News Category
From Date
To Date
Maximum Number of Result

නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව 13 ට එහා ගොස් 13+ යෝජනා කිරීමක් ද?... ව්‍යවස්ථාවත් අභියෝගයට ලක්වෙනවාද? - අධ්‍යාපන විශේෂඥයන්ගෙන් අනාවරණයක්

Jun 4, 2024 at 03:39 PM
|

රජය විසින් පත්කරන ලද කමිටුවක් විසින් සකස් කරන ලද නව ජාතික ප්‍රතිපත්ති රාමුව පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණය කාරක සභාව වෙත  ඉදිරිපත් කර ඇති බවත්, මෙම නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ප්‍රමාණවත් සංවාදයක් රට තුළ තවමත් ගොඩ නැගී නොතිබීම කනගාටුදායක තත්ත්වයක් බවත් මෙම නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පිළිබඳව විග්‍රහයක යෙදෙමින් මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය නාලක සමරවීර මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් වන ලිපියක් සම්පාදනය කරමින් ඒ මහතා සඳහන් කරන්නේ ප්‍රතිපත්ති රාමුවේ අන්තර්ගතය විමසා බැලූ විට පෙනී යන්නේ එම කෙටුම්පත පූර්විකාවේ සඳහන් කරන කාරණයට මුළුමනින්ම පරස්පර, රටේ ව්‍යවස්ථාවද අභියෝගයට ලක් කරමින් ලියැවී ඇති ඉතාම දුර්වල සහ උත්ප්‍රාසජනක ලියවිල්ලක් බවයි.

වත්මන් ව්‍යවස්ථාවේ උසස් අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපන ආයතන පිහිටවීම සමගාමී ලැයිස්තුවේ සඳහන් කාර්යයක් වන අතර මධ්‍යම සහ පළාත් ආණ්ඩුව යන දෙපාර්ශ්වයටම එහි බලතල පවරා ඇති බවද, නමුත් මෙම ප්‍රතිපත්ති රාමුව මෙම බලතල මධ්‍යම ආණ්ඩුවෙන් උදුරා පළාත් ආණ්ඩුවලට පවරාදීමේ භයානක ප්‍රතිපත්තියක් හඳුන්වාදී ඇති බවද ඒ මහතා පෙන්වා දී තිබේ.

එයින් ද නොනැවතී දැනට පවත්නා විශ්වවිද්‍යාල පළාත් විශ්වවිද්‍යාල බවට පත් කිරීමේ නීති ගෙන ඒමට යෝජනා කරන බවත් පවසන ඒ මහතා, මෙය දේශපාලනයේ ප්‍රකට භාෂාවෙන් පවසන්නේ නම් දහතුනට එහා ගොස් 13+ යෝජනා කිරීමක් බවත් පෙන්වා දෙයි.

ආචාර්ය නාලක සමරවීර මහතා මේ සම්බන්ධයෙන් සම්පාදනය කර ඇති සවිස්තරාත්මක ලිපිය පහළින්...

නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ අරමුණ සැබෑවටම කුමක්ද?

රජය විසින් පත්කරන ලද කමිටුවක් විසින් සකස් කරන ලද නව ජාතික ප්‍රතිපත්ති රාමුව පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණය කාරක සභාව වෙත  ඉදිරිපත් කර ඇත. මෙම නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ප්‍රමාණවත් සංවාදයක් රට තුළ තවමත් ගොඩ නැගී නොතිබීම කනගාටුදායක තත්ත්වයකි. මෙම නව ප්‍රතිපත්ති රාමුව පිරික්සීමේදී මතුවන ප්‍රධාන ගැටලුව නම්, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් 2020-2030 කාල ප්‍රාන්තරය සඳහා ඉදිරිපත් කළ විස්තීරණ අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් තිබියදීත්, එය මුළුමනින්ම නොසලකා හැර නව ප්‍රතිපත්ති රාමුවක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය කුමක්ද යන්නයි. ඒ සඳහා පිළිතුරු දීමේ උත්සාහයක් එහි පූර්විකාව ආරම්භයේදී දක්නට ඇත. එනම්, 2020 වසරේදී ඇති වූ කෝවිඩ් වසංගතය තුළින් ඇති වූ ආර්ථික අභියෝග හමුවේ යළිත් ආර්ථික ස්ථාවරතාවය ඇති කර සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ පූර්ණ ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමට ඇති අවශ්‍යතාවයයි. නමුත් ප්‍රතිපත්ති රාමුවේ අන්තර්ගතය විමසා බැලූ විට පෙනී යන්නේ එම කෙටුම්පත පූර්විකාවේ සඳහන් කරන කාරණයට මුළුමනින්ම පරස්පර, රටේ ව්‍යවස්ථාවද අභියෝගයට ලක් කරමින් ලියැවී ඇති ඉතාම දුර්වල සහ උත්ප්‍රාසජනක ලියවිල්ලක් බවයි.

