News Category
From Date
To Date
Maximum Number of Result

නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව 13 ට එහා ගොස් 13+ යෝජනා කිරීමක් ද?... ව්‍යවස්ථාවත් අභියෝගයට ලක්වෙනවාද? - අධ්‍යාපන විශේෂඥයන්ගෙන් අනාවරණයක්


රජය විසින් පත්කරන ලද කමිටුවක් විසින් සකස් කරන ලද නව ජාතික ප්‍රතිපත්ති රාමුව පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණය කාරක සභාව වෙත  ඉදිරිපත් කර ඇති බවත්, මෙම නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ප්‍රමාණවත් සංවාදයක් රට තුළ තවමත් ගොඩ නැගී නොතිබීම කනගාටුදායක තත්ත්වයක් බවත් මෙම නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පිළිබඳව විග්‍රහයක යෙදෙමින් මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය නාලක සමරවීර මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් වන ලිපියක් සම්පාදනය කරමින් ඒ මහතා සඳහන් කරන්නේ ප්‍රතිපත්ති රාමුවේ අන්තර්ගතය විමසා බැලූ විට පෙනී යන්නේ එම කෙටුම්පත පූර්විකාවේ සඳහන් කරන කාරණයට මුළුමනින්ම පරස්පර, රටේ ව්‍යවස්ථාවද අභියෝගයට ලක් කරමින් ලියැවී ඇති ඉතාම දුර්වල සහ උත්ප්‍රාසජනක ලියවිල්ලක් බවයි.

වත්මන් ව්‍යවස්ථාවේ උසස් අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපන ආයතන පිහිටවීම සමගාමී ලැයිස්තුවේ සඳහන් කාර්යයක් වන අතර මධ්‍යම සහ පළාත් ආණ්ඩුව යන දෙපාර්ශ්වයටම එහි බලතල පවරා ඇති බවද, නමුත් මෙම ප්‍රතිපත්ති රාමුව මෙම බලතල මධ්‍යම ආණ්ඩුවෙන් උදුරා පළාත් ආණ්ඩුවලට පවරාදීමේ භයානක ප්‍රතිපත්තියක් හඳුන්වාදී ඇති බවද ඒ මහතා පෙන්වා දී තිබේ.

එයින් ද නොනැවතී දැනට පවත්නා විශ්වවිද්‍යාල පළාත් විශ්වවිද්‍යාල බවට පත් කිරීමේ නීති ගෙන ඒමට යෝජනා කරන බවත් පවසන ඒ මහතා, මෙය දේශපාලනයේ ප්‍රකට භාෂාවෙන් පවසන්නේ නම් දහතුනට එහා ගොස් 13+ යෝජනා කිරීමක් බවත් පෙන්වා දෙයි.

ආචාර්ය නාලක සමරවීර මහතා මේ සම්බන්ධයෙන් සම්පාදනය කර ඇති සවිස්තරාත්මක ලිපිය පහළින්...

නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ අරමුණ සැබෑවටම කුමක්ද?

රජය විසින් පත්කරන ලද කමිටුවක් විසින් සකස් කරන ලද නව ජාතික ප්‍රතිපත්ති රාමුව පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණය කාරක සභාව වෙත  ඉදිරිපත් කර ඇත. මෙම නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ප්‍රමාණවත් සංවාදයක් රට තුළ තවමත් ගොඩ නැගී නොතිබීම කනගාටුදායක තත්ත්වයකි. මෙම නව ප්‍රතිපත්ති රාමුව පිරික්සීමේදී මතුවන ප්‍රධාන ගැටලුව නම්, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් 2020-2030 කාල ප්‍රාන්තරය සඳහා ඉදිරිපත් කළ විස්තීරණ අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් තිබියදීත්, එය මුළුමනින්ම නොසලකා හැර නව ප්‍රතිපත්ති රාමුවක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය කුමක්ද යන්නයි. ඒ සඳහා පිළිතුරු දීමේ උත්සාහයක් එහි පූර්විකාව ආරම්භයේදී දක්නට ඇත. එනම්, 2020 වසරේදී ඇති වූ කෝවිඩ් වසංගතය තුළින් ඇති වූ ආර්ථික අභියෝග හමුවේ යළිත් ආර්ථික ස්ථාවරතාවය ඇති කර සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ පූර්ණ ප්‍රතිසංස්කරණයක් සිදු කිරීමට ඇති අවශ්‍යතාවයයි. නමුත් ප්‍රතිපත්ති රාමුවේ අන්තර්ගතය විමසා බැලූ විට පෙනී යන්නේ එම කෙටුම්පත පූර්විකාවේ සඳහන් කරන කාරණයට මුළුමනින්ම පරස්පර, රටේ ව්‍යවස්ථාවද අභියෝගයට ලක් කරමින් ලියැවී ඇති ඉතාම දුර්වල සහ උත්ප්‍රාසජනක ලියවිල්ලක් බවයි.

