චීනය දකිනා හෙට දවස... - චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභා වාරයේ තුන්වන සැසිවාරය උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙයි
චීන කොමියුනිස්ට් පක්ෂයේ විසි වෙනි මධ්‍යම කාරක සභා වාරයේ තුන්වන පුර්ණ සැසිවාරය උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
එම පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ තුන්වන පූර්ණ සැසිවාරයේ සම්පූර්ණ ප්‍රකාශය පහළින්...
2024 ජූලි 18 වැනි දින චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ තුන්වන පූර්ණ සැසිවාරයේදී සම්මත කරන ලදී.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාව 2024 ජූලි 15 සිට 18 දක්වා බීජිං හිදී සිය තුන්වන පූර්ණ සැසිවාරය කැඳවන ලදී.
මධ්‍යම කාරක සභාවේ සාමාජිකයින් 199 දෙනෙකු සහ නිල නොවන සාමාජිකයින් 165 දෙනෙකු සැසිවාරයට සහභාගී විය.
විනය පරීක්ෂණ සඳහා වූ මධ්‍යම කොමිෂන් සභාවේ ස්ථාවර කමිටු සාමාජිකයින් සහ අනෙකුත් අදාළ දෙපාර්තමේන්තු වල ප්‍රධාන පෙළේ නිලධාරීන් ඡන්දය ප්‍රකාශ නොකරන මට්ටමින් රැස්වීමට පැමිණ සිටියහ. මූලික මට්ටමේ සේවය කරන අපගේ සමහර සගයන් සහ 20 වැනි ජාතික පක්ෂ සම්මේලනයේ නියෝජිතයන් වූ පක්ෂ ක්‍රියාකාරීන් සහ විද්වතුන් ගණනාවක් ද ඡන්දය ප්‍රකාශ නොකරන මට්ටමෙන් රැස්වීමට සහභාගී වූහ. මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩලය රැස්වීමේ මුලසුන දැරීය. මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් ෂී ජින් පිං සහෝදරයා වැදගත් දේශන කිහිපයක් පැවැත්වීය.
සැසියේදී, මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩලය වෙනුවෙන් ෂී ජින්පින් සහෝදරයා විසින් ඉදිරිපත් කරන ලද දේශපාලන මණ්ඩලයේ කටයුතු පිළිබඳ වාර්තාවක් ශ්‍රවණය කොට ඒ පිළිබඳව සාකච්ඡා කළ අතර, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව එම යෝජනාව සලකා බලනු ලැබීය.චීනයේ නවීකරණය ඉදිරියට ගෙන යාම සඳහා පුළුල් ප්‍රතිසංස්කරණ තවදුරටත් ගැඹුරින් සිදු කිරීම කිරීම උදෙසා ෂී ජින්පිං සහෝදරයා විසින් යෝජනා කෙටුම්පත පිළිබඳ පැහැදිලි කිරීමේ අදහස් ද ඉදිරිපත් කළේය.
සැසියේදී, මධ්‍යම කාරක සභාව මීට පෙර පැවැත්වූ දෙවන පූර්ණ සැසියේ සිට තුන්වන පුර්ණ සැසිය පැවැත්වීම දක්වා දේශපාලන මණ්ඩලයේ කටයුතු සම්පූර්ණයෙන්ම අනුමත කරනා ලදී. බරපතල හා සංකීර්ණ ජාත්‍යන්තර පරිසරයක් හමුවේ ප්‍රතිසංස්කරණ හා සංවර්ධනය ඉදිරියට ගෙන යාමේ සහ දේශයේ ස්ථාවරත්වය සහතික කිරීමේ දුෂ්කර කර්තව්‍යයන් හමුවේ දේශපාලන මණ්ඩලය පහත සඳහන් කරුණු වලින් ප්‍රගතියක් ලබා ඇති බවට ඒකමතිකව එකඟත්වයක් ඇති විය.
20 වැනි ජාතික පක්ෂ සම්මේලනයේ සහ 20 වැනි මධ්‍යම කාරක සභාවේ පළමු හා දෙවන පූර්ණ සැසිවාරවල මාර්ගෝපදේශක මූලධර්ම උනන්දුවෙන් ක්‍රියාත්මක කිරීම;
නව සංවර්ධන දර්ශනය සම්පූර්ණයෙන් හා විශ්වාසවන්තව සියලු පෙරමුණුවල භාවිතයේ යෙදීම;
ස්ථාවරත්වය සහතික කරමින් ප්‍රගතිය කෙරේ ලඟා වීමේ පොදු මූලධර්මය පිළිපැදීම;
පස් වැදෑරුම් ගෝලීය සැලැස්ම සහ සිව්වැදෑරුම් විස්තීරණ උපාය මාර්ගය සම්බන්ධීකරණය වූ ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම;
දේශීය හා ජාත්‍යන්තර අවශ්‍යතා සඳහා පූර්ණ සැලකිල්ලක් දැක්වීම;
සංවර්ධනය සහ ආරක්ෂාව යන දෙකම සහතික කිරීම;
උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම;
දේශපාලන මණ්ඩලය හරහා ප්‍රතිසංස්කරණ ගැඹුරු කිරීම සඳහා ඉදිරි පියවර ගැනීම සහ සැලසුම් කිරීම; සමාජවාදී ප්රජාතන්ත්රවාදය සහ නීතියේ ආධිපත්‍යය ඉදිරියට ගෙන යාම;
මහජන සන්නිවේදනය සහ සංස්කෘතික කටයුතු වැඩිදියුණු කිරීම;
ජනතාවගේ යහපැවැත්ම සහතික කිරීම සහ පරිසරය ආරක්ෂා කිරීම;
ජාතික ආරක්ෂාව සහ සමාජ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම;
ජාතික ආරක්ෂාව සහ ත්‍රිවිධ හමුදාවේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම;
හොංකොං, මැකාවෝ සහ තායිවානය සම්බන්ධ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාම;
චීන ලක්ෂණ සහිත ප්‍රධාන රාජ්‍යයේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කරගෙන යාම;
පූර්ණ සහ දැඩි ලෙස පක්ෂ ස්වයං පාලනය ශක්තිමත් කිරීම.
මෙම ප්‍රයත්නවල ප්‍රතිඵලයක් ලෙස ආර්ථික ප්‍රකෘතිමත් භාවයත් වර්ධනයත් අත්කරගෙන නවීන සමාජවාදී රටක් සෑම අතින්ම ගොඩ නැගීම සඳහා අපි ස්ථිර ප්‍රගතියක් ලබා ඇත්තෙමු.