මෙම ප්‍රතිපත්ති රාමුව මැනවින් වටහා ගැනීම සඳහා එහි පදනම ලෙස සලකන මූලධර්ම වෙත අවධානය යොමු කළ යුතුය. එහි සඳහන් වන ආකාරයට තෙවදෑරුම් මූලධර්මයන් මත මෙය සකස් කර ඇත. එනම් ඉගෙනුම්, ඉගැන්වීම් සහ සහතික කිරීම, යහ කළමනාකරණය, ආයෝජන සහ සම්පත්ය. මෙම ලිපියේ අරමුණ වන්නේ “යහ කළමනාකරණය” මත පදනම් වූ යෝජනා සම්බන්ධයෙන් විචාරයට ලක් කොට පාඨක අවධානයට යොමු කරවීමයි. නව ප්‍රතිපත්ති රාමුවේ “යහ කළමනාකරණය” පහත පරිදි අර්ථ දක්වා ඇත:

"යහ කළමනාකරණය මධ්‍යම රජයට ආයතන පද්ධති වෙත සීමා සහිත බලයක් ලබාදීමේ මූලධර්මය මත පිහිටමින් විමධ්‍යගත වූ හා ස්වයං පාලනයක් සඳහා වැඩි අවකාශ සැලසීම සහතික වනු පිණිස, රාජ්‍ය සහ රාජ්‍ය නොවන මෙන්ම පෞද්ගලික යන සියලු අංශවල ක්‍රියාකාරීන් සහ ආයතන පද්ධති හඳුනාගෙන ඔවුන් එම පාර්ශවකරුවන්ගේ භූමිකාවන් හා කාර්යයන් පැහැදිලිව නිර්වචනය කිරීම සහ අවසන් ප්‍රතිඵල සියල්ල ජාතික ප්‍රමිතීන්ට අනුකූල වීම සහතික කිරීම පිණිස ඉහළ සිට පහළට තීරණ ගැනීම අවම කිරීම මෙන්ම පද්ධතියේ විවිධ වූ ආයතන හුදකලාව ක්‍රියා කිරීම වැලැක්වීම."

මේ වනාහී අරුම පුදුම මූලධර්මයකි. මෙහි සඳහන් මධ්‍යම රජයේ බලතල සීමා කිරීම සහ විමධ්‍යගත ස්වයං පාලන තත්ත්වයක් දක්වා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ බලය මෙම ප්‍රතිපත්ති සම්පාදක කරුවන්ට පවරාදෙන ලද්දේ කවුරුන්ද? එසේ කිරීමට ව්‍යවස්ථානුකූලව හිමිකමක් තිබේද? මධ්‍යම රජයේ සීමා කළ බලතල කවරේද, කවර නම් බලතල විමධ්‍යගත කළ යුතු ද යන්න තීරණය කරන්නේ රටේ ව්‍යවස්ථාවෙනි. දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනයේ ඉතා පැහැදිලිව මධ්‍යම රජයේ බලතල සහ පළාත් සභා බලතල ප්‍රමාණවත් පරිදි අර්ථ දක්වා ඇත. එයට අනුකූලව ප්‍රතිපත්ති සම්පාදනය කරනවා විනා, ඉන් එපිටට ගොස් ක්‍රියාත්මක වීමේ බලතල ප්‍රතිපත්ති සම්පාදකයන්ට තිබිය නොහැක. මෙවැනි මූලධර්ම මත පිහිටවීමේ බරපතළ භාවය වටහා ගැනීමට නව ප්‍රතිපත්ති රාමුවේ 7.4 ඡේදය පහත උපුටා දක්වා ඇත. 

