ජනාධිපතිවරණය වෙලාවට පෙරට එන කැරට් අල
2025 වසරේදී රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් 25000කින් ඉහළ දමනවලු.. වර්ෂයකට දොස්තරලා පන්දාහක් පුහුණු කරන්න වැඩපිළිවෙළක් තියෙනවලු...
පසුගියදාක ජනාධිපතිවරයා ප්‍රකාශ කළා ලබන වසරේ රජයේ සේවකයන්ට රුපියල් 25000ක වැටුප් වැඩි කරනවා කියලා.
රජයේ සේවකයෝ ආසන්න වශයෙන් ලක්ෂ දහතුනකට එහා පිරිසක් සිටින බව රහසක් නොවේ.
හැබැයි වසර දහයකට පෙර වැටුප් වැඩි කරන ලද පැය 24 වැඩ කරන සීමාවාසික දොස්තරගේ හිගන වැටුප රුපියල් 64000 තාමත් එතන වර්ෂයකට 1500කට ආසන්න ප්‍රමාණයක් වෛද්‍යවරු.
මීට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යෝජනාවලියක් ඉදිරිපත් කළා ජනාධිපතිවරයාට ඔවුන්ට තිබුණු විශේෂ ගැටලු කිහිපයක් ඒකෙ තිබුණු ප්‍රධාන එක් කාරණාවක් තමයි මේ සීමාවාසික වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩි කිරීම නමුත් ඒකට බාලගිරි දෝෂය වගේ ජනාධිපතිවරයාගේ පැත්තෙන්.
නමුත් කිසිදු උපාධියක් නැති මහ බැංකුවේ කාර්යාල සහායකට ලක්ෂ දෙකකට ආසන්න වැටුපක් ගන්න ඒ ආයතන විසින්ම අනුමැතිය දෙනවා උපාධි අරගෙන පැය විසි හතර තිස්සේ වැඩ කරන දොස්තරට වැටුප් වැඩිවීමක් නෑ.
1500 කට පොඩි ගානක් වැඩි කරන්න බැරි ආණ්ඩුවට ලක්ෂ දහතුනකට රුපියල් 25000ක් දෙන්නේ කොහොමද?
1390 කට පත්වීම් දෙන්න බැරි ආණ්ඩුව 5000 කට පත්වීම් දෙන්නේ කොහොමද?
අඩු ගානේ රෝගීන් ගැන හිතලා හරි ඒ තීරණය ගන්න තිබුණා ඉල්ලීම අනුව නමුත් එහෙම කළේ නෑ බාලගිරි දෝෂය වගේ හෙට දෙන්නම් අනිද්ද දෙන්නම් වගේ තමයි කතාව.
ඒ වගේම පසුගිය වසරේ ඔක්තෝබර් 31 සීමාවාසික පුහුණුව සම්පූර්ණ කරපු වෛද්‍යවරු 1390 කට පත්වීම් දුන්නේ මේ අගෝස්තු මාසේ මාස දහයකට අධික කාලයක් පත්වීම් දෙන්න ප්‍රමාදයි.
පත්වීම් දෙන්න ප්‍රමාද වීමට හේතුව දොස්තරලට පත්වීම් දෙන්න බැරිලු පත්වීම් ප්‍රමාණය සම්පූර්ණ වෙලා තියෙන්නේ කියලා තමයි ආණ්ඩුව පැත්තෙන් කියන්නේ.
බඳවා ගන්නේ නැත්තේ රටේ වෛද්‍යවරුන් ඇති කියන පදනම නිසාද යන්න බරපතල ප්‍රශ්නයක් ගැටලුවක් ඇතිවෙනවා.
මේ පාරත් දෙදහසකට වඩා වෛද්‍ය පීඨ වලට ගන්නවලු.
එතකොට දැන් 1390කට වසරකට ආසන්න කාලයක් තිස්සේ දෙන්න බැරි පත්වීම්.
සීමා වාසික පුහුණුව ලබන 1500කට ආසන්න ප්‍රමාණයක් සහ වෛද්‍ය පීඨ වල ඉගෙනුම ලබන සහ දොළොස් දහසකට ආසන්න ප්‍රමාණයකට දෙන්නේ කොහොමද යන්න ප්‍රශ්නයක්.
ඊටත් වඩා ප්‍රශ්නය තව පන්දාහක් අවුරුද්දකට ආවොතින් කොහොමද පත්වීම් දෙන්නේ?
රටේ දොස්තරවරු හිඟයි. ඒ නිසා පර්යන්ත රෝහල් වැහිලා යනව
වැඩි වැටුප් හොයාගෙන දොස්තරලා පිටරට යනව කියලා තමයි නිතරම ඇහෙන්නේ.
ඒ නිසා පෞද්ගලික ඒවා දාලා හරි දොස්තරලා වැඩි කරන්න කියලා තමයි ආණ්ඩුව කියන්නේ.
බාල දොස්තරලා බිහි කරන්න වෛද්‍ය සභා ආඥා පනත වෙනස් කරන්න ඒවා ඉක්මනින් ක්‍රියාත්මක වෙනවා??
ලක්ෂ 125 ට වෛද්‍ය උපාධිය ගන්න ප්‍රමිතිය පැත්තකට දාපු වෛද්‍ය පුද්ගලික වෛද්‍ය පීඨ බිහි කරන්න ලොකු උත්සාහයක් තියෙනවා. ඒකට ඉහළින් වැඩ කටයුතු සිදු වෙනවා.
ලක්ෂ 125 ක් දීල පත්වීම් ගන්න බැරි වුනොත් මොකද වෙන්නේ?
2048 දී දියුණු රටක්ලු ???
හැබැයි ඉතින් අපිට රටට නම් එහෙම බවක් පේන්නේ නෑ.
නමුත් ජනාධිපතිවරයා පැය 24 පුරා සේවය කරන සීමාවාසික වෛද්‍යවරුන් 1500කට ආසන්න පිරිසකගේ ඉල්ලීම ඉටු නොකර ලක්ෂ දාහතරකට ආසන්න රජයේ සේවකයන් ප්‍රමාණයකට එහෙම වැටුපක් දෙන්න පුළුවන් ද?
1390 වසරකට ආසන්න කාලයක් තිස්සේ පරක්කු කරපු වෛද්‍ය පත්වීම් වසරකට 5000 ක්v ආවොත් දෙන්නේ කොහොමද?
නැත්නම් දෙන්න සැලසුම් කරපු රුපියල් 25000 කුලියාපිටියේ වොක්ස්වැගන් කාර්මාන්ත ශාලාව වගේ බ්‍රේස්ලට් කතාව වගේ තවත් කතාවක් පමණද?
මේ අනුව අපිට කියන්න තියෙන්නේ රුපියල් 25000ක් කියන්නේ තවත් සුරංගනා කතාවක් පමණයි.
හැමතැනම වස දාපු කැරට් අල, අපි පරිස්සම් වෙන්න ඕනේ නොකා ඉන්න.
- මහජන යුතුකම් කේන්ද්‍රය
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..