මෙම ප්‍රතිපත්ති රාමුව මැනවින් වටහා ගැනීම සඳහා එහි පදනම ලෙස සලකන මූලධර්ම වෙත අවධානය යොමු කළ යුතුය. එහි සඳහන් වන ආකාරයට තෙවදෑරුම් මූලධර්මයන් මත මෙය සකස් කර ඇත. එනම් ඉගෙනුම්, ඉගැන්වීම් සහ සහතික කිරීම, යහ කළමනාකරණය, ආයෝජන සහ සම්පත්ය. මෙම ලිපියේ අරමුණ වන්නේ “යහ කළමනාකරණය” මත පදනම් වූ යෝජනා සම්බන්ධයෙන් විචාරයට ලක් කොට පාඨක අවධානයට යොමු කරවීමයි. නව ප්‍රතිපත්ති රාමුවේ “යහ කළමනාකරණය” පහත පරිදි අර්ථ දක්වා ඇත:

"යහ කළමනාකරණය මධ්‍යම රජයට ආයතන පද්ධති වෙත සීමා සහිත බලයක් ලබාදීමේ මූලධර්මය මත පිහිටමින් විමධ්‍යගත වූ හා ස්වයං පාලනයක් සඳහා වැඩි අවකාශ සැලසීම සහතික වනු පිණිස, රාජ්‍ය සහ රාජ්‍ය නොවන මෙන්ම පෞද්ගලික යන සියලු අංශවල ක්‍රියාකාරීන් සහ ආයතන පද්ධති හඳුනාගෙන ඔවුන් එම පාර්ශවකරුවන්ගේ භූමිකාවන් හා කාර්යයන් පැහැදිලිව නිර්වචනය කිරීම සහ අවසන් ප්‍රතිඵල සියල්ල ජාතික ප්‍රමිතීන්ට අනුකූල වීම සහතික කිරීම පිණිස ඉහළ සිට පහළට තීරණ ගැනීම අවම කිරීම මෙන්ම පද්ධතියේ විවිධ වූ ආයතන හුදකලාව ක්‍රියා කිරීම වැලැක්වීම."

මේ වනාහී අරුම පුදුම මූලධර්මයකි. මෙහි සඳහන් මධ්‍යම රජයේ බලතල සීමා කිරීම සහ විමධ්‍යගත ස්වයං පාලන තත්ත්වයක් දක්වා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ බලය මෙම ප්‍රතිපත්ති සම්පාදක කරුවන්ට පවරාදෙන ලද්දේ කවුරුන්ද? එසේ කිරීමට ව්‍යවස්ථානුකූලව හිමිකමක් තිබේද? මධ්‍යම රජයේ සීමා කළ බලතල කවරේද, කවර නම් බලතල විමධ්‍යගත කළ යුතු ද යන්න තීරණය කරන්නේ රටේ ව්‍යවස්ථාවෙනි. දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනයේ ඉතා පැහැදිලිව මධ්‍යම රජයේ බලතල සහ පළාත් සභා බලතල ප්‍රමාණවත් පරිදි අර්ථ දක්වා ඇත. එයට අනුකූලව ප්‍රතිපත්ති සම්පාදනය කරනවා විනා, ඉන් එපිටට ගොස් ක්‍රියාත්මක වීමේ බලතල ප්‍රතිපත්ති සම්පාදකයන්ට තිබිය නොහැක. මෙවැනි මූලධර්ම මත පිහිටවීමේ බරපතළ භාවය වටහා ගැනීමට නව ප්‍රතිපත්ති රාමුවේ 7.4 ඡේදය පහත උපුටා දක්වා ඇත. 

“ 7.4 පළාත් අධ්‍යාපන මණ්ඩල; පළාත්වලට විශේෂිත වූ අවශ්‍යතා සහ තත්වයන්ට ගැලපෙන අයුරින් ජාතික ප්‍රතිපත්ති වලට අනුගත වෙමින් අධ්‍යාපන ප්‍රතිපත්ති සහ භාවිතයන් සකස් කර ඇති බව සහතික කිරීම පිණිස ජාතික ප්‍රමිතීන් තුළ එහෙත් ස්වයං පාලනයක් ඇතිව පළාත් නවයේ පළාත් අධ්‍යාපන මණ්ඩල ස්ථාපනය කෙරෙනු ඇත. පළාත් අධ්‍යාපන මණ්ඩල මඟින් ජාතික ප්‍රමිතීන්ට අනුකූල වන අයුරින් නව විද්‍යාල (Colleges) සහ පළාත් විශ්ව විද්‍යාල පිහිටුවනු ඇත.”

මෙහි අපට පැහැදිලි වන අර්ථය නම් ජාතික ප්‍රතිපත්ති වලට යටත්ව, එහෙත් ස්වයංපාලනයක් සහිත පළාත් අධ්‍යාපන මණ්ඩල බිහිකිරීමයි. මෙය ඉතා පැහැදිලිව දැනට පවතින ව්‍යවස්ථාව ඉක්මවා යාමකි. ව්‍යවස්ථාවේ පරිශිෂ්ටය III අධ්‍යාපනය (9) යටතේ ඉතා පැහැදිලිව දක්වා ඇති පරිදි, පළාත්බද අධ්‍යාපන මණ්ඩල සඳහා පවරා ඇත්තේ උපදේශන කාර්යයි. පාඨකයාගේ පහසුව සඳහා, ව්‍යවස්ථාවේ එය සදහන් කර ඇති අයුරු පහත උපුටා දක්වා ඇත. 