“ 7.4 පළාත් අධ්‍යාපන මණ්ඩල; පළාත්වලට විශේෂිත වූ අවශ්‍යතා සහ තත්වයන්ට ගැලපෙන අයුරින් ජාතික ප්‍රතිපත්ති වලට අනුගත වෙමින් අධ්‍යාපන ප්‍රතිපත්ති සහ භාවිතයන් සකස් කර ඇති බව සහතික කිරීම පිණිස ජාතික ප්‍රමිතීන් තුළ එහෙත් ස්වයං පාලනයක් ඇතිව පළාත් නවයේ පළාත් අධ්‍යාපන මණ්ඩල ස්ථාපනය කෙරෙනු ඇත. පළාත් අධ්‍යාපන මණ්ඩල මඟින් ජාතික ප්‍රමිතීන්ට අනුකූල වන අයුරින් නව විද්‍යාල (Colleges) සහ පළාත් විශ්ව විද්‍යාල පිහිටුවනු ඇත.”

මෙහි අපට පැහැදිලි වන අර්ථය නම් ජාතික ප්‍රතිපත්ති වලට යටත්ව, එහෙත් ස්වයංපාලනයක් සහිත පළාත් අධ්‍යාපන මණ්ඩල බිහිකිරීමයි. මෙය ඉතා පැහැදිලිව දැනට පවතින ව්‍යවස්ථාව ඉක්මවා යාමකි. ව්‍යවස්ථාවේ පරිශිෂ්ටය III අධ්‍යාපනය (9) යටතේ ඉතා පැහැදිලිව දක්වා ඇති පරිදි, පළාත්බද අධ්‍යාපන මණ්ඩල සඳහා පවරා ඇත්තේ උපදේශන කාර්යයි. පාඨකයාගේ පහසුව සඳහා, ව්‍යවස්ථාවේ එය සදහන් කර ඇති අයුරු පහත උපුටා දක්වා ඇත. 

“පරිශිෂ්ටය III අධ්‍යාපනය (9) උපදේශක කර්තව්‍ය භාර පළාත්බද අධ්‍යාපන මණ්ඩල පත් කිරීම, අධ්‍යාපන අමාත්‍යවරයාගේ වගකීම වන්නේය. එහෙත් මෙය පළාත් බද අධිකාරියේ ප්‍රධාන අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව කරනු ලැබේ.”

ව්‍යවස්ථානුකූලව පවරා ඇති උපදේශන කාර්ය ඉක්මවා ගොස් ස්වයං පාලන බලතල පළාත් බද අධ්‍යාපන මණ්ඩලයට පැවරීම ඉතා බරපතල තත්ත්වයකි. අපට අනුව නම් මෙය ඒකීය රාජ්‍ය මූලධර්මයට අභියෝග  කිරීමකි. සියලු අවශේෂ රාජ්‍ය ව්‍යුහයන්ට ඉහළින් මධ්‍යම ආණ්ඩුව පිහිට වීම ඒකීය රාජ්‍ය ව්‍යුහයේ මූලික ලක්ෂණයක් බව මතක් කර දිය යුතුය. ඒකීය රාමුවක් තුළ පිහිටවා ඇති ශ්‍රී ලංකා ව්‍යවස්ථාව තුළ කිසිම ලෙසක ස්වයං පාලන බලතල විමධ්‍යගත කිරීම අනුමත නොකෙරෙන්නේ ය.

වත්මන් ව්‍යවස්ථාවේ උසස් අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපන ආයතන පිහිටවීම සමගාමී ලැයිස්තුවේ සඳහන් කාර්යයක් වන අතර මධ්‍යම සහ පළාත් ආණ්ඩුව යන දෙපාර්ශ්වයටම එහි බලතල පවරා ඇත. නමුත් මෙම ප්‍රතිපත්ති රාමුව මෙම බලතල මධ්‍යම ආණ්ඩුවෙන් උදුරා පළාත් ආණ්ඩුවලට පවරාදීමේ භයානක ප්‍රතිපත්තියක් හඳුන්වාදී තිබේ. එයින් ද නොනැවතී දැනට පවත්නා විශ්වවිද්‍යාල පළාත් විශ්වවිද්‍යාල බවට පත් කිරීමේ නීති ගෙන ඒමට යෝජනා කරයි. එය සඳහන් වන්නේ 7.8 ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාව නම් ඡේදයේය. එය කොටස් වශයෙන් පහත උපුටා දක්වමු.

