News Category
From Date
To Date
Maximum Number of Result

මේ වෙලාවේ රනිල් තමයි!

Jul 9, 2024 at 08:29 AM
|

එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ එක ආසනයකට සීමාවීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට බලපාන්නේ නැත. ඒ පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රබල පොහොට්ටු මැති ඇමැතිවරුන් සංඛ්‍යාවක් ඔහු වෙනුවෙන් පෙනී සිටින බැවිනි. ඒ අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග ය. පසුගිය ජුලි 4 වන දින නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කළ නිවේදනයක 2024 සිට වසර පහකට ‘රට හදන වැඩේ ‘රට ගොඩදාපු’ වික්‍රමසිංහට පොහොට්ටුවේ ඡන්දය භාර දිය යුතු බව අවධාරණය කළේ අමාත්‍ය රණතුංගය. එම අමාත්‍යවරයා ‘මේ වෙලාවේ රනිල් තමයි’ යන සටන් පාඨය යටතේ ඡන්ද සටනට ප්‍රබල දායකත්වයක් දෙයි.

එජාප නායක රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය සාර්ථක/අසාර්ථක බව සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ වසර දෙකකට අඩු කාලයක් තුළ රට බංකොලොත්භාවයෙන් මුදා ගැනීමට මුදල් අමාත්‍යවරයා ද වන ඔහු සමත් වූ බවට ජනතාවට සාර්ථකව ඒත්තු ගැන්වීම මතයි.

විදේශීය සහ දේශීය ණය කඳු දෙකකට යටවී දැඩි බලපෑමකට ලක්වී සිටින ශ්‍රී ලංකාව තවමත් බංකොලොත් රටකි. නැතහොත් ගනු ලැබූ ණය ගෙවා ගත නොහැකි රටකි. එම අවාසනාවන්ත පසුබිම අමතක කර වර්තමාන ආර්ථික-දේශපාලනික-සමාජීය තත්ත්වය කිසිසේත් සාකච්ඡා කළ නොහැක.

චීන-ඇමෙරිකා බල පොරය පසුබිමේ ක්‍රියාත්මක භූ දේශපාලනය අමතක කර ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝගය සම්බන්ධයෙන් සාකච්ඡා කළ නොහැක. ඒ ඉන්දියාව සහ චීනය ශ්‍රී ලංකාව ‘සංග්‍රාම භූමියක්’ බවට පත් කරගෙන තිබෙන නිසාය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ ඉන්දීය සහ චීන උපාය මාර්ගයන් සමග අනුගත වීම නිසා තත්ත්වය තවත් බරපතලය. යහපාලන සමයේදී (2015-2019) හම්බන්තොට වරාය 99-වසර බදු ගිවිසුමකට යටත්ව ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2 කට චීනයට භාර දීම ශ්‍රී ලංකා දේශපාලනය නිරුවත් කළේය. ශ්‍රීලනිපය සහ එජාපය එකතුව හම්බන්තොට පාවාදීම කළ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය (අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නැතහොත් පොහොට්ටු පක්ෂය) නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. එවැනි පාවාදීමකට එරෙහිව විරෝධතාවක් හෝ දෙකක් සංවිධානය කිරීම කිසිසේත්ම ප්‍රමාණවත් නැත.

තෙල්-ගෑස් සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා සැපයුම විධිමත් කිරීමට වික්‍රමසිංහ -රාජපක්ෂ රජය සමත් වුවත් ආර්ථිකය තවමත් දැඩි සත්කාරක ඒකකයේය. ප්‍රතිකාර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශේෂඥ වෛද්‍යවරුන්ට අවශ්‍ය ආකාරයටය. මෙහිදී අවධාරණය කළ යුතු මූලික කරුණු දෙකක් ඇත. එනම් 2028 දක්වා ණය ගෙවීම අත්හිටුවීම සහ සහනදායී පදනමක් යටතේ 2043 දක්වා ණය ගෙවීමට ලබා දී ඇති අවස්ථාවයි. වසර 2022 අප්‍රේල් තනි තීරණයක් මත ණය ගෙවීම නතර කළ ශ්‍රී ලංකාවට එම තත්ත්වය 2028 දක්වා පවත්වා ගෙන යෑමට නිල වශයෙන් ලැබුණ අවසරය තම ජයග්‍රහණයක් ලෙස හුවා දැක්වීම ඇත්ත වශයෙන්ම අපරාධයකි. ණය ගෙවීම 2028 දක්වා නතර කිරීමෙන් රටට ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ඉතිරි වන බව පාර්ලිමේන්තුව තුළ සහ පිටත පැවසීම ජනතා මුලාවේ දැමීමක් නොවන්නේද?

