මේසන් බාස්ට අත්වැඩ දෙන්න ගිහින් නළුවෙක් වුනු හියුගෝ මාස්ටර්
මීගමුව ප්‍රදේශයේ එක්තරා තරුණයෙක් මේසන් බාස් කෙනෙක් ලගට ගියා මේසන් වැඩ ඉගෙන ගන්න. ඒත් මේ බාසුන්නැහේ වැඩ ඉගැන්නුවේ නැහැ, අත් වැඩ ගත්තා මිසක්. තරුණයට වුනේ බදාම අනන්න, උපකරණ සෝදන්න.
මේ තරුණයාගේ නම උගෝ සිඤ්ඤෝ. උගෝ සිඤ්ඤෝ මේසන් වැඩ අත ඇරලා නාට්‍ය කණ්ඩායමකට සම්බන්ධ වුණා. නාට්‍ය කණ්ඩායම "මිනර්වා "නාට්‍ය කණ්ඩායම. නායකයා බී.ඒ. ඩබ්ලිව්. ජයමාන්න.
මේ නාට්‍ය කණ්ඩායමෙන් නිශ්පාදනය කරපු නාට්‍යක් "කඩවුණු පොරොන්දුව". මේ නාට්‍ය චිත්‍රපටයක් බවට පත් කර ගන්න සියලු දෙනාම ඉන්දියාවට යනවා.
"කඩවුණු පොරොන්දුව"කියලා චිත්‍රපටයක් නිෂ්පාදනය කරලා 1947 ජනවාරි 21 වන දා ලංකාවේ ප්‍රථම චිත්‍රපටය ලෙස ප්‍රදර්ශනය කරනවා. මේ චිත්‍රපටයට රග පෑමෙන් සම්බන්ධ වුණු උගෝ සිඤ්ඤෝ හියුගෝ ප්‍රනාන්දු නමින් සිංහල සිනමාවට පැමිණෙනවා.
රග පෑමෙන්, ගීත රචනයෙන් සිනමාව වර්ණවත් කරපු හියුගෝ ප්‍රනාන්දු 1986 රංජන් රාමනායකගේ ප්‍රථම රංගනය රැගත් "ජය කොතනද" චිත්‍රපටය රූගත කරන අවස්ථාවේදී මට මුණගැසෙණවා. හියුගෝ ප්‍රනාන්දුට අපි කිව්වේ හියුගෝ මාස්ටර් කියලා. ඒ වන විට හියුගෝ මාස්ටර්ට වයස අවුරුදු 73ක්.
සෑම දවසකම රූගත කිරීම් අවසන් වෙලා චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න රාමනායක මහතාගේ නිවසේ රාත්‍රිය ගත කරන විට මම සිනමාවේ අතීත රසවත් තොරතුරු හියුගෝ මාස්ටර්ගෙන් විමසනවා.ඒ අවස්ථාවේ දී තමයි මට මේසන් බාස්ගේ කතාව කිව්වේ. හියුගෝ මාස්ටර් ප්‍රසිද්ධ නළුවෙක් වුණාට පස්සේ මේසන් බාස් හොයාගෙන ගිහින් පුළුවන් හැම වෙලාවෙම කීයක් හරි දෙනවාලු. මම ඇහුවා" ඇයි ඒ කියලා"?
"මේසන් වැඩ ඉගැන්නුවේ නැති නිසා"කියලා ඔහු කිව්වා. "මේසන් වැඩ ඉගැන්නුවා නම් මම අද කවුරුත් දන්නේ නැති මේසන් බාස් කෙනෙක්. බාස් මට වැඩ එපා කරපු නිසා අද මම නළුවෙක් වෙලා හියුගෝ ප්‍රනාන්දු කියලා මුළු රටම දන්නවා."
හියුගෝ ප්‍රනාන්දු මේසන් බාස් කෙනෙක් වුණා නම් "මාතලන්" වැනි ජනප්‍රිය චිත්‍රපටයක රසවත් දෙබස් ලිය වෙන්නේ නැහැ.
1953 තිරගත වූ "ප්‍රේම තරගය" චිත්‍රපටයේ අදත් ජනප්‍රිය "හොඳ හොඳම වේය ලොව කිසිම තැනක නැහැ නොහොද නරක දිනුවේ,
කැත ඉර්ශ්‍යමාන ගති නැති නිසාම අපි ප්‍රේම තරගෙ දිනුවේ"
ගීතය ලිය වෙන්නෙත් නැහැ.
********************************************************
මේ කතාවෙන් මම තේරුම් ගත්ත දේ තමයි කෙනෙක් ආසාවෙන් යන්න ඉන්න මාර්ගය තවකෙකු අවහිර කොට ඔහුට ඒ කාර්යය එපා කරවනවා නම් දෛවය විසින් ඔහුව වෙනත් මාර්ගයකට ගෙන ගොස් බලාපොරොත්තු වූවාටත් වඩා සාර්ථක ස්ථානයක තබන බවයි.
~හියුගෝ ප්‍රනාන්දු~
- සටහන දයානන්ද රත්නසිරි
(උපුටා ගැනීමකි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්රකාශයක්..