“නව විශ්ව විද්‍යාල පිහිටුවීම පළාත් සභා යටතේ සිදු කරනු ඇති අතර දැනටමත් පළාත් බදව පවතින උපාධි ප්‍රදානය කරන ආයතන නව නීතියක් යටතේ පළාත් විශ්ව විද්‍යාල බවට පත් වනු ඇත.”

පෙර අප මතු කළ ප්‍රශ්නයම නැවතත් මෙහිදී මතු කළ යුතුය. ව්‍යවස්ථාවේ සමගාමී කාර්යයක් ලෙස අර්ථ දැක්වූ උසස් අධ්‍යාපන ආයතන පිහිටුවීමේ බලය පළාත් සභා කාර්යයක් ලෙස පමණක්ම අර්ථ දැක්විය හැකිද? මෙය දේශපාලනයේ ප්‍රකට භාෂාවෙන් පවසන්නේ නම් දහතුනට එහා ගොස් 13+ යෝජනා කිරීමකි. පහත දැක්වෙන්නේ අප ව්‍යවස්ථාවේ උසස් අධ්‍යාපන සම්බන්ධව සමගාමී ලැයිස්තුවේ සඳහන් වෙන කාර්යභාරයයි.

“4.උසස් අධ්‍යාපනය -

4:1 අලුත් විශ්ව විද්‍යාල පිහිටුවා පවත්වා ගෙන යාම;

4:2 1985 අංක 7 දරන විශ්ව විද්‍යාල (සංශෝධන) පනත යටතේ උපාධි ප්‍රදානය කරන ආයතන සහ තෘතීයික, කාර්මික සහ ප්‍රාග්-විද්‍යාල අධ්‍යාපනය සහ පුහුණුව සඳහා වෙනත් ආයතන පිහිටුවීම.”

ඉන්දියානු ව්‍යවස්ථාවේ ද අධ්‍යාපනය සමගාමී කාර්යයක් ලෙස හතළිස් දෙවැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ඇතුළත් කර ඇත. ප්‍රාන්ත ලැයිස්තුවේ සිට සමගාමී ලැයිස්තුවට අධ්‍යාපනය ගෙන ඒමේ දී ගොඩනැගුණු මූලික තර්කයක් නම් අධ්‍යාපනය විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය ජාතික වැදගත්කමක් ලෙස සලකා ගොඩ නැගිය යුතු බවයි. අනෙක් අතට එහි අදහස නම් ප්‍රාදේශීයවාදය කිසිසේත්ම මූලික නොවිය යුතු බවයි. මෙම නව ප්‍රතිපත්තිය, උසස් අධ්‍යාපනය ප්‍රාදේශීයවාදයකට සිරකොට අපව  ආපස්සට කැඳවාගෙන යාමට යෝජනා කරයි. 

එවැනිම බරපතල තත්ත්වයක් 7.10 ඡේදය තුළද දක්වා ඇත.

“7.10 ජාතික බලධාරීන්, පළාත් බලධාරීන් සහ අධ්‍යාපන මණ්ඩල විසින් නියම කර ඇති මාර්ගෝපදේශ ඇතුලත සියලුම අධ්‍යාපන සේවා සම්පාදකයින් සඳහා පරිපාලන, මූල්‍ය, මානව සම්පත් කළමනාකරණ සහ සිසුන් තෝරා ගැනීම සම්බන්ධයෙන් ස්වයං පාලනය හිමි වනු ඇත.”