සැසියේදී මධ්‍යම කාරක සභාව නව යුගයේ ආරම්භයේ සිට පුළුල් ලෙස ගැඹුරු වන ප්‍රතිසංස්කරණවල අප ලබා ඇති සාර්ථකත්වය සහ ජයග්‍රහණ පිළිබඳව ඉතා ධනාත්මක තක්සේරුවක් ලබා දුන් අතර චීන නවීකරණය ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රතිසංස්කරණ පුළුල් ලෙස තවදුරටත් ගැඹුරු අන්තයකට ගෙනයාමේ ප්රයත්නය පිලිබඳව අධ්‍යයනය කළේය.ශ්‍රේෂ්ට රටක් ගොඩනැගීමට සහ චීනයේ නවීකරණය තුළින් ජාතික පුනර්ජීවනය කරා අප දරන ප්රයත්නයට වර්තමාන සහ නුදුරු අනාගතයේ තීරණාත්මක පරිච්ඡේදයක් උදා වන බවට ප්‍රකාශන සිදු විය.චීන නවීකරණය පැතිරීම සහ විවෘත කිරීම තුළින් අඛණ්ඩව දියුණු වී ඇති අතර, එය තවදුරටත් පැතිරීම සහ විවෘත කිරීම මඟින් පුළුල් ක්ෂේත්රයක කටයුතු කිරීම අත්පත් කර ගනී.අපේ ජනතාවගේ නව අපේක්ෂාවන්ට අනුව ජීවත් වීමට නම් දේශීය හා විදේශීය සංකීර්ණ වර්ධනයන් සමඟ වඩා හොඳින් ගනුදෙනු කිරීම, විද්‍යාත්මක හා තාක්ෂණික විප්ලවයේ සහ කාර්මික පරිවර්තනයේ නව වටයට අනුවර්තනය වීම සඳහා චීන නවීකරණය ඉදිරියට ගෙන යාමේ අරමුණින් අපි ප්‍රතිසංස්කරණ සඳහා වැඩි ප්‍රමුඛතාවයක් ලබා දිය යුතුය.
පුළුල් ලෙස ප්‍රතිසංස්කරණ තවදුරටත් ගැඹුරු කිරීම සඳහා මාක්ස් ලෙනින්වාදය, මාඕ සේතුං චින්තනය, ඩෙන් ෂියාඕපිං න්‍යාය, ත්‍රිවිධ නියෝජිතයන්ගේ න්‍යාය සහ සංවර්ධනය පිළිබඳ විද්‍යාත්මක දෘෂ්ටිය සඳහා අප කැපවී සිටිය යුතු බවත් චීනය නව යුගයක් සඳහා ලක්ෂණ සමඟ සමාජවාදය පිළිබඳ ෂී ජින්පිං චින්තනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවත් අවධාරණය කෙරිණි.මහලේකම් ෂී ජින්පින්ග්ගේ නව අදහස්, දෘෂ්ටිකෝණ සහ පුළුල් ලෙස ගැඹුරු වන ප්‍රතිසංස්කරණ පිළිබඳ නිගමන හොඳින් අධ්‍යයනය කර ක්‍රියාත්මක කළ යුතු අතර නව සංවර්ධන දර්ශනය සෑම අංශයකම පූර්ණ හා විශ්වාසවන්තව ක්‍රියාත්මක කළ යුතුය.ස්ථාවරත්වය සහතික කරන අතරම ප්‍රගතිය හඹා යාමේ සාමාන්‍ය මූලධර්මයට අපි අනුගත විය යුතු අතර, නිෂ්පාදන බලවේග තවදුරටත් මුදා හැරීමට සහ සංවර්ධනය කිරීමට අප කටයුතු කරන විට අපගේ මනස නිදහස් කර ගනිමින්, කරුණුවලට යොමුවී සත්‍යය සෙවීම, කාලය සමඟ සමගාමිව ගමන් කිරීම සහ යථාර්ථවාදී සහ ප්‍රායෝගික ප්‍රවේශයක් ගත යුතුය.අපගේ සමාජයේ ජීව ගුණය සුසර කොට ඉහළ නංවා දේශීය හා ජාත්‍යන්තර අත්‍යවශ්‍ය කරුණු දෙකම මතක තබා ගනිමින් අපි පංච ගෝලීය ඒකාබද්ධ සැලැස්ම සහ සිව් වැදෑරුම් විස්තීරණ උපායමාර්ගය හොඳ සම්බන්ධීකරණයකින් ක්‍රියාත්මක කිරීම සහතික කරමුආර්ථික ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සඳහා ප්‍රමුඛස්ථානය ලබාදෙමින්, සමාජ සාධාරණත්වය වඩාත් සාක්ෂාත් කර ගැනීම සඳහාත් සාධාරණත්වය යුක්තිය සහ ජනතා සුබසාධනය වැඩිදියුණු කිරීම අපගේ අවසාන අරමුණු ලෙසත් අපි අපගේ ප්‍රතිසංස්කරණ වඩාත් ඒකාබද්ධ ලෙස අවධානයට ගෙන ඵලදායී බවට පත් කරන්නෙමු.නිෂ්පාදන සබඳතා නිෂ්පාදන බලවේගවලටත්, උපරි සංවිධාන ව්‍යුහය ආර්ථික පදනමටත්, ජාතික පරිපාලනය සමාජ සංවර්ධනය වඩා හොඳින් අනුගත කිරීමටත්, චීන නවීකරණය සඳහා ශක්තිමත් උත්තේජනයක් සහ ආයතනික සහයෝගයක් ලබා දීමටත් අපි කටයුතු කරන්නෙමු.
ගැඹුරු හා පුළුල් ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ සමස්ත අරමුණ පෙරදැරිව චීන ලක්ෂණ සහිත සමාජවාදී ක්‍රමය අඛණ්ඩව සංවර්ධනය කිරීමත් චීනයේ ක්‍රම නවීකරණය හා පාලන හැකියාව නවීකරණය කිරීමත් අභිලාෂයක් වන බව ප්‍රකාශ විය. 2035 වන විට, අපි සෑම අතින්ම උසස් සමාජවාදී වෙළඳපොල ආර්ථිකයක් ගොඩනඟා අවසන් කර, චීන ලක්ෂණ සහිත සමාජවාදී ක්‍රමය තවදුරටත් වැඩිදියුණු කර, සාමාන්‍යයෙන් අපගේ පද්ධතිය සහ පාලන හැකියාව නවීකරණය කර, මූලික වශයෙන් සමාජවාදී නවීකරණය සාක්ෂාත් කර ගනිමු.මේ සියලු කාරණා මේ සියවස මැද චීනය සෑම අතින්ම ශ්‍රේෂ්ඨ නවීන සමාජවාදී රටක් බවට පත්වීම සඳහා ශක්තිමත් පදනමක් ලබා දෙයි.ප්‍රතිසංස්කරණ ශක්තිමත්ව සහ උසස්ව ඉදිරියට ගෙන යාම සඳහා උසස් ප්‍රමිතියෙන් යුත් සමාජවාදී වෙළඳපොළ ආර්ථිකයක් ගොඩනැගීම, සමස්ත ක්‍රියාවලිය පවත්වා ගැනීමට ජනතා ප්රජාතන්ත්රවාදය ඉදිරියට ගෙන යාම, චීනයේ ශක්තිමත් සමාජවාදී සංස්කෘතියක් වර්ධනය කිරීම, ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම, සුන්දර චීනයක් ගොඩනැගීම, සාමකාමී චීන මැදිහත්වීම ඉහල තලයකට ගෙන යාම,නායකත්වය සහ දිගුකාලීන පාලනය සඳහා පක්ෂයේ ධාරිතාව වැඩි දියුණු කිරීම, කෙරෙහි අවධානය යොමු කරන්නෙමු.මෙම යෝජනාවේ දක්වා ඇති ප්‍රතිසංස්කරණ කාර්යයන් 2029 දී මහජන චීන සමූහාණ්ඩුව සිය 80 වැනි සංවත්සරය සමරන අවස්ථාව වන විට සම්පූර්ණ කළ යුතුය.
