වඩාත්ම වැදගත් වන්නේ තමා සතු "දැණුමට" වඩා තමා දැණුමෙන් ලබාගත් "අවබෝධයයි" - බැරන් ඩි ඉටාරේ
බ්‍රසීලයේ එක්තරා පාසැලක ගුරුවරයෙක් පන්තියක විද්‍යාව සම්බන්ඳ පාඩමක් උගන්වමින් ඉන්නා අතරතුර එකවරම එක් ශිෂ්‍යයෙකු නැගිටවලා මෙහෙම අහනවා...
" ඔය ළමයා කියන්න බලන්න අපට වකුගඩු කීයක් තියෙනවද..? "
කිසිම දෙයක් නොතේරෙණ ගානට " හතරයි..! ” කියලා අර සිසුවා කියනවා...
" හතරක් "...
ගුරුවරයා මුළු පන්තියම දෙවනත් වෙන්න හිනාවෙනවා...
මේ ගුරුවරයාත් ඉතිං අර කාට හරි යමක් වැරදුණාම කින්ඩියට හිනාවෙන කට්ටිය ඉන්නේ... අන්න ඒ වගේ කෙනෙක්...
ඔහු හිනාව නවත්තලා ඉදිරි පේළියේ ඉන්න ඔහුගේ සිත්ගත් කීකරු ළමයා අමතලා මෙහෙම කියනවා...
" පීටර්... දැක්කා නේද... මේ පන්තියේ බූරුවෙක් ඉන්නවා... ඒ නිසා කොහෙන් හරි හොඳ තණකොළ මිටියක් හොයාගෙන එන්න...”
මේ කිව්ව දේට අර ළමයට පොඩ්ඩක් කේන්ති යනවා... ඔහු අර ඉදිරි පේළියේ ඉන්න ළමයට ටිකක් කේන්තියෙන් මෙහෙම කියනවා...
“ පීටර්... තමුසේ එහෙනම් තණකොළ මිටිය අරගෙන එන ගමන් මටත් කෝපි එකක් අරගෙන එනවා...”
මේකට අර ගුරුවරයාටත් ආපහු හොදටම කේන්ති යනවා... කේන්තියෙන් පුපුරපු ගුරුවරයා අර ළමයාව පන්ති කාමරයෙන් එළියට ඇදලා දානවා... පන්ති කාමරයෙන් එළියට ගිය ළමයා ආයෙත් පන්තියේ දොර ළඟට එනවා... පන්තියේ කිසිම සද්දයක් නෑ... අර ගුරුවරයා තවමත් කේන්තියෙන් ඉන්න බව ඔහුට පේනවා... ඕන දෙයක් වෙන්න කියලා ඔහු ආයෙත් හඬ අවදි කරනවා...
" සර්... ඔබතුමා මගෙන් ඇහුවේ "අපට" වකුගඩු කීයක් තියෙනවාද කියලයි... ඒ කියන්නේ ප්‍රශ්ණය අහපු ඔයාටයි... උත්තරය දුන්නු මටයි... අපි දෙන්නට වකුගඩු හතරක් තියෙනවා... ඔබතුමාට දෙකයි... මට දෙකයි... අපි කියන්නේ බහු වචනයක්... හරිනේ... මම එළියේ ඉන්නම් පීටර් තණකොළ ගෙනාවම ඔයා ඒවා තනියෙන් භුක්ති විඳින්නකෝ..." කියාගෙන එළියට ගියා...
එහෙම කියාගෙන එළියට ගිය ඒ ශිෂ්‍යයා තමයි පසුව බ්‍රසීලියානු ජාතික, ලෝක ප්‍රසිද්ධ ගත්කතුවරයෙකු සහ පුවත්පත් වාර්තාකරුවෙකු වූනු Apparício Fernando de Brinkerhoff Torelly (1895 -1971) එහෙමත් නැත්නම් " බැරන් ඩි ඉටාරේ (Barão de Itararé)" ලෙස වඩාත් ජනප්‍රිය උනේ.
පස්සේ කාළෙක ඔහු අපිට මෙහෙම කියනවා...
ඔබ එදිනෙදා ජීවිතය ගෙනයාමේදී වඩාත්ම වැදගත් වන්නේ තමා සතු "දැණුමට" වඩා තමා දැණුමෙන් ලබාගත් "අවබෝධයයි..." ජීවිතය නිරන්තරයෙන් එය ඔබගෙන් ඉල්ලා සිටිනවා. සමහර මිනිසුන්, ඔවුන් අනෙකාට වඩා ටිකක් දැණුමක් තියෙනවා කියලා සිතන නිසා සහ ඔවුන් දැණුමෙන් සන්නද්ධව ඉන්නවා කියලා ‘විශ්වාස කරන’ නිසා, අන් අය අවතක්සේරු කරන්න තමන්ට අයිතියක් තියෙනවා කියලා හිතනවා.
අහන්න.. කියවන්න... හිතන්න... ඊට පස්සේ ඒ හැමදේම 'අවබෝධ' කරගන්න... ඒත් ඔබ, ඊනියා 'දැණුම' කියන ආභරණයෙන් හිස උදුම්මාගත්ත කෙනෙකු නොවෙන්න...!!!.
- ධම්මික සමරතුංග (පිටුවෙන්)
උපුටා ගැනීමකි
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායල අගමැති අත්අඩංගුවට ගැනීමට කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ.. - ට්‍රම්ප්ගෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙනරත් වික්‍රමසිංහ කාර්ය මණ්ඩලයට තර්ජනය කරයි..
ඉරාන යුද්ධයට වැඩි අරමුදල් ඉල්ලා එක්සත් ජනපදයේ යුද ලේකම්ත් සෙනෙට් ඩිමොක්‍රටික් සභිකයන්ගේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්වේ
කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..
ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)
ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..
"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!
ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..
සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..
ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..
ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!
හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)
ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්
ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..