන තෝරදෙණිය මහතා පවසන්නේ කාණ්ඩ 4කින් යුතු මෙම කෘතිය වසර විස්සක පමණ කාලයක් සිදුකළ අධ්‍යයනයක ප්‍රතිඵලයක් බවයි.

(ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ ආරම්භක සභාපතිවරයා වශයෙන් කටයුතු කරනු ලැබුවේ පූජ්‍ය උඩකැන්දවල සිරි සරණංකර හිමිපාණන් ය. උන්වහන්සේ ලියූ ස්වයං-චරිතාපදානය “සටනක සටහන්” ලෙසින් පළ වී තිබේ. උන්වහන්සේ මුල් ම වතාවට ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන් මුණ ගැසුණු ආකාරය එම ග්‍රන්ථයේ සටහන් කර ඇත්තේ මෙ ලෙසිනි.)

අරූන් ඔබ රටේ සමස්ත දේශපාලනය පිළිබඳව දරනා ආකල්පය කෙසේ වෙතත් උතුරේ දේශපාලනය පිළිබඳව ඔබ තරම් දන්නා කෙනෙක් උතුරේ නැති බවයි මගේ පෞද්ගලික හැඟීම.

2048දී රට දියුණු කිරීමට සිතන ජනාධිපතිට අනුව නම් වෛද්‍යවරුන් රට හැරයාමට පිළිතුර පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන කඩ විවෘත කිරීමයි.

පෙට්‍රල් ලීටර් 33,000 පිරවූ සිපෙට්කෝ බව්සරයක් ගිනි තැබීමට කලහකාරීන් 2022 අප්‍රේල් 19 රඹුක්කන දී උත්සහ කළ අවස්ථාවේදී එය වැළැක්වීමට වෙඩි තැබීමට නියෝග කළ එවකට කෑගල්ල පොලිස් ප්‍රධානි කේ. බී. කීර්තිරත්න අත්අ ඩංගුවට ගැනීම නිසි පරිදි විමර්ශනය නොකර ඊට පසුව රටේ උත්ගත වූ තත්ත්වය තේරුම්ගත නොහැකිය.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පත් වූ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකි. ඔහුට බලය ලැබුණේ ජනවරම හිමි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනපති ධුරය අතහැරීමෙන් පසු, පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බහුතරය ඇතුළු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙනි. මේ නිසා මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට මේ කරමින් සිටින සහ කිරීමට සැලසුම් කර ඇති බොහෝ දේවල් කිරීමට, මේ රටේ ජනයාගේ සැබෑ ජනවරමක් නැත. ඇත්තවශයෙන්ම මේ තවමත් පවතින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු 69 ලක්ෂයේ ජනවරම මිස අන් කිසිවක් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

(ද අයිලන්ඩ් පුවත්පතේ ඊයේ(20) දින පළ වූ, ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ විසින් මෙරට රුසියානු තානාපති ලිවාන් එස් දගාරියන් මහතා සමග පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය - පරිවර්තනය කළේ, ජීවන්ත ජයතිස්ස) ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලිවාන් එස් දගාරියන් ඊයේ (20) පළවූ "දි අයිලන්ඩ් පුවත් පත" සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් පවසා සිටියේ යුක්‍රේන යුද්ධය පදනම් කර ගනිමින් රුසියානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට බලපෑම් කිරීමට එක්සත් ජනපදය ගනු ලැබූ සියලු ප්‍රයත්නයන් සහමුලින්ම අසාර්ථක වූ බව පසගියදා අවසන් වූ රුසියානු ජනාධිපතිවරණයෙන් වත්මන් නායක ව්ලැඩිමීර් පුටින් දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීම මගින් ඔප්පු කළ බවයි.

ඉතිහාසගත ඉහළ ඡන්ද ප්‍රතිශතයක් වූ ප්‍රකාශිත ඡන්දවලින් 87%කට අධික ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් දැවැන්ත මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ රාත්‍රියේ රුසියානු ජනතාව ඇමතීය.


ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.