“පරිශිෂ්ටය III අධ්‍යාපනය (9) උපදේශක කර්තව්‍ය භාර පළාත්බද අධ්‍යාපන මණ්ඩල පත් කිරීම, අධ්‍යාපන අමාත්‍යවරයාගේ වගකීම වන්නේය. එහෙත් මෙය පළාත් බද අධිකාරියේ ප්‍රධාන අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව කරනු ලැබේ.”

ව්‍යවස්ථානුකූලව පවරා ඇති උපදේශන කාර්ය ඉක්මවා ගොස් ස්වයං පාලන බලතල පළාත් බද අධ්‍යාපන මණ්ඩලයට පැවරීම ඉතා බරපතල තත්ත්වයකි. අපට අනුව නම් මෙය ඒකීය රාජ්‍ය මූලධර්මයට අභියෝග  කිරීමකි. සියලු අවශේෂ රාජ්‍ය ව්‍යුහයන්ට ඉහළින් මධ්‍යම ආණ්ඩුව පිහිට වීම ඒකීය රාජ්‍ය ව්‍යුහයේ මූලික ලක්ෂණයක් බව මතක් කර දිය යුතුය. ඒකීය රාමුවක් තුළ පිහිටවා ඇති ශ්‍රී ලංකා ව්‍යවස්ථාව තුළ කිසිම ලෙසක ස්වයං පාලන බලතල විමධ්‍යගත කිරීම අනුමත නොකෙරෙන්නේ ය.

වත්මන් ව්‍යවස්ථාවේ උසස් අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපන ආයතන පිහිටවීම සමගාමී ලැයිස්තුවේ සඳහන් කාර්යයක් වන අතර මධ්‍යම සහ පළාත් ආණ්ඩුව යන දෙපාර්ශ්වයටම එහි බලතල පවරා ඇත. නමුත් මෙම ප්‍රතිපත්ති රාමුව මෙම බලතල මධ්‍යම ආණ්ඩුවෙන් උදුරා පළාත් ආණ්ඩුවලට පවරාදීමේ භයානක ප්‍රතිපත්තියක් හඳුන්වාදී තිබේ. එයින් ද නොනැවතී දැනට පවත්නා විශ්වවිද්‍යාල පළාත් විශ්වවිද්‍යාල බවට පත් කිරීමේ නීති ගෙන ඒමට යෝජනා කරයි. එය සඳහන් වන්නේ 7.8 ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාව නම් ඡේදයේය. එය කොටස් වශයෙන් පහත උපුටා දක්වමු.

“නව විශ්ව විද්‍යාල පිහිටුවීම පළාත් සභා යටතේ සිදු කරනු ඇති අතර දැනටමත් පළාත් බදව පවතින උපාධි ප්‍රදානය කරන ආයතන නව නීතියක් යටතේ පළාත් විශ්ව විද්‍යාල බවට පත් වනු ඇත.”

පෙර අප මතු කළ ප්‍රශ්නයම නැවතත් මෙහිදී මතු කළ යුතුය. ව්‍යවස්ථාවේ සමගාමී කාර්යයක් ලෙස අර්ථ දැක්වූ උසස් අධ්‍යාපන ආයතන පිහිටුවීමේ බලය පළාත් සභා කාර්යයක් ලෙස පමණක්ම අර්ථ දැක්විය හැකිද? මෙය දේශපාලනයේ ප්‍රකට භාෂාවෙන් පවසන්නේ නම් දහතුනට එහා ගොස් 13+ යෝජනා කිරීමකි. පහත දැක්වෙන්නේ අප ව්‍යවස්ථාවේ උසස් අධ්‍යාපන සම්බන්ධව සමගාමී ලැයිස්තුවේ සඳහන් වෙන කාර්යභාරයයි.

“4.උසස් අධ්‍යාපනය -

4:1 අලුත් විශ්ව විද්‍යාල පිහිටුවා පවත්වා ගෙන යාම;

4:2 1985 අංක 7 දරන විශ්ව විද්‍යාල (සංශෝධන) පනත යටතේ උපාධි ප්‍රදානය කරන ආයතන සහ තෘතීයික, කාර්මික සහ ප්‍රාග්-විද්‍යාල අධ්‍යාපනය සහ පුහුණුව සඳහා වෙනත් ආයතන පිහිටුවීම.”

ඉන්දියානු ව්‍යවස්ථාවේ ද අධ්‍යාපනය සමගාමී කාර්යයක් ලෙස හතළිස් දෙවැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ඇතුළත් කර ඇත. ප්‍රාන්ත ලැයිස්තුවේ සිට සමගාමී ලැයිස්තුවට අධ්‍යාපනය ගෙන ඒමේ දී ගොඩනැගුණු මූලික තර්කයක් නම් අධ්‍යාපනය විශේෂයෙන්ම උසස් අධ්‍යාපනය ජාතික වැදගත්කමක් ලෙස සලකා ගොඩ නැගිය යුතු බවයි. අනෙක් අතට එහි අදහස නම් ප්‍රාදේශීයවාදය කිසිසේත්ම මූලික නොවිය යුතු බවයි. මෙම නව ප්‍රතිපත්තිය, උසස් අධ්‍යාපනය ප්‍රාදේශීයවාදයකට සිරකොට අපව  ආපස්සට කැඳවාගෙන යාමට යෝජනා කරයි. 