ජනාධිපතිවරයාගේ කඳවුර ක්‍රියාත්මක කර ඇති ‘මේ වෙලාවේ රනිල් තමයි’ ඡන්ද ව්‍යාපාරය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා ජුනි 26 දින අත්සන් කරන ලද ගිවිසුම් දෙක එම මෙහෙයුමේ ප්‍රධානතම කොටසක් බවට පත්කර ඇත.

ඇමෙරිකානු ඩොලර් බිලියන 5.8 ක් සහ ඇමෙරිකානු ඩොලර් බිලියන 4.2 සඳහා පිළිවෙළින් නිල ණය හිමියන්ගේ කමිටුව සහ පැරිස් සමාජයේ රටවල් සහ චීන එක්සිම් බැංකුව ගිවිසුම් ගතවීම ප්‍රාතිහාර්යක් ලෙස දිගින් දිගටම අවධාරණය කරමින් පවතී.

මෙම ගිවිසුම් ගතවීමත් සමගම ණය තිරසරභාවය ළඟාකර ගැනීමට තිබු බාධා සහ පැවැති සියලු අවිනිශ්චිතතාවයන් ඉවත් වන බවත් ජනාධිපතිවරයාගේ කඳවුරේ ප්‍රධානතම සටන් පාඨයක් බවට පත්වී ඇත. ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී ඇති මාර්ගය හැර වෙන විකල්පයක් නොමැති බවයි.

ණය හිමියන් ශ්‍රී ලංකාවට ලබා දී ඇති තාවකාලික සහනය නැතහොත් අපායේ විරාමය මත අතිශය තීරණාත්මක ජාතික මැතිවරණයේදී ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීමට වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හැකියාවක් තිබේද? ‘මේ වෙලාවේ රනිල් තමයි’ නැතහොත් ‘මේ වෙලාවේ රනිල්ම තමයි’ කියා රටේ ඡන්දදායකයින් ගෙන් බහුතරයක් ජනාධිපතිවරයා වෙතට ආකර්ෂණය කර ගැනීමට අවස්ථාවක් තිබේද?

දැඩි ලෙස අවධාරණය කිරීමට අවශ්‍ය කාරණාවක් ඇත. මෙම ගිවිසුම් දෙකෙන් ආවරණය වන්නේ ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක විදේශ ණය පමණි. මෙය සමස්ත ණය නොවේ. සමස්ත ණයෙන් සොච්චමකි. පාර්ලිමේන්තුව නියෝජනය කරන වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග සිටින පක්ෂ/මැති ඇමැතිවරු තමන්ට රිසි පරිදි ජුනි 26 දින අත්සන් කරන ලද ගිවිසුම් දෙක පාවිච්චි කරමින් සිටිති.

පාර්ලිමේන්තුවේ එක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණක් හිමි වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ එජාපය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටු පක්ෂය) නියෝජනය කරන මැති ඇමැතිවරු කණ්ඩායමක් පසුගිය ඉරිදා (ජුනි 30) මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ ‘එක්ව ජයගමු’ දේශපාලන වේදිකාවකට ගොඩවූයේ ණය ගිවිසුම් ජනතාවට අලෙවි කිරීමට නොවේද? ඊට පෙරදින වැල්ලවායේදී නව සන්ධානය සහ ශ්‍රීලනිපය ඒකාබද්ධ රැලියක් පැවැත්වූයේ වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අපේක්ෂකත්වය වර්ධනය කිරීමට බව අමුතුවෙන් කිවයුතු නැත.

