News Category
From Date
To Date
Maximum Number of Result

රනිල් දිනුම්!

Jun 10, 2024 at 08:50 AM
|

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත ඉහළින්ම සම්මතවීම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පෞද්ගලික ජයග්‍රහණයකි. එලෙසම එජාප නායකයාගේ න්‍යාය පත්‍රය තවදුරටත් ක්‍රියාත්මක වීමකි. ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍යවරයා නිවැරදි නම් 2022 ජුලි 20 වැනි දින ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව සම්මත කර ගත් 76 වන පනතයි. ඉදිරි මාස කීපය තුළ සම්මත කර ගැනීමට නියමිත පනත් ගණන 66 කි. ජනාධිපතිවරණයට මාස කීපයකට පෙර රජය සතු වත්කම් සහ ව්‍යාපාර විකිධෑමට දැඩි ලෙස විරුද්ධ බවට පසුගිය මාසයේ ප්‍රකාශයක් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටු පක්ෂයේ) නායක මහින්ද රාජපක්ෂ ද ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පතට තම ඡන්දය දීම වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයක් නොවන්නේද? වික්‍රමසිංහගේ කැබිනට් මණ්ඩලය නියෝජනය කරන පොහොට්ටු ඇමැතීන් රොත්තම ද එම පනතට ඡන්දය දුන් අතර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඡන්දය දීමෙන් වැළකීමෙන් අවශ්‍ය සහයෝගය පළ කළේය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ අනුප්‍රාප්තිකයා ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ 2022 ජුලි 20 වැනි දින තෝරා පත්කර ගැනීම සම්බන්ධයෙන් පොහොට්ටු පක්ෂය වර්තමානයේ ඇතිවී තිබෙන තත්ත්වය තුළ දැඩි ලෙස පසුතැවිලි වෙන බවට කිසිදු සැකයක් නැත.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ න්‍යාය පත්‍රයේ අනිවාර්ය අවශ්‍යතාවයක් වූ අතිශය ආන්දෝලනාත්මක ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත පොහොට්ටු පක්ෂයේ ඡන්දයෙන් ජුනි 06 දින වැඩි ඡන්ද 44 කින් සම්මත වීම තුළ බරපතළ දේශපාලන ගැටුමක් නිර්මාණය වී ඇත.

පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ තීරණය පක්ෂ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය මැයි 12 වැනි දින ‘රජය සතු වත්කම් සහ ව්‍යාපාර විකිණීම’ යන ශීර්ෂය යටතේ නිකුත් කළ නිවේදනයට සම්පූර්ණයෙන්ම පටහැනිය. නමුත් තමන්ම කළ දැඩි අනතුරු ඇඟවීම නොතකා එතුමා ද මන්ත්‍රී කණ්ඩායම සමග එම පනතට පක්ෂව ඡන්දය පාවිච්චි කර ඇත. එමගින් තමන් නිකුත් කළ නිවේදනය තමන්ම ඉවතලා ඇත.

වික්‍රමසිංහ ජනාධිපතිවරයා පොහොට්ටු පක්ෂයට කිසිසේත්ම අවනත නැත. මුදල් අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තුව ද නියෝජනය කරන වික්‍රමසිංහ ජනාධිපතිවරයා පොහොට්ටු පක්ෂයේ න්‍යාය පත්‍රය ප්‍රතික්ෂේප කර ඇති පසුබිමේ ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත ඉහළින්ම සම්මත වීම අවධාරණය කරන්නේ පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම පත්වී ඇති අර්බුදකාරී තත්ත්වය නොවේද? එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ ඡන්දය දීමෙන් වැළකී සිටීම හෙළිදරව් කරන දේශපාලන නිරුවත පිළිබඳව අමුතුවෙන් කිවයුතු නැත.

වික්‍රමසිංහ-රාජපක්ෂ රජය ලෙස හැඳුන්වුවත් දෙපාර්ශ්වය අතර ඇතිවී ඇති දැඩි ගැටුම්කාරී තත්ත්වය රජය අර්බුදකාරී තත්ත්වයකට පත්කර ඇත. පොහොට්ටුව එක්තරා ආකාරයක අවිනිශ්චිත තත්ත්වයකට පත්වී ඇත. පොහොට්ටු පක්ෂය සහ වික්‍රමසිංහ ජනාධිපතිවරයා අතර ‘දේශපාලන’ විවාහය දෙදරා ගොස් ඇත. විශේෂයෙන් අවධාරණය කළ යුතු කරුණක් ඇත. ඒ වික්‍රමසිංහ ජනාධිපති කළ තීන්දුව එජාප නායකයා සහ රාජපක්ෂවරුන් අතර අවබෝධතාවයකින් සිදුවූවක් මිස කිසිසේත්ම පක්ෂ දෙක අතර ගිවිසුමක් නොවේ.