එවැනිම බරපතල තත්ත්වයක් 7.10 ඡේදය තුළද දක්වා ඇත.

“7.10 ජාතික බලධාරීන්, පළාත් බලධාරීන් සහ අධ්‍යාපන මණ්ඩල විසින් නියම කර ඇති මාර්ගෝපදේශ ඇතුලත සියලුම අධ්‍යාපන සේවා සම්පාදකයින් සඳහා පරිපාලන, මූල්‍ය, මානව සම්පත් කළමනාකරණ සහ සිසුන් තෝරා ගැනීම සම්බන්ධයෙන් ස්වයං පාලනය හිමි වනු ඇත.”

අධ්‍යාපන සේවා සම්පාදකයින්ට ස්වයං පාලන බලතල හිමි විය යුත්තේ ඇයි? සිසුන් තෝරා ගැනීම සම්බන්ධව ස්වයං පාලන බලතල යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? මෙම ප්‍රකාශය ඉතා බරපතල තත්ත්වයක් නිර්මාණය කිරීමේ අවදානමක් ඇත. සියලු ආකාරයේ ජනවාර්ගික, ආගමික, හා සමාජ තත්ත්වයන් ආදී වෙනස්කම් නොසලකා මෙතෙක් අප අනුගමනය කළ  විශ්ව විද්‍යාල සඳහා සිසුන් බදවා ගැනීමේ පටිපාටිය  උල්ලංඝනය වීමේ අවදානමක් මෙහිදී  පෙනී යයි. 

මෙතැන් සිට අප අවධානයට යොමු කරන්නේ නව ප්‍රතිපත්ති රාමුව විසින් යෝජනා කරන ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාව පිළිබඳවයි. මෙම නව ආයතනය දැනට පවතින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අහෝසි කරන අතර එහි කාර්යභාරය පහත සඳහන් ලෙස අර්ථ දක්වා ඇත: 

“7.8 ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාව; වර්තමාන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යෝජිත ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාව (NHEC) මඟින් ප්‍රතිස්ථාපනය කරනු ඇති අතර රට තුල ක්‍රියාත්මක සමස්ථ උසස් අධ්‍යාපනය, ජාතික ප්‍රතිපත්ති වලට හා අන්තර් ජාතික ප්‍රමිතීන්ට අනුගතව සම්බන්ධීකරණය කිරීම සහ රාජ්‍ය, රාජ්‍ය නොවන, ජාතික හා පළාත් යන සෑම ආකාරයක් යටතේ ස්ථාපිතව ඇති සියලු උසස් අධ්‍යාපන ආයතන විසින් නිකුත් කරන සියලුම උපාධි, පශ්චාත් උපාධි, පශ්චාත් උපාධි සහ උපාධිවලට සමාන අධ්‍යයන ප්‍රමිතීන් පවත්වා ගැනීම සඳහා වග කියනු ඇත.”

මෙම යෝජනාව සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස සමස්ත විශ්වවිද්‍යාල ප්‍රජාවගෙන් ඉල්ලා සිටිමු. මෙම නව ප්‍රතිස්ථාපනය සම්බන්ධයෙන් ප්‍රධාන ගැටලු කීපයක් මතුවේ. පළමුව නව ආයතනය කුමක් සඳහාද? දැනට පවතින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් යම් කාර්යභාරයක් සිදු නොවේ නම්, එය ඉතා පහසුවෙන්ම පවතින පටිපාටියට ඇතුළත් කර ගැනීමේ හැකියාව තිබුණි. එය එසේ නොවී, සමස්ත ආයතනයම අහෝසි කිරීමත් දක්වා යෝජනා කෙරෙන්නේ ඇයි? දැනට පවතින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ කාර්යභාරය පුළුල් වපසරියක පැතිරී පවතී. උදාහරණයක් ලෙස, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සැලසුම් කිරීම සහ සම්බන්ධීකරණය කිරීම, උසස් අධ්‍යාපන ආයතන සඳහා මූල්‍යය නියම කිරීම සහ මෙම ආයතනවල පරිපාලනයක් නියාමනය කිරීම, අධ්‍යයන සම්මතයන් පවත්වා ගැනීම, සහ උසස් අධ්‍යාපන ආයතනවලට ශිෂ්‍යන් ඇතුළත් කිරීම නියාමනය කිරීමේ තීරණාත්මක කාර්යභාරයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැවරී ඇත. මෙහිදී අපට හැඟී යන ආකාරයට පිහිටවීමට යෝජනා කරන නව ආයතනය, හුදෙක් ජාතික ප්‍රතිපත්තීන්ට අනුකූලව ප්‍රමිතීන් පවත්වාගෙන යාමේ ආයතනයක් පමණි. 