අධ්‍යාපන සේවා සම්පාදකයින්ට ස්වයං පාලන බලතල හිමි විය යුත්තේ ඇයි? සිසුන් තෝරා ගැනීම සම්බන්ධව ස්වයං පාලන බලතල යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? මෙම ප්‍රකාශය ඉතා බරපතල තත්ත්වයක් නිර්මාණය කිරීමේ අවදානමක් ඇත. සියලු ආකාරයේ ජනවාර්ගික, ආගමික, හා සමාජ තත්ත්වයන් ආදී වෙනස්කම් නොසලකා මෙතෙක් අප අනුගමනය කළ  විශ්ව විද්‍යාල සඳහා සිසුන් බදවා ගැනීමේ පටිපාටිය  උල්ලංඝනය වීමේ අවදානමක් මෙහිදී  පෙනී යයි. 

මෙතැන් සිට අප අවධානයට යොමු කරන්නේ නව ප්‍රතිපත්ති රාමුව විසින් යෝජනා කරන ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාව පිළිබඳවයි. මෙම නව ආයතනය දැනට පවතින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කරන අතර එහි කාර්යභාරය පහත සඳහන් ලෙස අර්ථ දක්වා ඇත: 

“7.8 ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාව; වර්තමාන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යෝජිත ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාව (NHEC) මඟින් ප්‍රතිස්ථාපනය කරනු ඇති අතර රට තුල ක්‍රියාත්මක සමස්ථ උසස් අධ්‍යාපනය, ජාතික ප්‍රතිපත්ති වලට හා අන්තර් ජාතික ප්‍රමිතීන්ට අනුගතව සම්බන්ධීකරණය කිරීම සහ රාජ්‍ය, රාජ්‍ය නොවන, ජාතික හා පළාත් යන සෑම ආකාරයක් යටතේ ස්ථාපිතව ඇති සියලු උසස් අධ්‍යාපන ආයතන විසින් නිකුත් කරන සියලුම උපාධි, පශ්චාත් උපාධි, පශ්චාත් උපාධි සහ උපාධිවලට සමාන අධ්‍යයන ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා වග කියනු ඇත.”

මෙම යෝජනාව සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස සමස්ත විශ්වවිද්‍යාල ප්‍රජාවගෙන් ඉල්ලා සිටිමු. මෙම නව ප්‍රතිස්ථාපනය සම්බන්ධයෙන් ප්‍රධාන ගැටලු කීපයක් මතුවේ. පළමුව නව ආයතනය කුමක් සඳහාද? දැනට පවතින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් යම් කාර්යභාරයක් සිදු නොවේ නම්, එය ඉතා පහසුවෙන්ම පවතින පටිපාටියට ඇතුළත් කර ගැනීමේ හැකියාව තිබුණි. එය එසේ නොවී, සමස්ත ආයතනයම අහෝසි කිරීමත් දක්වා යෝජනා කෙරෙන්නේ ඇයි? දැනට පවතින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කාර්යභාරය පුළුල් වපසරියක පැතිරී පවතී. උදාහරණයක් ලෙස, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සැලසුම් කිරීම සහ සම්බන්ධීකරණය කිරීම, උසස් අධ්‍යාපන ආයතන සඳහා මූල්‍යය නියම කිරීම සහ මෙම ආයතනවල පරිපාලනයක් නියාමනය කිරීම, අධ්‍යයන සම්මතයන් පවත්වා ගැනීම, සහ උසස් අධ්‍යාපන ආයතනවලට ශිෂ්‍යන් ඇතුළත් කිරීම නියාමනය කිරීමේ තීරණාත්මක කාර්යභාරයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැවරී ඇත. මෙහිදී අපට හැඟී යන ආකාරයට පිහිටවීමට යෝජනා කරන නව ආයතනය, හුදෙක් ජාතික ප්‍රතිපත්තීන්ට අනුකූලව ප්‍රමිතීන් පවත්වාගෙන යාමේ ආයතනයක් පමණි. 