පුළුල් ලෙස ගැඹුරු ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා, ප්‍රතිසංස්කරණ දියත් කර සහ විවෘත කර විශේෂයෙන් නව යුගයේ සිට පුළුල් ලෙස ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අප ගත් උත්සාහයෙන් අප ලබාගත් වටිනා අත්දැකීම් සමාලෝචනය කර අදාළ කරගත යුතු බව අවධාරණය කරන ලදී. පක්ෂයේ සමස්ත නායකත්වය ආරක්ෂා කිරීම, පුද්ගල කේන්ද්‍රීය ප්‍රවේශයක් ගැනීම, මූලික ප්‍රතිපත්ති ආරක්ෂා කිරීම සහ නව පෙරමුණු වෙත පිය නැගීම,ආයතනික ව්‍යුහ ගොඩනැගීම අපේ ප්‍රධාන කාර්යය ලෙස ගැනීම ද, නීතිය මත පදනම් වූ පාලනයක් සෑම පාර්ශවයකින්ම ක්‍රියාත්මක කිරීම සහ ක්රමානුකූල චින්තනය භාවිතාවේ යෙදීම යන මූලධර්ම අප ක්‍රියාත්මක කළ යුතුය.
සැසියේදී, මධ්‍යම කාරක සභාව උසස් ප්‍රමිතියෙන් යුත් සමාජවාදී වෙළඳපල ආර්ථිකයක් ගොඩනැගීම, උසස් තත්ත්වයේ ආර්ථික සංවර්ධනයක් ප්‍රවර්ධනය කිරීම, සර්ව-ආර්ථික නවෝත්පාදනයට සහාය වීම, සාර්ව ආර්ථික පාලනය වැඩිදියුණු කිරීම, ඒකාබද්ධ නාගරික-ග්‍රාමීය ප්‍රවර්ධනය අවධාරණය කරමින් පුළුල් ලෙස ප්‍රතිසංස්කරණ තවදුරටත් ගැඹුරු කිරීම සඳහා ක්රමානුකූල සැලසුම් සකස් කළේය.සංවර්ධනය, ඉහළ ප්‍රමිතියකින් විවෘත කිරීම, සමස්ත ක්‍රියාවලියේ ජනතා ප්රජාතන්ත්රවාදය ඉදිරියට ගෙන යාම, චීන ලක්ෂණ සහිත සමාජවාදී නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීම, සංස්කෘතික අංශයේ ගැඹුරු ප්‍රතිසංස්කරණ, ජනතාවගේ යහපැවැත්ම සහතික කිරීම සහ වැඩිදියුණු කිරීම, පාරිසරික සංරක්ෂණයේ ගැඹුරු ප්‍රතිසංස්කරණ, චීනයේ ජාතික ආරක්ෂක පද්ධතිය නවීකරණය කිරීම සහ ජාතික ආරක්ෂාවේ ධාරිතාව සහ මිලිටරි ප්‍රතිසංස්කරණ ගැඹුරු කිරීම සහ චීන නවීකරණය ඉදිරියට ගෙන යාම සඳහා පුළුල් ලෙස ප්‍රතිසංස්කරණ තවදුරටත් ගැඹුරු කිරීම සඳහා පක්ෂයේ නායකත්වය වැඩිදියුණු කිරීම ගැනද සාකච්ඡා විය.
ඉහළ ප්‍රමිතියකින් යුත් සමාජවාදී වෙළෙඳපොළ ආර්ථිකයක් චීන නවීකරණය සඳහා වැදගත් සහතිකයක් සපයනු ඇති බව ප්‍රකාශ විය.අපි වෙළඳපොලේ කාර්යභාරය වඩා හොඳින් භාවිතා කළ යුතුය.එමෙන්ම වඩා සාධාරණ හා ගතික වෙළඳපල පරිසරයක් පෝෂණය කළ යුතුය.එසේම සම්පත් වෙන් කිරීම හැකි තරම් කාර්යක්ෂම හා ඵලදායී කළ යුතුය.ඵලදායි නියාමනයක් සහතික කරන අතරම, වෙළඳපොලේ පිළිවෙල වඩා හොඳින් පවත්වා ගැනීමට සහ වෙළඳපල අසාර්ථකත්වයට පිළියම් යොදමින් අපි වෙළඳපල සීමාවන් ඉවත් කරන්නෙමු. එසේ කිරීමෙන්, ජාතික ආර්ථිකයේ සුමට ගලායාමක් සහතික කරන අතර සමස්තයක් ලෙස අපගේ සමාජයේ අභ්‍යන්තර ගාමක බලවේග සහ නිර්මාණශීලීත්වය මුදා හරිනු ඇත.අපි නොසැලී රාජ්‍ය අංශය ඒකාබද්ධ කර සංවර්ධනය කරන අතර රාජ්‍ය නොවන අංශයේ සංවර්ධනය සඳහා නොසැලී දිරිගැන්වීම, සහාය සහ මඟ පෙන්වීම ලබා දෙන්නෙමු.සියලුම ආකාරයේ හිමිකාරිත්වයන් යටතේ ඇති ආර්ථික ආයතනවලට නීතියට අනුකූලව නිෂ්පාදන සාධකවලට සමාන ප්‍රවේශයක් ඇති බවත්, වෙළඳපොලේ සමාන පදනමක් මත තරඟ කරන බවත්, නීතියෙන් සමාන ලෙස ආරක්ෂා වන බවත්, එමඟින් විවිධ ආකාරයේ හිමිකාරීත්වයන් යටතේ ආයතන සක්‍රීය කිරීමට, එකිනෙකාට අනුපූරක වීමට සහ සහකාරී ලෙස සංවර්ධනය වීම අපි සහතික කරමු.අපි ඒකාබද්ධ ජාතික වෙළඳපොලක් ගොඩනඟා වෙළඳපල ආර්ථිකයට පදනම් වූ පද්ධති පිරිපහදු කරන්නෙමු.