මෙකී නව ආයතනය එම පුළුල් වපසරියෙන් නිදහස් කෙරෙන්නේ නම්, එම කාර්යයන්හි වගකීම කාටද පැවරෙන්නේ? ඉහත සඳහන් කළ ස්වයංපාලන බලයක් දීමට යෝජනා කරන ප්‍රාදේශීය ආයතනවලටද? මෙම තත්ත්වය සරල තත්ත්වයක් නොවන බව ඉතා වගකීමෙන් පැවසිය යුතුය. උදාහරණයක් ලෙස, විශ්වවිද්‍යාල සඳහා මුදල් වෙන් කිරීම සලකා බලමු. නව ප්‍රතිපත්ති රාමුව යෝජනා කරන ලෙස, විශ්වවිද්‍යාල සඳහා මුදල් වෙන් කිරීම පළාත් ආණ්ඩු වල කාර්යභාරයක් වනු ඇත. නමුත් පළාත් පාලන ආයතන මූලික ලෙස සිය කටයුතු පවත්වාගෙන යන්නේ මධ්‍යම ආණ්ඩුවෙන් ලබාගන්නා මුදලින් බව ප්‍රකට කරුණකි. මෙවැනි තත්ත්වයක් තුළ, විශ්වවිද්‍යාල සඳහා ප්‍රමාණවත් මුදලක් වෙන් කෙරෙන බවට සහතික විය හැකිද? විවිධ පළාත් සභා විශ්වවිද්‍යාල පිළිබඳව කුමන ආකල්පයකින් කටයුතු කරයිද? මධ්‍යම ආණ්ඩුවේ මුදල් සෘජුවම විශ්වවිද්‍යාල සඳහා ලබා නොදී, පළාත් ආණ්ඩු තුළින් ලබාදීමේදී සිදුවිය හැකි අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව කොතරම්ද? පළාත් සභා දේශපාලනඥයන්ගේ ආකල්ප සහ ප්‍රමුඛතා විශ්වවිද්‍යාල සඳහා කෙසේ බලපායිද? කෙටියෙන්ම පවසන්නේ නම්, ප්‍රාදේශීය දේශපාලන ගතිකයන් සමඟ අප විද්‍යාර්ථයින්ට කුමන ආකාරයෙන් ගනුදෙනු කිරීමට සිදුවේද?

අධ්‍යාපන අමාත්‍යාංශය සහ විශ්ව විද්‍යාල අතරමැදි  ආයතනයක් ලෙස කටයුතු කරමින්, සෘජු දේශපාලන අත ගැසීම් වලින් මුදවා විශ්ව විද්‍යාල ස්වාධීනත්වය ආරක්ෂා කිරීමේ ගෞරවනීය වගකීම මෙතෙක් දරා සිටියේ විශ්වවිද්‍යාල කොමිෂන් සභාවයි. අපේ කලාපීය රටවල් වන ඉන්දියාව, පකිස්ථානය, හා බංග්ලාදේශය ද විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ ආකෘතියට සමාන ආයතන පවත්වාගෙන යන්නේ මෙය සඳහාය. එපමණක් නොව, ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ගොඩනැගුණු ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ, 1978 විශ්වවිද්‍යාල පනතෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිහිටවීම සාපේක්ෂ වශයෙන් විශ්වවිද්‍යාල ස්වාධීනත්වය තහවුරු කළ ඉදිරිගාමී පියවරක් බවයි. විශ්වවිද්‍යාල ස්වාධීනත්වය සීමා කළ, එයට පෙර පැවති ව්‍යුහය වන ජාතික උසස් අධ්‍යාපන සභාව අහෝසි කොට පිහිටවනු ලැබූ මෙම ආයතනය අහෝසි කිරීමට නව ප්‍රතිපත්ති රාමුවෙන් යෝජනා කරන්නේ අප ලබාගත් ඉදිරිගාමී පියවර ආපස්සට හැරීමක්ද? මෙය ඉදිරිපත් කර ඇති ආකාරය අනුව, එසේ සැක කිරීම ඉතාම සාධාරණයි.

විමතියට කරුණ නම් මෙම නව ප්‍රතිපත්ති රාමුව තුළ විශ්වවිද්‍යාල ස්වාධීනත්වය පිළිබඳව එකදු හෝ සඳහනක් නොවීමයි. එසේ වෙනුවට පළාත් ආයතනවලට ස්වයං පාලනය ලබාදීම පිළිබඳව සඳහන් කිහිපයක්ම ඇත. මෙම ප්‍රතිපත්ති සම්පාදකයින් එය එතරම් සුළුකොට තැකූයේ ඇයි? පෙර ඉදිරිපත් කරන ලද අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවේ (2020-2030) විශ්වවිද්‍යාල ස්වාධීනත්වය පිළිබඳ ඉතා සාධනීය ප්‍රවේශයක් ගෙන ඇති අතර, එය ශක්තිමත් කිරීමට යෝජනාද ඉදිරිපත් කර ඇත. නමුත් එම රාමුව එය මුළුමනින්ම නොසලකා හැරීම අප වටහා ගත යුත්තේ කෙසේද? අවසාන වශයෙන් සඳහන් කළ යුත්තේ මෙම නව ප්‍රතිපත්ති  රාමුව ක්‍රියාත්මක වුවහොත් ඉතා බරපතල ගණයේ ප්‍රතිවිපාක වලට මුහුණ දීමට සිදුවන බවයි. මෙතෙක් අප අධ්‍යාපනය සම්බන්ධයෙන් ලබාගත් යම් ඉදිරිගාමී පියවරක් වේද එය නැවත ආපස්සට හැරීමේ අවදානමක් මෙහි ඇත. එමෙන්ම  මේ සම්පාදක කරුවන් අවම මට්ටමේ හෝ වෘත්තීය භාවයක් පෙන්වීමට අසමත් වී ඇති බව ද  කනගාටුවෙන් වුවද පැවසුව යුතුව ඇත. මෙම නව ප්‍රතිපත්ති රාමුවේ සැබෑ අරමුණ අප පාඨකයන්ට වැටහී ඇතැයි සිතමු

