ඉන්දියානු ආක්‍රමණයේ නවතම ගොදුර ලංකාවේ මුහුදු කලාපයද? - සංඛ චන්දිම අභයවර්ධනගෙන් හෙළිදරව්වක්
ශ්‍රී ලංකා ජනරජය හිමිකම් පෑ සාගර කලාපය ඉන්දියාව විසින් අල්ලා ගැනීමට උත්සාහ දැරීම පිළිබඳව දැඩි ලෙස විරුද්ධත්වය පළකරන බවත්, ලංකාවට අයත් සම්පත් ලංකාවට දැනුම් දීමක් පවා නොමැතිව අත්පත් කරගැනීමට ඉන්දියාව කටයුතු කරමින් සිටන බවත් ශ්‍රී ලංකා හරිත සන්ධානයේ සංඛ චන්දිම අභයවර්ධන මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක ලිපියක් සකස් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ කොබෝල්ට්, නිකල්, මැංගනීස් සහ තඹ සහිත දැවැන්ත නිධි සහ රිදී සහ රන් නිධි විශාල ප්‍රමාණයක් සහිත ලංකාවට අයත් සාගර සම්පත් අද වන විට දැඩි ලෙස ඉන්දියානු තර්ජනයට මුහුණපා ඇති බවයි.
සවිස්තරාත්මක ලිපිය පහළින්...
ඉන්දියානු ආක්‍රමණයේ නවතම ගොදුර අපගේ මුහුදු කලාපයද?
සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 76 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකා ජනරජය හිමිකම් පෑ අපගේ සාගර කලාපය ඉන්දියාව විසින් අල්ලා ගැනීමට උත්සහ දැරීමට අප ශ්‍රී ලංකා හරිත සන්ධානය වශයෙන් දැඩි ලෙස විරුද්ධත්වය පළකරමු.
එක්සත් ජාතීන්ගේ තොරතුරු වලට අනුව ඔවුන් ශ්‍රී ලංකාවේ මහාද්වීපික තටාකයේ ඇති Afanasy Nikitin Seamount (AN Seamount) ලෙසින් හැඳින්වෙන කොබෝල්ට් බහුල මුහුදු පත්ලේ කබොල ප්‍රදේශය කැනීම් කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කරමින් පවතී. ලංකාවට අයත් සම්පත් ලංකාවට දැනුන දීමක් පවා නොමැතිව මෙසේ අත් පත් කරගැනීම සමස්ත ලංකා මුහුදු කලාපයටම අපේ ඇති අයිතිය ඉන්දියාවට පවරාගැනීමට මුල්වෙනවා මෙන්ම අපගේ සමස්ත මුහුදම දැඩි පරිසර දුෂණයකට ලක් කරනු ලබයි. අපගේ මත්ස්‍ය සම්පත, විශේෂයෙන්ම ටුනා මසුන් සහ තල්මසුන් දැඩි අනතුරකට මුහුණපායි.
ලෝක නිතිය අනුව ශ්‍රී ලංකාව වැනි වෙරළබඩ ප්‍රාන්තවලට රාජ්‍ය වලට මහාද්වීපික තටාකයේ පිටත සීමාවන් පිහිටුවීමට අදාළ කරුණු සම්බන්ධයෙන් නිර්දේශ එක්සත් ජාතීන්ට ඉදිරිපත් කළ යුතුය. මෙම නිර්දේශ මත පදනම්ව වෙරළබඩ රාජ්‍යයක් පිහිටා ඇති මහාද්වීපික තටකයේ සීමාවන් ජ්‍යාත්‍යන්තර නිතිය යටතේ අවසාන සහ සැමටම බලපවත්නා නිතිය වේ. ඒ අනුව 2009 වසරේ මැයි අටවනදා අප රට විසින් ඉදිරිමත් කල හිමිකම් සහ සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 76 වැනි වගන්තිය යටතේ ලංකාව තමන් අයත්වන මහාද්වීපික තටකයට පුර්ණ වශයෙන් හිමිකම් ලැබිය.
ඉන්දියාව මේ මංකොල්ල කන්නේ අප සතු මේ මුහුදු කලාපයයි.
මේ ප්‍රදේශය විවිධ ඛනිජ සම්පත් වලින් පොහොසත්ය. ඒ අතර කොබෝල්ට්, නිකල්, මැංගනීස් සහ තඹ ඇති දැවැන්ත නිධි ඇති බව පැවසේ. මිට අමතරව රිදී සහ රන් නිධි විශාල ප්‍රමාණයක්ද ඇති බවට සැලකේ. මෙහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවට අයත් දැන් ඉන්දියානු තර්ජනයට මුහුණපා ඇති මුහුදු ප්‍රදේශයයි.
නැගෙනහිර සමක ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවට අයත් Afanasy Niktin Seamount (ANS) වෙතින් එකතු කරන ලද කබොල සාම්පලවල දුර්ලභ පෘථිවි මූලද්‍රව්‍ය (REE) සහ ytrium 1,727 සිට 2,511 μg/g දක්වා ඉහළ සාන්ද්‍රණයක් වාර්තා කරයි. ශ්‍රී ලංකාවට අයත් ANS Fe-Mn කබොලෙහි REE සාන්ද්‍රණය මධ්‍ය-පැසිෆික් මුහුදු සීමාවේ සහ ගැටිති (1,180-1,434 μg/g) වලට වඩා බෙහෙවින් වැඩි ය. ගෝලීය මුහුදු මට්ටමේ Fe-Mn කබොලෙහි ~ 0.1% අන්තර්ගතයට සාපේක්ෂව වර්තමාන අධ්‍යයනයේ දී 0.17% දක්වා සී-පොහොසත් වීම වාර්තා වී ඇත. මෙම සුපෝෂණයට හේතු වී ඇත්තේ Ce මුහුදු ජලයෙන් සමුද්‍ර Fe-Mn කබොල වෙත ඔක්සිකාරක ඉවත් කිරීම හේතුවෙනි. ANS කලාපයෙන් මුහුදු ජල සාම්පල සඳහා ලබාගත් සෘණ Ce-විෂමතා සහ Fe-Mn කබොලෙහි ඇති ශක්තිමත් ධනාත්මක Ce-විෂමතා පැහැදිලිව පෙන්නුම් කරන්නේ ANS Fe-Mn කබොලෙහි Ce ප්‍රභවය මුහුදු ජලය බවයි.
නමුත් දැන් ඉන්දියාව තම යුධ අවශ්‍යතා සදහාත් ලංකාවේ මුහුද මංකොල්ල කෑම සදහාත් මේ කලාපය තුල පිහිටා ඇති සම්පත් අපගේ අනුමැතියකින් තොරව ගොඩ ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවට ගොස් ඇත. අප රටක් ලෙස මේ ගැන නිශ්ශබ්දතාවය රකි. ඔවුන් මේ උත්සහ දරන්නේ ලංකාවට අලුතෙන් ලැබෙන සමස්ත මුහුදම මහා දවාලේ මංකොල්ල කෑමටය. මේ ලංකාවේ සියලු පුරවැසියන් සැවොම එක හෙලා එරෙහි වියයුතු කාරණයක් බව කිව යුතුය. තම බලය වෙනුවෙන් මේ රජය, රටත්, අපත්, අපේ දරුවන්ගේ අනාගතයත් බිලිදීමට එරෙහිව නැගී සිටිමු.
- සංඛ චන්දිම අභයවර්ධන
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..