චීනය සෑම අතින්ම නවීන සමාජවාදී රටක් බවට ගොඩනැගීමේ අපේ මූලික කාර්යය වන්නේ උසස් තත්ත්වයේ සංවර්ධනයක් බව මෙහිදී ප්‍රකාශ කෙරුනි.ප්‍රතිසංස්කරණ මෙහෙයවීම සහ සංවර්ධනයේ නව අදියර තුළ අපගේ ප්රයත්නයන් ගොඩ නැංවීමට නව සංවර්ධන දර්ශනය භාවිතා කිරීම අත්‍යවශ්‍ය වේ.අපි සැපයුම් පාර්ශ්ව ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ගැඹුරු කළ යුතුය,උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා දිරිගැන්වීම් සහ සීමා කිරීම් යාන්ත්‍රණයන් වැඩිදියුණු කළ යුතුය සහ නව වර්ධන ධාවකයන් සහ ශක්තීන් නිර්මාණය කිරීමට උත්සාහ කළ යුතුය.දේශීය තත්වයන්ට අනුකූලව නව ගුණාත්මක නිෂ්පාදන බලවේග පෝෂණය කිරීම, සැබෑ ආර්ථිකය සහ ඩිජිටල් ආර්ථිකය අතර පූර්ණ ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම,සේවා අංශය සංවර්ධනය කිරීම, යටිතල පහසුකම් නවීකරණය කිරීම සහ ඔරොත්තු දීමේ හැකියාව සහ ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා අපි කාර්මික සහ සැපයුම් දාම ආයතන සහ යාන්ත්‍රණ වැඩිදියුණු කරන්නෙමු.අධ්‍යාපනය, විද්‍යාව සහ තාක්ෂණය සහ කුසලතා චීන නවීකරණය සඳහා මූලික සහ උපායමාර්ගික පදනමක් ලෙස ක්‍රියා කරන බව ප්‍රකාශ විය.විද්‍යාව හා අධ්‍යාපනය තුළින් චීනය ප්‍රබෝධමත් කිරීමේ උපායමාර්ගය, මානව සම්පත් සහ ප්‍රධාන තාක්ෂණික ජයග්‍රහණ ඇති කිරීම සඳහා රටපුරා සම්පත් බලමුලු ගැන්වීම සඳහා නව ක්රමයන් වැඩිදියුණු කිරීම, ගුණාත්මක ශ්‍රම බලකායක් වර්ධනය කිරීමේ උපාය මාර්ගය සහ නවෝත්පාදන මත පදනම් වූ සංවර්ධන උපායමාර්ගය, අධ්‍යාපනය, විද්‍යාව සහ තාක්ෂණයට අදාළ ආයතන සහ යාන්ත්‍රණවල ඒකාබද්ධ ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම සඳහා සම්බන්ධීකරණ උත්සාහයන් අප විසින් ක්‍රියාත්මක කළ යුතුය. මෙම උත්සාහයන් චීනයේ නවෝත්පාදන පද්ධතියේ සමස්ත කාර්ය සාධනය ඉහළ නැංවීමට උපකාරී වනු ඇත. අපි අධ්‍යාපනයේ පුළුල් ප්‍රතිසංස්කරණ ගැඹුරු කරන්නෙමු, ව්‍යුහාත්මක විද්‍යාත්මක හා තාක්ෂණික ප්‍රතිසංස්කරණ ගැඹුරු කරන්නෙමු, සහ කුසලතා වර්ධනය සඳහා ආයතනික ප්‍රතිසංස්කරණ ගැඹුරු කරන්නෙමු.
අපගේ සමාජවාදී වෙළඳපල ආර්ථිකයේ ආයතනික ශක්තීන් සම්පූර්ණයෙන් ප්‍රයෝජනයට ගත හැකි බව සහතික කිරීම සඳහා රජය විසින් ඵලදායී පාලනයක් සමඟින් හොඳ සාර්ව නියාමනයක් අත්‍යවශ්‍ය බව ප්‍රකාශ කරන ලදී. එබැවින් අපගේ සාර්ව නියාමන පද්ධති වැඩිදියුණු කිරීම ඉතා වැදගත් වේ. අපි මූල්‍ය, බදු මූල්‍ය සහ අනෙකුත් ප්‍රධාන අංශවල සම්බන්ධීකරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කළ යුතු අතර සාර්ව ප්‍රතිපත්ති දිශානතියේ අනුකූලතාව වැඩි දියුණු කිරීමට කටයුතු කළ යුතුය.අපි ජාතික උපාය මාර්ගික සැලසුම් පද්ධතිය සහ ප්‍රතිපත්ති සම්බන්ධීකරණ යාන්ත්‍රණයන් වැඩිදියුණු කිරීම, රාජ්‍ය මූල්‍ය හා බදු ක්‍රමවල ප්‍රතිසංස්කරණ ගැඹුරු කිරීම, මූල්‍ය පද්ධතිය තවදුරටත් ප්‍රතිසංස්කරණය කිරීම සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ සංවර්ධන උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණයන් වැඩිදියුණු කිරීම සිදු කල යුතුය.
චීන නවීකරණය සඳහා ඒකාබද්ධ නාගරික හා ග්‍රාමීය සංවර්ධනය අත්‍යවශ්‍ය බව ප්‍රකාශ විය.නව කාර්මීකරණය, නව නාගරීකරණය සහ ග්‍රාමීය පුනර්ජීවනය සඳහා අපගේ ප්රයත්නයන් සම්බන්ධීකරණය කළ යුතු අතර, සැලසුම් කිරීම, සංවර්ධනය සහ පාලනය තුළ වැඩි නාගරික-ග්‍රාමීය ඒකාබද්ධතාවයක් අනුගමනය කළ යුතු අතර, නගර සහ ගම්බද ප්‍රදේශ අතර නිෂ්පාදන සාධකවල සමාන හුවමාරු සහ ද්වි-මාර්ග ප්රවාහයන් ප්‍රවර්ධනය කළ යුතුය.ඒ ගම්බද ප්‍රදේශය හා නගරබද ප්‍රදේශය යන දෙක අතර විෂමතා පටු කිරීමට සහ ඔවුන්ගේ පොදු සමෘද්ධිය සහ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහාය.නව නාගරීකරණය ප්රගමනය කිරීම, මූලික ග්‍රාමීය මෙහෙයුම් පද්ධතිය ඒකාබද්ධ කිරීම සහ වැඩිදියුණු කිරීම, කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීම, ගොවීන්ට ප්රතිලාභ ලබා දීම සහ ග්‍රාමීය ප්‍රදේශ පොහොසත් කිරීම සඳහා ආධාරක පද්ධති වැඩිදියුණු කිරීම සහ ඉඩම් පද්ධතියේ ප්‍රතිසංස්කරණ ගැඹුරු කිරීම සඳහා අපි ආයතන සහ යාන්ත්‍රණ වැඩිදියුණු කරන්නෙමු.
විවෘතකරණය යනු චීන නවීකරණයේ අනන්‍ය ලක්ෂණයක් බව ප්‍රකාශයට පත් විය.බාහිර ලෝකයට චීනය විවෘත කිරීමේ මූලික රාජ්‍ය ප්‍රතිපත්තියට අප කැපවී සිටිය යුතු අතර විවෘත කිරීම තුළින් ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම දිගටම කරගෙන යා යුතුය.චීනයේ දැවැන්ත වෙළඳපොලේ ශක්තීන් උපයෝගී කරගනිමින්, අනෙකුත් රටවල් සමඟ සහයෝගීතාව පුළුල් කරන අතරම විවෘත කිරීමේ අපගේ ධාරිතාව වැඩි දියුණු කර ඉහළ මට්ටමේ විවෘත ආර්ථිකයක් සඳහා නව ආයතන සංවර්ධනය කරන්නෙමු.අපි ආයතනික විවෘත කිරීම් ක්‍රමානුකූලව පුළුල් කරන්නෙමු, විදේශ වෙළඳ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ගැඹුරු කරන්නෙමු, අභ්‍යන්තර හා බාහිර ආයෝජන සඳහා කළමනාකරණ පද්ධති තවදුරටත් ප්‍රතිසංස්කරණය කරන්නෙමු, කලාපීය විවෘත කිරීම් සඳහා සැලසුම් වැඩිදියුණු කරන්නෙමු, සහ තීරය සහ මාර්ග මුලපිරීම යටතේ (Belt and road) උසස් තත්ත්වයේ සහයෝගීතාව සඳහා යාන්ත්‍රණයන් පිරිපහදු කරන්නෙමු.
