කෝච්චියෙ ටික්කො
මම ඇඩ්වාන්ස් ලෙවල් කරන කාලයේ ක්‍රිකට් සීසන් එක නොවෙන කාලයක, ගාල්ලේ ටියුෂන් පන්තියකට ගියා. මාතර ඒ තරම් පන්ති තිබුනට ඒ කාලයේ ලංකාවේ ශුද්ධ ගණිතය ගැන නම් දරාපු කොලඹ ආනන්ද විද්‍යාලයේ ගුරුවරයෙක්වූ මැදගම සර් ඒ පන්තිය කරපු නිසා, ඔන්න අපි යාලුවො කට්ටියයි මගේ ධම්මික අයියයි ඒ පන්තියට යන්න තීරණය කලා. ඒ මැදගම සර් ඒ කාලයේම එයාගෙ ගෙදර වත්තේ වැඩක් කරන්න ගිහිල්ලා වයර් එකේ විදුලිය කාන්දු වෙලා ඇඟට ගිහිල්ලා මැරුනා. ඉතින් වැඩිකල් යන්න වුනේ නැහැ ඒ පන්තියට. අපි ඉගෙනගන්නව නම් ඕන තරම් මුදල් දෙන්න මගේ දෙමව්පියො කැමති නිසා, ගෙදරින් මුදල් අනුමත කරගන්න අමාරුවක් වුනේ නැහැ.
අපි රුහුනු කුමාරි කෝච්චියෙන් සෙනසුරාදා උදේට මාතර ඉඳන් ගාල්ලෙ එන්නේ. මාතර කොලඹ කෝච්චියෙන් ගිය අය දන්නව ඇති, කෝච්චිය ගාල්ලෙ ස්ටේසමේ නැවැත්තුවම, එන්ජිම ඉස්සරහින් ගලවලා ගෙනිහිල්ලා පස්සට හයි කරනවා. ඒකට ටික වෙලාවක් යනවා. ඒ අතරතුර ඒ ප්ලැට්ෆෝම් එකේ යන අය කෝච්චියේ ඉන්න අයට පේනවා. කට්ටියක් යන ගමන් අත වනාගෙන යනවා, කට්ටියක් නැවතිලා කෝච්චියේ ඉන්න අය එක්ක කතා කරනවා.
‘ඔහෙලා කොලඹ යනවයි?’
‘ඔව්, අපේ කොලඹ නැන්දලගෙ ගෙදර දානයක්. අපි එහේ යනවා. ඔහෙලා කොයිබෙයි යන්නෙ?’
‘අපේ හිරිඹුරේ ලොකු අම්මලයි ගෙදර යනවා. එයයිගෙ මහත්තයා ලෙඩා දුකා වෙලා, බලන්න යනව’
‘අනේ මක් වෙලයි?’
ඉතින් ඔය වගේ කතා තමයි ඇහෙන්නේ ප්ලැට්ෆෝම් එකේ යන අයට.
අපි ටික දවසක් ගියා, කවදාවත් ටික්කො පැන්නෙ නෑ. පස්සෙ බලන කොට අපේ කට්ටියගෙන් ටිකට් අරන් යන්නේ මායි අයියයි විතරයි. මුන් ටික හින්දා අපිටත් හිතුනා ටිකට් නොගෙන කෝච්චියේ යන්න, නැත්නම් ඒක අපිට අසාධාරණයි. අපේ දෙමව්පියොත් ටැක්ස් ගෙවනවා, ඇත්තටම ලංකාවෙ රජයේ සේවකයො බදු ගෙවන්නෙ නැහැ නේ. ඒක වෙනම දෙයක්, අපි දෙන්න විතරක් ඇයි ටිකට් ගන්නෙ කියලා, අපිටත් ඒ සල්ලි සක්කුවේ දාගෙන ඒකෙන් තෝසෙ පාරක් දාන්න පුලුවන් නේ අනික් උන් කරනව වගේම කියලා අයියට මම කිව්වත් එයා නෙවෙයි ඒක කරේ. අම්ම අයියා විස්වාස නිසා අයියට සල්ලි දුන්න නෙවෙයි, එයා වැඩිමල් නිසයි දුන්නෙ හරිය.
ඔන්න ඔහොම දවසක් ටිකට් නැතුව යනකොට ගාල්ලට කිට්ටු වෙන්න ලංවෙලා ටික්කො පැන්නා. කෝච්චිය නැවතුනු ගමන් කෝච්චියෙන් පැනලා යාලුවෝ සී සී අත දුවන්න ගත්තම ටික්කොත් අපේ පස්සෙ දුවන්න ගත්තා. මමත් ආතල් එකක් ගන්න ඕන කියල හිතල දුවන්න ගත්තම ටික්කෙක් ඇවිල්ල මාව අල්ලගත්ත නිසා මගේ ලඟම යාලුවෙක් බේරුනා. මම මගේ ටිකට් එක පෙන්නුවම ටික්කට මල.
‘කැත වැඩ කරන්න එපා අයිසේ. ටිකට නැති එකෙක් අල්ල ගන්න තිබුනු චාන්ස් එකත් නැති කරා’
කියල බැනල ගියා, ගැහුවෙ නම් නෑ.
ඒත් මගේ වෙන යාලුවෙක් තරුන ටික්කෙකුට අහුවුනා මොකද ඌටත් හයියෙන් දුවන්න පුලුවන් උනු නිසා. ටික්ක මුගේ බෙල්ලෙන් අල්ල ගෙන දැන් ප්ලැට්ෆෝම් එකේ යනවා. අර කෝච්චියේ ඉන්න අයට දැන් මේක පේනවා. මාතර දන්න අයත් කෝච්චියේ ඇති, අනික උගේ තාත්තත් විදුහල්පතිවරයෙක්. මේක වස ලැජ්ජාවක් නේ පවුලටම.
ආවා ඌට ගණදෙවි නුවන.
ඌ හිනාවෙවී අර ටික්කන්ට කෑ ගගහා කියනවා,
‘අඩෝ පිස්සු නැතුව අත ඇරපන් බෙල්ල. කෝච්චියේ ඉන්න අය හිතාවි මම ටිකට් නැතුව ටික්කො අල්ලගෙන යනවයි කියලා’
ටික්කටත් හිනහයි.
‘ඉතින් තමුසෙ ඇත්තටම ටිකට් නැතුව ඇවිල්ලනේ අල්ල ගත්තෙ’ කිව්වත්,
‘පිස්සු කෙලින්න එපා, අත ඇරපං’ කියලා මූ හිනා වෙවි වෙවී ගියා නේ ටික්කො එක්ක.
ඒක නිසා කෝච්චියේ හිටපු කවුරුත් හිතුවෙ යාලුවො ඌට කරපු විහිලුවක් කියලයි. එයා දැන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්.
© devapriya siriwardhana
(මුහුණුපොතෙන්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..