කෝච්චියෙ ටික්කො
මම ඇඩ්වාන්ස් ලෙවල් කරන කාලයේ ක්‍රිකට් සීසන් එක නොවෙන කාලයක, ගාල්ලේ ටියුෂන් පන්තියකට ගියා. මාතර ඒ තරම් පන්ති තිබුනට ඒ කාලයේ ලංකාවේ ශුද්ධ ගණිතය ගැන නම් දරාපු කොලඹ ආනන්ද විද්‍යාලයේ ගුරුවරයෙක්වූ මැදගම සර් ඒ පන්තිය කරපු නිසා, ඔන්න අපි යාලුවො කට්ටියයි මගේ ධම්මික අයියයි ඒ පන්තියට යන්න තීරණය කලා. ඒ මැදගම සර් ඒ කාලයේම එයාගෙ ගෙදර වත්තේ වැඩක් කරන්න ගිහිල්ලා වයර් එකේ විදුලිය කාන්දු වෙලා ඇඟට ගිහිල්ලා මැරුනා. ඉතින් වැඩිකල් යන්න වුනේ නැහැ ඒ පන්තියට. අපි ඉගෙනගන්නව නම් ඕන තරම් මුදල් දෙන්න මගේ දෙමව්පියො කැමති නිසා, ගෙදරින් මුදල් අනුමත කරගන්න අමාරුවක් වුනේ නැහැ.
අපි රුහුනු කුමාරි කෝච්චියෙන් සෙනසුරාදා උදේට මාතර ඉඳන් ගාල්ලෙ එන්නේ. මාතර කොලඹ කෝච්චියෙන් ගිය අය දන්නව ඇති, කෝච්චිය ගාල්ලෙ ස්ටේසමේ නැවැත්තුවම, එන්ජිම ඉස්සරහින් ගලවලා ගෙනිහිල්ලා පස්සට හයි කරනවා. ඒකට ටික වෙලාවක් යනවා. ඒ අතරතුර ඒ ප්ලැට්ෆෝම් එකේ යන අය කෝච්චියේ ඉන්න අයට පේනවා. කට්ටියක් යන ගමන් අත වනාගෙන යනවා, කට්ටියක් නැවතිලා කෝච්චියේ ඉන්න අය එක්ක කතා කරනවා.
‘ඔහෙලා කොලඹ යනවයි?’
‘ඔව්, අපේ කොලඹ නැන්දලගෙ ගෙදර දානයක්. අපි එහේ යනවා. ඔහෙලා කොයිබෙයි යන්නෙ?’
‘අපේ හිරිඹුරේ ලොකු අම්මලයි ගෙදර යනවා. එයයිගෙ මහත්තයා ලෙඩා දුකා වෙලා, බලන්න යනව’
‘අනේ මක් වෙලයි?’
ඉතින් ඔය වගේ කතා තමයි ඇහෙන්නේ ප්ලැට්ෆෝම් එකේ යන අයට.
අපි ටික දවසක් ගියා, කවදාවත් ටික්කො පැන්නෙ නෑ. පස්සෙ බලන කොට අපේ කට්ටියගෙන් ටිකට් අරන් යන්නේ මායි අයියයි විතරයි. මුන් ටික හින්දා අපිටත් හිතුනා ටිකට් නොගෙන කෝච්චියේ යන්න, නැත්නම් ඒක අපිට අසාධාරණයි. අපේ දෙමව්පියොත් ටැක්ස් ගෙවනවා, ඇත්තටම ලංකාවෙ රජයේ සේවකයො බදු ගෙවන්නෙ නැහැ නේ. ඒක වෙනම දෙයක්, අපි දෙන්න විතරක් ඇයි ටිකට් ගන්නෙ කියලා, අපිටත් ඒ සල්ලි සක්කුවේ දාගෙන ඒකෙන් තෝසෙ පාරක් දාන්න පුලුවන් නේ අනික් උන් කරනව වගේම කියලා අයියට මම කිව්වත් එයා නෙවෙයි ඒක කරේ. අම්ම අයියා විස්වාස නිසා අයියට සල්ලි දුන්න නෙවෙයි, එයා වැඩිමල් නිසයි දුන්නෙ හරිය.
ඔන්න ඔහොම දවසක් ටිකට් නැතුව යනකොට ගාල්ලට කිට්ටු වෙන්න ලංවෙලා ටික්කො පැන්නා. කෝච්චිය නැවතුනු ගමන් කෝච්චියෙන් පැනලා යාලුවෝ සී සී අත දුවන්න ගත්තම ටික්කොත් අපේ පස්සෙ දුවන්න ගත්තා. මමත් ආතල් එකක් ගන්න ඕන කියල හිතල දුවන්න ගත්තම ටික්කෙක් ඇවිල්ල මාව අල්ලගත්ත නිසා මගේ ලඟම යාලුවෙක් බේරුනා. මම මගේ ටිකට් එක පෙන්නුවම ටික්කට මල.
‘කැත වැඩ කරන්න එපා අයිසේ. ටිකට නැති එකෙක් අල්ල ගන්න තිබුනු චාන්ස් එකත් නැති කරා’
කියල බැනල ගියා, ගැහුවෙ නම් නෑ.
ඒත් මගේ වෙන යාලුවෙක් තරුන ටික්කෙකුට අහුවුනා මොකද ඌටත් හයියෙන් දුවන්න පුලුවන් උනු නිසා. ටික්ක මුගේ බෙල්ලෙන් අල්ල ගෙන දැන් ප්ලැට්ෆෝම් එකේ යනවා. අර කෝච්චියේ ඉන්න අයට දැන් මේක පේනවා. මාතර දන්න අයත් කෝච්චියේ ඇති, අනික උගේ තාත්තත් විදුහල්පතිවරයෙක්. මේක වස ලැජ්ජාවක් නේ පවුලටම.
ආවා ඌට ගණදෙවි නුවන.
ඌ හිනාවෙවී අර ටික්කන්ට කෑ ගගහා කියනවා,
‘අඩෝ පිස්සු නැතුව අත ඇරපන් බෙල්ල. කෝච්චියේ ඉන්න අය හිතාවි මම ටිකට් නැතුව ටික්කො අල්ලගෙන යනවයි කියලා’
ටික්කටත් හිනහයි.
‘ඉතින් තමුසෙ ඇත්තටම ටිකට් නැතුව ඇවිල්ලනේ අල්ල ගත්තෙ’ කිව්වත්,
‘පිස්සු කෙලින්න එපා, අත ඇරපං’ කියලා මූ හිනා වෙවි වෙවී ගියා නේ ටික්කො එක්ක.
ඒක නිසා කෝච්චියේ හිටපු කවුරුත් හිතුවෙ යාලුවො ඌට කරපු විහිලුවක් කියලයි. එයා දැන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක්.
© devapriya siriwardhana
(මුහුණුපොතෙන්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්