පොහොට්ටු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සැලකිය යුතු කොටසක් අවශ්‍ය මොහොතකදී තමන් සමග කඳවුරු බැඳීමට සූදානම් බවට විශ්වාස කර වික්‍රමසිංහ ජනාධිපතිවරයා තමන්ගේම න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කර ඇත. ජනාධිපතිවරයා මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ (පොහොට්ටු පක්ෂය/කෑගල්ල දිස්ත්‍රික්කය) රුවන්වැල්ලේ පිහිටි නිවසේදී කුඩා ජනහමුවක් පසුගියදා (ජුනි 4) පැවැත්වීම අවධාරණය කළේ එතුමා තම න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කර ඇති ආකාරයයි.

ජනාධිපතිවරයා කෑගල්ලේ කළ සංචාරයේදී පොහොට්ටුව නියෝජනය කරන මැති ඇමැතිවරු ඔහු සමග විය. ඒ අතර තාරක බාලසූරිය, රංජිත් සියඹලාපිටිය සහ කනක හේරත් ද විය. ඒ තිදෙනාම ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පතට තම ඡන්දය පාවිච්චි කළේය.

ආර්ථිකය කඩා වැටීමත් සමගම මෙරට දේශපාලනය ද කඩා වැටුණු බව එම රැස්වීමේදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ඒ අනුව පළමු වතාවට දේශපාලනය නොමැති ආණ්ඩුවක් නිර්මාණය වූ බවද සඳහන් කළේය. පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත ජනාධිපතිවරයා ක්‍රියාත්මක කර ඇති මෙහෙයුම පොහොට්ටු පක්ෂයට තීරණාත්මකය. පොහොට්ටුව නියෝජනය කරන මැති ඇමැතිවරු විදුලිබල පනත සම්බන්ධයෙන් රටේ ඉහළ උසාවිය දුන් තීන්දුව පසුබිමේ ජුනි 4 වැනි දින පාර්ලිමේන්තුවේදී ගත් ස්ථාවරය නැවත නැවතත් අවධාරණය කරන්නේ එම කණ්ඩායම ජනාධිපතිවරයාගේ න්‍යාය පත්‍රයට අනුගත බවයි.

මන්ත්‍රීවරු 225 කින් සමන්විත මැති සබයේ මෙම සමස්ත රටට දැඩි බලපෑමක් කළ හැකි මෙම පනතට ඡන්දය පාවිච්චි කළේ 162 කි. මන්ත්‍රීවරු 103 පක්ෂ වූ අතර 59 දෙනෙකු විපක්ෂ විය. මහජන නියෝජිතයින් 63 දෙනෙකු ඡන්දය පාවිච්චි නොකිරීම සම්බන්ධයෙන් අදාළ පක්ෂ විමසිලිමත් විය යුතු නොවේද? එම පනතට එරෙහිව ඡන්දය දුන් සංඛ්‍යාවට වඩා වැඩි ගණනක් දෙවැනි වර කියවීමේ විවාදය අවසානයේ තම ඡන්දය පාවිච්චි කිරීමට සභා ගැබ තුළ නොසිටීම විමතියට හේතුවක් නොවේද?

යම්කිසි පනතකට පක්ෂව සහ විපක්ෂව ඡන්දය පාවිච්චි කිරීම බාහිර බලපෑම් හේතුවෙන් සිදුවිය හැකිය. එලෙසම ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකීමට ද බාහිර බලපෑම් හේතු විය හැක. ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරු 10 දෙනාම ඡන්දය දීමෙන් වැළකී සිටියේ ඇයි?

● පොහොට්ටුවට එරෙහිව පොහොට්ටුව

ඉතා පැහැදිලිව පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමේ සැලකිය යුතු කොටසක් මැයි 12 වැනි දින එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රජය සතු වත්කම් සහ ව්‍යාපාර විකිණීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කර ඇති ක්‍රියාවලිය ජනාධිපතිවරණය පවත්වන තුරු තාවකාලිකව නතර කළ යුතු බවට ප්‍රකාශ කිරීම පිළිගන්නේ නැත. එවැනි තත්ත්වයක් තුළ නායකතුමාට විදුලි බල පනත් කෙටුම්පතට ඡන්දය දෙනවා හැර කළ හැකි වෙන කිසිවක් නැත. තාත්තාට එම පනත හොඳ නම් පුතාට ද ඡන්දය දීමට බාධාවක් තිබිය නොහැක. නමුත් දේශපාලන අනාගතය සලකා ඡන්දයෙන් වැළකී සිටීම පිළිබඳව කිසිවකු පුදුම විය යුතු ද නැත.

වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස පත් කරගැනීමෙන් තමන්ට වැරදුණාවත්දෝ කියා හිතෙන තරමට දෙපාර්ශවය අතර සම්බන්ධතාවය පිරිහී ඇත. නමුත් ජනාධිපතිවරයා මැති ඇමැතිවරුන් සමග සම්බන්ධතාවය ශක්තිමත් කර ගනිමින් සිටි පොහොට්ටු පක්ෂය නියෝජනය කරන අනෙක් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වන ෂෙහාන් සේමසිංහ ද වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ මූල්‍ය ක්ෂේත්‍රයේ සැලකිය යුතු මැදිහත් වීමක් කර ඇත. ඔහුද වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ‘ඒ’ කණ්ඩායමට ඇතුළත්ය. රංජිත් සියඹලාපිටිය මෙන්ම ඔහු ද වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ න්‍යාය පත්‍රයට අදාළව ඉදිරිපත් කර ඇති සියලුම අණපනත්වලට ඡන්දය දී ඇත. විදුලිබල පනතට මෙන්ම මහත් ආන්දෝලනාත්මක ආර්ථික පරිවර්තන පනතට ද ඡන්දය දෙනු ඇත.

● පොහොට්ටු – රනිල් ගැටුම

කලහකාරී ‘අරගලය’ට මුහුණ දීමට ඉතාමත් සුදුසු පුද්ගලයා ලෙස පොහොට්ටු පක්ෂය එදා හැඳින්වූ එජාප නායකයා තමන්ට එල්ල කරන අභියෝගය පරාජය කිරීමට එම පක්ෂයට ශක්තිය තිබේද? වික්‍රමසිංහ ජනාධිපතිවරයා පොහොට්ටු පක්ෂයෙන් සැලකිය යුතු කණ්ඩායමක් කඩා ගෙන (දිනා ගෙන කීවත් වරදක් නැත) නව දේශපාලන ගමනක් යෑමට සූදානම් බව තේරුම් ගැනීම අපහසු නැත.

පොහොට්ටු පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් පැවැත්වෙන ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම වර්ජනය කරන බව රහසක් නොවේ. පසුගිය මාස හතරේම කාරියවසම් මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමට සහභාගී වූයේ නැත. පොහොට්ටු පක්ෂයේ මහ ලේකම්වරයාගේ තීරණය දෙපාර්ශ්වය අතර සම්බන්ධතාව බිඳ වැටීම අවධාරණය කරයි. නමුත් භූමියේ තත්ත්වය නිසියාකාරව තේරුම් ගත යුතුය. ඒ මහ ලේකම්වරයා ද විදුලි බල පනත් කෙටුම්පතට ඡන්දය දුන් බැවිනි. චමල් රාජපක්ෂ ද එම පනතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා ඇතුළු පොහොට්ටු පක්ෂයෙන් (තරග කර හෝ ජාතික ලැයිස්තුව හරහා මැතිසබයට පත්වූ) අමාත්‍යවරුන්ගේ තීරණය කුමක්ද? ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක සහ අමාත්‍ය ප්‍රසන්න රණතුංග තමන් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග බව අවධාරණය කර ඇත. රණතුංග අමාත්‍යවරයා දිගින් දිගටම කරන ප්‍රකාශ පොහොට්ටු නායකත්වයට අභියෝගයක් වී ඇති බව සමස්ත ව්‍යාකූලත්වයේ එක පැතිකඩක් පමණි. ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායකගේ ක්‍රියාකලාපය විමසා බැලිය යුතු වන්නේ සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ද වික්‍රමසිංහ ජනාධිපතිවරයාට හිතවත් නිමල් ලන්සා – අනුර ප්‍රියදර්ශන යාපා කණ්ඩායමේ ප්‍රබලයකු නිසාය. එම කණ්ඩායම පෙනී සිටින්නේ ද වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙනුවෙනි.