මෙම ගිවිසුම් ගතවීම සිදුවන අවස්ථාවේ විදේශීය ණය ඇමෙරිකානු ඩොලර් බිලියන 100 ක් දක්වා සහ දේශීය ණය ඇමෙරිකානු ඩොලර් බිලියන 57.2 දක්වා වැඩි වී තිබූ බව සමගි ජන බලවේගය සමග කටයුතු කරන මන්ත්‍රී මහාචාර්ය ජි. එල්. පීරිස් අවධාරණය කර තිබිණි. එතුමා අවධාරණය කළේ වික්‍රමසිංහ-රාජපක්ෂ ජාත්‍යන්තර සහ දේශීය ණය අර්බුදය තවදුරත් තීව්‍ර වෙමින් පවතින බවත් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට පම්පෝරි ගැසීමට දෙයක් නොමැති බවත්ය.

පිල් මාරුව

වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමැතිවරු පිල් මාරු කරගැනීම තුළ පමණක් එජාප නායකයාට කිසිසේත්ම ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ නොහැක. සමස්ත පොහොට්ටු පක්ෂයම වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග එකතු වුවත් 2019 නොවැම්බර් පැවැත්වූ ජනාධිපතිවරණයේදී සහ 2020 අගෝස්තු මහ මැතිවරණයේදී පිළිවෙළින් මිලියන 6.9 ඡන්දදායකයන් සහ ආසන 145 ලබා දුන් ජනතාව එම පක්ෂය අනුගමනය කරාවි යැයි සිතිය නොහැක.

2022 සිදු වූ මහා දේශපාලන පෙරළියෙන් පසුව පැවැත්වීමට නියමිත පළමුවන ජාතික මැතිවරණයේ ප්‍රතිපලය කිසිසේත්ම මැති සබය නියෝජනය කරන තම පිල මාරු කරන කපටි දේශපාලනඥයින් මත තීරණය නොවනු ඇත. මහ බැංකු බැඳුම්කර වංචා (2015 පෙබරවාරි සහ 2016 මාර්තු) සහ ඉවක් බවක් නොමැතිව 2015-2019 කාලය තුළ විදේශීය වාණිජ ණය ගැනීම අමතක කර වික්‍රමසිංහ ජනාධිපතිවරයා මතින් දේශපාලන අභියෝගය ජය ගැනීමට උත්සාහ කරන මැති ඇමැතිවරු කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ සිටිති. ඒ අවසන් මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් (පොහොට්ටු පක්ෂය) තරග කළ සහ පත්වූ කණ්ඩායමයි. සැලකිය යුතු කණ්ඩායමක් පොහොට්ටු පක්ෂයෙන් වෙන්වී ඇත. එයින් කොටසක් සර්වජන බලය ලෙස තමන්ව හඳුන්වා ගන්නා අතර තව කොටසක් සජබ සමග එක්වී ඇත. තවමත් තීන්දුවක් නොගත් කොටසක් ද ඇත. ඒ අතර හිටපු අමාත්‍යවරයකු වූ ඩලස් අලහප්පෙරුම ද වේ.

ජනාධිපතිවරයාට අභියෝග කරන සමගි ජන බලවේගයට මහ බැංකු බැඳුම්කර වංචා හෝ අවාසිදායක තත්ත්වයක් යටතේ විදේශීය වාණිජ ණය ගැනීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ නොහැක. ඒ ප්‍රධාන විපක්ෂය 2015-2019 වික්‍රමසිංහගේ එජාපය නියෝජනය කළ බැවිනි. රටට අනර්ථයක් කළ 2017 විදේශ විනිමය පනත ද යහපාලන හපන්කමකි. රට බංකොලොත් වීමට ද එය ප්‍රධාන හේතුවක් විය. එම පනතට ද එදා එජාපය නියෝජනය කළ අද සජබ කණ්ඩායම ඡන්දය දුන් බව රටට මතක් කළ දිය යුතුව ඇත.