ආචාර්ය නාලක සමරවීර
මොරටුව විශ්ව විද්‍යාලය

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වාගේ සභාපතිත්වයෙන් කෙරුණු ජනාධිපති කොමිසමේ වාර්තාවේ මෙතෙක් අවධානයට ලක් නොවූ සුවිශේෂී කාරණයක් තිබෙනවා.
ඊයේ මම දැක්කා කාදිනල්තුමා කියනවා උදය ගම්මන්පිළ පෙන්නපු වාර්ථාව එයා පිළිගන්නේ නෑ, එයා පිළිගන්නේ සිරිසේන පත්කරපු ගෝඨාභය අවසන් කරපු ජනාධිපති කොමිසමේ නිර්දේශ විතරයි කියලා.
විශ්‍රාමික විනිශ්චකාරවරුන් ගෙන් සැදුම්ලත් ජනාධිපති විමර්ශණ වාර්ථා දෙකකින් එකක නිර්දේශ ඊයේ දින (21.10.24) උදය ගම්මන්පිළ සමාජගත කරන ලදි.
ගමිමන්පිළ එළි කරපු විජිත හේරත් අපහාස කරන හිටපු විශ්‍රාමලත් (ඔය කියන වැඩ තහනමෙන් පස්සේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් මහාධිකරණයේ විනිසුරුවරියක් ලෙස ඉහළට ගිය) කෑගල්ල මහාධිකරණ ප්‍රධාන විනිශ්චකාර පදවිය දැරූ ආඩම්බරකාරගේ අලිවිස් මහත්මිය හරහා හිටපු ජනාධිපති රනිල්ට කරුණු දැන ගැනීමට පත්කල විමර්ශණ වාර්ථාවේ ඇත්තටම ගත යුත්තක් නැද්ද?
Question: Let me commence with BRICS. A significant number of countries, approximately 30 or perhaps more, have voiced their intention to join this group. Notably, Türkiye, a NATO member, which was rather surprising to me. Conversely, it has been reported that Kazakhstan, through the statement of President Kassym-Jomart Tokayev's Press Secretary, has expressed no intention of joining BRICS in the foreseeable future. Why is there such activity and interest in this group of nations? Why is everyone invited to join it? What are the future prospects for BRICS? Is it not in competition with other international entities?
පසුගිය ජනපතිවරණයේ ප්‍රථිඵල ලැබීමෙන් පසුව පෙර සබඳතා සිහිකරමින් හා සුබපතමින් විමල් වීරවංශ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඉවත් වුනා. විමල්ගේ එම ක්‍රියාව වාම කඳවුරේ ජයකින් අභිප්‍රේරණයක් නිසා සිදුවූ අනිච්ඡානුගත ක්‍රියාවක්ද යන්න තවම පැහැදිලි නැතිමුත් විමල්ගේ එම සුබපැතුම 3% නේ ජවිපාවෙක් හා මාලිමා ප්‍රභලයෙක් විසින් ඉතා අවඤ්ඤා සහගතව බැහැර කර තිබුනා
පාස්කු ප්‍රහාරය පිළිබඳව කොමිෂන් සභා වාර්තාව ජනතා ලියැවිල්ලක් බවට පත් කළ යුතු යැයි? මෙලෙස කියන්නේ අප නොවේ..
වර්තමානයේ රටේ සමස්ත අධ්‍යාපනය දැඩි අර්බුදයක පවතින බවත්, දශක ගණනාවක සිට ක්‍රමයෙන් වර්ධනය වූ මෙම අර්බුදය අද තීරණාත්මක තැනකට එළඹී ඇති බවත් විශේෂඥ වෛද්‍ය හැරිස් පතිරගේ මහතා පවසයි.
අද (ඔක්තෝබර් 10) ලෝක මානසික සෞඛ්‍ය දිනයයි. ලෝක මානසික සෞඛ්‍ය දිනයේ අරමුණ වන්නේ ලොව පුරා මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳව දැනුවත් කිරීම සහ මානසික යහපැවැත්ම සඳහා ඉහළ මට්ටමේ සහයෝගයක් ලබා දීමයි.

ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාවේ සංවර්ධන අවශ්‍යතා පිළිබඳ සම්පූර්ණ ඇගයීමක් කිරීමට චීනය කටයුතු කරනවා - ශ්‍රී ලංකාවේ චීන තානාපති

නව වසරේදී ශ්‍රී ලංකාවේ නව රජයේ සංවර්ධන අවශ්‍යතා පිළිබඳ සම්පූර්ණ ඇගයීමක් කිරීමට චීන රජය කටයුතු කරන බවත්, එහිදී ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසකට චීනයේ දී පුහුණු ලබාදීමටත් එම පුහුණු වැඩසටහන් නිශ්චිත විෂයන්ට අදාළව වඩාත් ඵලදායී ආකාරයට සිදුකිරීමට අපේක්ෂා කරන බවත් මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පවසයි.

බොරු කියපු නිසා හරිනි අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි - හිටපු ජනපති රනිල් කියයි

උදය ආර් සෙනෙවිරත්න වාර්තාව සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ධුරයෙන් හරිනි අමරසූරිය මහත්මිය ඉල්ලා අස්විය යුතු බවත් අසත්‍ය පැවසූ පසු ඉල්ලා අස්වීම සම්ප්‍රදායක් බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

"The Island" පුවත් පතේ ලින් ඔකර්ස් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන්නන් විසින් මෙහෙයවනු ලබන්නෙක්දැයි සැකයි - ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය

අද (31) "The Island" පුවත් පතේ පලවූ "Economic stress set to heighten globally as conflicts rage (ගැටුම් උග්‍ර වන විට ගෝලීය වශයෙන් ආර්ථික පීඩනය ඉහළ යයි)" ලිපියේ සඳහන් සාවද්‍ය කරුණු සම්බන්ධයෙන් රුසියානු තානාපති කාර්යාලය සිය නොසතුටට පළ කර සිටියි.

කියුබාවට අත නොතබනු!එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී ලෝක ජනයා ඇමරිකාවට තදින් කියයි

දශක හයකට වැඩි කාලයක් කියුබාවට එරෙහිව වොෂින්ටනය පනවා ඇති සම්බාධකවලට එරෙහිව ජාත්‍යන්තර ප්‍රජාව නැවත වරක් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී ඊයේ(30) ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කළේය.

පාස්කු ප්‍රහාර විමර්ශන කමිටු වාර්තාවලින් චෝදනා ලැබූ රවි, ශානි රජයේ ඉහළ තනතුරුවල රඳවා ගැනීම සදාචාරාත්මක ද? - ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජනපති අනුරගෙන් අසයි

පාස්කු ප්‍රහාරය පිළිබඳව ජනකි අල්විස් කොමිසමේ නිර්දේශ නිරාවරණය වූ පසුව ශානි අබේසේකර හා රවි සෙනවිරත්න යන අයවළුන් තවදුරටත් පාස්කු ප්‍රහාරය සෙවීමේ කාර්යයට සහ පොලිසියේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහල තනතුරුවල රඳවා ගැනීම සදාචාරාත්මක නොවන බව පෙන්වා දෙමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ජනාධිපතිවරයා වෙත නිවේදනයක් යොමුකර තිබේ.

මග පෙන්වන විපක්ෂයක භූමිකාව ඉෂ්ඨ කිරීම වෙනුවෙන් මැතිවරණයට ඉදිරිපත් වෙනවා... තරුණ්‍යයේ හීන මියගිය බිමක එම හීන යථාර්ථයක් කිරීම වෙනුවෙන් කැප වෙනවා - උවිඳු මහනුවරදී කියයි

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා දෙවන පරපුර පක්ෂයෙන් මහනුවර දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ ජනහමු මාලාව දෙවන පරපුරේ නායක, උවිඳු විජේවීර මහතාගේ සහභාගීත්වයෙන් පෙරේදා (29) දින දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි පැවැත්විණි.

රන්ජන්ගේ පක්ෂය පුපුරයි! ඇතුළේ ගේම් රැසක් හෙළිවෙයි (වීඩියෝ)

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂය කාගෙදැයි ප්‍රශ්නයක් මතුවී ඇති බවත්, ව්‍යවස්ථාව කුමන පක්ෂයකදැයි ප්‍රශ්නයක් පැන නැගී ඇති බවත් එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ අපේක්ෂකයන් ප්‍රශ්න කරයි.