වික්‍රමසිංහ ජනාධිපතිවරයා පොහොට්ටු පක්ෂයේ පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදයේ ගැලවුම්කරුවා ලෙස ද පෙනී සිටියි. ගෝඨාභය රාජපක්ෂ -මහින්ද රාජපක්ෂට අරගලය එල්ල කළ දරා ගත නොහැකි වූ පීඩනය ප්‍රජාතන්ත්‍රවාදය උඩු යටිකුරු කිරීම වැළක්වූයේ තමන් බව ජනාධිපතිවරයා පසුගියදා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ‘What’s New˜ තරුණ නීති වෘත්තිකයන් සමග නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී මැයි 28 වැනි දින පැවැත්වූ වැඩමුළුවට එක්වෙමිනි.

“අරගලය අවස්ථාවේදී විධායක බලතල තිබූ නිසා රටේ ස්ථාවර බව ඇති කරන්න පුළුවන් වුණා. එදා අගමැතිකම භාර ගැනීමට කිසිවෙක් හිටියේ නැහැ. එවකට ජනාධිපතිවරයා නැවට නැගලා ත්‍රිකුණාමලයට යනවිට සමහරු මට කිව්වා අගමැති ධුරයෙන් ඉල්ලා අස් වෙන්න කියලා. එහිදී බහුතරයක් තිබෙන අයෙකු පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවත්, නැතිනම් මට ඉල්ලා අස්විය නොහැකි බවත් මා සඳහන් කළා. ඉල්ලා අස්වීමේ ලිපිය ලිව්වත් මම එය ජනාධිපතිවරයාට ලබා දිය යුතුයි. ජනාධිපති නැවක සිටිද්දි, රටින් පිටවී මාලදිවයිනට යන විට මට ඉල්ලා අස්වීම ලබා දීමට හැකියාවක් නැහැ. කිසිවකුගේ බලපෑමට හෝ, මගේ නිවස ගිනි තැබූ නිසා හෝ මා ඉල්ලා අස්වූයේ නම් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයෙන් පිට කවුරුන් හෝ බලය ලබා ගන්නවා.”

● බලය පාවිච්චි නොකළ ජනාධිපති

අරගලය අවස්ථාවේදී විධායක බලතල තිබූ නිසා රටේ ස්ථාවර බව ඇති කරන්න පුළුවන් වුණා. ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය ගැඹුරින් විමසා බැලිය යුතුය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මිරිහානේ පැඟිරිවත්තේ පෞද්ගලික නිවාසය ඉදිරිපිට 2022 මාර්තු 31 දින පුපුරා ගිය අරගලය පාලනය කිරීමට ජනාධිපතිවරයා විධායක බලතල පාවිච්චි කළාද? ඇත්තවශයෙන්ම මෙම ප්‍රශ්නය හිටපු ජනාධිපතිවරයාට යොමු කළ යුතුය. 2022 මාර්තු 31 සිට 2022 ජුලි 09 දින එතුමා ජනාධිපති මන්දිරයෙන් ඉවත් වනතුරු අරගලය සම්බන්ධයෙන් විධායක බලතල ක්‍රියාත්මක කළාද?

ජනාධිපති ධුරයට අමතරව ආරක්ෂක අමාත්‍ය, ජාතික ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානී සහ කැබිනට් මණ්ඩලයේ සභාපති වූ ගෝඨාභය රාජපක්ෂ එම සති 14 ක කාලය තුළ විධායක බලතල පාවිච්චි කළේ කෙසේද? එම බලතල මොනවාද? එම කාලය තුළ හිටපු ජනාධිපතිවරයා විධායක බලතල සහ ආරක්ෂක අමාත්‍ය ලෙස බලතල පාවිච්චි කළ ආකාරය සම්බන්ධයෙන් නිවැරදි විමසීමක් කළහොත් එම රජයේ දැඩි දුර්වලතා හෙළිදරව් වනු ඇත.

රියර් අද්මිරාල් සරත් වීරසේකර මහජන ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ පසුව එම ධුරයට ගෝඨාභය රාජපක්ෂ පත්කළ ප්‍රසන්න රණතුංගගේ උඩුගම්පොළ පිහිටි නිවසට සහ අනෙකුත් දේපල ගිනිතබා විනාශ කළේ පොලිසිය එම ස්ථානයේ සිටියදීමය. ඒ 2022 මැයි 09/10 කාලය තුළය. පොලිසිය භාර අමාත්‍යවරයාගේ නිවාසය කිසිදු අවහිරයකින් තොරව ගිනි තැබිය හැකි රටක විධායක බලතල කෙසේ වෙතත් සාමාන්‍ය නීතියවත් ක්‍රියාත්මක නොවූ බව පැහැදිලිය. මැති ඇමැතිවරුන්ට අයිති නිවාස දුසිම් ගණනාවක් සහ මීගමුවේ හෝටල් කීපයක් ගිනි තබන තුරු විධායක බලතල ක්‍රියාත්මක වූයේම නැත.