සමස්ත ක්‍රියාවලියේ ජනතා ප්රජාතන්ත්රවාදය වර්ධනය කිරීම චීන නවීකරණයට අත්‍යවශ්‍ය බව ප්‍රකාශ විය. අපි චීන ලක්ෂණ සහිත සමාජවාදී දේශපාලන ප්රගමනයේ මාවතේ ස්ථිරව රැඳී සිටිය යුතු අතර අපේ රටේ පදනම්, මූලික සහ වැදගත් දේශපාලන පද්ධති ආරක්ෂා කර වැඩිදියුණු කළ යුතුය. අපි සෑම තරාතිරමකම ප්රජාතන්ත්රවාදයේ ආකෘති විවිධාංගීකරණය කළ යුතු අතර රට පාලනය කරන ජනතාවගේ මූලධර්මය චීනයේ දේශපාලන හා සමාජීය ක්‍රියාකාරකම්වල සෑම අංශයකම සංයුක්ත හා දෘශ්‍යමාන ආකාරයෙන් ප්‍රකාශ වන බව සහතික කළ යුතුය. ජනතාව රට පාලනය කරන ආයතන ශක්තිමත් කරන අතර උපදේශන ප්රජාතන්ත්රවාදය සඳහා යාන්ත්‍රණ වැඩි දියුණු ද කරයි.ප්රජාතන්ත්රවාදයේ ප්‍රාථමික ආයතන වැඩි දියුණු කර පුළුල් ඒකාබද්ධ පෙරමුණක් ගොඩනැගිය යුතුය.
සමාජ සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කිරීම සහ රාජ්‍යයේ සියලු කටයුතු නීතියේ ආධිපත්‍යය යටතේ සිදු වන බව වග බලා ගැනීමට, නීතියේ ආධිපත්‍යය වැදගත් සහතිකයක් සපයන බව ප්‍රකාශ කරන ලදී.අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සහතික කළ යුතු අතර එහි අධිකාරිය තහවුරු කර හොඳ නීති සම්පාදනය කිරීම, නීතිය ක්‍රියාත්මක කිරීම, යුක්තිය පසිඳලීම සහ නීතිය පිළිපැදීම ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රතිසංස්කරණ සම්බන්ධීකරණය කළ යුතුය.නීතියේ සමාජවාදී ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීම සඳහා නීතිය ඉදිරියේ සියල්ලෝම සමාන බව සහතික කිරීමේ යාන්ත්‍රණ වැඩිදියුණු කිරීම සිදු කළ යුතුය.අපක්ෂපාතීව නීතිය ක්‍රියාත්මක කිරීම සහ යුක්තිය පසිඳලීම සඳහා ආයතන සහ යාන්ත්‍රණ වැඩිදියුණු කිරීම, නීතිය පදනම් වූ සමාජයක් ගොඩනැගීම සඳහා යාන්ත්‍රණ පිරිපහදු කිරීම සහ විදේශ සම්බන්ධ කටයුතුවලදී නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීම තුලින් අපි නීති සම්පාදනයේ ප්‍රතිසංස්කරණ ගැඹුරු කරන්නෙමු, නීතිය පදනම් වූ රජයේ පරිපාලනය ඉදිරියට ගෙන යන්නෙමු.චීන නවීකරණය යනු ද්‍රව්‍යමය හා සංස්කෘතික ආචාර ධර්ම ප්රගමනයේ නවීකරණය බව ප්‍රකාශ විය.අපි අපගේ සංස්කෘතික විශ්වාසය ඉහළ නැංවිය යුතු අතර දියුණු සමාජවාදී සංස්කෘතිය වර්ධනය කිරීමට, විප්ලවවාදී සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමට සහ යහපත් සම්ප්‍රදායික චීන සංස්කෘතිය ඉදිරියට ගෙන යාමට කටයුතු කළ යුතුය. අපි තොරතුරු තාක්ෂණයේ නවතම ප්රවණතා සමඟ සමීපව සිටිය යුතු අතර, සංස්කෘතික ක්ෂේත්රයේ දක්ෂ පුද්ගලයින්ගෙන් විශාල සංචිතයක් වගා කළ යුතු අතර සමස්ත ජාතියේම සංස්කෘතික නිර්මාණශීලීත්වය දැල්විය යුතුය.අපි මතවාදී වැඩ සඳහා වගකීම් පද්ධතිය වැඩිදියුණු කරන්නෙමු, සංස්කෘතික නිෂ්පාදන සහ සේවා සැපයීම සඳහා යාන්ත්‍රණයන් පිරිපහදු කරන්නෙමු, පුළුල් සයිබර් අවකාශය පාලනය සඳහා පද්ධතිය වැඩිදියුණු කරන්නෙමු, සහ වඩාත් ඵලදායී ජාත්‍යන්තර සන්නිවේදන පද්ධතියක් ස්ථාපිත කරන්නෙමු.
සංවර්ධන ගමනේදී ජනතාවගේ යහපැවැත්ම තහවුරු කිරීම සහ වැඩිදියුණු කිරීම චීන නවීකරණයේ ප්‍රධාන කාර්යයක් බව ප්‍රකාශ විය. මේ සම්බන්ධයෙන් අපගේ හැකියාව තුළ සෑම දෙයක්ම කිරීමට උත්සාහ කරමින්, අපි මූලික රාජ්‍ය සේවාවන් සහතික කිරීමේ ක්‍රමය ශෝධනය කළ යුතුය, මුලික රාජ්‍ය සේවාවන්ද ඇතුළත් පොදු සේවාවන් සැපයීමට ක්‍රියා කළ යුතුය, අත්‍යවශ්‍ය අවශ්‍යතා සපුරාලීමට සහ වඩාත්ම අවශ්‍යතා ඇති අයට පහසුකම් සැපයීමට සහ වඩාත් ප්‍රායෝගිකව ගැටළු විසඳීමට අවධානය යොමු කළ යුතුය.ජනතාව කෙරෙහි විශාලතම හා වඩාත්ම සෘජු අවධානය යොමු කරන ගැටළු විසඳීමෙන් වඩා හොඳ ජීවිතයක් සඳහා මිනිසුන්ගේ අභිලාෂයන් සපුරාලිය යුතුය.අපි ආදායම් බෙදා හැරීමේ ක්‍රමය,"රැකියාව පළමුව"ප්‍රතිපත්තිය සහ සමාජ ආරක්ෂණ ක්‍රමය වැඩිදියුණු කිරීම, වෛද්‍ය සහ සෞඛ්‍ය සේවා පද්ධති තවදුරටත් ප්‍රතිසංස්කරණය කිරීම සහ ජනගහන සංවර්ධනය සඳහා පහසුකම් සැලසීමේ සහ අදාළ සේවාවන් සැපයීම සඳහා පද්ධති වැඩිදියුණු කරන්නෙමු.