රට බංකොලොත් කිරීම සම්බන්ධයෙන් රටේ ඉහළම අධිකරණය පසුගිය නොවැම්බර් මාසයේ පොහොට්ටු පක්ෂය සම්බන්ධයෙන් දුන් තීන්දුව අමුතුවෙන් විග්‍රහ කිරීමට අවශ්‍ය නැත. ප්‍රධාන පක්ෂ සහ එම පක්ෂවල නායකයින් සියලුම දෙනා රට බංකොලොත් තත්ත්වයට පත්කිරීමට අඩු වැඩි වශයෙන් වගවිය යුතු බව පැහැදිලිය. පොහොට්ටු පක්ෂයට, සමගි ජන බලවේගයට සහ එජාපයට ඒ අපවාදයෙන් කිසිසේත්ම ගැලවිය නොහැක.

ජනාධිපතිවරයා තනිවම රට බංකොලොත් භාවයෙන් මුදා ගැනීමට කටයුතු කළ බවට ජනතාවට ඒත්තු ගැන්වීමට කරන ව්‍යායාමය නිෂ්පල උත්සාහයකි.

පොහොට්ටු මන්ත්‍රීවරුන්ට අනතුරු ඇඟවීමක්

පොහොට්ටු පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පක්ෂය අතහැර වික්‍රමසිංහ ජනාධිපතිවරයා සරණ යෑමට සිටින මැති ඇමැතිවරුන්ට අනතුරු ඇඟවිය. බත්තරමුල්ලේ පොහොට්ටු කාර්යාලයෙන් පිටත දී පසුගිය අඟහරුවාදා මාධ්‍යයට ඔහු ප්‍රකාශ කළේ පක්ෂය අතහැර යන තම සගයන්ට අත්වන්නේ හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුමට වූ ඉරණමම බවයි. අලහප්පෙරුම දේශපාලනිකව අසරණවී කිසිවක් කර ගැනීමට නොහැකි තත්ත්වයකට පත්වී ඇති බව අවධාරණය කළ මහ ලේකම්වරයා කවුරු වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග එකතු වුවත් ඡන්දදායකයින් සහ පක්ෂය අතර සම්බන්ධතාවය කැඩිය නොහැකි බව පැවසීය.

‘මේ වෙලාවේ රනිල් තමයි’ සටන් පාඨය පොහොට්ටු පක්ෂයේ මහ ලේකම්වරයාට අදාළ නැත. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට කිසිවක් කරගත නොහැකි තත්ත්වයක් තුළ 2022 මැයි මාසයේ 12 දින අග්‍රාමාත්‍ය ධුරයට, මැයි 25 දින අමාත්‍ය ධුරයට සහ ජුලි 20 දින ජනාධිපති ධුරයට තෝරා පත්කර ගත් එජාප නායකයාව එදා පොහොට්ටු පක්ෂය ‘වැළඳ’ ගත්තේ ‘මේ වෙලාවේ රනිල් තමයි’ කියා නොවේද? එදා ‘මේ වෙලාවේ රනිල් තමයි’ යන යථාර්ථය නිවැරදි බවට හිටපු ජනාධිපතිවරයා ‘ජනාධිපති ධුරයෙන් මා නෙරපවූ කුමන්ත්‍රණය’ යන කෘතියෙන් සනාථ කළේය. ඒ මීට මාස කීපයකට පෙරය.

පොහොට්ටු පක්ෂයට අවාසිදායක ලෙස වර්ධනය වෙමින් පවතින භූමියේ තත්ත්වය තුළ වික්‍රමසිංහ ජනාධිපතිවරයාට එජාපය අතහැර පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය ගැනීමට කොන්දේසි පැනවිය හැකිද? පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය ලබා නොගතහොත් තමන්ගේම ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවට පොහොට්ටු මහ ලේකම්වරයා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය මේ අවස්ථාවේ ඉදිරිපත් කළ හැකි කොන්දේසියක්ද?