මෙකී නව ආයතනය එම පුළුල් වපසරියෙන් නිදහස් කෙරෙන්නේ නම්, එම කාර්යයන්හි වගකීම කාටද පැවරෙන්නේ? ඉහත සඳහන් කළ ස්වයංපාලන බලයක් දීමට යෝජනා කරන ප්‍රාදේශීය ආයතනවලටද? මෙම තත්ත්වය සරල තත්ත්වයක් නොවන බව ඉතා වගකීමෙන් පැවසිය යුතුය. උදාහරණයක් ලෙස, විශ්වවිද්‍යාල සඳහා මුදල් වෙන් කිරීම සලකා බලමු. නව ප්‍රතිපත්ති රාමුව යෝජනා කරන ලෙස, විශ්වවිද්‍යාල සඳහා මුදල් වෙන් කිරීම පළාත් ආණ්ඩු වල කාර්යභාරයක් වනු ඇත. නමුත් පළාත් පාලන ආයතන මූලික ලෙස සිය කටයුතු පවත්වාගෙන යන්නේ මධ්‍යම ආණ්ඩුවෙන් ලබාගන්නා මුදලින් බව ප්‍රකට කරුණකි. මෙවැනි තත්ත්වයක් තුළ, විශ්වවිද්‍යාල සඳහා ප්‍රමාණවත් මුදලක් වෙන් කෙරෙන බවට සහතික විය හැකිද? විවිධ පළාත් සභා විශ්වවිද්‍යාල පිළිබඳව කුමන ආකල්පයකින් කටයුතු කරයිද? මධ්‍යම ආණ්ඩුවේ මුදල් සෘජුවම විශ්වවිද්‍යාල සඳහා ලබා නොදී, පළාත් ආණ්ඩු තුළින් ලබාදීමේදී සිදුවිය හැකි අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව කොතරම්ද? පළාත් සභා දේශපාලනඥයන්ගේ ආකල්ප සහ ප්‍රමුඛතා විශ්වවිද්‍යාල සඳහා කෙසේ බලපායිද? කෙටියෙන්ම පවසන්නේ නම්, ප්‍රාදේශීය දේශපාලන ගතිකයන් සමඟ අප විද්‍යාර්ථයින්ට කුමන ආකාරයෙන් ගනුදෙනු කිරීමට සිදුවේද?

අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්ව විද්‍යාල අතරමැදි  ආයතනයක් ලෙස කටයුතු කරමින්, සෘජු දේශපාලන අත ගැසීම් වලින් මුදවා විශ්ව විද්‍යාල ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ ගෞරවනීය වගකීම මෙතෙක් දරා සිටියේ විශ්වවිද්‍යාල කොමිෂන් සභාවයි. අපේ කලාපීය රටවල් වන ඉන්දියාව, පකිස්ථානය, හා බංග්ලාදේශය ද විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ ආකෘතියට සමාන ආයතන පවත්වාගෙන යන්නේ මෙය සඳහාය. එපමණක් නොව, ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගොඩනැගුණු ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ, 1978 විශ්වවිද්‍යාල පනතෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිහිටවීම සාපේක්ෂ වශයෙන් විශ්වවිද්‍යාල ස්වාධීනත්වය තහවුරු කළ ඉදිරිගාමී පියවරක් බවයි. විශ්වවිද්‍යාල ස්වාධීනත්වය සීමා කළ, එයට පෙර පැවති ව්‍යුහය වන ජාතික උසස් අධ්‍යාපන සභාව අහෝසි කොට පිහිටවනු ලැබූ මෙම ආයතනය අහෝසි කිරීමට නව ප්‍රතිපත්ති රාමුවෙන් යෝජනා කරන්නේ අප ලබාගත් ඉදිරිගාමී පියවර ආපස්සට හැරීමක්ද? මෙය ඉදිරිපත් කර ඇති ආකාරය අනුව, එසේ සැක කිරීම ඉතාම සාධාරණයි.