චීන නවීකරණය යනු මනුෂ්‍යත්වය සහ සොබාදහම අතර සහජීවනය නවීකරණය කිරීම බව ප්‍රකාශ විය."පැහැදිලි ජලය සහ සශ්‍රීක කඳු අගනා වත්කම් වේ" යන මූලධර්මය ක්‍රියාත්මක කිරීම යටතේ පරිසර සංරක්ෂණ පද්ධති වැඩිදියුණු කිරීම, කාබන් විමෝචනය කපා හැරීම, පරිසර දූෂණය අවම කිරීම, හරිත සංවර්ධනය ලුහුබැඳීම සහ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම, දේශගුණික විපර්යාසවලට සක්‍රීයව ප්‍රතිචාර දැක්වීම සඳහා පද්ධති සහ යාන්ත්‍රණ වැඩිදියුණු කිරීමට වේගවත්ව ගමන් කළ යුතුය. අපි පාරිසරික සංරක්ෂණය සඳහා මූලික පද්ධති, පරිසර පාලන පද්ධති සහ හරිත හා අඩු කාබන් විමෝචනය සංවර්ධනය සඳහා යාන්ත්‍රණ වැඩිදියුණු කරන්නෙමු.
චීන නවීකරණයේ ස්ථාවර සහ අඛණ්ඩ ප්‍රගතිය සහතික කිරීම සඳහා ජාතික ආරක්ෂාව මූලික පදනමක් සපයන බව ප්‍රකාශ විය. දිගුකාලීනව රටේ ස්ථාවරත්වය සහ ආරක්ෂාව ඵලදායි ලෙස ආරක්ෂා කිරීම සඳහා, ජාතික ආරක්ෂාව සඳහා පරිපූර්ණ ප්‍රවේශයක් අපි සම්පූර්ණයෙන් යෙදිය යුතු අතර, ජාතික ආරක්ෂාව ආරක්ෂා කිරීම සඳහා ආයතන සහ යාන්ත්‍රණ වැඩිදියුණු කළ යුතු අතර, උසස් තත්ත්වයේ සංවර්ධනයක් සහ වැඩි ආරක්ෂාවක් එකිනෙකා ශක්තිමත් කරන බවට සහතික විය යුතුය. ජාතික ආරක්ෂක පද්ධතිය, මහජන ආරක්ෂක පාලන යාන්ත්‍රණ, සමාජ පාලන ක්‍රමය සහ විදේශ සම්බන්ධ කටයුතුවලදී ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ යාන්ත්‍රණ අපි වැඩිදියුණු කරන්නෙමු.
ජාතික ආරක්ෂාව සහ සන්නද්ධ හමුදාවන් නවීකරණය කිරීම චීන නවීකරණයේ අනිවාර්ය අංගයක් බව ප්‍රකාශයට පත් කෙරිණි.2027 දී මහජන විමුක්ති හමුදාවේ ශත සංවත්සර ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සහ ජාතික ආරක්ෂාව සහ සන්නද්ධ හමුදාවන්හි මූලික නවීකරණය සාක්ෂාත් කර ගැනීමට ශක්තිමත් සහතිකයක් ලබා දීමත් ජනතාවගේ සන්නද්ධ හමුදාවන් කෙරෙහි පක්ෂයේ පරම නායකත්වය පවත්වා ගනිමින් දිගින් දිගට ප්‍රතිසංස්කරණ හා නවීකරණ කල යුතූය.අපි ජනතාවගේ සන්නද්ධ හමුදාවන්ට නායකත්වය දීම සහ කළමනාකරණය කිරීම, ඒකාබද්ධ මෙහෙයුම් පද්ධති තවදුරටත් ප්‍රතිසංස්කරණය කිරීම සහ මිලිටරි-සිවිල් ප්‍රතිසංස්කරණ ගැඹුරින් සිදු කිරීම පිණිස පද්ධති සහ යාන්ත්‍රණයන් වැඩිදියුණු කරන්නෙමු.
දේශපාලන ඒකාග්‍රතාවය පවත්වාගැනීමේ අවශ්‍යතාවය ගැන වඩාත් සවිඥානික වෙමින් පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ සමස්තයක් වශයෙන් පක්ෂය තුළ ෂී ජින්පින් සහෝදරයාගේ හරයාත්මක නායකත්ව ස්ථානය ස්ථාපිත කිරීමේ සහ නව යුගයක් සඳහා චීන ලක්ෂණ සමග සමාජවාදය පිළිබඳ ෂී ජින්පිං චින්තනයේ මාර්ගෝපදේශක භූමිකාව ස්ථාපිත කිරීමේ තීරණාත්මක වැදගත්කම පිළිබඳව අප ගැඹුරු අවබෝධයක් ලබා ගත යුතුය.සමස්ත චිත්‍රය ගැන සැලකිලිමත් වීම, හරයාත්මක නායකත්වය අනුගමනය කිරීම, මධ්‍යම කාරක සභාව හා පක්ෂ නායකත්වය සමග පෙලගැසී සිටීම; චීන ලක්ෂණ සහිත සමාජවාදයේ මාවත, න්‍යාය, ක්‍රමය සහ සංස්කෘතිය ගැන විශ්වාසයෙන් සිටීම; සහ පක්ෂයේ මධ්‍යම කාරක සභාව සහ සමස්තයක් වශයෙන් පක්ෂය තුළ ෂී ජින්පිං සහෝදරයාගේ හරයාත්මක නායකත්වය තහවුරු කරමින් මධ්‍යම කාරක සභාවේ අධිකාරිය සහ එහි මධ්‍යගත, ඒකාබද්ධ නායකත්වය තහවුරු කරයි.සමාජ පරිවර්තනය මෙහෙයවීම සඳහා පක්ෂ පරිවර්තනය භාවිතා වීමේ අවශ්‍යතාවය පිළිබඳව අප දැඩි දැනුවත්භාවයක් පවත්වා ගත යුතු අතර පක්ෂ ස්වයං පාලනයක් පවත්වාගෙන යාමේදී ප්‍රතිසංස්කරණයේ ආත්මය සහ දැඩි ප්රමිතීන් අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතුය.අපි පක්ෂයේ ස්වයං ප්‍රතිසංස්කරණ සඳහා පද්ධති සහ රෙගුලාසි වැඩිදියුණු කර අපව පවිත්‍ර කිරීමට, වැඩිදියුණු කිරීමට, අලුත් කිරීමට සහ විශිෂ්ටත්වයට පත් කිරීමට දිගටම කටයුතු කරන්නෙමු. මේ සියල්ලෙන් අපේ පක්ෂයට චීන ලක්ෂණ සහිත සමාජවාදය ගොඩනැගීමේ ශක්තිමත් හරයාත්මක නායකත්වය ලෙස රැඳී සිටීමට හැකි වේ.ප්‍රතිසංස්කරණ තවදුරටත් ගැඹුරු කිරීමේ ප්රයත්නය සම්බන්ධයෙන් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මධ්‍යගත, ඒකාබද්ධ නායකත්වය අප විසින් තහවුරු කළ යුතුය. පක්ෂය ගොඩනැගීමට අදාළ ආයතනික ප්‍රතිසංස්කරණ ගැඹුරු කිරීම; විනයගත හැසිරීම වැඩිදියුණු කිරීම, අඛණ්ඩතාව ගොඩනැගීම සහ දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා උත්සාහයන් තීව්ර කිරීම; සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා නොපසුබස්නා උත්සාහයෙන් කටයුතු කිරීම අප විසින් කල යුතුය.
