අපි ජාතිවාදියෝ නෙවෙයි... අපිට ජාතිවාදයක් වත් වර්ගවාදයක්වත් නෑ... සිංහලකම කියන්නේ ජීවන ක්‍රමයක් - නීතීඥ නුවන් බැල්ලන්තුඩාව
ස්වෝත්මාදය යනු හිටලර්ගේ සංකල්පයක් බවත්, සිංහල හා බෞද්ධකම ගැන කතාකරන පුද්ගලයන් ජාතිවාදියෝ නොවන බවත් දේශප්‍රේමි ජාතික පෙරමුණේ මධ්‍ය මණ්ඩල සභික නීතීඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.
ඒ මහතා සටහනක් තබමින් පවසන්නේ සිංහල කම යනු ක්‍රමයක් පමණක් බවත්ය.
අදාළ සටහන පහළින්...
සමහරු අපෙන් අහනවා ඇයි අපි ජාතිවාදි කියලා. අපිට ජාතිවාදයක් වත් වර්ගවාදයක්වත් නෑ. ස්වෝත්මාදය හිටලර්ගේ සංකල්පයක්. ලෝකේ ශ්‍රේෂ්ඨතම ජාතිය අපි කියන්න අමාරුවක් සිංහලයට නෑ. අපේ රටට මුල් බැහැගත්ත මේ පොලවට ඔරොත්තු දෙන ශිෂ්ඨාචාරය සිංහල බෞද්ධකම.
සිංහල බෞද්ධකම ජානවලින් එන දෙයක් නෙමේ. සිංහල කම කියන්නේ ක්‍රමයක්. ඉස්සර තිබුනා ලංකාවට එන විදේශිකයෙක් මේ සමාජයට අනුගත කරන ක්‍රමයක් හූලියන් බද්ද කියලා. ආගන්තුකයා සිංහල ක්‍රමයට ගොවිතැන් කිරිම පුරුදුවීම හූලියන් බද්දේ එක කොන්දේසියක්. ඇමරිකාවේ ස්වභාවිකරණය (Naturalization)කියන්නේ, එංගලන්තයේ කැනඩාවේ ඕස්ට්‍රේලියාවේ අන්තර්ග්‍රහණය (intergration) කියලා කරන්නේ හුලියන් බද්දෙන් කරන දේම තමා. ඒ රටවල පුරවැසිබව ගන්න කොට ඒ සමාජයේ පදනම වෙන ක්‍රිස්තියානි සභ්‍යත්වය, ලිබරල් දේශපාලනය වගේ මුල් බැසගත් සමාජ අගයන් පිළිගන්න ඕනේ. නැත්නම් යන්න ඕනේ.
ඇයි එහෙනම් මේ සිංහල කමට මේ තරම් ගහන්නේ ඇයි. සිංහලකම කියන්නේ ජීව්න ක්‍රමයක්. සිංහල ගොවිතැන, සිංහල වෙදකම, සිංහල වාරි තාක්ෂණය සහ සිංහල විද්‍යාව එකේ අනු කොටස්. විශේෂත්වය තමයි සිංහල දැනුම මේ නිවර්තන කලාපීය රටක් හැටියට මේ පොලවත් එක්ක බද්ධ වෙලා පැවතීම. සිංහල ක්‍රමය මේ පොලවට ආගන්තුක නෑ. බරක් නෑ. පරිසරය එක්ක සහජීවනයෙන් පවතිනවා.
අද රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා. සෞඛ්‍ය කේෂේත්‍රයට කොයි තරම් බරක් යෙදෙනවද? කොලොස්ට්‍රෝල්, දියවැඩියාව වගේ බෝනොවන රෝග සඳහා ආනයනික ඖෂධ සඳහා වැයවන මුදල කොපමණද? මේ රෝගවලට සිංහල බෙහෙත් අපමණ තියෙනවා. වෙද මහත්තයෙක් හදන්න medical student කෙනෙක් හදන්න යන වියදම යන්නේ නෑ. වෙද මහත්තයට තීරුබදු රහිත වාහන ඉල්ලන්නේ නෑ. ගොඩනැගිලි පරික්ෂණ යන්ත්‍ර රටින් ගෙන්වන්න ඕනේ නෑ. ඖෂධ හොයා ගන්නේ වට පිටාවෙන්. බුලත් කොලෙක ඔතලා දෙන පඬුරෙන් ජීවකවරු සතුටු වෙනවා. අඩුම ගානේ ඉන්දියාවේ චීනයේ වගේ බටහිර- සිංහල ඒකාබද්ධ ක්‍රමයකට ගිහින් ප්‍රාථමික ප්‍රතිකාර සහ ග්‍රාමීය ප්‍රදේශවල සිංහල වෙදකම ප්‍රතිස්ථාපනය කලොත් රජයේ මූල්‍යබර වගේම ඩොලර් ප්‍රශ්නය්ත් සැහැල්ලු වෙනවා.
ගොවිතැනත් එහෙමයි. ඇල්ෂේෂන් බල්ලන්ට බෙහෙත් ගහනවා වගේ ආනයනික හයිබ්‍රිඩි බිජ්වලට රසායනික පොහොර ඕනෙමයි. රසායනික පොහොර ගහන්න ගහන්න පස මැරෙනවා. එතකොට තව රසායනික පොහොර ඕන වෙනවා. අපේ ගොවියත් වකුගඩු රෝගයට ලක්වෙලා අඩු වයසින් පරලොව යනවා. පවුල් අනාතවෙනවා. රටේ ශ්‍රමබලකාය දුර්වල වෙනවා. සිංහල කර්ණ ක්‍රමයට දේශිය බීජ ව්‍යාප්ත වුනාම මේ ප්‍රශ්නය නෑ. දේශිය ආහාර රටාව නිර්මාණය උනේ බඩ පුරවන්න විතරක් නෙමේ. අපේ ආහාරය ශරිරියට ඖෂධයක්. මුළුතැන්ගේ , අපේ ගෙවත්ත වස විස නැති ඖෂධ ගබඩාවක්.
සිංහල වෙදකම, සිංහල ගොවිතැන, වාරි තාක්ෂණය පදනම් වෙලා තියෙන්නේ සිංහල දැනුම මත. සිංහල දැනුම මත සමාජය ගොඩනැගෙන කොට ඖෂධ මාෆියා කාරයන්ට, පොහොර සමාගම් වලට, බහුජාතික ආහාර සමාගම්වලට වෙළඳ පල අහිමි වෙනවා. ඒ නිසා බටහිර සහ අනෙකුත් විජාතික බලවේග වලට සිංහලකම සිංහල දැනුම් පද්ධතිය කඩා බිඳ වට්ටන්න වාණිජමය උවමනාවක් තියෙනවා. ඒවගේම රට ඇතුලේ ඉන්න ඔය බහුජාතික සමාගම් වල කුලීහේවායන් සහ මානසික වහල් ශ්‍රමිකයන් වුන නිරාගමික සහ දේශපාලන කල්ලි සිංහල කමට ගරහන්නේ ඒ බහුජාතික උවමනාව වෙනුවෙන්.
අපිට තියෙන විසඳුම සිංහලේ දැනුම පදනම් වු රාජ්‍යක් පමණයි.
නීතීඥ නුවන් බැල්ලන්තුඩාව
මධ්‍ය මණ්ඩල සභික
දේශප්‍රේමි ජාතික පෙරමුණ
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට‍්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..