කටුනායක ගුවන් හමුදා කඳවුරේ සිට විනාඩි 5 ක වාහනයකින් කිසිදු බාධාවකින් තොරව ළඟා විය හැකි කොළඹ-මීගමුව පාරේ පිහිටි ග්‍රෑන්ඩීසා (Grandeeza) හෝටලය පැය ගණනාවක් කලහකාරින්ගේ පාලනයේ තිබිණි. ඊට කිලෝමීටරයක් පමණ මීගමුව දෙසට පිහිටි බේ ෆොන්ටේ (Bay Fonte) හෝටලය ද විනාශ කර දැමීය. එලෙසම මිගමුව රජයේ රෝහලේ සිට විනාඩි 5 කාලයක් තුළ වාහනයකින් ළඟාවීමට හැකි ඇවෙන්රා (Avenra) හෝටලය විනාශ කරන තුරු ද ආරක්ෂක අංශ නිහඩව සිටියේය.

පොලොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කළ අමරකීර්ති අතුකෝරාල සහ ඔහුගේ ආරක්ෂක පොලිස් නිලධාරියා මැයි 09 දින නිට්ටඹුව නගරයේ දී ග්‍රහණයට ගත් පිරිසක් දෙනෝදාහක් බලාසිටියදී ඔවුන් දෙදෙනා පහර දී මරා දැමීම විධායක බලතල යන්තමින්වත් පාවිච්චි වූ අවස්ථාවක සිදුවිය හැකිද? එම අපරාධය සිදුවන අවස්ථාවේදී යුද හමුදා කණ්ඩායමක් එම ස්ථානයේ සිටි නමුත් ඔවුන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බවට ජාතික ආරක්ෂාව පිළිබඳව ආංශික අධීක්ෂණ සභාවේ ප්‍රධානියා ලෙස සරත් වීරසේකර චෝදනා කර ඇත.

රඹුක්කන පොලිස් වසමේ 2022 අප්‍රේල් 19 වන දින කලහකාරීන් පෙට්‍රල් ලීටර් 35,000 පුරවා තිබූ බව්සරයකට ගිනි තැබීම වැළැක්වීමට පොලිසිය කළ වෙඩි තැබීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව අනුගමනය කළ පිළිවෙත ඉතාමත් අනුවණකාරි විය. මහත් විනාශයක් වැළැක්වූ පොලිසියට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය. වෙඩි තැබීමට අණ දුන් කේ. බී. කිර්තිරත්න නමැති ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා රිමාන්ඩ් භාරයට පත් කළ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නාවික හමුදා යාත්‍රාවකින් කොළඹ වරායෙන් පිටවන අවස්ථාවේදී එම නිලධාරියා සිටියේ හිරේය.

ඒ වනවිට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොල්ලුපිටියේ පිහිටි නිවස ද ගිනිතබා විනාශ කර අවසාන ය. පාර්ලිමේන්තුව විනාශ කිරීම අන්තිම මොහොතේදී ව්‍යර්ථ කිරීමට හමුදාව සමත් විය. මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයාට ජිවිත තර්ජන එල්ල වූ බවට එතුමා මාර්තු 21 වැනි දින මැති සබයේදී කළ ප්‍රකාශය අද වනතුරු කිසිදු වගකිවයුත්තෙකුගේ අවධානයට යොමු වූයේ නැත.

ඇත්ත වශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දැඩි පිළිවෙතක් අනුගමනය කළා නම් අරගලයට රොකට් වේගයෙන් ඉහළට එසවූ පොහොට්ටු පක්ෂය අරලියගහ මන්දිරයේ සිට ගාලු මුවදොර අරගල භූමියට එරෙහිව මෙහෙයවූ මුග්ධ ප්‍රහාරය එල්ල කිරීමට හැකි වන්නේ නැත. අරලිය ගහ මන්දිරයෙන් පිටතට පැමිණෙන පොලුවලින් සන්නද්ධව සිටින කණ්ඩායම ගාලු මුවදොර දක්වා පැමිණෙන ආකාරය දැක්වෙන වීඩියෝ සියලුම රූපවාහිනී නාලිකාවල ඇත. ඊට පෙර අරලියගහ මන්දිරය තුළ රැස්වීමේ වීඩියෝ ද ඇත. ආණ්ඩුවට එරෙහි මහා ප්‍රහාරය එල්ල කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වූ ආකාරය කිසිදු සැකයකින් තොරව වටහාගත හැකිය.

- ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.