රවි සහ ශානි පාස්කු ප්‍රහාරයේ විමර්ශන සිදු කළ යුතුම යැයි ආණ්ඩුව කියන්නේ ඊබ්‍රහීම්ව බේරගන්න... තමන්ගේ සගයන් බේරාගන්න ආණ්ඩුව රටේ නීතියේ ආධිපත්‍ය කුඩුපට්ටම් කරන්න සැරසෙනවා - ගම්මන්පිලගෙන් ආණ්ඩුවට දැඩි ප්‍රහාරයක් (වීඩියෝ)

ආණ්ඩුව පාස්කු ප්‍රහාරය පිළිබඳව විර්ශනය කළ කමිටු වාර්තා දෙකම ප්‍රතික්ෂේපකර ඇති බවත්, අල්විස් කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන අවස්ථාවේ විජිත හේරත් ඇමැතිවරයා හේතුව ලෙස පැවසුවේ සභාපති විනිසුරුවරියට විෂමාචාර චෝදනා ඇති නිසා එම කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන බව යැයි ද, එහෙත් එම විනිසුරුවරිය විෂමාචාර චෝදනාවට වැරැදිකරු බවට ඔප්පුකරන ලෙස තමන් පැවසූ විට ඇමැතිවරයා නිහඩව සිටි බවත්, එබැවින් ඔහු පැවසූ බොරුව දැන් හෙළිවී ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය නගාසිටුවීමට රුසියාවේ සහාය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති පොරොන්දු වෙයි

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් සංවිධානය කරන ලද “Gem Sri Lanka 2025 ප්‍රදර්ශනය” හඳුන්වාදීමේ වැඩසටහනට ඊයේ(29) දින රුසියානු තානාපති ලෙවන් ධගාරියන් මහතා සහභාගී විය.

අනාගත චීන-එක්සත් ජනපද සබඳතා මහා බල ගැටුමේ ඛේදවාචකය සම්බන්ධයෙන් මම ඉදිරිපත් කරන න්‍යාය වැරදි බව ඔප්පු ඇතැයි මම බලාපොරොත්තු වනවා- චිකාගෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජෝන් මර්ෂයිමර්

2024 වර්ෂයේ ඔක්තෝබර් මස මැද භාගයේදී, චිකාගෝ විශ්ව විද්‍යාලයේ, 77 හැවිරිදි මහාචාර්ය John Mearsheimer (ජෝන් මර්ෂයිමර්) චීනයේ චාරිකාවක නිරත විය. ඔහු චීන විශ්ව විද්‍යාල කිහිපයක දේශන පැවැත්වූ අතර සින්හුවා විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ‍Yan Xuetong සමඟ ගෝලීය අනුපිළිවෙල සහ එක්සත් ජනපද-චීන ​​සබඳතා පිළිබඳ විවාදයක නිරත විය. ඡායාරූප ගැනිමට සහ සුහද සාකච්ඡාවට වෙන් කර තිබූ කාලය අතරතුර, චීන පාඨකයින් විසින් ඔහුව උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

රනිල්ට උත්තර දෙන්න හරිනි බබාට බැරිනම් විජිත හේරත්ට හෝ අනුර දිසානායකට කොන්ද පණ තියෙන්න ඕනෙ! - ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාර

"සියල්ල හරියට කරලා රට බාරදුන්නා... දැන් තියෙන්නෙ කරගෙන යන්න පමණයි... හරිනි ව්‍යවස්ථාව දන්නේ නැතිනම් කියල දෙන්න පුලුවන්" යැයි හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ ප්‍රකාශය පිළිබඳව අගමැති හරිනි අමරසූරිය විසින් පිළිතුරු නොබැඳීම පිළිබඳව ලංකා ලීඩර් පාඨකයන් විසින් අදහස් යොමුකරති. එම අදහස්වල සම්පිණ්ඩනය මෙසේ දැක්විය හැකිය.

විජිත හේරත් ඇමැතිවරයා සතුරන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු බැඳීම වෙනුවට තමන් කරන්නේ කුමක්දැයි කියනවා නම් වඩා හොඳයි - ජාතික සංවිධානවලින් අවවාදයක්

නව රජය විසින් මුදල් අච්චු ගැසීම පිළිබඳව එල්ලවන චෝදනා සහ ඊට අමාත්‍ය විජිත හේරත් ලබාදෙන පිළිතුරු පිළිබඳ ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම තීරණය වෙන්නේ භාණ්ඩාගාරයේ ඇති මුදල් අනුව... ලබන අවුරුද්දේ පඩි වැඩිකරනවා, හැබැයි තාම ගාණක් කියන්න බැහැ - ඇමැති විජිත කියයි

රජයේ සේවකයන්ට, පෞද්ගලික අංශයේ සේවකයන්ට දීමනා ලබාදීමට කැමැති වුවත්, භාණ්ඩාගාරයේ ඇති මුදල් අනුව එය තීරණය වන බවත්, ජනවාරියේ සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට හිටපු ජනාධිපතිවරයා මුදල් වෙන් කිරීමක් කර නොමැති බවත් අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

කියුබාවට පනවා ඇති සම්බාධක වහාම ඉවත් කරනු! අමෙරිකා එක්සත් ජනපදයේත් ලතින් අමෙරිකානු රටවලත් විරෝධතා

කියුබාව ත්‍රස්ත ලැය්ස්තුවෙන් ඉවත් කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී කියුබාවට එරෙහිව පනවා ඇති සම්බාධක ඉවත් කරන ලෙස ඉදිරිපත්වන යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී ඡන්ද විමසීමට පෙර නිව් යෝර්ක්, ලොස් ඇන්ජලීස් සහ අනෙකුත් එක්සත් ජනපද නගරවල විරෝධතා පැවැත්වූ බව විදෙස් පුවත් සේවා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.