පොහොට්ටු පක්ෂය ගෝඨාභය රාජපක්ෂ 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට පෙර ඔහුට පක්ෂ සාමාජිකත්වය පිරිනැමුවේ නැත. අනුරාධපුරයේ රුවන්වැලි මහා සෑය ඉදිරිපිට වසර 2019 නොවැම්බර් 18 වන දින ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් ගෝඨාභය රාජපක්ෂ 2022 ජුලි 14 වන දින එම ධුරයෙන් ඉවත් වනතුරුම පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේ නැත. පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය සහ තීන්දු තීරණ ගත හැකි තනතුරක් පක්ෂය තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නිර්මාණය කළ යුතු බව එවකට අමාත්‍ය විමල් විරවංශ කළ ප්‍රකාශය එම පක්ෂයේ දැඩි විවේචනයට ලක්විය.

ඇත්ත වශයෙන්ම තවමත් දේශපාලනිකව හුදෙකලා වී සිටින අලහප්පෙරුම මන්ත්‍රීවරයාට වඩා ඔහු 2022 ජූලි 20 වැනි දින දක්වා නියෝජනය කළ පොහොට්ටු පක්ෂය අසරණ ය. සමගි ජන බලවේගයේ ද සහයෝගය ඇතිව මැති සබය හරහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අනුප්‍රාප්තිකයා තේරීමේ තරගයට අලහප්පෙරුම ඉදිරිපත් වූයේ වික්‍රමසිංහට එරෙහිව ය. එම තත්ත්වය තුළ පොහොට්ටු පක්ෂය දෙකඩ විය. ලොකු කොටස වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගත්තේය. වික්‍රමසිංහට තිබුණේ ඇත්ත වශයෙන්ම එක ඡන්දයකි. එයද ඔහුට ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස තිබූ ඡන්දයයි. ඉතිරි ඡන්ද 133 න් කීපයක් හැර සියල්ල පොහොට්ටු ඡන්දය. අලහප්පෙරුමට ඡන්ද 82 හිමි විය. ජවිපෙ නායක අනුර කුමාර දිසානායකට හිමිවූයේ ඡන්ද තුනකි. නමුත් රටේ දේශපාලනය පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් කිසිසේත්ම පිළිබිඹු වන්නේ නැත. පාර්ලිමේන්තුවේ තත්ත්වය විකෘතියකි. එදා ජනාධිපති තේරීමේ ඡන්දයේදී ඡන්ද තුනක් පමණක් හිමිවූ AKD ට පාර්ලිමේන්තුවෙන් පිට ප්‍රබල රැල්ලක් ඇතිවූයේ කෙලෙසද? අවසන් ජනාධිපතිවරණයේදී යන්තම් ඡන්ද 418,553 (3.16%) ලබා ගත් AKD ‘අරගලයත්’ සමගම ප්‍රධාන අපේක්ෂකයකු බවට පත්වීම අවධාරණය කරන්නේ මෙතුවක් කල් ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් දෙක ලෙස සැලකූ පක්ෂ/කණ්ඩායම්වල පිරිහීමයි.

වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සූක්ෂම දේශපාලන ක්‍රියාදාමය තුළ ප්‍රධාන ප්‍රවාහයන් දෙක කිසිදා නොවූ ආකාරයට මුසුවී ඇත. වැල්ලවායේ සහ මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ පිළිවෙළින් ජුනි 29 සහ 30 පැවැත්වූ රැස්වීම් ජනාධිපතිවරයාගේ උපායමාර්ගය අනුව සිදුවිය. එම ක්‍රියාදාමය ඉදිරියේදී තවදුරටත් තීව්‍ර වෙනු ඇත.

මහජන එක්සත් පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග සිට ගනීවිද? වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ පොහොට්ටු පක්ෂය එතුමාගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට අපොහොසත් වුවහොත් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රතිචාරය කුමක් විය හැකිද? ඒ වික්‍රමසිංහ -පොහොට්ටු සාකච්ඡාව අසාර්ථක වුවහොත් තමන්ගේම අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවට එම පක්ෂය ප්‍රකාශ කර ඇති බැවිනි. පසුගිය ජූලි 2 වැනි දින බත්තරමුල්ලේ පොහොට්ටු කාර්යාලයේ බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් පැවැත්වූ විශේෂ සාකච්ඡාව අතිශය වැදගත් වන්නේ ඒ නිසාය. අග්‍රාමාත්‍යවරයා ද දැඩි අභියෝගයකට මුහුණ දී ඇත.

- ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.