විමතියට කරුණ නම් මෙම නව ප්‍රතිපත්ති රාමුව තුළ විශ්වවිද්‍යාල ස්වාධීනත්වය පිළිබඳව එකදු හෝ සඳහනක් නොවීමයි. එසේ වෙනුවට පළාත් ආයතනවලට ස්වයං පාලනය ලබාදීම පිළිබඳව සඳහන් කිහිපයක්ම ඇත. මෙම ප්‍රතිපත්ති සම්පාදකයින් එය එතරම් සුළුකොට තැකූයේ ඇයි? පෙර ඉදිරිපත් කරන ලද අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ (2020-2030) විශ්වවිද්‍යාල ස්වාධීනත්වය පිළිබඳ ඉතා සාධනීය ප්‍රවේශයක් ගෙන ඇති අතර, එය ශක්තිමත් කිරීමට යෝජනාද ඉදිරිපත් කර ඇත. නමුත් එම රාමුව එය මුළුමනින්ම නොසලකා හැරීම අප වටහා ගත යුත්තේ කෙසේද? අවසාන වශයෙන් සඳහන් කළ යුත්තේ මෙම නව ප්‍රතිපත්ති  රාමුව ක්‍රියාත්මක වුවහොත් ඉතා බරපතල ගණයේ ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවන බවයි. මෙතෙක් අප අධ්‍යාපනය සම්බන්ධයෙන් ලබාගත් යම් ඉදිරිගාමී පියවරක් වේද එය නැවත ආපස්සට හැරීමේ අවදානමක් මෙහි ඇත. එමෙන්ම  මේ සම්පාදක කරුවන් අවම මට්ටමේ හෝ වෘත්තීය භාවයක් පෙන්වීමට අසමත් වී ඇති බව ද  කනගාටුවෙන් වුවද පැවසුව යුතුව ඇත. මෙම නව ප්‍රතිපත්ති රාමුවේ සැබෑ අරමුණ අප පාඨකයන්ට වැටහී ඇතැයි සිතමු

ආචාර්ය නාලක සමරවීර
මොරටුව විශ්ව විද්‍යාලය

සම්බන්ධිත පුවත් | Related News

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.
නවීන විද්‍යාත්මක දැනුම වනාහි හුදු එක් ශිෂ්ටාචාරයක නිර්මාණයක් නොවන බව නූතන ලෝකය සාමාන්‍යයෙන් පිළිගන්නා කාරණයකි. එසේ වුවද නවීන විද්‍යාව යනු හුදු බටහිර ලෝකයේ පමණක් උපත ලැබූ දැනුම් සමුදායක් බව ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා තවමත් විශ්වාස කරති. ඒ මතය අදටත් වඩා ලෝකය පුරා ජනප්‍රියව පැවති කාලයක ඒ මතයට ප්‍රබල අභියෝගයක් එල්ල කළ එක්තරා සුවිශේෂී විද්වතෙක් බටහිර ලෝකයෙන්ම බිහිවිය. ඒ අදින් අවුරුදු 126කට පෙර බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර උපත ලැබූ ජෝශප් නීඩ්හැම් (Joseph Needham) නමැති ජීව රසායන විද්‍යාඥයාය.
2026 ලෝක කෘත්‍රිම බුද්ධි (AI) සමුළුව සහ ගෝලීය AI පාලනය පිළිබඳ උසස් පෙළේ රැස්වීම ජූලි 17 සිට 20 දක්වා චීනයේ ෂැංහයි නගරයේදී පැවැත්වේ.
සංචාරක නියෝජ්‍ය ඇමති 'මහාචාර්ය' රුවන් රණසිංහ දෙවෙනි වතාවටත් ආතල් එකක් දුන්නා.
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය අර්ධද්වීපයේ පිහිටි වල්ලිපුරම් ප්‍රදේශයෙන් සොයාගත් ඓතිහාසික වල්ලිපුරම් රන් සන්නස පිළිබඳව වැදගත් තොරතුරු රැසක් Next page යූටියුබ් නාලිකාව විසින් ඉදිරිපත් කර තිබේ.
බෝධිසත්ව ගුණෝපේත අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන්ගේ සිතෙහි ජනිත උදාරතර අරමුණක් මල් ඵල දැරීමෙන් යථාර්ථයක් බවට පැමිණි විද්‍යෝදය පිරිවෙණ තිඹිරිගෙය කර ගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ආරම්භ වෙයි.
"තම සපත්තු ලේස් එක ගැටගසා ගැනීමටවත් නොදන්නා වයසේදී, ඒ සුරතල් දෑත්වලට යකඩ මාංචු වැටෙන්නේ කෙසේද? උසාවි කූඩුවක යකඩ කූරු අතරින් බියපත් දෑසින් සමාජය දෙස බලන අවුරුදු දහයට අඩු ඒ 'පුංචි අපරාධකාරයා' නිර්මාණය කළේ ඔහු විසින්මද? නැතහොත් මේ කුහක සමාජ ක්‍රමය විසින්ද?"
අනුර ජනාධිපති වීමෙන් පසුව සිදුකළ ඉන්දියානු සංචාරය අතර තුර ඉන්දියාව එකගතා ඇති වුන (ඇත්තටම සිදු කරන ලද) අවබෝධතා ගිවිසුම් 07 අතරේ තිබුණ දෙපාර්ශවයම එළි නොකරන ලද ශ්‍රම හුවමාරුව (අනියම් එට්කා ගිවිසුම) 2027 සිට ක්‍රියාත්මක වන්නට පිඔුරුපත් සැකසෙමින් තිබේ.
එක්සත් ජනපදය මෑතකදී තම ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කළේය.