චීන නවීකරණය යනු සාමකාමී සංවර්ධනයේ නවීකරණය බව අවධාරණය කෙරිණි. විදේශ සබඳතාවලදී, සාමය පිළිබඳ ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට චීනය දැඩි ලෙස කැපවී සිටින අතර සමාන අයිතිවාසිකම් සහිත අනාගතයක් සහිත මානව ප්‍රජාවක් ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටී. ආදරණීය මනුෂ්‍ය වර්ගයාගේ හවුල් වටිනාකම් තබා ගනිමින්, අපි ගෝලීය සංවර්ධනයට මුලපිරීම, ගෝලීය ආරක්ෂණයට මුලපිරීම සහ ගෝලීය ශිෂ්ටාචාරයේ මුලපිරීම අනුගමනය කරමින් සමාන හා ක්‍රමවත් බහුධ්‍රැව ලෝකයක් සහ විශ්වීය වශයෙන් ප්‍රයෝජනවත් සහ මේ ප්‍රතිපත්ති ඇතුළත් ආර්ථික ගෝලීයකරණයක් ඉල්ලා සිටිමු.විදේශ කටයුතු සම්බන්ධ ආයතනික ප්‍රතිසංස්කරණ ගැඹුරු කරන අතර ගෝලීය පාලන පද්ධතියේ ප්‍රතිසංස්කරණ හා සංවර්ධනයට නායකත්වය දීමේ ප්රයත්නයන්ට අපි සහභාගී වන්නෙමු.අපි චීනයේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතා අධිෂ්ඨානශීලීව ආරක්ෂා කරන්නෙමු.
මෙම සැසිවාරයේ සිට මාර්ගෝපදේශක මූලධර්ම අධ්‍යයනය කර ක්‍රියාත්මක කිරීම සමස්ත පක්ෂයට සහ ජාතියට වර්තමානයේ මෙන්ම ඉදිරි කාලය තුළ ප්‍රධාන දේශපාලන කාර්යයක් වන බව ප්‍රකාශ විය.සැසියේ මාර්ගෝපදේශක මූලධර්ම හොඳින් අධ්‍යයනය කිරීම සහ ප්‍රතිසංස්කරණ තවදුරටත් ගැඹුරින් සිදු කිරීම සඳහා ප්‍රධාන තේමාව, ප්‍රධාන මූලධර්ම, ප්‍රධාන පියවර සහ මූලික භාරයන් සම්පූර්ණයෙන්ම ග්‍රහණය කර ගැනීම අත්‍යවශ්‍ය වේ.යෝජනා ක්‍රියාත්මක කිරීම සහ පුළුල් ප්‍රතිසංස්කරණ තවදුරටත් ගැඹුරු කිරීම සඳහා වූ මූලෝපායික සැලසුම් චීන නවීකරණය ඉදිරියට ගෙන යාම සඳහා ප්‍රබල උත්තේජනයක් බවට පරිවර්තනය කිරීම සහතික කිරීම සඳහා නායකත්වයේ සිට පහළට සමස්ත පක්ෂයම එක ලෙස ක්‍රියා කළ යුතුය.
සැසියේදී, වත්මන් තත්ත්වය සහ අප මුහුණ දෙන කාර්යයන් පිළිබඳ විශ්ලේෂණයක් සිදු කරන ලදී. මෙම වසරේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා වූ ඉලක්ක සපුරා ගැනීම සඳහා අප දැඩි ලෙස කැපවිය යුතු බව මෙහිදී අවධාරණය කෙරිණි. ආර්ථික කටයුතු සම්බන්ධයෙන් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීරණ සහ සැලසුම්වලට අනුකූලව, සාර්ව ප්‍රතිපත්ති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම, දේශීය ඉල්ලුම පුළුල් කිරීමට, දේශීය තත්ත්වයන්ට අනුව නව ගුණාත්මක නිෂ්පාදන බලවේග සංවර්ධනය කිරීමට, විදේශ වෙළඳාමේ නව ගාමක බලවේගයන් පෝෂණය කිරීමට වේගවත්ව ගමන් කරන්නෙමු. හරිත හා අඩු කාබන් සංවර්ධනය සඳහා ශක්තිමත් පියවර ගැනීම, ජනතාවගේ යහපැවැත්ම සහතික කිරීම සහ වැඩිදියුණු කිරීම, සහ දරිද්‍රතාවය පිටුදැකීමේ අපගේ ජයග්‍රහණ තහවුරු කිරීම සහ ගොඩනැගීම. අපි 14 වැනි පස් අවුරුදු සැලැස්ම (2021-2025) ක්‍රියාත්මක කිරීම සමාලෝචනය කර තක්සේරු කර 15 වැනි පස් අවුරුදු සැලැස්ම (2026-2030) සඳහා හොඳ සූදානමක් සිදු කරන්නෙමු.
අපි සංවර්ධනය සහ ආරක්ෂාව යන දෙකම තහවුරු කළ යුතු බව ප්‍රකාශ කෙරුණි.මේ සඳහා නිශ්චල දේපල, පළාත් පාලන ණය, කුඩා හා මධ්‍යම මූල්‍ය ආයතන සහ අනෙකුත් ප්‍රධාන ක්ෂේත්රවල අවදානම් වැළැක්වීම සහ නිෂ්ක්‍රීය කිරීම සඳහා අපි විවිධ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන්නෙමු.සේවා ස්ථානයේ ආරක්ෂාව සඳහා වන වගකීම් දැඩි ලෙස ඉටු කර ඇති බවට අපි වග බලා ගන්නෙමු සහ ස්වභාවික විපත්, විශේෂයෙන් ගංවතුර අධීක්ෂණය,වැළැක්වීම සහ පාලනය සඳහා වූ ක්‍රියාමාර්ග ශෝධනය කරන්නෙමු.සමාජ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා මහජන ආරක්ෂක අවදානම් වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා වූ අපේ ජාලය ශක්තිමත් කරන්නෙමු.අපි මහජන අදහස් මඟ පෙන්වීම වැඩිදියුණු කර මතවාදී ක්ෂේත්රය තුළ ඇති අවදානම් සමඟ ඵලදායී ලෙස කටයුතු කරන්නෙමු.බාහිර අවදානම් සහ අභියෝගවලට නිසි ලෙස ප්‍රතිචාර දක්වන්නෙමු, ගෝලීය පාලනයේ ප්රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමට උත්සාහ කරන්නෙමු, සහ හිතකර බාහිර පරිසරයක් පෝෂණය කිරීමට ක්‍රියාකාරීව කටයුතු කරන්නෙමු.
