වඩාත්ම වැදගත් වන්නේ තමා සතු "දැණුමට" වඩා තමා දැණුමෙන් ලබාගත් "අවබෝධයයි" - බැරන් ඩි ඉටාරේ
බ්‍රසීලයේ එක්තරා පාසැලක ගුරුවරයෙක් පන්තියක විද්‍යාව සම්බන්ඳ පාඩමක් උගන්වමින් ඉන්නා අතරතුර එකවරම එක් ශිෂ්‍යයෙකු නැගිටවලා මෙහෙම අහනවා...
" ඔය ළමයා කියන්න බලන්න අපට වකුගඩු කීයක් තියෙනවද..? "
කිසිම දෙයක් නොතේරෙණ ගානට " හතරයි..! ” කියලා අර සිසුවා කියනවා...
" හතරක් "...
ගුරුවරයා මුළු පන්තියම දෙවනත් වෙන්න හිනාවෙනවා...
මේ ගුරුවරයාත් ඉතිං අර කාට හරි යමක් වැරදුණාම කින්ඩියට හිනාවෙන කට්ටිය ඉන්නේ... අන්න ඒ වගේ කෙනෙක්...
ඔහු හිනාව නවත්තලා ඉදිරි පේළියේ ඉන්න ඔහුගේ සිත්ගත් කීකරු ළමයා අමතලා මෙහෙම කියනවා...
" පීටර්... දැක්කා නේද... මේ පන්තියේ බූරුවෙක් ඉන්නවා... ඒ නිසා කොහෙන් හරි හොඳ තණකොළ මිටියක් හොයාගෙන එන්න...”
මේ කිව්ව දේට අර ළමයට පොඩ්ඩක් කේන්ති යනවා... ඔහු අර ඉදිරි පේළියේ ඉන්න ළමයට ටිකක් කේන්තියෙන් මෙහෙම කියනවා...
“ පීටර්... තමුසේ එහෙනම් තණකොළ මිටිය අරගෙන එන ගමන් මටත් කෝපි එකක් අරගෙන එනවා...”
මේකට අර ගුරුවරයාටත් ආපහු හොදටම කේන්ති යනවා... කේන්තියෙන් පුපුරපු ගුරුවරයා අර ළමයාව පන්ති කාමරයෙන් එළියට ඇදලා දානවා... පන්ති කාමරයෙන් එළියට ගිය ළමයා ආයෙත් පන්තියේ දොර ළඟට එනවා... පන්තියේ කිසිම සද්දයක් නෑ... අර ගුරුවරයා තවමත් කේන්තියෙන් ඉන්න බව ඔහුට පේනවා... ඕන දෙයක් වෙන්න කියලා ඔහු ආයෙත් හඬ අවදි කරනවා...
" සර්... ඔබතුමා මගෙන් ඇහුවේ "අපට" වකුගඩු කීයක් තියෙනවාද කියලයි... ඒ කියන්නේ ප්‍රශ්ණය අහපු ඔයාටයි... උත්තරය දුන්නු මටයි... අපි දෙන්නට වකුගඩු හතරක් තියෙනවා... ඔබතුමාට දෙකයි... මට දෙකයි... අපි කියන්නේ බහු වචනයක්... හරිනේ... මම එළියේ ඉන්නම් පීටර් තණකොළ ගෙනාවම ඔයා ඒවා තනියෙන් භුක්ති විඳින්නකෝ..." කියාගෙන එළියට ගියා...
එහෙම කියාගෙන එළියට ගිය ඒ ශිෂ්‍යයා තමයි පසුව බ්‍රසීලියානු ජාතික, ලෝක ප්‍රසිද්ධ ගත්කතුවරයෙකු සහ පුවත්පත් වාර්තාකරුවෙකු වූනු Apparício Fernando de Brinkerhoff Torelly (1895 -1971) එහෙමත් නැත්නම් " බැරන් ඩි ඉටාරේ (Barão de Itararé)" ලෙස වඩාත් ජනප්‍රිය උනේ.
පස්සේ කාළෙක ඔහු අපිට මෙහෙම කියනවා...
ඔබ එදිනෙදා ජීවිතය ගෙනයාමේදී වඩාත්ම වැදගත් වන්නේ තමා සතු "දැණුමට" වඩා තමා දැණුමෙන් ලබාගත් "අවබෝධයයි..." ජීවිතය නිරන්තරයෙන් එය ඔබගෙන් ඉල්ලා සිටිනවා. සමහර මිනිසුන්, ඔවුන් අනෙකාට වඩා ටිකක් දැණුමක් තියෙනවා කියලා සිතන නිසා සහ ඔවුන් දැණුමෙන් සන්නද්ධව ඉන්නවා කියලා ‘විශ්වාස කරන’ නිසා, අන් අය අවතක්සේරු කරන්න තමන්ට අයිතියක් තියෙනවා කියලා හිතනවා.
අහන්න.. කියවන්න... හිතන්න... ඊට පස්සේ ඒ හැමදේම 'අවබෝධ' කරගන්න... ඒත් ඔබ, ඊනියා 'දැණුම' කියන ආභරණයෙන් හිස උදුම්මාගත්ත කෙනෙකු නොවෙන්න...!!!.
- ධම්මික සමරතුංග (පිටුවෙන්)
උපුටා ගැනීමකි
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..