ප්‍රධාන පුවත්

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.

ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..

ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන දූෂණවලට එරෙහිව රට පුරා දැවැන්ත ජනතා විරෝධයක් ආරම්භ වී තිබේ.

ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය

මැද පෙරදිග පිහිටි තම ගුවන් ආරක්ෂක පද්ධති ඉරාන මිසයිලවලට එරෙහිව ප්‍රමාණවත් ලෙස ක්‍රියා නොකරන බවට එක්සත් ජනපදය තුළ දැඩි කනස්සල්ලක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය කිහිපයක් නම සඳහන් කිරීමට අකමැති වූ ඇමරිකානු හමුදා නිලධාරීන් උපුටා දක්වමින් පවසයි.

බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා

පුරාවිද්‍යා කොමසාරිස් සහ සුමන්තිරන්ලා රහසිගතව මුණගැසීම පිළිබඳව ලංකා ලීඩර් වෙත අදහස් දැක්වූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ එම ක්‍රියාවලිය තුළ උතුර සහ නැගෙනහිර පළාත්වල සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ධුර 4ක් සඳහා පිටතින් බඳවා ගැනීම සඳහා නව තරග විභාගයක් පවත්වන බවය.

මීගමුව නගරාධිපති පල්ලියට එරෙහි වුනා.. ඒකයි එයාට ඉල්ලා අස්වෙන්න සිදුවුණේ.. - මීගමුව හිටපු නාගරික මන්ත්‍රීවරයකු හෙළිකරයි

පාස්කු ප්‍රහාරය පිළිබඳව කතෝලික පල්ලියේ පූජකවරු විසින් එක් එක් කාලවලදී විවිධ ප්‍රකාශ සිදුකරන බවත්, කතෝලික සභාව දේශපාලනය කරමින් සිටීම නිසා කතෝලික බැතිමතුන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් පවසමින් මීගමුව නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයකු විසින් අන්තර්ජාල නාලිකාවකට ප්‍රකාශයක් ලබාදෙමින් විශේෂ හෙළිදරව් කිරීමක් රැසක් සිදුකර තිබේ.

ඉරානයට එරෙහි මහා පරිමාණ යුද්ධයකට ඇමරිකාව සූදානම් වෙනවා -Washington Post/Wall Street Journal පුවත්පත් වාර්තා පවසයි

එක්සත් ජනපදය ඉරානයට එරෙහිව මහා පරිමාණ හමුදා ක්‍රියාමාර්ගයක් සඳහා සූදානම් වෙමින් සිටින අතර, මැද පෙරදිග කලාපයේ තම හමුදා පැවැත්ම තවදුරටත් ශක්තිමත් කරමින් සිටින බව Washington Post පුවත්පත ඇමරිකානු නිලධාරියෙකු උපුටා දක්වමින් වාර්තා කර ඇත.

සුරේෂ් සලේගේ රැඳවුම් නියෝග වහා හකුලා ගන්නා ලෙස බලකරමින් ප්‍රංශයේදී පැවති විරෝධතාව..

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට පනවා ඇති රැඳවුම් නියෝග වහාම හකුලා ගන්නා ලෙස බලකරමින් ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.

අවුරුදු 13ක් ඉස්කෝලෙ යන එක කාලය කා දැමීමක් කියලා මිනිස්සු කියනවා.. - අගමැති හරිනි

වර්තමාන පාසල් අධ්‍යාපන ක්‍රමය තුළ වසර 13ක කාලයක් ගත කිරීම කාලය නාස්ති කිරීමක් බවට සමාජය තුළ මතයක් ගොඩනැගී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.