සැසියේදී අවධාරණය වූ මාර්ගෝපදේශක මූලධර්ම අධ්‍යයනය කිරීම, සන්නිවේදනය කිරීම සහ ක්‍රියාත්මක කිරීමේ පදනම මත, මාක්ස්වාදය පිළිබඳ ඔවුන්ගේ අවබෝධය සහ නවීකරණය කිරීමේ ප්රයත්නය ඉදිරියට ගෙන යාමේ හැකියාව වැඩි දියුණු කිරීම සඳහා පක්ෂයේ නව න්‍යායන් සමඟ අපි සියලුම පාක්ෂිකයන් සන්නද්ධ කළ යුතු බව අවධාරණය කරන ලදී. අපි පූර්ණ හා දැඩි ස්වයං පාලනයක් ක්‍රියාත්මක කිරීම, වැඩ පවත්වාගෙන යාම වැඩිදියුණු කිරීම සහ බිම් මට්ටමේ වැඩ කරන අයගේ බර ලිහිල් කිරීමට අඛණ්ඩ උත්සාහයක් ලෙස අර්ථ විරහිත විධිමත්භාවයේ සහ නිලධාරිවාදයේ ගැඹුරින් මුල් බැස ඇති වැරදි භාවිතයන් නිවැරදි කරන්නෙමු.පක්ෂයේ හැසිරීම වැඩිදියුණු කිරීමට, අඛණ්ඩතාව ගොඩනැගීමට සහ දූෂණයට එරෙහිව සටන් කිරීමට සහ විනය පරීක්ෂා කිරීම් වල දී ශක්තිමත් ප්‍රගතියක් ලබා ගැනීමට දරන උත්සාහයන් නැවත දෙගුණ කරන්නෙමු. අපි න්‍යායික අධ්‍යයන මුලපිරීම් වලදී අප විසින් අත්පත් කරගත් දේ තහවුරු කර පුළුල් කරන්නෙමු, පක්ෂයේ විනය පිළිබඳ දැනුවත්භාවය වැඩි කිරීමට, පක්ෂයේ සහයෝගීතාවය සහ එකමුතුකම ආරක්ෂා කිරීමට සහ පක්ෂයේ නිර්මාණශීලිත්වය, එකමුතුකම සහ හැකියාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා වූ ව්‍යාපාරය තවදුරටත් ඉදිරියට ගෙන යන්නෙමු.
පක්ෂ ව්‍යවස්ථාවට අනුව මධ්‍යම කාරක සභාවේ හිස් ආසන විකල්ප සාමාජිකයින් වන Ding Xiangqun, Yu Lijun සහ Yu Jihong සහෝදරවරුන් විසින් පිරවීමට සැසියේදී තීරණය විය. Qin Gang සහෝදරයාගේ ඉල්ලා අස්වීම පිළිගෙන ඔහුව මධ්‍යම කාරක සභා ධූරයෙන් ඉවත් කළ යුතු බවටද තීරණය විය. සැසියේදී, Li Shangfu, Li Yuchao සහ Sun Jinming සම්බන්ධව පක්ෂයේ විනය සහ රාජ්‍ය නීති බරපතල ලෙස උල්ලංඝනය කිරීම් පිළිබඳ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම හමුදා කොමිසමේ පරීක්ෂණ වාර්තාව සාකච්ඡා කර සම්මත කරන ලද අතර, Li Shangfu, Li Yuchao,Sun Jinming නෙරපා හැරීමට දේශපාලන මණ්ඩලය ගත් පෙර තීරණය ස්ථිර විය.
සැසියේදී, ෂී ජින් පින් සහෝදරයා සහ පක්ෂයේ මධ්‍යම කාරක සභාව වටා සමීපව පෙළ ගැසෙන ලෙස සමස්ත පක්ෂයට, සමස්ත හමුදාවට සහ සියලුම ජනවර්ගවලට අයත් චීන ජනතාවට කැඳවීමක් නිකුත් කරන ලදී. ප්‍රතිසංස්කරණයේ සහ විවෘත වීමේ ධජය ඉහලින් ඔසොවාගෙන, අපගේ සාමූහික ප්‍රඥාව සහ ශක්තිය එකතු කර, ව්‍යවසායන් සමඟ ඉදිරියට යාමටත් චීනය සෑම අතින්ම ශ්‍රේෂ්ඨ නවීන සමාජවාදී රටක් බවට පත් කිරීමේ දෙවන සියවසේ ඉලක්කය කරා ගමන් කරමින් නවීකරණය තුළින් චීන ජාතියේ පුනර්ජීවනය සෑම අතින්ම ඉදිරියට ගෙන යාමට කටයුතු කළ යුතු බවට තීරණය වන ලදී.
2024.07.18 (Xinhua)
චීන කොමියුනිස්ට් පක්ෂයේ,විසිවෙනි මධ්‍යම කාරක සභාවේ තුන්වෙනි පූර්ණ කාරකසභා වාර්තාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනය - වින්දන විදුර කුමාර
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නියෝජ්‍ය ඇමැතිවරු 29ක් දිවුරුම් දෙති
අපි සම්ප්රදාය වෙනස් කළා යැයි කියමින් යාපනෙන් ආපු අලුත් මන්ත්‍රී විපක්ෂ නායක පුටුවේ වාඩිවෙලා... අයින් වෙන්න බෑ කියයි (වීඩියෝ)
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි නිර්මාණ කොල්ලකරුවන්ගේ ලැයිස්තුවේ?
රුසියාවේ නව න්‍යෂ්ටික මූලධර්මයෙහි වන ප්‍රධාන කරුණු
ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්
රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමුකළ යුතුයි... සතුරාගේ ඉලක්කය තවමත් එලෙසින්ම ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
බෙදුම්වාදීන් විසින් මිලට ගත් හිමාලයා භික්ෂූන් ජනපති අනුරට උගුල අටවයි
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
ජර්මනියෙන් චීනයට තර්ජන
පාස්කු වන්දි ලෙස රු.මිලියන 311ක් ලැබිලා... වින්දිතයන්ට බෙදපු හැටි ගැන උසාවිය වාර්තාවක් ඉල්ලයි
උතුරේ ජනතාව ආණ්ඩුවට ලබාදුන් ඡන්දය ජාතිවාදයට පමණක් නොව බෙදුම්වාදයටත් විරුද්ධ ඡන්දයක්... ආණ්ඩුව එය තේරුම් ගෙන කටයුතු කිරීම වැදගත් - විමල් කියයි (වීඩියෝ)
එක්සත් ජනපදය සැපයූ මිසයිල යොදාගෙන රුසියානු භුමියේ අභ්‍යන්තරය ඉලක්ක වලට ප්‍රහාර එල්ල කිරීමට බයිඩන් යුක්රේනයට අවසර දෙයි- නිව් යෝර්ක් ටයිම් පුවත් පත
නව ආණ්ඩුවේ හොඳ වැඩවලට සහාය ලබාදෙනවා... අපි කකුලෙන් අදින පක්ෂයක් නෙමෙයි - උවිඳු කියයි
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්